IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කැනඩා හොර පාරක් අල්ලයි

බටහිර අපි‍්‍රකාවේ ගිනී රාජ්‍යයට ගෙන ගොස් නීති විරෝධී ලෙස ශ‍්‍රී ලාංකිකයින් කැනඩාවට සංක‍්‍රමනය කරවීමේ අළුත්ම මිනිස් ජාවාරමක සුල මුල හෙළිකර ගැනීමට හැකි වූ බව ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතා කියයි.

ගිනී රාජ්‍යය බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට අද අලුයම පැමිණි නාවලපිටිය පදිංචි ශ‍්‍රී ලාංකික තරුණයෙකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මෙම තොරතරු අනාවරණය කරගැනීමට හැකි වූ බවද හෙතෙම කීය.

එල්.ටී.ටී සංවිධානයට සම්බන්ධකම් දක්වන පිරිසක්, ගිනී රාජ්‍යයේ මිනිස් ජාවරමුන් සමග එක්ව මෙම ජාවාරම මෙහෙයවන බව පැවසේ.

අද පිටත්වීමේ පර්යන්තය බාරව රාජකාරී කළ ප‍්‍රධාන ආගමන විගමන නිළධාරී ජයන්ත රත්නායක මහතා විසින් එම තරුණයාගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කොට මේ බව සැකහැර දැනගෙන ඔහුගේ ගමන වලක්වා ඇත.

පසුව රත්නායක මහතා විසින් මේ පිළිබඳ විශේෂඥ උපදෙස් ලබා ගැනීම සඳහා කැනේඩියානු මහකොමසාරිස් කාර්‍යාලයට දැනුම් දෙනු ලැබ එහි පළමු ලේකම් ගැරී වොලස් මහතා ද අද  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ තිබේ.

ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතාගේ උපදෙස් මත ප‍්‍රත්‍යන්ත කළමනාකරණය හා වීසා කටයුතු බාර පාලක එම්.එන් රණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ප‍්‍රධාන ආගමන විගමන නිලධාරී ජයන්ත රත්නායක මහාත ඇතුළු නිලධාරීහු විමර්ශන සිදු කරති.



අදහස් (0)

කැනඩා හොර පාරක් අල්ලයි

බෝධිපාල Friday, 07 June 2013 04:36 PM

ලංකාවෙන් හොරෙන් ගිය අය හින්දා තමා අද ආණ්ඩුව පඩි ගෙවන්නේ. ඔය අල්ලපු එකාගේ පඩිය ගෙවන්නෙත් හොරෙන් රට ගිය අය කියලා දන්නේ නැතුව ඇති.(නදී)

:       0       0

ටිරාන් Friday, 07 June 2013 11:45 AM

අනේ මන්දා, මොකටද මේ මිනිස්සුන්ව අල්ලන්නේ? පුළුවන් තරම් එහෙම ගියොත් ලංකාවට නේද වාසි වෙන්නේ (නි)

:       0       0

ධර්මේ Friday, 07 June 2013 04:55 PM

මිනිස්සු විවිධ ආකාරයට පිටරට යන්නම දඟලන්නේ මොකද? කාන්තාවෝ ඉඩම උකස්කරලා මැදපෙරදීග යන්නේ මොකද? ලංකාවේ බහුතරයක් සිංහලයෝ දුප්පත්. ජීවන බර උහුලන්න බැහැ. දරුවන්ට කන්න බොන්න අඳින්න දෙන්නේ කොහොමද? රටේ දුෂණය, අසාධාරණය, අයුක්තිය, බොරුව, දුප්පත්කම රජයනවා. මිනිස්සු බලනවා පිට රටකට ගිහින් හම්බකරගෙන එන්න. දුප්පත් මිනිස්සුන්ගේ ආර්ථිකය නංවන වැඩපිළිවෙලක් තියනවද? ඔයවගේ දේවල් අල්ලලා විතරක් මදි, මිනිස්සුන්ට හොඳ ජීවන මගක් හදල දෙන්න ඕනෑ. මම දන්නා කෙනෙක් පිට රට ගියේ ආයේ කවදාවත් ලංකාවට නම් එන්නේ නැහැ කියලා. මිනිස්සු සැප වැඩි නිසා නෙමෙයි ලංකාවේ ඉන්නේ. (නි)

