IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කන්ටේනරයක් රේල් පීලි කඩයි : මගීහු දහස් ගණනක් මහ මග

පෑලියගොඩ බියගම පාරේ දුම්රිය පාලම යටින් අද (8) අලුයම ධාවනය වූ කන්ටේනරයක් පාලමේ හැපී රේල් පීලි කැඩී ගියේය. මෙම පාරේ කන්ටේනර් හා මීටර් 3.5කට වඩා උසැති බරවාහන ගමනාගමනය සපුරා තහනම්ය.

පාලමේ හැපුණු කන්ටේනරයේ වහලද කැඩී හැකිලී ගොස් ඇත. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාද බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි කියයි. 

අද පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි මගීන් විශාල පිරිසකට මහමග රස්තියාදු වීමට සිදුවිය. 

බ්‍රහස්පතින්දා ද දුම්රියක ටිපර් රථයක් ගැටීම නිසා උදේ වරුවේ දුම්රිය ප්‍රමාද විය.

ඡායාරූප - මලීෂා ගුණවර්ධන

IMG_20160408_093853_1

IMG_20160408_093801 IMG_20160408_093808 IMG_20160408_093928

IMG_20160408_093931

IMG_20160408_093935

ඡායාරූප - අමිල දර්ශන හේරත්

DSC_1057 DSC_1059 DSC_1060

ඡායාරූප - කවීතා මධුෂානි

train_201648 train2016-04-08-08.12.46 train2016-04-08-08.19.22

ජායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

_DSC0392 _DSC0406 _DSC0439 _DSC0447 _DSC0456

 

වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි

වීඩියෝ - අමිල දර්ශන



අදහස් (0)

කන්ටේනරයක් රේල් පීලි කඩයි : මගීහු දහස් ගණනක් මහ මග

නිමල් කරුණාරත්න Saturday, 09 April 2016 06:42 AM

වෙනත් රටවල් දියුණුව තිබෙන විදියත්, ලංකාව තවමත් නොදියුණු තත්වයෙන් තිබීමත් හරිම කණගාටුදායකයි. මේකට හේතුව ලංකාවේ මිනිසුන් තවමත් විශ්වාස කරන්නේ වසරක් පුරා තිබෙන ඡන්දයේදී කුමන පක්ෂයකට ඡන්දේ දීලා මගේ බඩ පුරවන්නේ කොහොමද යන ප්‍රශ්නය පමණි. (නි)

:       0       0

කුමාර් මෙන්ඩිස් Friday, 08 April 2016 06:50 AM

අහිංසක ජනතාව මරුවා සමග වාසේ. සුද්දාගෙන් පස්සේ අවුරුදු 68ක් මේ රට පක්ෂ දෙකක් ආණ්ඩු කළා. සුද්දා හදපු රේල් පාරවල් වල දුවන කෝච්චි ටික විතරයි. හැමදා බාල දුම්රිය ගෙන්වනවා ඉන්දියාවෙන් කොමිස් නිසා.රටක ගමනා ගමනය ප්‍රධාන දෙයක් එ්කට ලංකාවේ මේ බලන්න ඉතින් (බ)

:       0       0

යසපාල Saturday, 09 April 2016 07:40 AM

නොසැළකිල්ලනේ මේ හැමදේටම මුල (නි)

:       0       0

පාල Friday, 08 April 2016 04:48 PM

එක් කෙනෙක් නිසා කී දාහක් දුක් වින්ඳද? පාලමට තරමක් ඉදිරියෙන් එම උසට බාධකයක් පිහිටුවීම සහ පාරට ඉහළින් සුදු බැනරයක ලොකු අකුරින් අනතුරු ඇඟවීමක් දැමීම කළයුතුයි. පැය විසි හතරේම පොලිස් මුරපොලක්ද අවශ්‍යයි. (නි)

:       0       0

කිම් Friday, 08 April 2016 05:01 PM

මේ වගේ පාලමකට ඇතුළු වෙන්න කලින් වාහනයට උස ගැන අනතුරු දක්වන සංඥාවක්, වාහනයේ වදින විදියට සවිකරන්න ඕනෑ. එතකොට යන්න බැහැනේ (නි)

