IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


කැන්ඩි පිල දැවැන්ත ජයක් සමගින් පෙරමුණට එයි

(යොහාන් භාසුර)

ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය ලෙස මහනුවර පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (8) පැවැති දිනයේ පළමු තරගයේදී බී - ලව් කැන්ඩි පිල ලකුණු 89 කින් ගෝල් ටයිටන්ස් පිල පරාජය කරමින් දැවැන්ත ජයක් ලැබීය.

මෙය කැන්ඩි පිල තරඟ පහකදී ලැබූ තුන්වැනි ජයග්‍රහණය වන අතර මෙම ජයග්‍රහණයත් සමග කැන්ඩි පිල ප්‍රසාද ලකුණු 6 ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණියේය. ජයග්‍රහණය සඳහා ලකුණු 204 ක ඉලක්කය හඹාගිය ගෝල් ටයිටන්ස් පිල ඕවර 16.4 ලකුණු 114 කට සීමා විය.

වනිදු හසරංග නැවතත් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 17 කට කඩුලු 4ක් දවා ගත්තේය.

පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි පිල වෙනුවෙන් නායක වනිදු හසරංග වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 27 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 64 ක් රැස්කරමින් කැන්ඩි පිල ලකුණු 203 ක් දක්වා රැගෙන ඒමට සමත් විය.

බී - ලව් කැන්ඩි පිල ඕවර 20 කදී කඩුලු 5 ට 203 (මොහොමඩ් හාරිස් 17, ෆකාර් ශමාන් 45, දිනේෂ් චන්දිමාල් 25, ඇන්ජලෝ මැතිව්ස් 40, වනිඳු හසරංග 64, ළහිරු සමරකෝන් 31/2) ගෝල් ටයිටන්ස් පිල ඕවර 16.4 කදී සියලු දෙනා දැවී 114 (ලසිත් කෘස්පුල්ලේ 17, අශාන් ප්‍රියන්ජන් 25, ලහිරු සමරකෝන් 36, මුජූබූර් රහමන් 26/2, නුවන් ප්‍රදීප් 21/3, වනිදු හසරංග 17/4)



අදහස් (0)

කැන්ඩි පිල දැවැන්ත ජයක් සමගින් පෙරමුණට එයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් ඉල්ලා අස් වෙයි
2024 ඔක්තෝබර් මස 15 115 0

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීම කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන තිබෙි.


ත්‍රිරෝද රියදුරු පුංචි ලෝකාන්තයට දැමීමේ සිද්ධියට තවත් අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 15 104 0

හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකුට මඩොල්සිම දී පහරදී ඝාතනය කර සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට විසිකර දැමීමේ සිද්ධිය ස


වැස්සෙන් පවුල් 39,522ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 15 60 0

දිවයින පුරා පවතින අධික වැසි තත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් පවුල් 39,522 කට අයත් පුද්ගලයින් 1,54,782 කු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණකරණ මධ්‍යස්ථාන


හරිත කන්දේ කඳවුරු බඳින්න ගිය සරසවි සිසුන්ට බඹරු අනී
2024 ඔක්තෝබර් මස 15 187 0

බෝපත්තලාව හරිත කන්දේ කදවුරු බැදිමට ගිය රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට අද (15) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් සිසුන් හයදෙනෙකු තුවාල ලබා බගවන්තලාව


රනිල් බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කරයි
2024 ඔක්තෝබර් මස 15 953 0

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි.


දේශීය වෛද්‍ය සැපයුම් මිලදී ගන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 15 294 0

දේශීය නිෂ්පාදකයින්ගෙන් වෛද්‍ය සැපයීම් මිලදී ගැනීමේ ගිවිසුම් වලට එළඹීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 451 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 462 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1445 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site