(නිමල කොඩිතුවක්කු)
වරාය පරිශ්‍රයේ සිට රේගු පරික්ෂා කරන ස්ථානයට පැමිණ බහලුම් රථ පරීක්ෂා කිරීමේදී සිදු කරන ප්‍රමාදයන් හේතුවෙන් ඉතා දිගු පෝලිම් හටගෙන ඇතැයි එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කළේය.
මේ හේතුවෙන් බහලුම් රථ 600 ත් 800 ත් අතර සංඛ්‍යාවක් දින ගණන් තිස්සේ පෝලිම් වල රඳවා තැබීමට සිදුව ඇති බවත් ඔහු පැවසීය.
පෑලියගොඩ පොලිස් ස්ථානය අසල සහ වැල්ලම්පිටිය පොලිස් ස්ථානය අසල සිට රේගු පරීක්ෂාකරන ස්ථානය දක්වා ඇති මෙම දිගු පෝලිම් හේතුවෙන් අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක්ද හටගෙන තිබේ.
ඇන්ජිම පණ ගන්වා තැබීමට සිදුවීම හේතුවෙන් බහලුම් රථ සඳහා ලැබෙන ඉන්ධන කොටාවෙන් වැඩි ප්‍රමාණයක් නිකරුනේ නාස්ති කිරීමට සිදුවන බවත් එම රථවල අමතර කොටස් ගැලවීමට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ ඇතැම් පිරිස් කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ වරයා දැනුවත් කළත් මෙම ප්‍රමාදයන් වළක්වා ගැනීමට කටයුතු කර නොමැති බවත් ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රේගු උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ වාප්පු ලිපිකරුවන් නොමැතිවීම මෙම ප්‍රමාදයන්ට හේතු හේතුවී ඇති බවයි.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කන්ටේනර් පොලිම් දික්වෙයි
මහීපාල Friday, 12 May 2023 05:52 AM
එහෙම අකාර්යක්ෂමව කටයුතු සිදුවෙනවා නම් සතියක් දෙකක් කන්ටේනර් සේවයෙන් ඉවත්කර ගන්න .එවිට ඕකට විසදුමක් ලැබෙන්න පුළුවන් වේවි