IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘කාන්තා නියෝජනය මදි : ජාතික ලැයිස්තුවෙන් 30%ක් ඕනෑ‘

පාර්ලිමේන්තු කාන්තා නියෝජනය වැඩි කිරීමට නම් 30%ක් කාන්තා නියෝජිතයන් ජාතික ලැයිස්තු හරහා පත් කළ යුතු යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පවසයි.

මුස්ලිම් බහුතරයක් වෙසෙන පාකිස්ථානය වැනි රටක පවා එවැනි නීති පනවා තිබියදී ශ්‍රී ලංකාවත් ප්‍රායෝගික ලෙස එය ක්‍රියාවට නැංවිය යුතු බව ඇය බීබීසී පුවත්සේවය සමග අදහස් දක්වමින් කියා සිටී.

ප්‍රධාන දේශපාලන පක්ෂ තුනෙහි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 87 ක් නම් කර ඇතත් එයින් කාන්තා නියෝජිතයන් සිටින්නේ 5 දෙනකු පමණක් බවත් ඇය කියයි.

 



අදහස් (0)

‘කාන්තා නියෝජනය මදි : ජාතික ලැයිස්තුවෙන් 30%ක් ඕනෑ‘

දිලිප් Wednesday, 15 July 2015 09:27 AM

දැන්මම රගපාන්න පටන් අරන්.මෙයත් ඉන්නවා කියල පෙන්නන්න එපැයි? (ම)

:       0       0

රෝහණ Thursday, 16 July 2015 04:30 AM

කාන්තාවන් වෙනුවෙන් මොනවාද ඔබ පාර්ලිමේන්තුවේදී කතා කළේ? නිකන් ඉන්න වෙලාවට ගම්පහ ජනතාවට පින්දෙනවා (බ)

:       0       0

සෑම් Wednesday, 15 July 2015 09:36 AM

කවුරු මොනවා කිවුවත් මෙතුමියට හොඳ දේශපාලන දැනුමක් තියෙනවා කවද හරි රටේ ජනාධිපති වෙනවා බලන්න නැද්ද කියල (බ)

:       0       0

කැළුම් Wednesday, 15 July 2015 06:40 AM

පඹයෝ පාර්ලිමේන්තුවට යවන්නේ මොකටද.මහජන මුදලින් නඩත්තු කරන්නද. (බ)

:       0       0

මාපලගම පත්මා Wednesday, 15 July 2015 06:48 AM

කාන්තා නියෝජනය කියා අපිට ටෙලි නිලියන් , නුගත් සුරිපිකාවන් , ගණිකාවන් නොවේ අවශ්‍ය , උගත් දේශපාලනය ගෙන රට ගෙන පාර්ලිමේන්තුවේ වැදගත් කතාවක් කිරීමට හසල බුද්ධියක් ඇති කාන්තාවන් (අ)

:       0       0

දර්ශන Wednesday, 15 July 2015 06:51 AM

නාමල්ට පාලු කපන්න ඔයාව දැම්මේ දැන් පාලු නැහැ (බ)

:       0       0

සපුමල් Wednesday, 15 July 2015 07:12 AM

මන්ත්‍රී කමට තියන ආසාව මෙගා ටෙලි වගේ තමයි ඉවරයක් නැහැ (ම)

:       0       0

නන්දා Wednesday, 15 July 2015 04:21 AM

අනේ අපොයි ඔය වගේ කාන්තාවෝ ආවොත් නම් රටට දෙවියන්ගේම පිහිට තමයි (ම)

:       0       0

දුල්මී Wednesday, 15 July 2015 04:25 AM

ඔබතුමිය සිතන්නේ ඡන්දයට ඉදිරිපත් වෙන්න අවම සුදුසුකම කාන්තාවක් වීම පමණක් කියලද ? එහෙනම් ඉතින් මේ අපිටත් දේශපාලනය කරන්න පුළුවන් නේද ? (නදී)