:       0       0

ප්‍රියා Friday, 08 April 2016 05:07 PM

මේ පාලම ළඟටම ගියාම තමයි උස ප්‍රමාණය සඳහන් පුවරුව තියෙන්නේ. මෙය දුටුවාට පසු කන්ටේනරයක් නම් නැවත මීටර් 50ක් විතර පසුපසට ගමන් කළයුතුයි එය හරවා ගැනීමට. දිවා කාලයේ නම් වාහන තදබදය නිසා ඉතා අසීරුයි. මේ පුවරුව තව ඉදිරියෙන් සවි කළයුතුයි. (නි)

:       0       0

සෑම් Friday, 08 April 2016 07:51 AM

මේවාගේ උසින් අඩු පාලම් වලට මීටර් සීයක් දෙසීයක් දෙපසින් පාලමේ උසට සමානව අනතුරු ඇඟවීමේ ක්‍රමයක් හදන්න කාලේ ඇවිත් . මොකද ලංකාවේ රියදුරන්ගේ දැනුම , විනය , ස්ථානෝචිත ප්‍රඥාව වගේ දේවල් ඇත්තෙම නැහැ (බ)

:       0       0

ලක්ප්‍රිය Friday, 08 April 2016 08:00 AM

මොන ප්‍රශ්න තිබුනත් මෙවන් අවදානම් විදියට දුම්රියේ ගමන් කළ යුතු නැත. අප බංග්ලාදේශයේ තත්වයට දුම්රිය සේවය පත්වීම ගැන ලජ්ජා විය යුතුය. (බ)

:       0       0

සිල්වා Friday, 08 April 2016 08:06 AM

දැන් ලංකාව ඉන්දියාව වගේමනේ කොතරම් ලස්සනද (බ)

:       0       0

නිමල් රාජපක්ෂ Friday, 08 April 2016 05:57 PM

දුම්රියේ පාපුවරුවේ ගමන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. මෙලෙස ජිවිත පරදුවට තබා ගමන්කිරීම් නතර කරන්න තමයි දුම්රිය ආරක්ෂක හමුදාවක් හැදුවේ. නමුත් අවාසනාවට ආරක්ෂක අංශයටත් පාලනය කිරීමට බැරි තරමට වැඩේ දුරදිග ගිහින් (නි)

:       0       0

නුවන් Friday, 08 April 2016 08:24 AM

මේචචර නූගත් අය ඉන්නවා කියා දැනගත්තේ අදයි (බ)

:       0       0

හේමන්ත Friday, 08 April 2016 08:27 AM

කෝච්චිවල මෙහෙම එල්ලිලා යනකොට ඉන්දියාවටයි, බංගලිදේසේටයි අපි ඉස්සර විහිළු කළා. ඔන්න දැන් අපිට කරුමය පටිසන් දීලා. (බ)

:       0       0

අානන්ද Friday, 08 April 2016 08:31 AM

ලංකාවේ රියදුරු අසුනේ හිඳ ගන්නා බොහෝ දෙනෙකුට තමන් මිනිසෙකු බවත් මිනිසා යනු තිරිසනාට වඩා උතුම් සතෙකු බවත් අමතක වීම සාමාන්‍ය තත්වයයි. (බ)

:       0       0

විකුම් රංගන Friday, 08 April 2016 08:49 PM

තමන්ට නුසුදුසු දේවල් අතට ලැබුනාම ඔහොම තමයි. ලංකාවේ කොතනත් ඔහොම තමයි. මේ වගේ අනතුරු වීඩියෝ කරලා රටට පෙන්වන්න පුළුවන් හින්දා අපිට ඇස් දෙකෙන් බලාගන්න පුළුවන්. නමුත් අනිත් තැන් වල සිදුවෙන දේවල් ඔයිට අන්තයි. ඒ සිද්ධි වීඩියෝ කරලා පෙන්වන්න බැරි හින්දා අපේ රටේ මිනිස්සු තවමත් රෙදි ඇඳගෙන රාජකාරිය කරනවා. (නි)

