IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කැනඩාව නිරුවත් කරයි

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ කරතියි  නොසතුට පළ කරමින් කැනඩා අගමැති ස්ටීවන් හාපර්  ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව වර්ජනය කරන බව කියතත් චීනය පුරා සංචාරය කිරීමට කැනඩා රජයට  එවැනි ප්‍රශ්න මතු වී නැතැයි නැෂනල් පෝස්ට් පත්‍රය කියයි.

ශ්‍රී ලංකාවේ මානවහිමිකම් ප්‍රශ්නවලට වඩා බරපතල ප්‍රශ්න  පවතින චීනයේ නගර පහක සංචාරය සදහා කැනඩා ආණ්ඩුකාර ඩේවිඩ් ජොන්ස්ටන් හා ඔහුගේ බිරිය සතියක සංචාරයකට යති.

විදේශ ඇමැති ජෝන් බෙයාඩ් හා ස්වාභාවික සම්පත් ඇමැති ජෝ ඔලිවර්ද මේ ගමනට එක් වෙති.

චීන ජනපති හා අගමැති හමුවීමට ඔවුහු යති.

චීනයේ මානව හිමිකම් වාර්තාව හොද නැතැයි කියමින් බලයට පත් වු මුල් තාලයේදී හාපර් චීනයට ගියේ නැත.

හාපර්ගේ චීන කැනඩා මතය වෙනස්වීම  ගැන චීනය සතුටුවනු ඇතැයිද එමෙන්ම ලංකා ගමන වර්ජනයට ඔහු ගත් තීරණයද කැනඩාවේ සිටින දෙමළ ප්‍රජාව අගය කරනු ඇතැයිද එම පුවත්පත කියයි.

ශ්‍රී ලංකාව හැරුණු විට විශාලතම දෙමළ ප්‍රජාව සිටිනුයේ කැනඩාවේ ය. කැනඩා ආණ්ඩුකාරවරයාගේ චීන ගමනේ අරමුණ ව්‍යාපාරික අරමුණු ඉටුකිරීම වුවත් ලංකා ගමන වර්ජනය කිරීම ගැන දක්වන දෙබඩි පිළිවෙත කනගාටුවට කාරණයකිද එම පුවත්පත සඳහන් කරයි.

 

 

 



අදහස් (0)

කැනඩාව නිරුවත් කරයි

සෙනෙවි Thursday, 17 October 2013 11:11 AM

කැනඩාව ලෝක ත්‍රස්තවාදයට උදව් කරන ප්‍රධාන පෙලේ රටක් .ඔවුන් කොටි සංවිධානයට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 12 බැඟින් ලබා දුන් බව දැන් එලි වෙලා තියෙන්නෙ. (ස)

:       0       0

ජගත් Wednesday, 16 October 2013 09:05 PM

සහතික ඇත්ත.මෙහෙට නම් එන්න එපා.මානව හිමිකමක් පෙනෙනතෙක් මානයකවත් නැහැ. (නි)

:       0       0

ලක්මිණි වෙදමුල්ල මිලානෝ -ඉතාලිය Tuesday, 22 October 2013 08:38 PM

දැන් ලංකාවේ විපක්ෂය තියෙන්නේ කැනඩාවේ. ඒ අනුව විපක්ෂ නායක කම කැනඩා අගමැති ස්ටීවන් හාපර් හට හිමි විය යුතුය. මොකද අද රටේ සිද්ධ වෙන අපරාධ ගැන ඇත්ත කතා කරන්නේ කැනඩාව විතරමයි. (නදී)

:       0       0

බිම්බිසාර Wednesday, 16 October 2013 09:37 PM

කරුණාරත්න ටොරොන්ටෝගේ කටේ මසුරන් දාන්න වටිනවා. (නි)

