IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කොන්ක්‍රීට් බාල්කයක් වැටී 3ක් මරුට

 බියගම දේවමිත්ත ප්‍රදේශයේ ගුවන් පාලමක් ඉදිකරමින් සිටි පිරිසක් මතට පෙරසවි කොන්ක්‍රීට් තට්ටුවක් වැටීමෙන් තිදෙනකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. ටොන් 80ක් බරැති මෙම තට්ටුවක් දිග අඩි 30කි. එහි උස අඩි හය හමාරකි. පළල අඩි 3කි. මෙම තට්ටුව බාමින් සිටියදී  එය ලිස්සා ගොස් සේවකින් සිටි තැනට වැටී ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

කොන්ක්‍රීට් බාල්කයක් වැටී 3ක් මරුට

අනුර Saturday, 15 March 2014 08:35 AM

මෙවැනි දේ සිදු නොවෙන්න වග බලා ගන්න ඕන වැඩභාර ඉංජිනේරුවෝ (දී) ......... මේ අයට දී ඇත්තේ පොතේ දැනුම .පුහුණුව මදි මෙපමණක් කල් පුටුවේ හිටපු අය වැඩ කරන්න ගියාම ඔහොම වෙනවා (දී)

:       0       0

කුමාර රාජකරුණා Saturday, 15 March 2014 09:14 AM

අනේ අපි නොදන්න චීන සමාගම්වල ආරක්ෂාව. මමත් නමගිය චීන සමාගමක කාලයක් වැඩ කරපු නිසා දන්නවා. මිනිස්සුන්ගේ ජීවිත මුන්ට තුට්ටුවක් වටින්නේ නෑ. මතක නැද්ද දැන් මාසෙකට විතර කලින් මට්ටක්කුලිය පැත්තේ නල පද්ධතියක් ඉදිකරන තැනක මිනිස්සු පස් වලට යටවුනා. ඒකත් චීන වැඩපලක්. බොරුවට සමාජවාදී වෙස්මූනක් දාගෙන මිනිස්සුන්ව ධනපතියන්ටත් වඩා අන්ත විදිහට සූරා කනවා. (දී)

:       0       0

පද්මසිරි Saturday, 15 March 2014 09:20 AM

මෙම වැඩබිමෙහි ආරක්ෂා කළමනාකරණය අනතුර සම්බන්දව සම්පුර්ණ වගකීම බාරගත යුතුයි. බරක් එසවීමේදී ගතයුතු ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය නොකළ නිසා මෙමෙ අනතුර සිදුවීමට හේතුව. වගකිවයුතු නිලධාරීන් මේ ගැන සොයා බලා අනතුරට පත් වුවන්ට හා ඔවුන්ගේ පවුල් වලට සාධාරණයක් ඉටු කලයුතුයි (දී)

:       0       0

කලන Saturday, 15 March 2014 10:00 AM

පින්තුර නැද්ද (දී)

:       0       0

දයා අලහාකොන් Saturday, 15 March 2014 10:08 AM

මෙම ව්‍යාපෘතිවල යෙදෙන කාර්මික හා ඉංජිනේරුවන්ගේ වැරදි. (දී)

:       0       0

පිටිගල Saturday, 15 March 2014 10:20 AM

ලංකාවේ මහා පරිමාණ වැඩබිම් වල " සේෆ්ටි ෆස්ට් " කියල එකක් නැහැ. "මුදල් ෆස්ට් " තමයි. අර පස්කන්දට යටවෙලා මිනිස්සු මරුන වෙලාවෙත් මම කිව්වේ වැඩ කරන දුප්පත් මිනිස්සු වෙනුවෙන් ආරක්‍ෂිත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නැහැ මේ වැඩ බිම් වල. ඕක තවදුරටත් සිදුවීමේ අවදානමක් තියෙනවා. එත් ඉතින් කියන්නේ කාටද?..........කාට කියන්නද?????? (දී)

:       0       0

සුරංග Saturday, 15 March 2014 10:23 AM

කරුණා කරලා තමන්ගේ ආරක්ෂාව පළමු කොට රාජකාරිය කරන්න (දී)

:       0       0

සුනෙත් Saturday, 15 March 2014 02:54 PM

ආරක්ෂාව පළමුව කියුවට අන්තිමට තියෙන්නේ ආරක්ෂාව (දී)