:       0       0

චන්දික Friday, 08 April 2016 08:58 AM

අපේ රටෙත් ඉන්දියාවේ දුම්රිය වගේ. (බ)

:       0       0

පුෂ්පකුමාර Saturday, 09 April 2016 10:56 AM

පාලම යටින් ඝණ යකඩ වැටක් හෝ කොන්ක්‍රීට් එකක් දමන්න සඳහන් උසට අනුව (නි)

:       0       0

පියල් Friday, 08 April 2016 09:02 AM

කන්ටේනරය රාජ සන්තක කරන්න (බ)

:       0       0

අබය Friday, 08 April 2016 09:47 PM

යහපාලනයට හොඳටම අපලයි. එක්කෝ කඩනවා, නැත්නම් කැඩෙනවා. කඩන්නේ හදන්නලු. නමුත් හැදු දෙයක් තාම නැහැ. මාස 15ක් තුළ නටපු තොවිලෙකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ! (නි)

:       0       0

උපාලි Friday, 08 April 2016 09:19 AM

නීතිය නොතකන මේ වගේ නොසන්ඩාලයන්ට අලාභයත් අය කරගෙන උපරිම දඬුවම් දීල රියදුරු බලපත්‍රය සදහටම අවලංගු කරන්න ඕන. දැන් මේක නිසා කී දෙනෙක් රස්තියාදුවේද? (බ)

:       0       0

හරිශ්චන්ද්‍ර Friday, 08 April 2016 09:58 PM

පියල්,උපාලි, ගමගේ, ඔබ හරියට හරි. මෙවැනි නොසැළකිලිමත් බර වාහන රියදුරන්ට සහ මාර්ග නීති පිළිනොපදින දඩබ්බර රියදුරන්ට උපරිම දඬුවම් දිය යුතුවේ. (නි)

:       0       0

පිටිගල Friday, 08 April 2016 09:59 PM

මට තවමත් පුදුම හිතෙනවා මහින්ද මේ අය එක්ක යුද්ධය දිනුවේ කොහොමද, අධිවේග ටික හැදුවේ කොහොමද කියලා, මේ අදහස් දකිනකොට (නි)

:       0       0

රුවන් Friday, 08 April 2016 09:29 AM

මෙයට පෙර වෙනත් බාධකයක් දමා මෙය නතර කළ යුතුයි. නැතිනම් මෙය නැවත වෙන්න පුළුවන්. (බ)

:       0       0

ලංකා Saturday, 09 April 2016 12:30 PM

දුම්රිය ගොඩගන්න නම් පළමුවෙන්ම පරිපාලනය හොඳ පුද්ගලික සමාගමකට ලබාදෙන්න (නි)

:       0       0

ගයාන් Saturday, 09 April 2016 12:35 PM

මේ පාලමේ මොන කාලෙ ඉඳලද මේ ප්‍රශ්න? දැන් කරන්න තියෙන්නෙ රේල් පාර අලුතෙන් උස්සලා හදන්න බැරි එකේ යට තියෙන පාර ටිකක් පහළින් දාන්න. (නි)

:       0       0

අමිත් Friday, 08 April 2016 11:44 PM

පුදුමාකාර මිනිස්සු ඉන්න රටක්. කොහොමත් හෙට අනිද්දට හොඳ හොඳ ඒවා ලැබෙයි (නි)

:       0       0

පුෂ්ප Saturday, 09 April 2016 01:09 AM

දෙවියනේ! ඉන්දියාවට අන්තයිනේ. අපේ රටේ මිනිසුන්ට දේශපාලනයේ දුගඳ නොදැනෙන්නේ කුමන කරුමයකටද? (නි)

:       0       0

තිවංක Friday, 08 April 2016 10:51 AM

පියල් උපාලි හරියටම හරි (හේ)

:       0       0

සමීර Friday, 08 April 2016 10:59 AM

දියුණු රටවල දුම්රියෙන් ජනතාව ලබන සේවය කොතරම්ද. අපි ශතක ගණනාවක් පිටුපසින්.(හේ)

:       0       0

සමීර Friday, 08 April 2016 11:03 AM

නැතිබැරි එකා මරුවා සමගයි වාසේ. (හේ)

