IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


කැනඩාවට පනින්න හැදු තරුණයා අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල )

කූඨ ලෙස සකස් කළ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන කැනඩාව බලා පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

 මොහු යාපනය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි .

මොහු සෞදි අරාබියේ දමාම් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 263 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඔහු එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් කැනඩාව බලා යාමට සැළසුම් කර තිබුණි .

ඔහු සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිමා කර විගමන කටයුතු සදහා පැමිණෙමින් සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන්ට මොහු පිළිබඳ ඇති වූ සැකය මත මොහු නවතා මොහුගේ ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි පරීක්ෂා වට ලක් කර තිබේ .

එහිදී එම ගමන් බලපත්‍රය  කැනඩාවේ වීසා බලපත්‍ර හිමි වෙනත්  ශ්‍රී ලාංකිකයෙකු සතු ගමන් බලපත්‍රයක් බවට කරුණු අනාවරණය වී තිබේ .

 මොහු තැරැව්කරුවෙකුට රුපියල් ලක්ෂ 18 ක මුදලක් ලබා දී එම ගමන් බලපත්‍රයට මොහුගේ ජායාරූපය සහ අනෙකුත් මූලික තොරතුරු ඇතුළත් කර මෙම ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කර ගත් බව මොහු ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ .



අදහස් (2)

කැනඩාවට පනින්න හැදු තරුණයා අත්අඩංගුවට

පිටිගල මිලානෝ Sunday, 07 July 2024 11:03 AM

හොරට දත්ත ඇතුලත් කරපු පාස්පෝට් වලින් යන්න ගිහිල්ලා අනාථ වෙන්න එපා. අද තාක්ෂනය ඉතා දියුණුයි. එකෙන්ම අහුවෙනවා. අසූව අග භාගයේ සහ අනූව දශකයේ නම් මෙම ක්‍රමය ඉතා බහුලව කෙරුනා. ඒදිනවල කටුනායකින් පැනගත්තම ගොඩක් ප්‍රශ්ණ ඉවරයි. කටුනායකදී අදාල ආගමන විගමන නිලධාරියා ඇහෙන් සංඥා කර ඔහු ළගට ගෙන්වාගෙන පිටත්වීමට අවසර දෙන සීල් එක ගසා යනකල් ඇහැ ගහගෙන ඉන්නවා. ඉස්සර එයාර්ලංකා ස්ටුවර්ය් වැඩේ කරපු මීගමු හාදයෙක් මේ වැඩේ ජයටම කලා.

:       0       10

Ruwan De Silva Sunday, 07 July 2024 08:11 PM

කැනඩාවේ සංක්‍රමණික නීති දුර්වල වුනාට හොර පාරෙන් යන්න එපා, අනාත වෙන්න පුළුවන්. ලංකාවේ රජයේ NVQ සහතිකයක් ගන්න, ඉංග්‍රීසි IELTS පාස් වෙන්න ඕන තරම් රැකියා කැනඩාවේ තියෙනවා. පයිප්ප වැඩ උනත් එහේ දොස්තර කෙනෙක් ගානට හොයනවා, අනික ඒ මනුස්සයාට උනත් සර් කියලා කතා කරන්නේ. හරි විදියට යන්න අනාගතය සුභයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමරිකා ජනපති අනුරට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 27 37 0

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.


ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 331 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2230 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 241 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 989 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1043 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37583 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24772 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site