:       0       0

පෙරේරා Saturday, 08 June 2013 07:22 AM

ඒ වගේ අය ලංකාව විනාශ කරලා, ඉන්න බැරි තත්වයක් හදලා, රට පැනලා ඒ රටවලුත් විනාශ කරලා දාවි ටික කලකින් (නි)

:       0       0

සෙව්වන්දි Friday, 07 June 2013 05:37 PM

ඉතින් ලංකාවටනේ හොද. ඒත් හොරෙන් නම් යන්න හොද නැහැ. අහු වුනාම ලංකාවේ අපිටමයි හොද නැත්තේ. ඉතින් ලංකාවේ ඉන්න අයට කැනඩා වලට යන්න හොද මගක් රජය ජනතාවට හදලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

සැන්ඩි අහංගම Friday, 07 June 2013 01:24 PM

වහාම ක්‍රියා මාර්ග ගත යුතුයි. නැත්නම් බටහිර අප්‍රිකාවේ ටෝගෝ රටේ සිදුවීම වගේ 209 දෙනෙක් අතරමන්. කව්ද මේ සම්බන්ද පුද්ගලයන්ව අල්ලන්නේ?(නදී)

:       0       0

හැන්ඩි Friday, 07 June 2013 01:27 PM

වහාම ක්‍රියා මාර්ග ගත යුතුයි. (නි)

:       0       0

සමන් Friday, 07 June 2013 02:14 PM

මේ වැඩේ කෙන්යා වලත් වෙනවා. එහෙ ඉන්නවා කෝටිපති එල් ටි ටි අය. එයාලා සිංහල අලුත් අවුරුදු උත්සවයට ආවත් ජාතික ගියට නැගිටින්නේවත් නැහැ. ඉන්න සිංහල අයත් කට වහගෙන ඉන්නවා (නි)

:       0       0

ජයසිංහ Friday, 07 June 2013 02:31 PM

අපේ මිනිහෙක් ඔය රටකට ගියා කියන්නේ ලංකාවට විතරක් උරුම වුන අපේ සිංහලකම ලොවපුර ව්‍යාප්ත වීමක් නේද? (නදී)

:       0       0

ගාමිණී-සිරි Friday, 07 June 2013 02:56 PM

විදේශ සංක්‍රමණ හොර පාරෙන් යාම නීති විරෝධී ක්‍රියාවක් තමා. අපි පිළිගන්නවා මේ රටේ තරුණ පිරිස් වලට සරිලන රැකියා දීමට අපොහොසත්කම නිසා මෙහෙම වෙනවා කියලා. කැනඩා වලට හොර පාරෙන් යනවා වෙනුවට ,නියම පාරෙන් යනවිදිය ගැන මේ ආපු නිලධාරියාගෙන් උපදෙස් ලබාගන්නේ නම් රජයත් ,ජනතාවත් ,පෙලෙන ප්‍රශ්න වලින් මුදවා ගැනීමක් . මේ ගැන නිලධාරීන් ධනාත්මකභාවයෙන් කටයුතු කිරීම යහපත්ය . (නි)

:       0       0

මාටින් Friday, 07 June 2013 10:28 PM

මම නම් නඩු දානවා මට එහෙම මෙහෙම කරානම්. කාටවත් මොකද ගිනි රාජ්‍යයට බැරිනම් අයිස් රාජ්‍යයට ගියාම. හරියට විසා අරගෙන තියෙනවනම් ගිනි රජයට ගියාට පස්සේ එතනින් එහා වෙන දේවල් ගිනි රාජ්‍යයයි, කැනඩාවයි බලාගනීයි.(නදී)

:       0       0

කුමුදු Friday, 07 June 2013 03:20 PM

ඒ මනුස්සයාගේ බලාපොරොත්තු සියල්ල සුන්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 198 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 133 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 740 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 504 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3177 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1763 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site