:       0       0

ගමගේ Friday, 08 April 2016 11:08 AM

බලන්න මෙතන නොහික්මුණු , දඩබ්බර , අවිනීත රියදුරෙකුගේ අඥාන ක්‍රියාව නිසා වෙලා තියෙන අකරතැබ්බය. කීදෙනෙකුගේ ගමන් වල බාධා වුනාද . මොහුට උපරිම දඬුවම් දීලා බලපත අවලංගු කළ යුතුයි. (හේ)

:       0       0

සමන් Friday, 08 April 2016 11:18 AM

රියදුරුගේ වරදක් නෑ. ප්‍රධාන පාරක ඔවැනි ස්ථානයක් නිලධාරීන්ට පාලකයන්ට පේන්නෑ අන්ධයො ඔවුන්. (බ)

:       0       0

දොන් පෙරේරා Friday, 08 April 2016 11:34 AM

සුද්දා හිටියානම් අපේ රට හොං කොං වගේ තමා. බොරු දේශප්‍රේමය තවම හිඟාකනවා (බ)

:       0       0

සරත් Friday, 08 April 2016 11:48 AM

මොකද දන්නේ නැහැ අර සේනාව මොකුත් කිව්වේ නැත්තෙ (බ)

:       0       0

බෙනට් Friday, 08 April 2016 12:13 PM

ලංකාවේ දුම්රිය ගමනාගමනය ඉන්දියාවේ එකට වඩා වසර 30 ක් වත් පසුපසින් ඉන්නේ .. හෙට අනිද්දට ඉන්දියාවේ ලෝකයේ වේගවත්ම දුම්රිය ජාලය [ ජපන් බුලට් ට්‍රේන් ] පටන් ගන්නවා .. එතකොට ලංකාවේ රේල්පාරවල් වල අපද්‍රව්‍ය තියෙයි ..(බ)

:       0       0

බෙනට් Friday, 08 April 2016 12:27 PM

අනේ ඉතින් මේ ලංකාවේ දෙවන පන්තියේ ප්‍රදාන පාරක් නේ ..බලන්න පාරේ පළල , ප්‍රමිතිය , මගීන්ට ගමනාගමනයට පදික වේදිකා නැහැ . ඉරි නැහැ . බලන්න කාණුවේ හැටි .අනේ ඉතින් අපි 21 වන සියවසේ ගමන් බිමන් යන්නේ මේ වගේ පාරවල් වලනේ තාම . (බ)

:       0       0

නිමල් Friday, 08 April 2016 03:34 AM

දෑස නොපෙනෙන මොළේ නැති එක මිනිසෙකු නිසා කීදෙනෙකු අතරමඟද? (නි)

:       0       0

බෙනට් Friday, 08 April 2016 12:31 PM

අපි පොඩ්ඩක් හිතා බලමු සුද්දා අපිට දුම්රිය සහ මහාමාර්ග හදල දුන්නට පස්සේ අපේම ජනතාව මොනවද හදාගත්ත පාරවල් කියල .. සුද්දාගෙන් පස්සේ අපි තාම පාරවල් හදාගන්නේ පිටරටවල් වලට කියල .. දුම්රිය පාරක් හදාගන්නේ ඉන්දියාවට කියල .. මම නම් කියන්නේ ලංකාවට මහාමාර්ග අමාත්‍යාංශයක් අවශ්‍ය නැහැ (බ)

:       0       0

බෙනට් Friday, 08 April 2016 12:38 PM

රියදුරාට ජීවිතාන්තය දක්වා තහනමක් පැනවිය යුතුයි.. මෙය බරපතල නොසලකා හැරීමක් .. ලංකාවේ ඕන ගොනෙකුට රියදුරු බලපතක් ලබාගත හැකියි කියන්න හොඳම උදාහරණයක් මේක (බ)

