IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කන්නත් නෑ : බොන්නත් නෑ

කලකින් වැසි නොලැබුණු කැබිතිගොල්ලෑව, යකාවැව හා හල්මිල්ලවැව ගංවල ජනයා ජල හා ආහාර හිගයකට මුහුණපා සිටී.

මීට අට වසරකට ඉහත දී කොටි ප්‍රහාරයක් එල්ල වූ මේ ගම තවමත් දුප්පත්කමේ අඩියේම ගිළී ඇත.

වැව් අමුණු ඇළ දොළ හා ළිං ද සිදී ගොසිනි.

ගැමියෝ කිසිවක් නොඉල්ලති. බීමටත් කුඹුරටත් වතුර පමණක් ඉල්ලති.

කොටි එදා මේ ගමේ 75 දෙනෙක් පමණ ඝාතනය කළහ. කොටි බෝම්බයකට අසුවූ පියකු දරුවකුගේ සිරුරක් තුරුළු කරගෙන හඬා වැටෙන ඡායාරූපයක් ලංකාදීපයේ පළ විය.

සිවිල් ආරක්ෂක භටයකු වන ජී කේ දසනායක (32) එම තරුණායයි. ඔහු ඔහුගේ ට්‍රැක්ටරයෙන් මිනිසුන්ට හැකි පමණ වතුර බෙදා දෙයි.

සිවිල් ආරක්ෂක භටයකු වන ජී කේ දසනායක මහතා අද

 ජී කේ දසනායක මහතා එදා

 



අදහස් (0)

කන්නත් නෑ : බොන්නත් නෑ

කිම් Sunday, 08 June 2014 10:11 PM

පිටරට රැකියා කරන, ජීවත් වෙන ශ්‍රි ලාංකිකයන් මේ වගේ අහින්සක මිනිසුන්ට උදව් කරන්න කැමතියි. ඒ සඳහා ක්‍රමයක් නැති එක ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට වෙන්නෙ ප්‍රදානය කරන මුදල් නිසි පරිදි නොයෙදීම. ඒ සඳහා දේශපාලනයෙන් තොර අවංක සංවිධානයක් ගොඩ නැගෙනවානම් සෑහෙන දෙයක් කල හැකියි. (ස)

:       0       0

සිරි Sunday, 08 June 2014 10:23 PM

මේ අසරණ මිනිසුන්ගේ අවම යටිතල පහසුකම් නොබලන නොපෙනෙන දේශපාලකයෝ මොකටද?. (ස)

:       0       0

එස්.එම්.පියදාස Sunday, 08 June 2014 10:36 PM

මේ උතුරු මැද පළාත,මෙහි දේශපාලණ බල අධිකාරියේ ඉන්නෙ සහෝදරවරු. ලංකාදීපය වැදගත් මාධ්‍යයක් විදියට ඒ අයට මේ පැණය යොමු කරන්න​.එය කාලීන අවශ්‍යතාවක්.! (ස)

:       0       0

ශාන සෞදි Sunday, 08 June 2014 10:48 PM

මේ පින්තුර දකින කොට දරාගන්න බැරි කණගාටුවක් ඇති වෙනවා. අධිවේගී මාර්ග හදන අතරේ ඇයි දෙවියනේ මේ වගේ අයටත් සහනයක් සලසන්නේ නැත්තේ ? මේ අසරණ මිනිසුන්ගේ අවම යටිතල පහසුකම් නොබලන නොපෙනෙන දේශපාලකයෝ මොකටද?. (ස)

:       0       0

තිලක් ඩුබායි Sunday, 08 June 2014 10:50 PM

අර්සියාවේ සතුටින්ම ජීවත් වෙන මිනිසුන් ඉන්නේ ලංකාවේ කියල මොකක්දෝ සගරාවකින් හෙළි කලා නේද ?සත්තකින්ම සතුටින්ම ජීවත් වෙන මිනිස්සු ඉන්නේ ලන්කාවේ කියල මේ ෆොටෝ රාමු පෙළ මොනවට පැහැදිලි කරනවද? (දී)

:       0       0

තිලක් ඩුබායි Sunday, 08 June 2014 10:52 PM

අකමැත්තෙන් හෝ අපිට පිලි ගන්න සිද්ද වෙනවා ලංකාව ලන්වෙන්නේ ඉතියෝපියාව,සෝමාලියාව,වුගන්දාවට,සුවාසිලන්තයට,බන්ගලිදීසයට, කෙන්නියාව දෙසට කියල. (දී)

:       0       0

ටිකිරි බණ්ඩාර Sunday, 08 June 2014 10:53 PM

උදේ නැගිටපු වෙලේ ඉදල රෑ නින්දට යනකම් අපේ රටේ පාලකයෝ කල්පනා කරන්නේ කොහොමද රටේ දනස්කන්දය ගසා කන්නේ කියල.(දී)

