IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


කාන්තා ඇඳුම් 28ක් සමඟ මුස්ලිම් ජාතිකයන් 2ක් අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)
 
තිහාරියේ සිට වෑන් රථයකින් ප්‍රවාහනය කළ සුදු පැහැති සායවල් 28 ක්  සමඟ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු අනුරාධපුරයේදී සැකපිට අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගෙන ඇත්තේ තිහාරියේ පදිංචි 41 හා 47 වියේ පසුවන මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකි.
 
වෑන් රථයේ පොහොර උරයක තිබියදී මෙම කාන්තා ඇඳුම් සොයාගෙන ඇත. 
 
සැකකරුවන් අද(02)අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.



අදහස් (24)

කාන්තා ඇඳුම් 28ක් සමඟ මුස්ලිම් ජාතිකයන් 2ක් අත්අඩංගුවට

සේන Thursday, 02 May 2019 05:22 AM

දැනට පවතින වාතාවරණය අනුව මේ මිනිස්සුන් සුදු අඳුම් මිළදී ගන්නවානම් , ප්‍රවාහනය කරනවා නම් අති භයානකය.

:       5       358

kap Thursday, 02 May 2019 05:56 AM

චෙක් කිරීම් හොදයි. ඒත් නිමි ඇදුම් මහන මුස්ලිම් කෙනෙක් ඒ ඇදුම් ප්‍රවාහනය කරන්නේ කෙසේද? නිකන් හරි සුදු සායවල් මැහුවනම්, හිරේ ඉන්න වෙන්නෙ? ලගම තියෙන පොලිසියට ගිහින් අවසර අරගෙන මහන්න, ප්‍රවාහනය කරන්න වෙන්නෙ..

:       3165       1611

kapThursday, 02 May 2019 06:40 AM

ඇයි මගේ කතාවට අකමැති වෙලා ඩිස්ලයික් දාන්නෙ? විකල්පයක් කියන්නකො.. මුස්ලිම් අයට සුදු අදින්න තහනම්ද

:       1247       1088

vipulaThursday, 02 May 2019 07:18 AM

මුස්ලිම් ප්‍රජාව ලංකාවේ ISIS ගැන හොද අවබෝධයක් නැත්තේම නැහැ. දැන් තමයි තොරතුරු එන්නේ. ජනතාවට තියෙනේ ලොකුම ප්‍රශ්නය වෙන්න ඕනේ මුස්ලිම් දේශපාලනය ඇයි ප්‍රශ්න කරන්නේ නැත්තේ යන එක

:       27       221

RoshanThursday, 02 May 2019 08:07 AM

එක තමයි සැකකරුවෝ කියල තියෙන්නෙ. මොලේ තියෙන්නේ කොහේද?

:       28       212

සංජීව Thursday, 02 May 2019 07:57 AM

ඒ මනුස්සය ව්‍යාපාරයක් කරනවානම් එකේ ලියාපදිංචියක් ඇති නේ එක පෙන්නන්න පුළුවන්. අනික මේ දවස්වල මහා මග නිතර පරීක්ෂාවන් කරනවනේ ලගම ඇති පොලිසියෙන් ලියුමක් ගන්න පුළුවන්නේ එහෙමනම්. අනික මේක එයාලගේ ගොල්ලොම ඇති කරපු දෙයක්

:       14       172

kapThursday, 02 May 2019 09:00 AM

එහෙම කරන්න කියල දැනුම් දීල තියෙනවද පොලිසියෙන්

:       253       45

මවුබිමේ අනාතයාThursday, 02 May 2019 08:08 AM

තිහාරියේ ඉදල අනුරාධපුරයට සායවල් 28 ගෙනිහින් පාඩුවක් නැතිද වෑන්එකකින්. පොඩ්ඩක් හිතන්න

:       21       363

ලුම්බිණි Thursday, 02 May 2019 05:58 AM

මම හිතනවා මීට වඩා ආණ්ඩුව මුස්ලිම් ජාතිකයන් දැනුවත් කල යුතුයි මොනවද නීති විරෝධී කියලා. කාන්තා සුදු ඇඳුම මුස්‌ලිම ජාතිකයන්ට මිලදී ගැනීම හෝ ප්‍රවාහනය තහනම් නම් ඒ බව ප්‍රසිද්ධ කල යුතුයි.

