IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කැනඩා ගිය ලාංකිකයෝ අමාරුවේ

කැනඩාවේ ආගමන නීති වෙනස් කිරීමට එරට රජය පියවර ගැනීමත් සමග එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් 1,40,000 ක් පමණ එරට පුරවැසි භාවය අහිමිවීමේ අවදානමට පත්ව ඇතැයි වාර්තාවේ.

දෙමළ සන්ධාන මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා මේ සම්බන්ධයෙන් පැවසූවේ විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් නොසලකමින් මෙම නීති සකස් කර ඇති බවත් ඔවුන්ගේ කැනඩා පුරවැසි භාවය අහිමිවීමේ අවදානමක් පැන නැගී ඇති බවත්ය.

විශේෂයෙන්ම කැනඩාවේ පුරවැසි භාවය බලාපොරොත්තුවෙන් සිටින ලාංකික දෙමළ ජනතාවට  මෙය විශාල ගැටළුවක් වන බවයි. 



අදහස් (0)

කැනඩා ගිය ලාංකිකයෝ අමාරුවේ

ඩ‍ෑම් Monday, 22 June 2015 05:08 PM

ඔන්න, බටහිර රටවල් ගැන තව මොනවද.කොටියන්ට පක්ෂව කතාකරන ගමන්ම බෙල්ලත් කපනවා. (නි)

:       0       0

චන්න බුවනක Monday, 22 June 2015 05:32 PM

මෙහෙ ආවත් ආයෙත් බාගයක් ඉල්ලයිද?(නදී)

:       0       0

විජයබාහු Monday, 22 June 2015 11:01 AM

මෙයාලගේ ගොඩක් අය එහෙනේ ඉන්නේ. (ස)

:       0       0

ලලිත් Monday, 22 June 2015 11:05 AM

අලුත් නිතිය යටතේ කැනඩාවේ පදිංචි වෙලා ඉන්න ගමන් වෙනත් රටවලට ගිහින් ත්‍රස්ත දේසපාලනය කරමින් කල්ගතකරපු කට්ටිය අමාරුවේ. අඩුම තරමින් වසර 4ක් ඇතුලත අවුරුද්දකට දින 183ක් වත් කැනඩාවේ ඉන්න අවශ්‍යයි. විශේෂම වෙනස් කම් නම් අලුත් නිතිය යටතේ කැනඩාවේ හෝ වෙනත් රටක සාපරාදී වරදකට වරදකරුවෙක් උනොත් කැනඩාවේ පුරවැසිකම අහිමි වෙනවා. ඒ වගේම ද්විත්ව පුරවැසිකම ලබා ගෙන කිසියම් ත්‍රස්ත සංවිධානයකට බැඳුනොත් හෝ ඔත්තු බැලීමක යෙදුනොත් හෝ ත්‍රස්ත ක්‍රියා වලට අනුබල දුන්නොත් පුරවැසිකම අහිමි වෙනවා. මේ අලුත් නීති දැක්කහම සමහර ලෝගු දාගත්ත කොටින්ට නම් උන ගැනෙනවා තමයි. (ර)

:       0       0

සේන Monday, 22 June 2015 11:18 AM

ලංකාවේ කට්ටිය නම් ඉතින් ලංකාවට ආවා නම් ඉවරනේ. (නි)

:       0       0

සඳුන් Monday, 22 June 2015 08:58 PM

දැන් සියලුම රටවල් නීති තද කරනවා. ත්‍රස්තවාදයට උදව් කළ රටවලට එයින්ම ප්‍රතිවිපාක ලැබීම ගැන නම් සතුටුයි. මේ සමහර සංක්‍රමණිකයන් කළේ දියුණු රටවල නිදහස, සම්පත්, රැකවරණය පාවිච්චි කරලා අනෙක් රටවල යුද්ධයට සහයෝගය දෙන එක. (නි)

:       0       0

ඇසළ Monday, 22 June 2015 11:22 AM

ඉතාමත් හොද නීතියක්. කැනඩා අගමැති ශ්‍රී ලංකා විරෝධියෙක් එහෙට පැන ගත්ත ද්‍රවිඩ ජතිකයනේ කතා අහල. දැන් එකේ අනිත් පැත්ත. දැන් ඉතින් ලංකාවේ නීතියක් පනවා ගත්තොත් හොදයි ඒ වගේම ලංකාවෙන් පැනල ගිහින් රට පවා දීපු අයට ආපසු ලංකාවට බර ගන්නේ නැති විදියට. (ම)

:       0       0

නලීන් Monday, 22 June 2015 11:33 AM

එතකොට ඇමෙරිකාවේ පුරවැසි අපේ රට කාපු ඇත්තන්ට මොකද කරන්නේ ? (හේ)

:       0       0

නුවන් Monday, 22 June 2015 11:39 AM

කැනඩාවට දැන් තමා මොළය ඇවිල්ලා තියෙන්නේ! (නි)

:       0       0

දුමින්ද Monday, 22 June 2015 11:49 AM

පළමුව පමාවී දෙවනුව නොපමාවීම (නි)

:       0       0

නිලංග Monday, 22 June 2015 10:38 PM

හෙට අනිද්දාට ඕස්ට්‍රේලියාවෙත් බෙල්ලෙන්ම අල්ලා නීති ටික තද කරාවි. අපිට කනින් කොනින් කසුකුසුවක් ආරංචියි ඕස්ට්‍රේලියානුවන්ට ද්විත්ව පුරවැසි බව ගැනීමේ නීති තද කරන්න යනවා කියලා. (නදී)