:       0       0

දේවි Wednesday, 23 October 2013 10:30 PM

ප්‍රදීප් ,ඔය ඉගනගන ලොකු රැකියාවල් කරන එක සිංහල මිනිහෙක් ;සාමාන්‍ය සිංහල මිනිහෙක් දිහා ඔලුව උස්සල බලනවද ? මගේ පිළිතුර නැහැ කියන එකයි . සරණාගත විදියට ආවත් ,මොනවිදියකින් ආවත්,ජාතිය ගැන කැක්කුමක් සිංහලයට නැති එක ගැන මටත් දුකයි ;කැනඩාවේ විතරක් ද ? නැහැ (දිල්)

:       0       0

ටානියා වැන්කුවර් Wednesday, 16 October 2013 10:34 PM

කරුණාරත්න කියන එක 100% ඇත්ත. මෙහෙ ඉන්න සිංහලයන් රට ගැන ජාතිය ගැන හිතන්නේ නැහැ. නමුත් දමිළයා නිතරම තමන්ගේ ජාතිය ගැන හිතනවා (නි)

:       0       0

මාර්ලන්- මොන්ට්‍රියල් Wednesday, 16 October 2013 10:47 PM

කරුණාරත්න කියන දේ හරියට හරි. අපේ සිංහල අය ලෝකයේ කොහේ ගියත් එක විදිහම තමයි. එනකොට එන විදිහ අමතකයි. ඇවිල්ලා පිළිවෙලක් වෙලා රැකියාවක් කරලා වාහනයක් එහෙම ගත්තහම මුල අමතකයි. (නි)

:       0       0

චමින්ද Wednesday, 16 October 2013 11:11 PM

කැනඩාවේ පැත්තකින් ඊළම හදාගත්තා නම් නරකද? (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 16 October 2013 03:08 PM

අන්ස්ලම් ප්‍රේමදාස යුගයේ මානව හිමිකම් කඩ උනා කියා කියා අපි ඉදිරියටත් එම මාර්ගයේම යායුතු ද? හපර්ගේ කතා කෙසේ වෙතත් අපි අපේ රටේ නිතිය හරියට ස්ථාවර කරගැනීම අපේ රටේ අනාගතයට සුභය. (ස)

:       0       0

අමිත Wednesday, 16 October 2013 03:21 PM

කන්න ඕන වුනහම කබරයත් තලගොයා කර ගන්නවලු. මේකත් එහෙම දෙයක්. අවසන් සටන කරන වෙලවෙ බ්‍රිතාන්‍යය ඇතුලු බටහිර රටවල් කියපු විදියට වැඩ කලේ නැති වාඩුව දැන් ගන්නවා. (ස)

:       0       0

ලාල් Wednesday, 16 October 2013 03:25 PM

අගමැතිට ඕන මානව හිමිකම් රැකිල්ලක් නැහැ. එයාගේ දේශපාලන ගමන නතර වෙයි කියන බයට ඔය බහිලා ගහන්නේ. (ස)

:       0       0

ජ. තිසර Thursday, 17 October 2013 12:33 AM

කි.මී. 15000 කටත් ඈතින් ඇති කුඩා ලංකාවේ මානව හිමිකම් ගැන ඔයතරම් කැක්කුමක් ඇති ඔබට තම රටේ ලංකාව මෙන් 10 ගුණයක් පමණ ලොකු `ඇල්බර්ටා´ ප්‍රදේශයේ සිදුවන මානව හිමිකම් කඩකිරීම් නොපෙනෙන්නේ මන්ද?තෙල් සමාගම් රසායනික ද්‍රව්‍ය යොදා ඒ ප්‍රදේශයේ පොළවේ ඇති තෙල් විශාල වශයෙන් නිශ්පාදනය කරමින් එහි ඇති විශාල ස්වාභාවික වැව් පොකුණු ගංගා මත්ස්‍යයන් මෙන්ම වෘක්ෂලතාවෙන් පිරුණු වනාන්තර සහ ඒවායේ ජීවත්වන සතුන් විනාශ කරමින් පිළිකා රෝග සෑදීමෙන් දිනපතා මියයන වැසියන්ගේ (කැනඩාවේ ආදිවාසීන්ගේ) ගණන වැඩි කරමින් කරන විනාශය දැක දැක නිශ්ශබ්දව සිටින්නේ මන්ද? (නි)