:       0       0

ටෙනිසන් Saturday, 15 March 2014 03:09 PM

අපේ රටේ දොබකර (crane ) 90% ක පරිගණක ක්‍රියා නොකරයි .ක්‍රියා කරවන්නන් හට බලපත් තිබුනත් ඒවා නිකුත්න්කර ඇත්තේ මනා පුහුණුවකින් තොරවයි. ඔහුන්ට පරිගණක පිලිබදව හෝ ආරක්ෂිත ක්‍රම ගැන කිසිම වැටහීමක් නැත. හේතුව එවන් පුහුණුවක් ඔහුන්ට ලබා නොදීමයි .දොබකර හිමිකරුවන්ද ඒ ගැන නොතකයි. ඒවා කුලියට හෝ බද්දට ලබගන්නන්ද ඒගැන නොතකයි .ආරක්ෂාව කොතනද?.තව දුරටත් උසුලන බරට පටි හෝ දම්වැල් (බෙල්ට්/චෙං) දමන්නන් (rigger ) පුහුණුව ලත් අය නොවෙයි .එවන් පුහුණුවක් දෙන ආයතනයක් අපේ රටේ තිබෙන බවක් හෝ නොදනිමි.එයද මනා පුහුණුවකින් පසු කලයුතු කාර්යයකි.වගකිව යුතු අයගේ නෙත් පැදේව.මිය ගිය සැමට නිවන් සුව හා තුවාල ලද අයට ඉක්මන් සුවය පතමු. (අ)

:       0       0

චන්ද්‍රා Saturday, 15 March 2014 05:41 PM

ජාතික ධනය වැයකරලා , බාල වැඩ නම් කරන්න එපා , එහෙම කලොත් ,එම අයටත් වන්නේ මිට වැඩි දෙයක්, අසරණ කම්කරුවන්ට ,නිවන් සුව!....(අ).

:       0       0

වජිර Saturday, 15 March 2014 06:09 PM

යම්කිසි බරක් එසවීමේදී හෝ පහත් කිරීමේදී එයට අදාල මුලික ලියවිල්ලක් තමයි lifting operation plan කියන්නේ. මම දන්නේ නෑ ඔතන වැඩකරපු සේවකයෙක් තියා ඉන්ජිනේරුවෙක්වත් එහෙම ලියවිල්ලක් ගැන දන්නවද කියලා. ඒක සකස් කරන්න ඕන වැඩබිම බාර ඉංජිනේරුවරයා. පසුව එය ව්‍යපෘති කළමණාකාර තුමා අනුමත කරන්න ඕන. එම ලියවිල්ලේ සදහන් වෙන්න ඕන ඔසවන බරෙහි ප්‍රමාණය එය එසවීමට ගන්න උපකරණ ( ක්‍රෙන් , බෙල්ට් වැනි දෑ), පියවරෙන් පියවර එසවීම හෝ පහත් කරන ක්‍රමය සහ එම ක්‍රියාවට සහභාගී වන පිරිස අනුගමනය කලයුතු ආරක්ෂක විධි විධාන. එමෙන්ම බර එසවීමට ගන්නා උපකරණ එම බර මෙන් 1.5 ගුණයක් හෝ වැඩි ප්‍රමාණයක් අවම වසරක් ඇතුලත ඔසවා තත්ත්ව ආයතනයක් මගින් නිකුත් කල සහතික සහ එම කර්තව්‍යට සහභාගි වන පුද්ගලයන්ට අදාල පුහුණුව ඇති බවට සහතික අත්‍යවශ්‍ය වෙනවා. එම අවශ්‍යතා එකක්වත් නැතිව මෙවැනි කාර්යයක් පටන් ගැනීමට නොහැකි වනවා මෙන්ම ඉදිකිරීම් කර්මාන්තය දියුණු රටකනම් වැඩබිම බාර පුද්ගලයාට විරුද්ධව නඩු පැවරෙනවා, (අ)

:       0       0

පිටිගල Saturday, 15 March 2014 06:11 PM

මේ පින්තුර දැක්කම පේනවා මේ අනතුරේ තියෙන බරපතල කම. සේෆ්ටි හෙල්මට් එක ප්‍රමිතියකට හදපු එකකුත් නෙවෙයි. මිනිස්සු මැරිලා තියෙන්නේ මැස්සෝ වගේ. ලේ විසි උන පාරවල් දැක්කම මේ වැඩ බිමක්ද කියල හිතෙනවා. අපි වැඩකරන වැඩ බිම් වල අවුරුදු 10 කට එකක් වත් අනතුරු වෙන්නේ නැහැ. ආරක්ෂාව තමයි පළමු' මෙතන දොඹකර ක්‍රියා කරු, රිගර්, ආරක්ෂක අංශ, වැඩබිම් අදීක්ෂක, මැනේජර් කිසිම කෙනෙක් වගකීමෙන් වැඩකරලා නැහැ.මේ අය මරුන සේවක යන්ගේ පවුල් වලට මරණ පිලිබඳ වග කිව යුතුයි.(අ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 15 March 2014 07:45 PM

සමාජවාදී කීවට ධනවාදී රටවල කම්කරුවන්ට තිබෙන අයිතිවාසිකම් චීනයේ හෝ චීනයෙන් පිට චින්සමාගම් වල වැඩකරන කම්කරුවන්ට නැත , (අ)

:       0       0

කුමාර Friday, 14 March 2014 09:32 PM

අනේ දෙයියනේ මෙහෙමත් අපරාධ (දී)

:       0       0

විරාජ් කාලිංග Friday, 14 March 2014 09:39 PM

ආරක්ෂාව පළමුව කියා ලියල තියෙනවා නම් මන් දැක්ක හැම තැනකම ,එත් අවාසනාවන්ත සිද්දියක් උනේ, පවුල් වල උදවියට කොයිතරම් පාඩුවක්ද වෙන්න ඇද්ද , ශෝකය ප්‍රකාශ කරනවා මන් ඒ උදවියට , දරුවන්ට තාත්තෙක් නැති වෙන්න ඇති,බිරිදට ස්වාමියා නැති වෙන්න ඇති, යලිත් මෙවැනි දේ සිදු නොවෙන්න වග බලා ගන්න ඕන වැඩභාර ඉංජිනේරුවෝ (දී)

:       0       0

අතුල Friday, 14 March 2014 09:55 PM

මියගිය අයගේ පව්ල්ව්ල අයට ජිවත් වන්න ක්‍රමයක් යොදන එක මේ ව්‍යාපෘතියේම කොටසක් වන්න ඕන .

:       0       0

සමන්ත Friday, 14 March 2014 09:56 PM

ශෝකය ප්‍රකාශ කරනවා මන් ඒ උදවියට , දරුවන්ට තාත්තෙක් නැති වෙන්න ඇති,බිරිදට ස්වාමියා නැති වෙන්න ඇති, යලිත් මෙවැනි දේ සිදු නොවෙන්න වග බලා ගන්න ඕන වැඩභාර ඉංජිනේරුවෝ (දී)

:       0       0

ශාන්ති Sunday, 16 March 2014 12:33 AM

මියගිහින් තියෙන්නේ දුප්පත් මිනිස්සු එයාලගේ පවුල්වලට වන්දි ගෙවන්න වෙයි පව් අසරණ අය . නිවන් සැප ලැබේවා (අ)

:       0       0

ධම්ම Saturday, 15 March 2014 12:08 AM

මෙවන් කාර්යකදී ආරක්ෂා විධිවිධාන සියල්ලම ගැන පූර්ණ අවධානයෙන් සිටිය යුතුය. ඉතා සුළු අතපසු වීමකින් වුවද මෙවන් විශාල විනාශයක් සිදුවිය හැක.බොහෝවිට ලංකාවේ වැඩබිම්වල 'සේෆ්ටි ඔෆිසර්' කෙනෙක් නැත. හිටියත් ඉන්නේ කාර්යාලයේය. (අ)

:       0       0

සංජිව Saturday, 15 March 2014 12:42 AM

චන්ද බලාගෙන හැම දේම කඩිනම් කරලා කරන්න ගියහම ඕව වෙනවා, පව් අහිංසක මිනිස්සු,(දී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 15 March 2014 01:20 AM

මේ මරණ වලටත් වගකිව යුත්තෙක් නැති වේවි , වරද මරුන අයගෙමයි බලදරින් අන්තිමට කියන්නේ.පවුල් වලට කිසිම වන්දියක් ලැබෙන්නේ නැහැ. (අ)

:       0       0

විමල් Saturday, 15 March 2014 02:19 AM

ලංකාවේ කිසිම වැඩබිමක සේෆ්ටි නිලධාරියෙක් ඉන්නවා මම නම් කවදාවත් දැකල නැහැ. මේ ඒවායේ ප්‍රතිපල.(අ)

:       0       0

නිමල් ලලිතා Sunday, 16 March 2014 07:29 AM

මෙමෙ වැඩ බිමේ පාලකයා සේවකයන්ගේ ආරක්ෂාවට මුල් තැන දී තිබේද. වන්දි ගෙවීමෙන් මිනිස් ජීවිතයක වටිනාකම මිල කරන්න බැහැ. දැන් කොන්ත්‍රාත්කරුවන් වැඩ කරන්නේ ඔවුන්ගේ ලාබයට මුල් තැන දීලා. මිනිස් ජිවිත ගැන සලකන්නේ නැහැ.(නදී)

:       0       0

ටෙනිසන් Sunday, 16 March 2014 08:35 AM

වජිර ඔබගේ අදහස නිවරදියි. අපේ රටේ වැඩ බිම්වල ඔය කාර්යය කෙරෙන්නේ නැති බව තමයි පෙනෙන්න තිබෙන්නේ. ම ාසමග අපේ ආයතනයේ ක්‍රේන් ක්‍රියාකරුවන් විශාල ප්‍රමාණයක් සේවය කරනවා. ඔවුන්ගෙන් දැනගත් පරිදි එවැනි කිසිම දෙයක් අපේ රටේ වෙන්නේ නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 291 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 584 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1447 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1689 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2161 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1103 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20380 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18299 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 302 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site