(යොහාන් භාසුර)
රේගුව තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් කන්ටේනර්වලින් ඒවායේ ආනයනකරුවන් නඩු පවරා ඇති කන්ටේනර් නිදහස් කිරීම සම්බන්ධයෙන් පමණක් නීතිපතිවරයා උපදෙස් ලබාගැනීමට රේගු දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය.
ආනයන සහ අපනයන පාලකවරයා විසින් තහනම් කරන ලද භාණ්ඩ ඇතුළත් කන්ටේනර් රැසක් රේගුව බාරයේ ඇති බව කී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ඒවායෙන් ඇතැම් කන්ටේනර් සම්බන්ධයෙන් ආනයනකරුවන් නඩු ගොනුකර ඇති බැවින් නිදහස් කිරීමට නීතිමය බලපෑමක් ඇති බව සඳහන් කළේය.
මෙම කන්ටේනර්වල ආනයනකරුවන් රජය, ආනයන සහ අපනයන පාලකවරයා සහ රේගු දෙපාර්තමේන්තුව ඇතු`ඵ පාර්ශව රැසක් වගඋත්තරකරුවන් කරමින් නඩු කීපයක් පවරා ඇති බවත් ඒ හේතුවෙන් ඒවා නිදහස් කරන්නේ නම් නීතිවතිපවරයාගේ උපදෙස් ලබාගැනීම රාජ්‍ය ආයතනයක් ලෙස රේගු දෙපාර්තමේන්තුවේ වගකීමක් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා කීය.
රේගු බාරයේ තිබෙන කන්ටේනර්වලින් සියයට 90 කට ආසන්න සංඛ්‍යාවක් ආනයනය තහනම් කිරීමෙන් පසුව වරායට ළගාවූ සීනි කන්ටේනර් බව කී රේගු දෙපාර්තමේන්තුවේ තවත් උසස් නිලධාරියකු ඒවා ආනයනය කළ සමාගම් පහකින් හෝ හයකින් නිදහස් නොකිරීම සම්බන්ධයෙන් නඩු පවරා ඇති බව පැවසීය.
අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතැයි කියන කන්ටේනර් 800 ප්‍රමාණය වරාය අධිකාරිය සහ සෙසු පෞද්ගලික පර්යන්ථ සමාගම් දෙක සතුව ඇති බවත් එම කන්ටේනර්වලින් වැඩි සංඛ්‍යාවක් සිරවී තිබීමට හේතුව ඩොලර් හිඟය බවත් එම නිලධාරියා කීය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරියකු පැවසුවේ වරාය අධිකාරිය සහ පෞද්ගලික පර්යන්ථ සමාගම් දෙක සතුව සීනි කන්ටේනර් 500 කට අධික සංඛ්‍යාවක් සීනි ආනයනය තහනම් කළ නිසා නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් සෙසු කන්ටේනර් නිදහස් නොකිරීමට රටේ වර්තමාන ඩෙලර් හිඟය බලපා ඇති බවත් සඳහන් කළේය.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කන්ටේනර්වලට නිදහස දෙන්න රේගුව නීතිපති උපදෙස් පතයි
දාස Tuesday, 28 September 2021 05:39 AM
ඩොලර් සැපයුම් කරුවන්ට ගෙවන්නේ නැතිව ඒවා නිදහස් කරන්නේ කොහොමද? ඒවා ජාත්‍යන්තර නීති... අප්පොච්චිට, සර්ට ඕනෑ විදියට ඒවා වෙනස් කරන්න බැහැ...