:       0       0

හිරාන් චින්තක Friday, 08 April 2016 12:55 PM

මට පේන්නේ සමන් අන්ධ වෙලා , මොකද ඔය තැන පැහැදිලිව පේන තැනක්, අනික කන්ටේනර් එක මිටර් 4 උසයි , ඔය පාරේ ම්ට්ර් 3.5 වඩා උස වාහන යන්නේ එපා කියල බෝර්ඩ් එක පැහැදිලිව පේනවා, පට්ටිය හන්දියෙන් යන්නේ පාර තියෙන්නේ , අනික ගෝලයෙකුත් ඉන්න ඕනෙ (බ)

:       0       0

කුමාර Saturday, 09 April 2016 03:19 AM

පිටරටවල තිබෙන හැමදෙයම ස්වයං වාරණයක් නැතුව පෙන්නපු රූපවාහිනී වැඩසටහන් බලපු ලංකාවේ මිනිස්සුත් හිතුවා දුම්රිය එන්ජිමේ යන්න. මෙහෙම ගිහින් අනතුරක් වුණොත් එහි වගකීම දුම්රිය දෙපාර්තමේන්තුවට දරන්න බැහැ. දුම්රිය ආඥාපනතේ තියෙනවා දුම්රිය එන්ජිමේ යන මගියෙකුට දඩ ගසා දඩුවම් කිරීමේ ක්‍රමයක්. (නි)

:       0       0

කුමාර Saturday, 09 April 2016 03:26 AM

හැම එකටම යහපාලනයට දොස් කියන්නේ, කට ඇරලා දොස් කියන්න පුළුවන් වාතාවරණයක් දැන් තියෙන නිසයි. මාස 15 කට කරපු දේ මතක නැහැ මිනිසුන්ට. හැමදේම සුමාන 2න් අමතක කරන මිනිසුන්ට මාස 15 අමතකවෙලා හුඟක් කල්. දැන් සුදු වාහන එන්නේ නැහැ. ස්ත්‍රී දූෂණ 100 කරලා පාටි දාන්නේ නැහැ. විදේශිකයන්ගේ බිරියන් දූෂණය කරන්නේ නැහැ. තව තියෙනවා, මාස 15 කට කියන්න (නි)

:       0       0

බන්දුල Friday, 08 April 2016 01:11 PM

උස වාහනයක වහලයේ සවිකළ ඇන්ටෙනාවක් මගින් රියදුරාට කල්තබා සංඥාවක් නිකුත් කළ හැකි උපකරන වෙළඳ පොලේ පහසු මිලට ලබාගත හැක . මෙය බර වාහන සඳහා අනිවාර්ය කළ යුතුය (බ)

:       0       0

එරික් Friday, 08 April 2016 01:42 PM

ලොකු විනාශයකින්නෙ බේරිලා කියෙන්නේ. බැරිවෙලාවක්වත් ඔය වේලාවෙ කෙෝච්චියක් ආවනම් මහා විනාශයක් (බ)

:       0       0

උමේෂ් Friday, 08 April 2016 01:46 PM

කන්න දෙනවනම් බොන්න දෙනවනම් තව මොනවද ඕනේ..(බ)

:       0       0

කරුණාපාල Friday, 08 April 2016 02:07 PM

ලංකාවේ වගේ නොහික්මුණු, අවිනීත, ආත්මාර්ථකාමී ලෙස වාහන පදවන රියදුරන් ලෝකේ කොහෙවත් නැහැ. වාහනේ අතට ගත්තාම ගාල කඩා ගත්ත මී හරක් වගේ තමයි. (බ)

:       0       0

සුගත් Friday, 08 April 2016 05:18 AM

ඉන්දියාවේ දුම්රියක් වගෙයි. කොහොමත් ඉන්දියන් තමයි මිනිස්සු ඔහොම ජීවිත අවදානමක් ගන්නේ බලධාරීන් හරියට තමුන්ගේ රාජකාරි නොකරන නිසා. (බ)

:       0       0

මොහමඩ් Friday, 08 April 2016 02:50 PM

මරදාන සිට රාගමට සිව්වෙනි දුම්රිය මාර්ගයත් ඉදිකරන ඕනේ.පසුව මය පරණ පාලම වෙනුවට අලුත් පාලමක් උස්කරල හදන්න පුළුවන්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 878 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 407 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 890 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3228 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 590 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 229 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38101 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site