:       230       162

ගල්කටස් Thursday, 02 May 2019 07:10 AM

පලක් නැත බලන් ඉන්න. ඒ අය සමන්තුරෙ නින්දවූර් කාන්තන්කුඩි පොතුවිල් පැති වල රටේ නීතියටවත් ගරු කරන්නෙ නැති අය ඉන්නෙ පොලිසිය සත පහකට ඒ පැතිවල ගණන්ගන්නෙ නැහැ.

:       1       224

kapThursday, 02 May 2019 08:01 AM

මිනිස්සුන්ගේ වැරැද්දද? පොලිසියේ කොන්ද පන නැති කමද? මේක තමයි කියන්නෙ කොන්ද පන තියෙන, වැනෙන්නෙ නැති පොලිස්පතියෙක් ඇතුළු රාජ්‍ය සේවයක් අවශ්‍යයි.......

:       50       179

Rehan Thursday, 02 May 2019 06:00 AM

මේ අයට ඇප දීලා එලියට එවන්න කලින් හැම තොරතුරක්ම ගන්න ඕනෙ. ඒ සඳහා පොලිසියට උපරිම බලය පාවිච්චි කරන්න දෙන්න ඕනෙ. ඒ වගෙම මේවට සම්බන්ද ඉහළ තැන්වල ඉන්න උදවිය අල්ලගන්න බැරිනන් විසඳුමක් ගැන හිතන්න බෑ. බොහෝ විට මේ ත්‍රස්තවාදයට ඉතාම ඉහල තැන්වලින් රැකවරණය ලැබෙන බව පේනවා.

:       32       202

ViThursday, 02 May 2019 04:13 PM

එහෙම ප්‍රශ්න කරලා, ඔක්කොම එලියට අරගෙන විශ්වාස නම්, හංගපු සුදු ඇදුම් පෙන්නන්න ගෙනියන්ඩ තියෙන්නේ......

:       0       5

ගල්කටස් Thursday, 02 May 2019 06:12 AM

මේ යන විදිහට නම් සෑහෙන කාලයක් යාවී මේ අයව පරික්ෂ කරලා සුද්ධ කරන්න හැම කෙනා ගාවම මොකක් හරි තියෙනවානෙ. අනෙ අපිටත් කඩු දෙක ගානෙවත් බෙදා දෙන්නකෝ මේ අයගෙන් බෙරෙන්න. අපි ගාව තියෙන්නෙ කොස්ස විතරයි නෙව. ගයින්ඩර් නිසා මෝල් ගසුත් දැන් නැහැ ගෙවල් වල ...

:       7       304

mahesh Thursday, 02 May 2019 06:40 AM

ව්‍යාපාර කරන්න ගන්න ප්‍රමනයි, වෙන වැඩකට ගන්න ප්‍රමාණයයි අතර ලොකු වෙනසක් තියනවා. සුදු ඇදුම් 28 තිහාරියේ ඉදන් අනුරාධපුරයට පුද්ගලික වාහනයක රැගෙන ගොස් ව්‍යාපාර කරන්න යන්නේ නැහැ... මොකද මෙමගින් ලාබ ලැබිය නොහැකි නිසා...

:       0       374

buhariThursday, 02 May 2019 07:04 AM

දැන් බස් වලට පාර්සල් ගන්නේ නැහැ කියල අමතකද

:       227       233

ගල්කටස් Thursday, 02 May 2019 07:42 AM

අනේ මැටිටො උඹලව විශ්වාස නැහැ. කොයි වෙලේ පුපුරවයිද කවුද දන්නෙ ..

:       100       158

kumarage Thursday, 02 May 2019 07:08 AM

මේ වෙලාවේ රටේ තියන තත්වේ ගැන හිතලා වැඩ කරන්න ඒ මිනිස්සු දැනගන්න ඕනේ. වෙසක් එකට පන්සල්වලත් අර වගේම විනාසයක් කරන්න හිතාගෙන ඇදුම් මිලදී ගත් බව රටම දන්නා රහසක්..

:       26       177

සේන Thursday, 02 May 2019 07:42 AM

සුදු ඇඳුම් ඇඳීමට හෝ මැසීමට කිසිවෙකුට තහනමක් නැත. එව්වා ඇඳගෙන ඇවිත් අහිංසක මිනිසුන් මැද බෝම්බ පුපුරවා ගැනීමයි වැරදි. කිසිවෙකුට අවශ්‍ය නම් මේ මිනිසුන් නිවැරදි කරන්න කරුණාකර ළඟම ඇති ආරක්ෂක ස්ථානයකට ගොස් කරුණු පැහැදිලි කර ඔප්පු කර ඔවුන් නිදහස් කරගන්න.

:       0       124

ranjith Thursday, 02 May 2019 08:31 AM

ආරක්ෂක හමුදා පොලිසිය මෙවැනි සැක සහිත දේවල් විමර්ශනය කරන්නේ වඩාත් අවබෝධයකින්..... එත් සමහරු මේවා සමච්චලයට ලක්කරනවා..... එය රටේ පුරවැසියෝ ලෙස හොද වැඩක් නෙවෙයි..... මේ හැම දෙකටම අපේ සහයෝගය මෙන්ම මෙම නිලධාරීන් උද්යෝගමත් කල යුතුය....

:       0       102

shiro Thursday, 02 May 2019 09:06 AM

සුදු සායවල් 28ක් පොහොර උරේක දාගෙන තිහාරියේ ඉදන් අනුරාධපුරේට අරන් යන්නෙ විකුණන්න නෙමෙයි කියලා..... සිගිති මොලේට තෙරෙන්නෙ නැද්ද? වෑන් එක පුරවලාම තිබුනේ ඇදුම්නම් ඔන්න හිතන්න තිබුණා.

:       0       23

Perakum Thursday, 02 May 2019 09:11 AM

සාප්පුවෙන් අලුතෙන්ම ගත්ත ඇඳුම් පෝර උරයක දාගෙන යන මෝඩයා කව්ද? කට්ටිය නිකන් අනම් මනම් කියවන්නෙ නැතුව රට මුහුණ පා සිටින මේ ගැටලුවට විසඳුමක් හොයන හැටි කතා කරමුද?

:       0       49

Jehaan Thursday, 02 May 2019 10:24 AM

මේ සාය හැට්ට ගෙන්න ඇත්තේ අර රටේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ රාජකාරිය හරියට කරගන්න බැරි වෙච්චි උදවිය සදහා වද්ද ? ගැමුණු කුමාරයත් තමන්ගේ පියාට ස්ත්‍රී ආභරණ යවපු රටේ ඕක මොකද්ද ?

:       0       56

charles Friday, 03 May 2019 02:19 AM

අමි එකට බාර දුන්න නම් හරි............

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ටියුෂන් තහනම් කරන්න තීරණයක් ගෙන නෑ’’
2024 නොවැම්බර් මස 26 133 0

උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.


පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරී
2024 නොවැම්බර් මස 26 62 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය


පරාක්‍රම සමුද්‍රයේ දොරටු 10ම ඇරේ: මඩකලපුව මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 26 515 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය


කල්ඉකුත්වන දිනය වෙනස් කළ සහල් කිලෝ 17000ක් අල්ලයි
2024 නොවැම්බර් මස 26 592 0

අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු


ආසියා සංවර්ධන බැංකුව විදෙස් ආයෝජනවලට අත දෙන්න ලෑස්තියි
2024 නොවැම්බර් මස 26 535 0

විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන


’’නීති විරෝධී සංවිධානයක් සැමරීමට කිසිදු ඉඩක් නෑ’’
2024 නොවැම්බර් මස 26 1183 0

රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 750 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site