:       0       0

සෙන්තිල් Thursday, 17 October 2013 12:44 AM

හරියටම කිව්වා කරුණාරත්න නම් (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 17 October 2013 02:00 AM

අනේ හොඳයි. එයාලට ඒ ජනතාව හොඳයි නම්, වටිනවා නම් අනේ තියාගන්න. තවත් ඕනෑ නම් ඕනෑතරම් දෙන්න පුළුවන්. (නි)

:       0       0

දයාරත්න Thursday, 17 October 2013 02:19 AM

මානව හිමිකම් කඩවී නැතැයි කියන්නේ ජනතාව ගැන නොසිතන අයයි. (නි)

:       0       0

සමාධි Wednesday, 23 October 2013 04:52 PM

හාපර් අසරණ වෙලා වගේ හිතට දැනෙනවා...... (නි)

:       0       0

පෙත්තා Thursday, 17 October 2013 03:06 AM

හාපර් හරි... (නි)

:       0       0

නෙත්මල් Tuesday, 22 October 2013 06:38 AM

කරුණාරත්න ටොරොන්ටෝ ,ඔබ කියූ ටික අපි සියලු දෙනා වෙනුවෙන්ම ප්‍රමාණවත්. (නි)

:       0       0

ප්‍රදීප් -කැනඩාව Thursday, 17 October 2013 03:54 AM

කරුනේ, ඔයාගේ කතාව වැරදියි. සිංහල වැඩිදෙනෙක් උපාධිදාරීන් ලෙස පැමිණි,උසස් රැකියා කරන කට්ටිය. දෙමළ 90% සරණාගත විදිහට පැමිණි කට්ටිය. වැඩිපුරම කම්කරුවන් , පිරිසිදුකරන්නන් ලෙස ඒ කට්ටිය වැඩ කරන්නේ. දෙමළ ඉතාම ටිකයි ඉහළ රැකියා කරන්නේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 16 October 2013 06:07 PM

අනේ අපි නොදන්නා මානව හිමිකම්..? (නි)

:       0       0

කරුණාරත්න ටොරොන්ටෝ Wednesday, 16 October 2013 06:09 PM

ඇත්තම කියනවා නම් කැනඩාවේ දමිළයන්ට තිබෙන තැන අප සිංහලයනට නැත. වෙළඳ ව්‍යාපාර හිමියන්, ඉංජිනේරුවන්, දොස්තරලා, මන්ත්‍රීවරුන්ගේ සිට පහළ මට්ටමේ කම්කරුවන් දක්වා ඔවුන් සිටිනවා. සිංහලයන් සිටියත් කරන්නේ සංවිධාන සාදාගෙන බෙදී, ඔවුන්ගේ විනෝද වීම සදහා සති අන්තයේ මධුවිත බී නටන එය පමණය. දමිළයන්ගෙන් වෙන සේවයත් කැනඩාවට ඉමහත්ය. ආර්ථිකව සහ දේශපාලන සමාජීය අතින් අපට වැඩිය ඔවුන් කැනඩාවට වැදගත් වේ. (නි)

:       1       0

හසරැල් Thursday, 17 October 2013 06:57 AM

හොඳ කියමනක් නිහාල්. (නි)

:       0       0

රනිල් Thursday, 17 October 2013 07:34 AM

කියුබෙක් ප්‍රාන්තය වෙන් වෙන්න ඉල්ලූ දාට, ද්‍රවිඩ අය ඒකට උදව් කරයි. එදාට කැනඩාවට වැටහෙයි වෙච්ච වැරැද්ද. (නි)

:       0       0

සුනිල් Wednesday, 23 October 2013 06:28 PM

කරුණාරත්නගේ කතාව සම්පූර්ණ ඇත්ත (නි)

:       0       0

වසන්ත Wednesday, 16 October 2013 12:17 PM

අපි හාපර් මහතාගේ අදහස අනුමත නොකරන මුත්, හැම රටකම ලංකාවත් ඇතුළුව මිනිස් අයිතිවාසිකම් සුරැකීම අවශ්‍යයි. එය අපේ යහ පැවැත්මට හොඳයි. මිනිසුන් වසයෙන් අපේ අදහස් වලත් තැනක් ලැබිය යුතුයි. මෙය කවුද බලයේ ඉන්න කියන එක ප්‍රශ්නයක් නෙමේ. (ස)

:       0       0

නිහාල් Wednesday, 16 October 2013 12:36 PM

අපරාදේ, හාපර් ලංකාවට නොපැමිණීමෙන් හාපර්ට හොපෙර් එකකවත් කන්ඩ ලැබෙන්නේ නෑ. (ස)

:       0       0

අන්ස්ලම් Wednesday, 16 October 2013 12:44 PM

77 ඉඳලා 94 වෙනකන් මානව හිමිකම් තියා ලංකාවක් තිබුනද කියලා හොයපු නැති අය අද කිඹුල් කඳුළු හෙලනවා. වසන්තත් ගිහින් කිඹුලගේ කඳුළු පිහින්න. (ස)

:       0       0

සරත් ආතාවුද Wednesday, 16 October 2013 12:45 PM

කොහොමත් හාපර් ඔලුව හොඳ නැති කෙනානේ. මොනවා කරන්නද කොච්චර දඩ ගැහුවත් ඔහොම තමා. (ස)

:       0       0

දේවි Wednesday, 23 October 2013 01:37 PM

මොන රටේ හිටියත් සිංහලයා සිංහලයට විරුද්ධයි . හාපර් මත්තයත් එහෙම තමයි. ඒවා ඉතින් තිත්ත ඇත්ත කිව්වොත් වැරදී නැහැ .හැමවෙලේම බලන්නේ පාගල දාන්න මිසක් උඩට ගන්න නෙවෙයි .අලුත් මුණක් දැකපුවම ආපු කාලය දේශය දීපය හොයලා එයාලගේ පුරාජේරුව කියවනවා . උදව් කරනවා කියන එක ගැන කියල වැඩක් නැහැ .ඒ අතින් දෙමල, මුස්ලිම් එක හඬට ඉන්නවා.මමත් කරුගේ කීම අනුමත කරනවා. (ස)

:       0       0

උපාලි Wednesday, 16 October 2013 01:07 PM

අපි මානව හිමිකම් වලට ගරු කළ යුත්තේ, මානව හිමිකම් ආරකෂා කල යුත්තේ, අපේ මිනිසුන්ට මිනිසුන් වශයෙන් අභිමානයෙන් ජීවත්වීමට ඉඩ කඩ සලසා දිය යුත්තේ පිටරටවල් කියන නිසාවත් ඔවුන් රවටන්නවත් ඔවුන්ට බයෙවත් නෙමෙයි. තර්ක විතර්ක දාල පිල්ලෙයිට හරි එ.ජා. මානව හිමිකම් කවුන්සිලයට හරි පහර දෙන්නවත් නොවෙයි. අපි සත්‍ය වශයෙන්ම මානව හිමිකම් අපේ ජනතාවට දිය යුතු නිසයි. (ස)

:       0       0

ආරියසේන Wednesday, 16 October 2013 08:17 PM

ඔවුන්ට කියා රටක් නැති නිසා ඉපදුන රට ගැන ඔවුන්ට කැක්කුමක් ඇති වෙන්නේ නැහැ.සිංහලයා රට බේරා ගැනීමට සටන් කරනවිට ඔවුන් එහි පාලන බලය සුද්දාගෙන් ලබාගන්න මහන්සි ගත්තා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2644 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2337 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2918 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5842 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1965 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6643 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18595 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site