IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කන්ටේනරයට වෙට්ටු දමා එලොව යයි.

හොරණ පොකුණුවිට වැලිකලදී පාර මැද නවතා තිබූ කුඩා ලොරියක් කන්ටේනරයක හැපීමෙන් ලොරි රියදුරා (26)මරුමුවට පත්වූ බව පොලීසිය කියයි. පොලීසිය සඳහන් කරන ආකාරයට මේ දෙදෙනා අතර මුලින්ම බහින් බස් වීමක් වී ඇත. ඉන්පසුව ලොරි රියදුරා කන්ටේනර් රියට ඉස්සර කිරීමට ‍ඉඩ නොදෙමින් වෙට්ටු දමමින් කිලෝ මීටරයක් පමණ සිය වාහනය ධාවන කැර ඇත. කන්ටේනරය ලොරියේ හැපී ඇත්තේ එසේ වාහනය පාර මැද නතරකළ අවස්ථාවේදි බවත් අනතුරෙන් පසුව කන්ටේනර් රියදුරා පලාගිය බවත් පොලිසිය ලුහුබැඳගොස් ඔහු අත්අඩංගුවට ගත් බවත් දැනගන්නට ඇත. 48 හැවිරිදි කන්ටේනර් රියදුරාට එරෙහිව මනුෂ්‍ය ඝාතන චෝදනා නගන බව පොලීසිය කියයි.



අදහස් (0)

කන්ටේනරයට වෙට්ටු දමා එලොව යයි.

ප්‍රියන්ත Monday, 20 May 2013 11:15 AM

බට්ටෝ ඉන්න ඕනේ ඒගොල්ලන්ගේ තරමට. (ස)

:       0       0

පෙරොක් Monday, 20 May 2013 11:23 AM

මේ අවසාන සිදුවිම නොවේ. ත්‍රිරෝද රථ බට්ටා ලොරි පාරට දැම්මම ඒවා ඉස්සරහින් යන වාහන ඉතා භයානක විදියට ඉස්සර කරන අවස්ථා මම නං ඔන තරම් දැකලා තිෙයනවා ඒයාලට ඔන හැමෝටම ඉස්සර වෙලා යන්න. රථවාහන පොලිසිය තියෙන්නෙ යන වාහන නවත්තලා දඩ ගහන්න විතරයි. අපරික්ෂාකාරිව පදවන මෝටර් සයිකල්, ත්‍රි විල්, ජීප්, බස් රථ දැක්කත් අහක බලා ගෙන ඉන්නවා....(අ).....

:       0       0

දයා අලහකෝන් Monday, 20 May 2013 11:37 AM

අනික මේ බට්ටා ලොරිය මියගිය අයගේ වෙන්න බැහැ. අයිතිකරු විදියට කවදාවත් වෙට්ටු දමා දමා පදවන්නේ නැහැ. (ස)

:       0       0

මර්සි ලංකා Monday, 20 May 2013 01:40 PM

කළකම් පල දුන්නා වද්ද? (නි)

:       0       0

නීල් Monday, 20 May 2013 09:57 AM

ඩිමෝ බට්ටෙක් කන්ටේනර් කැමියොන් ලොරියක් එක්ක හැප්පෙන්න ගියා නම් හාල්මැස්සෙක් මෝරෙක් සමග හැපුනා වගේ තියෙන්න ඇති.(ස)

:       0       0

තලල්ල Monday, 20 May 2013 03:06 PM

බට්ටාගේ වැරැද්ද මම නම් කියන්නේ (නි)

:       0       0

සරත් Monday, 20 May 2013 10:05 AM

පාරේ ගිය අමනුස්සයෙක්.(ස)

:       0       0

නිසාර් Monday, 20 May 2013 10:32 AM

කන්ටේනර් රියදුරා චන්දෙ ඉල්ලන්ඩ සුදුසුකම් ලබලා තියනවා. (ස)

:       0       0

ෂෙරිෆ් Monday, 20 May 2013 10:44 AM

මෙයාලට මේ වෙසක් මාසේ කියල අමතකවෙලා..(ස)

:       0       0

වරුණ Monday, 20 May 2013 10:57 AM

කන්ටේනර් රියදුරාට ඒ සිද්ධිය මතක නැහැ කියයිද දන්නේ නැහැ? (නි)

:       0       0

කුමාර Monday, 20 May 2013 10:59 AM

* පුංචි අපට දෙන්න ඉඩක් * මෙ වචන ටික වාහනෙ පිටුපස ලියා ගත්තම සමහර පුංචි වාහන පදවන රියදුරන් හිතනවා මුලු පාරම ඒ අයට ඕනෑ විදියට තම අණසකට ගන්න පුලුවන් කියලා (නි)

:       0       0

නීල් Monday, 20 May 2013 10:59 AM

අමතක කරන්න එපා. බට්ටා ලොරියක් නැත්නම් ත්‍රී වීලරයක් ගත්ත බොහෝ දෙනෙක් හිතනවා පාරේ ලොක්කා විතරක් නොවෙයි ලෝකෙටම ලොක්කා කියලා. අධික බරක් රැගෙන යන විශාල ලොරි වලට විශේෂයෙන්ම වැසි බර දිනවලදී පාරේ මැදින් ආරක්ෂිතව යන්න ඉඩදෙන්න ඕනෑ (නි)

:       0       0

උපාලි Monday, 20 May 2013 11:06 AM

මේ දෙන්නම වැරදියි. හැබැයි, ලොරි රියදුරා ඉල්ලගෙන කාපු බවයි පෙනෙන්නේ. පාර මැද ලොරිය නැවත්තුවාම කන්ටේනරයක් කොහොමද එක්වරම බ්රේක් ගහන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 105 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 455 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 97 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 485 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 306 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 887 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site