(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ත්‍රීරෝද රථයක යමින් කොළඹ අවට සුපිරි වෙළඳසැල්වල විදුලි ජනන යන්ත්‍රය වල සවිකර තිබූ බැටරි සොරා ගැනීමට පුරුදුව සිටි පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරයකු අද (17) දා අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි .
ඒ සමග සෝරාගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ හයකට ආසන්න බැටරි 10 සොරකම සඳහා භාවිතා කළ ත්‍රීරෝද රථය පොලිස් භාරයට ගෙන තිබේ.
කොළඹ අවට සුපිරි වෙළඳසැල් වල විදුලි ජනන යන්ත්‍ර වල සවිකර තිබූ බැටරි සොරා ගැනීමේ ජාවාරමක් පිළිබඳව පොලිස් ස්ථාන කිහිපයකට පැමිණිලි ලැබී තිබූ අතර ඒ පිළිබඳව අදාළ පොලිස් ස්ථාන හරහා විමර්ශන සිදු කරමින් සිටියදී කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හසන්ත මාරපන මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් තවත් විමර්ශනයක් ආරම්භ කෙරිණි.
ඒ අනුව සොරකම් සිදු වූ ස්ථානවල ආරක්ෂිත කැමරා පරික්ෂා කොට ඉන් අනාවරණය කරගත් තොරතුරකට අනුව මාදිවෙල ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී එහි තිබී සොරාගත් බවට සැක කෙරන ඇම්පියර් 120 බැටරි 06 සහ සොරකම සඳහා භාවිතා කළ ත්‍රීරෝද රථය පොලිස් භාරයට ගෙන තිබේ
පසුව සැකකරුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී සොරාගත් බවට සැකකෙරන තවත් බැටරි 4 සැකකරුගේ මිතුරෙකුගේ ගරාජයක තිබී සොයා ගත් බව පොලිසිය පවසයි.
ඒ අතර ඇම්පියර් 120 බැටරි 08 ද ඇම්පියර් 90 බැටරි 02 ද , වූ බවත් ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ හයකට ආසන්න බවත් පැවසේ .
සැකකරු මොරටුව පිටකොටුව මාර්ගයේ පෞද්ගලික බස් රථ වල කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කරන අතර කොල්ලුපිටිය , කොහුවල , බම්බලපිටිය , මීගමුව සහ මහබාගේ පොලිස් වසම් වලින් මෙසේ බැටරි සොරාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ .
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොන්දොස්තර හොරකමේ ගිහින් මාට්ටු