මගී ගුවන් යානයක්, කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමට පහත් කරද්දී, තද සුළඟට හසුවී, උඩු යටිකුරු විය. උඩු යටිකුරු වුණු යානය, ගුවන් පථයේ ලිස්සා ගොස් නගර වූයේ නියමුවන්, මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් මහත් සේ බියට පත් කරමිණි.
යානයේ 80 දෙනකු සිටි අතර, ඔවුන්ගෙන් 19 දෙනකු බරපතල තුවාල ලැබූ බව වාර්තා වේ. එම 19 දෙනා අතර කුඩා දරුවෙක් ද සිටී. මෙම අකරතැබ්බට මුහුණ දුන්නේ ඇමෙරිකාවේ ‘ඩෙල්ටා’ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයකි.
යානය කැනඩාව බලා පැමිණියේ ඇමෙරිකාවේ මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් නගරයේ සිටය. ගුවන් යානයේ කැනේඩියානු ජාතිකයන් විසි දෙදෙනකු සිටි අතර සෙසු පිරිස ඇමෙරිකාවුවන් සහ විදේශිකයන්ය.
යානය ගුවන් තොටුපොළට ගොඩබෑමට පාත් කරද්දී, හිම කුණාටුවක් හමා යමින් තිබුණි. ඒ වනවිටත් ගුවන් තොටුපොළ සෙන්ටි මීටර් 22 ක හිම තට්ටුවකින් වැසී පැවැතිණි.
කෙසේ නමුත් යානය උඩු යටිකුරු වූයේ කෙසේදැයි යන්න සොයා බැලීමට කඩිනමින් විමර්ශන ආරම්භ කළ බව කැනඩා ගුවන් ගමන් බලධාරීහු මාධ්‍ය හමුවේ පැහැදිලි කළහ.
අනතුරත් සමඟ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පැමිණෙන ගුවන් යානා වෙනත් ගුවන්තොටුපොළ වෙත හරවා යැවුණු අතර, පිටත්වීමට නියමිත ගුවන් යානා ප්‍රමාද කෙරුණි.
උඩු යටිකුරු වුණු ගුවන් යානය ලිස්සා ගොස් නගර වුණු සැණින්, දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සහ ගිනි නිවන හමුදා භටයන් වහා ක්‍රියාත්මක වූ බවත්, මගින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් යානයෙන් පිටතට ගැනීමට වෙහෙසුණු බවත් පැවැසෙයි.
(Daily Mail)
එක්සත් ජාතික ජාතික පක්ෂයේ භූතයන් දෙදෙනකු තමාට කිසිම දේකට එන්න දෙන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.
ගමන් මලු දෙකක් තුළ අසුරා තිබූ රුපියල් කෝටි තුනක් වටිනා නවීනතම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක 228 ක් කටුනායක ගුවන් තොටුපොළ , තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ අතහ
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම බාරගත් ලෂ්කර්-ඊ-තලීබා සංවිධානයේ අණදෙන නිලධාරී අල්තාෆ් ලල්ලී ඉන්දීය ආරක්ෂක අංශ සිදුකළ මෙහෙයුමකදී වෙඩි වැදී මියගොස් ඇ
සිරි දළදා වන්දනාවේ රාජකාරියේ යෙදී සිටි සැරයන්වරුන් දෙදෙනකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පො
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කොළඹ පිහිටි වතිකානු තානාපති කාර්යාලයට අද (25) පැමිණ බුවනෝස් අයර්ස් හි අගරදගුරු සහ ආර්ජන්ටිනාවේ ප්‍රාදේශීය
තිරිංග අක්‍රයවීමත් සමඟ රියැදුරුගේ පාලනයෙන් ගිලිහුණු ලංගම බසයක් වියානා ඇළ දෙසට ධාවනය වෙද්දී එහි රියැදුරා අසල වේල්ලක ගැටීමට සලස්සවා බසය නවතා ගැනීමෙන්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කැනඩා ආ යානයක් උඩු යටිකුරු වෙයි
Kith Tuesday, 18 February 2025 06:14 AM
ඩෙල්ටා ගුවන් සේවය තමයි ඇමෙරිකාවේ විශාලතම ගුවන් සමාගම.. එය කැනේඩියානු එකක් නෙමෙයි
ravin Tuesday, 18 February 2025 01:54 PM
කොහොමත් කැනඩාව උඩු යටිකුරු කරනවා කියලා අලුත් ලොක්කා හදනවා කියලා නම් ප්‍රසිද්ධ මාධ්‍ය තුළින් අපි දැක්කා...