IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කොන්දේසිත් එක්ක ජීඑස්පී සහනය එපාලු

ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට හානි කර කොන්දේසි මත ජීඑස්පී ප්ලස් සහනයට වඩා එවැනි සහනවලින් තොරව සිටීම සුදුසු යැයි පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහතා කියයි.

කොන්දේසි 58කට එකඟ වන්නේනම් එම සහනය පිළිබඳ ඉල්ලීම සලකා බැලිය හැකි බව යුරෝපා කොමිසම කියා ඇතැයිද එවැනි කොන්දේසිවලට යටත් වීමෙන් බරපතල ප්‍රශ්නවලට මුහුණුදීමට සිදුවනු ඇතැයිද ඔහු කීවේය.

යුරෝපා කොමිසම සමග වෙළඳ ගනුදෙනුවලදී විශේෂයෙන් ඇඟළුම් අපනයනයේදී ශ්‍රී ලංකාවට බදු සහනයක් ලැබිණි. 2010 ඒ සහනය ඉවත් කැරිණි. ඒ වනවිට ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා නිමි ඇඳුම් අපනයනයෙන් 37.4%ක් යුරෝපයටද 22.4%ක් ඇමරිකාවටද යැවිණි. ඒ බදු සහනය යටතේ ශ්‍රී ලංකාවේ ඇඟළුම් තීරු බදු රහිතව යුරෝපයට අපනයනය කළ හැකි විය.

එමගින් ඇමරිකා ඩොලර් කෝටි 15ක් (රුපියල් කෝටි 2186) පමණ ආදායමක් ලැබිණි. 2010න් පසු එම සහන නොලැබිණි. ඊට හේතු වූයේ පසුගිය රජය සමයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව පරීක්ෂා කර බැලිය යුතු යැයි යුරෝපා සංගමය කළ ඉල්ලීම රජය ඉවත දැමීමයි.

 



අදහස් (0)

කොන්දේසිත් එක්ක ජීඑස්පී සහනය එපාලු

චන්දි Monday, 09 May 2016 08:45 AM

මෙයාගේ කතා අහනකොට නස්රුඩීන්වයි මතක් වෙන්නේ. (අ)

:       0       0

ආරච්චිගේ Tuesday, 10 May 2016 01:16 AM

“යුද සමයේ පුද්ගලයන් 16,000කටත් 20,000ටත් අතර පිරිසක් අමානුෂික වදහිංසා වලට ලක්වී ඇති බවත් එයාලා කියනවලුනේ. පෙනෙනවා නේද මේ කොන්දේසි උත්පාදනය වු‍ණේ කොහෙන්ද කියලා. (නි)

:       0       0

ඉසුරු Tuesday, 10 May 2016 01:22 AM

අපිට මේ සහනය නැතුව ඉදිරියට යන්න බැරිකමකුත් නැහැනේ... (නි)

:       0       0

ටීනා Tuesday, 10 May 2016 01:27 AM

ඔන්න ඒගමන තවත් මාතෘකාවක් හොයාගෙන. මේක ඇති එයාලට කාලෙකට (නි)

:       0       0

රජින්ද Monday, 09 May 2016 09:15 AM

නාමල්, කොන්දේසි මොනවද කියල දනගෙනද ඒවා තියෙන්නේ අපේම හොදටයි කියන්නේ. මේ කොන්දේසි වලින් කියන්නේ ත්‍රස්තවාදීන් එදා තුවක්කුවෙන් ඉල්ලපු දේ මෙදා පෑනෙන් දෙන්න කියලයි.(හේ)

:       0       0

බමුණු Tuesday, 10 May 2016 01:54 AM

රාධා, මෙන්න එකට දෙකක්. ‘යුද හමුදාව පවරාගත් ඉඩම් අාපසු දීම, සිර ගෙවල් වල සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම‘. මේගොල්ලෝ ත්‍රස්තවාදීන් හදුන්වන්නේ දේශපාලන සිරකරුවන් හැටියට. (නි)

:       0       0

යොෂාන් Tuesday, 10 May 2016 01:58 AM

සුනාමියට කලින් ඇඟලුම් කර්මාන්තයට මෙම සහන තිබුනේ නැහැ කියලා දැන් බොහෝ දෙනෙකුට අමතකයි (නි)

:       0       0

නිම්මි Tuesday, 10 May 2016 01:59 AM

මේ බමුණුට පුදුමාකාර උනන්දුවක්නේ තියෙන්නේ මේ ගැන (නි)

:       0       0

අසංග Monday, 09 May 2016 09:33 AM

හැමදේටම විරුද්ද වීම පුරුද්දක්ද මන්ත්‍රීතුමෝ. (හේ)

:       0       0

අමල් Monday, 09 May 2016 09:36 AM

දැන්වත් කට වහගෙන ඉන්නවද ? ඔබ තුමන්ලා නේද ඕක නැති කරගත්තේ.(හේ)

:       0       0

බණ්ඩාර Monday, 09 May 2016 09:52 AM

ඔබතුමා කියනකන් හිටියේ.(හේ)

:       0       0

වෙල්ගම Monday, 09 May 2016 10:08 AM

නාමල් ඉස්සල්ලා කොන්දේසි ටික හොයා ගෙන කියවලා ඉන්න. කඩේ යනවා කියලා ඔහොමත් යන්න එපා. රට ගැනත් පොඩ්ඩක් හිතන්න පක්ෂ වලට බෙදිලා ඉන්නේ නැතුව. (අ)

:       0       0

තුසිත Monday, 09 May 2016 10:13 AM

පසුගිය රජය සමයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව පරීක්ෂා කරනවාට වඩා හොද නැතිද දැනුත් මානව හිමිකම් කඩවන රටවල් ගැන බැලුවොත් (බ)

:       0       0

පාඨලී Monday, 09 May 2016 10:14 AM

රජින්ද මම ඔයාගේ අදහසට එකගයි (බ)

:       0       0

ගමගේ Monday, 09 May 2016 10:27 AM

වෙල්ගම, නාමල් කොන්දේසි මොනවද කියල දන්නවද ? (ර)

:       0       0

කුමාර් Monday, 09 May 2016 10:28 AM

ඔය දෙපිට කාට්ටු යුරෝපා කොමිසම චීනය වැනි රටවල් සමග පුර්ණ ගනුදෙනු කරන්නේ, චීනයේ මානව හිමිකම් තිබිලාද? ඔක්කොම එයාලගේ වාසියට. මකුණු දැලත් හරස්වෙන්නේ පොඩි සතුන්න්ටනේ. (හේ)

:       0       0

පිටිගල Tuesday, 10 May 2016 04:07 AM

බමුණු හරි. ඇයි ත්‍රස්තවාදය වැළක්වීමේ පනත?. ඒක ඇයින් කරන්න කියන්නේ ? (ර)

:       0       0

මංගල Monday, 09 May 2016 10:40 AM

කාලෙකට කට්ටිය කැමැති කාලෙකට කට්ටියම අකමැති.(හේ)

:       0       0

ලසන්ත් Tuesday, 10 May 2016 04:34 AM

රජින්දගේ දැනුම ගැන ප්‍රස්නයක් තියෙන්නේ... (ර)

:       0       0

සුසන්ත Monday, 09 May 2016 10:58 AM

ඔය සහන නැතිවත්, බටහිර රටවල කිසිම සහනයක් නැතුවත්, පහුගිය කාලේ රට සංවර්දනය කලා නේද, රටේ ආර්ථිකය දියුණු වුනා නේද? (ර)

:       0       0

ගම්පොළගෙදර Monday, 09 May 2016 11:38 AM

නඩු ළඟ එන වේගෙට කට වැඩි වැඩි වේගෙන එනවා. (අ)

:       0       0

ප්‍රියා Monday, 09 May 2016 11:38 AM

වෙල්ගම,රජින්දා, ඇත්තටම මොනාද ඔය කොන්දේසි ? ඔයාලවත් දන්නවද? (අ)

:       0       0

ඩෙන්සිල් Monday, 09 May 2016 12:52 PM

ඩොලර් කෝටි 15 අහිමි කර ගත්තා විතරක් නෙමෙයි. ලංකාවේ තිබුණු කම්හල් ගොඩක් බංග්ලාදේශය පැත්තට අරන් ගියා. නිදහස් වෙළෙඳ කලාපේ තිබුණු විවිධ කම්හල් ගොඩක් වැහුනා.කොන්දේසි නැතුව කිසිම කෙනෙක් සහන දෙන්නේ නැහැ. මානව හිමිකම් සම්බන්ධ කොන්දේසි බලපාන්නේ උතුරට විතරක් නෙමෙයි. මුළු රටටම .අපි කතා කරලා රටට යහපතක් කරගමු.මෙයාල අහිමි කරගත් දේවල් නැවත ලැබෙනවට මෙයාලා අකමැති වෙලා යක්කු පෙන්නනවා (බ)

:       0       0

බමුණු Monday, 09 May 2016 01:01 PM

ජීඑස්පී සහනය අපට ලැබුනේ සුනාමිය සමග එම නිසා එය නොලැබුනත් අපේ ඇඟලුම් කර්මාන්තයට පාඩුවක් නොවන බව එම කර්මන්තයේ යෙදෙන අය කියනවා ලැබුනොත් එය විශේෂ දෙයක් නමුත් දෙමල ඩයස් පෝරාවට වාසි ලබා දෙන්න කොන්දේසි දානවනම් ජීඑස්පී සහනය තියාගන්න කියල ඔය යුරෝපා කොමිසමට කියමු. අපි නිවටයන් විය යුතු නැත (බ)

:       0       0

ඒකනායක Monday, 09 May 2016 01:28 PM

මේ කතා කරන ඔබලා කී දෙනෙක් ඔය කොන්දේසි දැකල කියවල තිබෙනවද ? (බ)

:       0       0

මුදලිගේ Monday, 09 May 2016 01:53 PM

ඔයාලගේ ආණ්ඩුවෙන් කරපු පවු තමයි අද අපි ගෙවන්නේ රටට ආදරයක් නැති මෙහෙමත් දෙපත් නයි දේශපාලුවෝ මුන්ව පාර්ලිමේන්තු යවන්න ඡන්දය දුන්නු හරක්ට ගහන්න ඕනේ අර මඩු වලිගෙන් (බ)

:       0       0

පරාක්‍රම Monday, 09 May 2016 01:58 PM

එහාට මෙහාට වචන හරඹ කරන්න , උද්ඝෝෂණ කරන්න, ඔළුගෙඩි කුරුවල් කරන්න , මහජනතාව පාරට බස්සන්න තවත් මාතෘකාවක් හොයාගත්තා වාගෙයි. ජයවේවා ! ජයවේවා !! (බ)

:       0       0

ෂෙල්ටන් Monday, 09 May 2016 07:28 AM

ඔය සහන නැතිව ඔය හොදට රට කලේ. දැන් මොකටද ... (ර)

:       0       0

සේන Monday, 09 May 2016 07:33 AM

අපිත් කියන්නේ ඔච්චර බරපතල කොන්දේසි වලට එකගවෙලා ඕක අරගෙන ඇති වැඩේ මොකක්ද? ඔය සහනය ලබන අනෙකුත් රටවල මුලික ආණ්ඩු ක්‍රම විවස්තාව වෙනස් කලාද? ජාතියක් හැටියට නැගිටින්න අපිට ඕනෑතරම් විකල්ප තියෙනවා. (ර)

:       0       0

නිම්මි Monday, 09 May 2016 02:52 PM

වෙල්ගම හරි. මේ රටේ මිනිස්සුන්ට රටට වඩා ලොකු පක්ෂේ . සුරඟන කතා අහල මේ රට කෑවා. තාමත් මට්ටු වෙලා නැහැ. (බ)

:       0       0

ධම්ම Monday, 09 May 2016 07:38 AM

කොන්දේසි මත හෝ ජීඑස්පී සහනය ලබා ගතහොත් ඡන්ද කාලේ කියූ එක කරුණක් හෝ පලදැරුවා යයි වේදිකා ගානේ කියහැක. එයින් අත්වෙන වාසිය මෙතුමාට නොතේරේ. (ර)

:       0       0

සොපි Monday, 09 May 2016 05:44 PM

මේ සහන මුවාවෙන් යුරෝපා සංගමය අපිට පටවන්න යන්නේ ලොකු අසහනයක් (නි)

:       0       0

ඉසුරන්දි Monday, 09 May 2016 07:52 AM

ඉඟුරු දීලා මිරිස් ගන්න ඕනේ නැහැ. ඔච්චර කොන්දේසිවලට යටත්වෙලා මොකටද මේ සහන. (ර)

:       0       0

තුසිත Monday, 09 May 2016 06:55 PM

සමහරු හීනෙන් බයවෙලා වගේ කියවනවා. මේවා බලන අපේ අයත් එපා එපා කියලා දඟලනවා. (නි)

:       0       0

තේශාන් Monday, 09 May 2016 07:56 AM

දැන් එතකොට ඔය සහනය නැතිව අපනයන කරන්න බැරි වුනොත්, (ර)

:       0       0

නාමල් Monday, 09 May 2016 07:56 AM

මේ කොන්දේසි තියෙන්නේ අපේම හොදට... (ර)

:       0       0

උපාලි Monday, 09 May 2016 08:00 AM

කොන්දේසි වලට එකඟ නොවී ණය හෝ වෙනත් සහන දෙන රටවල් හෝ ආයතන මේ ලෝකයේ නැහැ. ඒ කොන්දේසිවලින් අපට වන හානිය හා සහනය ලබාගතහොත් ඇතිවන වාසිය ආදිය විශේෂඥන් විසින් තුලනාත්මකව බලා සමහරවිට ප්‍රතියෝජනා මගින් කොන්දේසි වෙනස් කරගත හැකිනම් එවැනි තත්වයන්ද සලකා බලා රටට වාසිවන තීරණයක් ගන්න එකයි වැදගත්. මේක මෙයා කියනවා වගේ දේශපාලන ඇහින් විතරක් බලල තීරණය කල හැකි දෙයක් නෙමෙයි. (ර)

:       0       0

ප්‍රදීප් Monday, 09 May 2016 08:15 AM

උපාලි ඔබ හරි, මේවා තේරෙන්නේ ඉතා සුළු පිරිසකට පමණි, ඒ අවස්ථාවෙන් මේවගේ අවස්ථාවාදී දේශපාලකන් ප්‍රයෝජනය ගන්නවා. (ර)

:       0       0

මහේන්ද්‍ර Monday, 09 May 2016 08:19 AM

මම දන්නේ නේ මොනාද මේ අහිතකර කොන්දේසි මොනාද කියල ඒවා කීපයක් කිවනම් තම හොද දැනගන්න. (ර)

:       0       0

රුවන් Monday, 09 May 2016 08:21 AM

කොන්දේසි මොනවද කියලා නැනේ... (ර)

:       0       0

බමුණු ආරච්චි Monday, 09 May 2016 10:31 PM

මුදලිගේ, ඔව් ඔව් නැත්නම් මේ වනවිට ත්‍රස්තවාදීන් අපිට කර්මාන්ත බොහොමයක් පිහිටවා දීලා නේද? කියවලා බලන්න ජීඑස්පී සහනය දෙන්න දමන කොන්දේසි ටික. එ්ක බැලුවම කොන්දේසි හැදුවේ උතුරේද කියලා හිතෙනවා. (නි)

:       0       0

ජොහාන් Monday, 09 May 2016 08:23 AM

ආර්ථික කොන්දේසි සහ රටේ ආරක්ෂාව පිළිබද කොන්දේසි අතර බරපතල වෙනස්කම් තියෙනවා. (ර)

:       0       0

කස්තුරි Monday, 09 May 2016 10:33 PM

උදය ගම්මන්පිල කියනදේට මමත් එකඟයි (නි)

:       0       0

හිමාල් Monday, 09 May 2016 08:31 AM

මානව හිමිකම් ‍රැකීම ස්වාධිපත්‍යයට හානිකර වන්නේ කොහොමද කියලා නෑනේ. (ර)

:       0       0

රසික Monday, 09 May 2016 08:35 AM

ඔය කියන කොන්දේසි ඇයි හංගන් ඉන්නෙ? එහෙම කිව්වනම් අපිට හිතාගන්න පුළුවන් කොන්දේසි හොඳයිද නරකයිද කියලා. (ර)

:       0       0

රාධා Monday, 09 May 2016 11:51 PM

එක කොන්දේසියක්වත් කිව්වා නම් ඔබට රුපියල් සියයකින්වත් ආධාරයක් දෙන්න තිබුනානේ (නි)

:       0       0

විජය Monday, 09 May 2016 08:37 AM

ඔය තරම් කොන්දේසි දාල ඔය දේ ගන්න ඕන නෑ, අපට බඩ ගින්නේ ඉන්න වෙන්නේ නෑ කොස් ගස් ටිකක් හිටුව ගන්න එකයි තියෙන්නේ, ඔය යුරෝපය තමා මුළු ලෝකයේම රටවල් කෑවේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 214 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 639 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 267 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 707 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2034 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 2305 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38485 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 906 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site