:       0       0

විජිත් Wednesday, 15 July 2015 04:27 AM

ජාතික ලය්ස්තුව ගැන කතාකරන්න ඔබට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. ඔබගේ උසස් අධ්‍යාපන සහ වෘත්තිය සුදුසුකම් මොනවාද...? හැකිනම් ඔබගේ උසස් අධ්‍යාපන සහ වෘත්තිය සුදුසුකම් දිවුරුම් පෙත්සමක් මගින් ඔප්පුකරන්න.මේ පිනා චාන්ස් එකක් ලැබිලා ගම්පහ මිනිස්සුන්ව පාවාදීලා ඔබ මොනවාද අපේ රටට කළේ...(බ)

:       0       0

සමින්ද පෙරේරා Wednesday, 15 July 2015 04:29 AM

ඔය වගේ අයද ගන්න කියන්නේ? මොනවද හිටිය ටිකට කරපු වැඩ? කුඩු එතනෝල් නැවතුවද? විශ්ව විද්‍යාල ප්‍රවේශ වැඩි කලාද? අධ්‍යාපනය රටේ අවශ්‍යතාවය අනුව දියුණු කරාද? කෘෂිකර්මය, ආර්ථික, සෞඛ්‍ය, රැකී රක්ෂා රටේ අනාගත අවශ්‍යතාවය අනුව දියුණු කරාද? (බ)

:       0       0

චාන්දනී Wednesday, 15 July 2015 04:30 AM

කාන්තා නියෝජනය 30% කරන්න බැරිය ඊට සුදුසු කාන්තාවන් ලංකාවේ ඉන්නවා නම්. කට හොඳ නැති වාචාල නිලියන්, දේශපාලක මහත්තයාගේ අතේ එල්ලිලා ආපු නෝනලා සහ තාත්ති ගේ පිහිටෙන් නාම යෝජනා ලැබුන දෝනිලා ඇරෙන්න දැන් උගත් බුද්ධිමත් , අඩු ගානේ උපාධියක් තිබෙන කාන්තාවක් ඉන්නවා නම් කියන්න. හැබැයි ඔය දේශපාලක පියවරුන්ගේ බලයෙන් පිටරට උපාධි ලබා ගත් බවලතුන් නෙවෙයි. ලංකාවේ උසස් අධ්‍යාපනය ලබපු කෙනෙක්. (බ)

:       0       0

බටන්ගල Wednesday, 15 July 2015 04:30 AM

ඔයා ඉල්ලනකම් අපි නොඉවසිල්ලෙන් බලාගෙන උන්නේ. මොනතරම් දේශපාලන වසයෙන් මුහුකුරා ගිය අත්දැකීම් වලින් පිරි උගත් ඔයා වගේ අය සන්ධාන ලැයිස්තුවට දැම්ම එකම ඇති 17 වෙනිදා අවසාන ප්‍රතිපලයට. දෙය්යන්ගේම පිහිටයි. (බ)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි Wednesday, 15 July 2015 04:32 AM

ලංකාවට පකිස්ථානයත් එක්ක සංසන්දය කරන්න එපා (ම)

:       0       0

මෙලනි Wednesday, 15 July 2015 04:32 AM

මේ කාන්තාවට නාම යෝජනා දුන්න පදනම මහජනයාට එලි කරන්න කියල මම පක්ෂයේ ලොකු මහත්තුරුන්ගෙන් ඉල්ලනවා. (ම)

:       0       0

පුබුදු Wednesday, 15 July 2015 04:37 AM

ඔයාලගේ හිතට එකගවද රට ගැන කතා කරන්නේ ඇත්තටම?බොරු කියල මිනිස්සු රවට්ටලා රෑට නින්ද යනවද ඇත්තටම?තමන් බත් පත කන්න අතට ගනිද්දී හිතෙන්නේ නැද්ද මම මේ පඩිය ගත්තේ මොනවා කරලද මේ වෙනුවෙන් කියල?තමන්ගේ හිතට අවංක වෙලා ඉන්න මුලින්ම.(ම)

:       0       0

මේනක Wednesday, 15 July 2015 04:38 AM

මේ කතාව ඔන්න රනිල්ගේ නෝනා කිව්වා නම් අපිට තව පිලි ගන්න පුළුවන්. (ම)

:       0       0

සුනිල් Wednesday, 15 July 2015 04:42 AM

අර ඉස්සර දවසක වගේ ආයෙත් සැරයක් ටී වී එක ඉස්සරහට ඇවිත් නොදන්න දේවල් කතා කරන්න ගහින් අනාගන්න එපා.(ම)

:       0       0

හෂාන් Wednesday, 15 July 2015 04:47 AM

මෙදා පාර ඡන්දෙන් පබාට බබා හම්බෙනවා (බ)

:       0       0

චම්පික Wednesday, 15 July 2015 04:50 AM

අපි වැඩ කරන්නේ පුද්ගලික අංශයේ . උදේ ඉඳන් මැරිලා වැඩ . අද නිවාඩු නිසා මේ ලියන්නේ. ජීවිත කාලයම වැඩ කලත් අපිට විශ්‍රාම වැටුපක් නැහැ. ඒත් පැය 1 0-12 හැමදාම වැඩ. මේ නෝනලා පාර්ලිමේන්තු ඇවිත් අවුරුදු 5ක් නිකම් පෙනී සිට විශ්‍රාම වැටුපක් ගත්තා. මට නම් මේ ගැන මතක් වෙන කොටත් තරහයි . ඒ කාලයේ තව රට වෙනුවෙන් මේ කාන්තා මන්ත්‍රී වරියන් වැඩක් කළානම් තව කමක් නැහැ. (බ)

:       0       0

මලික් Wednesday, 15 July 2015 04:53 AM

අර දෙහිවල පැත්තේ කට හොඳ නැති කලා (නලා ) කාරිය ට නාම යෝජනා දීලාද දන්නේ නැහැ. (බ)

:       0       0

කපුගේ Wednesday, 15 July 2015 04:57 AM

ජාතික ලැයිස්තුව තිබෙන්නේ රටට වැදගත් කට්ටිය පත් කිරීමට මිසක් ඔයාල වගේ ආතක් පාතක් නැති උදවිය පත් කරන්නට නොවේ (ම)

:       0       0

ලුම්බිණි Wednesday, 15 July 2015 04:58 AM

පාර්ලිමේන්තු කාන්තා නියෝජනය වැඩි කිරීම හොඳ දෙයක්. ඒත් පාර්ලිමේන්තු යන අයට ප්‍රතිපත්තියක් නැත්නම් මොකද්ද ඇති වැඩේ? (ම)

:       0       0

ජෙහාන් Wednesday, 15 July 2015 04:58 AM

කරුණාකර නාම යෝජනා දෙනකොට පසුගිය කාලයේ පක්ෂයට නෙවෙයි රටට මොනවද කලේ කියල සොයලා බලා දෙන්න. (ම)

:       0       0

පීරිස් Wednesday, 15 July 2015 05:10 AM

මෙයා ඉන්නකන් මොනවාද කාන්තාවන්ට කළේ ? (බ)

:       0       0

වෙලගෙදර Wednesday, 15 July 2015 05:12 AM

මෙයා නොම්මර එකයි (බ)

:       0       0

මධුක Wednesday, 15 July 2015 05:13 AM

මෙතුමිය මැද පෙරදිග රටක ඉදන් නේද මෙහෙට ආවේ?අඩුම ගානේ ඒ රටවල දුක් විදින අපේ අහිංසක ගෑනු ගැනවත් හඩක් නගල ඒ අය වෙනුවෙන් දෙයක් කළාද බලය තියෙන කාලේ?ඒ අය කාන්තාවෝ නෙමෙයිද?ලබන ආත්මේ බල්ලෝ කපුටෝ වෙලා ඉපදෙන්නෙත් මේ වගේ අය තමයි.(බ)

:       0       0

අර්ජුන රණවන Wednesday, 15 July 2015 05:15 AM

කාන්තාවන් කෙරේ විශ්වාසය නැත (බ)

:       0       0

සමන්ති Wednesday, 15 July 2015 01:56 PM

පීරිස් ඔයා කොහෙද හිටියේ.පසුගිය කාලේ නිලියෝ ගිහින් කරපු දේවල් දන්නේ දියවන්නාව පමණයි .අපේ පවුල් සංස්ථාව රැකගැනීමට දුන් උපදෙස්ම ඇති. තව මොනවද අපි ඉල්ලන්නේ . (ස)

:       0       0

දුමින්ද Wednesday, 15 July 2015 07:57 AM

ගැබුරු දේශපාලන දැක්මක් (ම)

:       0       0

සෙනෙවි Wednesday, 15 July 2015 05:22 AM

කතාව ඇත්ත .කාන්තා නියෝජනය වැඩි කළ යුතුයි (ම)

:       0       0

රඛිත් Wednesday, 15 July 2015 05:32 AM

ඇයි 30%ක්. දෙපාර්ශවයටම සම අවස්ථා ලැබෙන පරිදි 50% විය යුතුය. හැබැයි, ඒ සඳහා දෙපාර්ශවයෙන්ම උගත්, බුද්ධිමත් අය යෝජනා කළ යුතුය. ටෙලි නාට්‍යක රඟපෑ නිසා ලබාගත් ජනප්‍රියත්වය ඒ සඳහා සුදුසුකමක් නොවිය යුතුය. (බ)

:       0       0

ජානකී Wednesday, 15 July 2015 05:32 AM

නිළි කාන්තා මන්ත්‍රීවරියන් විතරක් නෙවෙයි රටට සත පහක වැඩක් නොකළ තරුණ මන්ත්‍රී වරු කණ්ඩායමකුත් පසුගිය කාලයේ හිටියා. ඒගොල්ලන් වැඩිපුරම කළේ පියවරුන්ගේ දේශපාලන බලය පිහිටෙන් රටේ සම්පත් පාවිච්චි කරලා හොඳට විනෝද වෙන එක. මේ දෙගොල්ලන්ගෙන්ම රටට වැඩක් නැහැ. (බ)

:       0       0

ලෙස්ලි Wednesday, 15 July 2015 05:32 AM

එක පැත්තකින් ඡන්දෙ අරන් අනිත් පැත්තට පනින රිලවියන් ගැන නෙමේ නේද මේ කතා කරන්නේ (බ)

:       0       0

රසිත Wednesday, 15 July 2015 05:39 AM

මෙදා පාර බලමුද ඔබතුමිය ඡන්ද කීයක් ගනීද කියල ගම්පහෙන්...? අපි බලාගෙන ඉන්නවා. (ම)

:       0       0

සේන Wednesday, 15 July 2015 05:59 AM

සාමාන්‍ය උගත් බුද්ධීමත් කාන්තාවකට තියා පිරිමියකුටවත් දේශපාලනයට ඇවිත් ජාතික නායකත්වයට එන්න තරම් හොද දේශපාලන සංස්කෘතියක් අපේ රටේ නැහැ තව අවරුදු 50 කින් වත් හැදෙයි කියලා හිතන්නත් බැහැ (ම)

:       0       0

ජගත් Wednesday, 15 July 2015 08:54 AM

ඔයා විතරක් ඇති මුළු පාර්ලිමේන්තුවටම (ස)

:       0       0

කපිල Wednesday, 15 July 2015 06:16 AM

මෙගා එකක් කරගෙන හිටිය නම් නේද හොඳ.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 716 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4614 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2775 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 255 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1364 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1476 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28012 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site