:       0       0

සිල්වා - බර්ලින් Tuesday, 23 June 2015 02:50 PM

මේ රටවලින් යන සරණාගතයන් ගේ ප්‍රශ්නය එම රටවල් වලටත් වදයක් වෙලා තිබුනේ , එම රටවල කොටින්ට මෙපමණ සහනයක් හෝ ලැබුනේ , පසුගිය ආණ්ඩුවේ හිටපු විහිලුවන්සල වැනි අැමැතිවරු තමන්ගේ මනාප ගොඩ වැඩි කරගනු පිණිස එම රටවලට ඉවක් බවක් නැතිව බැනීම. , දැන් එහෙම ප්‍රශ්නයක් නොමැති නිසා , ලංකාව ගැන නම්‍යශීලි ප්‍රති පතියක් අනුගමනය කිරීමට ඔවුන් පෙළබි ඇත , මෙම තත්වය දේශපාලන රැකවරණ අරන් ත්‍රස්තවාදය පෝෂණය කරන පුද්ගලයන්ට ඉදිරියේදී දරුණු විය හැක (බ)

:       0       0

ශාන් Monday, 22 June 2015 11:59 AM

දැන් ඉතින් මොනවා කරන්නද? (නි)

:       0       0

සත්‍යපාල Monday, 22 June 2015 12:15 PM

දැන් ඉතින් බුරුතු පිටින් අපි ලංකාවට හරි ආදරෙයි කියමින් පුරවැසිකම් ඉල්ලයි. දේශපලුවන්ටත් කල්ල මරේ! (නි)

:       0       0

සාගර Monday, 22 June 2015 12:17 PM

දැන් මොනවා කරන්නද? එන්න ලංකාවට. ඇවිල්ලා ප්‍රශ්න ඇතිනොකර ඔය රටේ ජිවත්වුණා වගේ සමගියෙන් ජීවත්වන්නට සිතාගන්න.(නි)

:       0       0

ටිකිරි Tuesday, 23 June 2015 01:23 AM

මේවා කාට කාටත් හොඳ පාඩම් (නි)

:       0       0

මොහාන් Tuesday, 23 June 2015 01:23 AM

දැන් එහෙත් නැහැ මෙහෙත් නැහැ (නි)

:       0       0

සාලිය Tuesday, 23 June 2015 03:06 AM

අලුත් නිතිය බලපාන්නේ සාපරාධි කටයුතු කරන පුද්ගලයන්ට. නීති ගරුක පුද්ගලයන්ට මේ නීතියෙන් කිසිම වරදක් වෙන්නේ නැහැ. හොර වැඩ කරන පුද්ගලයන්ට දෙවියන්ගේම පිහිටයි. (ම)

:       0       0

දිනේෂ් Monday, 22 June 2015 01:37 PM

නලින් කියන කතාව ඇත්ත. තාම ඇමරිකාව ඔය නිතිය ගෙනත් නැහැ හැබැයි ගෙනාපු දවසට අපේ දේශපාලනය කරන ගොඩක් අය අමාරුවේ. දැන් ඔස්ට්‍රේලියාවත් නීති තද කරනවා. (ර)

:       0       0

ද සිල්වා බර්ලින් Tuesday, 23 June 2015 08:47 PM

මෙම රටවල දේශපාලකයන්ට සහ රජයේ අනාථයන් සම්බන්ධව ක්‍රියාත්මක වන නිලධාරීන්ට මිත්‍රශීලීව කතාකොට ඔවුන්ට ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කර ලංකාවේ ජනතාවගේ එදිනෙදා ජීවිතය ඔවුන්ට පෙන්විය යුතුය. ලංකාවේ ජීවත්වුණ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකිකයන් වන ලක්ෂ්මන් කදිරගාමර් වැනි ද්‍රවිඩ දේශපාලකයන් ගැන සහ ලෝකප්‍රසිද්ධ ක්‍රීඩකයන් වන මුරලිදරන් වැනි ක්‍රීඩකයන් ගැන ඔවුන්ට පහදා දියයුතුය. ලංකාවේ ව්‍යාපාරික කටයුතු වල යෙදෙන කෝටිපති ද්‍රවිඩ ව්‍යාපාරිකයන් ඔවුන්ට මුණගස්වා ඔවුන්ගේ ව්‍යාපාර පෙන්විය යුතුය. ඉන්පසු ඔවුන් තමන්ගේ රටවලට ගොස් ව්‍යාජ දේශපාලනික සරණාගතයන්ට සහ ත්‍රස්තවාදීන්ට විරුද්ධව කටයුතු කරනවා නියතය (නි)

:       0       0

සෙලනිකස් Tuesday, 23 June 2015 03:52 AM

ලංකාවේදී කරදර වෙනවා කියලා පිටරට පනින හැමෝම වගේ කිට්ටුව තියෙන ඉන්දියාව (තමිල්නාඩුව)ට නොගොස් කැනඩාව, ඕස්ට්‍රේලියාව වගේ දුර රටවලටම යන්නේ ඇයි? (නි)

:       0       0

දිලිප් Monday, 22 June 2015 02:30 PM

අයියෝ සේන ලංකාවට ඇවිත්...? (ර)

:       0       0

ටිරෝන් Monday, 22 June 2015 02:32 PM

එහෙ ඉඳන් රට පාවා දීපු අයට දිට්ට ධම්ම වේදනීය කර්මය පලදීල ඇතුලට එනකොට කට්ටිය ගැන සැලකිල්ලෙන් හිටියොත් හොඳයි. (ර)

:       0       0

ගුණපාල Monday, 22 June 2015 02:45 PM

එහෙත් ඉල්ලීම් ඉල්ලලා සටන් කරන්න වේයිද ? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3164 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2292 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3151 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3043 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 677 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1348 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36076 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24127 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 172 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site