:       0       0

භානුක Sunday, 08 June 2014 12:31 PM

මේ පින්තුර දකින කොට දරාගන්න බැරි කනගාටුවක් ඇති වෙනවා. අධිවේගී මාර්ග හදන අතරේ ඇයි දෙවියනේ මේ වගේ අයටත් සහනයක් සලසන්නේ නැත්තේ ? (දී)

:       0       0

සරත් Sunday, 08 June 2014 12:35 PM

මේ පැතිවල චන්දෙන් එන දේශපාලකයන් මොනවද කරන්නේ? (දී)

:       0       0

කාලිංග Sunday, 08 June 2014 11:10 PM

කන්නත් නෑ : බොන්නත් නෑ, නාන්නත් නැහැ (දී)

:       0       0

ගයනි Sunday, 08 June 2014 12:35 PM

ගංවතුර කාලෙටත් , නියං කාලෙටත් එලියට බැහැලා මිනිස්සුන්ගේ දුක බලන්න බැරි උදවිය ලොකු පුටුවලට යවපු අයටයි වතුර අදින්න කියන්න ඕන. . (දී)

:       0       0

විජේබා Monday, 09 June 2014 02:01 PM

අද දක්වා හිටපු සියලුම පාලකයනුත් මේ අවස්ථාවාදී ගොඩට අයිති වෙන්නේ නැහැ කියලා මම කොහෙවත් ලියලා නැහැ. ඒ ගොල්ලෝ තමය් මුලින්ම මේ ප්‍රශ්නයට වග කියන්න ඕන අය. (දී)

:       0       0

නුවන් Sunday, 08 June 2014 11:50 PM

ලෝකෙට පෙන්න මහා වියපෘති හැදුවට පළක් තියේද? අසරණ ජනතාව ගැන හිතන්නේ නැතුව?(දී)

:       0       0

නිශාන් Sunday, 08 June 2014 12:49 PM

මේ පළාතේ අන්තිමට ඡන්දෙ දීපු කෙනෙකුත් නැහැ. ඡන්දෙ ගත්ත කෙනෙකුත් නැහැ. මේ පළාතේ භාරකාරයෝ කෝ ? (නදී)

:       0       0

පාලිත Sunday, 08 June 2014 12:55 PM

යුද්දේ තියෙද්දී කිව්වා "යුද්දේ යුද්දේ එකයි මුකුත් කරන්න බැරි කියල". දැන් ඒක ඉවරවෙලා අවුරුදු ගානක් ගිහින්, තාමත් මේ මිනිස්සු වතුර ටිකට දුක් විදිනවා. (දී)

:       0       0

සුභා Sunday, 08 June 2014 01:03 PM

අසරණ මිනිස්සු ඒත් හිනා වෙලා ඉන්නවා (දී)

:       0       0

ගුණතිලක Monday, 09 June 2014 12:56 AM

බුක්බර කතාවක් (දී)

:       0       0

ගිහාන් Sunday, 08 June 2014 01:26 PM

මීළඟ "දැයට කිරුළ" කැබිතිගොල්ලාවේ තියමු. (නදී)

:       0       0

කමල් Sunday, 08 June 2014 01:28 PM

ලංකාවේ එ්ක පුද්ගල ආදායම ඩොලර් 4000ක් ලැබෙනවනේ. මේක තමයි ඇත්ත (නදී)

:       0       0

මෙවන් Sunday, 08 June 2014 01:34 PM

මේ ඉන්නෙත් ලංකාවේ ජීවත් වන අහිංසක මිනිස්සු. මේ අහිංසකයින්ට තියෙන්නේ කාගේ හව්හරනක්ද? අහිංසකයෝ පව්. හැමදාම දුක්විඳින එක තමයි ඔවුන්ගේ උරුමය. මේව නොබලන දේශ පාලකයින්ගේ ඇස් ගෙඩිවලට හෙන ගහලද? (නදී)

:       0       0

අචිනි Sunday, 08 June 2014 01:39 PM

මේවා මොන ප්‍රශ්නද දැන් තියන ලොකුම ප්‍රස්නේ දැයට කිරුල තියන්න විශ්ව විද්‍යාලය නොදෙන එකනේ ? (නදී)

:       0       0

අනුෂ්ක Monday, 09 June 2014 01:55 AM

බොන්න වතුර නැති මිනිස්සුන්ට වතුර ටිකක් දුන්නම පාරාජිකා වෙන්නේ නැහැ (දී)

:       0       0

සරත් බණ්ඩාර Sunday, 08 June 2014 01:46 PM

අපි දන්නවා තව මාසෙකින් විතර ජලාශවල වතුර නැති බව වාරිමාර්ග බලධාරින් රටට ප්‍රකාශ කරනබව .මාