IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


කැනඩා අගමැතිගෙන් මෝදි රජයට චෝදනාවක්

කැනඩාවේ ප්‍රමුඛ පෙළේ මානව ක්‍රියාකාරියකු වූ කැනඩා ශීක් ජාතික හර්දීප් සිං නිජාර්ගේ ඝාතනය පසුපස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජයේ ඒජන්තවරුන් සිටින බවත්, එම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට කැනඩා ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර ඇති බවත් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පාර්ලිමේන්තුව හදිසි සැසියකට සහභාගී වෙමින් පැවැසීය.

හර්දීප් සිං නිජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන්, නවදිල්ලියේ පැවැති ‘ජී20’ සමුළුව අතරතුරේ, තමන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා කළ බවත්, එය අග්‍රාමාත්‍ය මෝදිගේ නොසතුටට හේතුවක් වූ බවත් කැනඩා අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ වැඩි දුරටත් කියා සිටියේය.

කැනඩා රජයට අනුව, හර්දීප් සිං නිජාර්, ඉන්දියාවේ පන්ජාබ් වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි සමාජ ක්‍රියාකාරියෙකි. ඔහු නිරන්තරයෙන්, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ රජය විවේචනය කළ අයෙකි. හර්දීප් සිං නිජාර්, ඝාතනය වූයේ කැනඩාවේ බි්‍රටිෂ් කොලොම්බියා පළාතේ සරේ නුවර ශීක් දේවස්ථානයක් ඉදිරියේ, හර්දීප් සිං නිජාර් වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය 2022 වසරේ ජූනි 18 වැනිදාය.

ශීක්වරුන්ගේ නිජබිම ලෙස සැලකෙන්නේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයයි. ඉන්දියාවෙන් පිට වැඩිම ශීක් ප්‍රජාවක් වාසය කරන්නේ කැනඩාවේය. ඉන්දියාවේ ශීක්වරුන්ට හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයෙන් කෙණෙහිලිකම් එල්ල වෙයි. 2021 වසරේ මෝදි රජය හඳුන්වා දීමට සැරැසුණු නව ‘ගොවි පනත්’ සම්බන්ධයෙන් විරෝතා පැවැත් වූයේ ද ශීක් ගොවි සංගම් මැදිහත් වීමෙනි. 2022 පන්ජාබ් ප්‍රාන්ත මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂ රජයට බලයට පත්වීමට නොහැති විය. පන්ජාබ් ප්‍රාන්තයේ බලය ඇත්තේ දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල් පිහිටුවූ ‘ආම් ආද්මී’ හෙවත් ‘පොදු මිනිසා’ පක්ෂයයි.

ශීක් ජාතික හර්දීප් සිං නිජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට චෝදනා කිරීමෙන් පසු, කැනඩා රජය, එරට ඔටෝවා අගනුවර රැඳී සිටි ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියා වහා කැනඩාවෙන් නෙරපා හැරීමට පියවර ගත්තේය.

කැනඩා අග්‍රාමාත්‍යවරයා ඉන්දීය රජයට චෝදනා නැගීමත්, කැනඩාවේ රැඳී සිටි ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ එරටින් නෙරපා දැමීමත් සමඟ කැනඩාව සහ ඉන්දියාව අතර රාජ්‍ය තාත්ත්‍රික අර්බුදයක් නිර්මාණය වී තිබේ.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ එල්ල කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඉන්දීය රජය පවසයි. ඉන්දීය රජයට අනුව ශීක් ජාතික හර්දීප් සිං නිජාර් යනු කලිස්තාන් ත්‍රස්තවාදී නායකයෙකි. කලිස්තාන් ත්‍රස්තවාදීන් යනු ශීක් බෙදුම්වාදීන් කණ්ඩායමකි.

ඉන්දියාවේ පන්ජාබ් ඇතුළු ශීක්වරුන් ජීවත්වන ප්‍රාන්ත එක් කර ගනිමින් වෙනම පාලන ප්‍රදේශයක් පිහිටුවා ගැනීමට කලිස්තාන් ත්‍රස්තවාදීන් උත්සාහ ගන්නා බවට ඉන්දීය රජය චෝදනා කරයි.

කලිස්තාන් ත්‍රස්තවාදී හර්දීප් සිං නිජාර් ඝාතනය සම්බන්ධයෙන් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ එල්ල කරන චෝදනාවලට ඉන්දීය රජය ප්‍රතිචාර දැක්වීය. ඒ, ඉන්දියාවේ වෙනෙස සියලුම කැනඩා රාජ්‍ය තාන්ත්‍රිකයන් දින 5 ක් ඇතුළත ඉන්දියාවෙන් පිටවිය යුතු බව දන්වමිනි. මේ වනවිට කැනඩාවත් ඉන්දියාවත් අතරේ අත්සන් තැබීමට නියමිත නව වෙළෙඳ ගිවිසුම ද අහෝසි කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පැහැදිලි කර ඇත. කලිස්තාන් බෙදුම්වාදී ත්‍රස්ත ව්‍යාපාරය කැනඩාවේ ක්‍රියාත්මක වන බවත්, කැනඩා රජයේ අනුග්‍රහය ඔවුන්ට හිමිවන බවත් ඉන්දීය රජය වසර ගණනක් තිස්සේ චෝදනා කර තිබේ.



අදහස් (1)

කැනඩා අගමැතිගෙන් මෝදි රජයට චෝදනාවක්

sin Tuesday, 19 September 2023 08:00 PM

කලිස්ථානයට ජයවේවා,ඉන්දියාව කෑලි කෑලි වලට කැඩේවා !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 160 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 269 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 188 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 142 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 499 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 102 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40216 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26020 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 280 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1335 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site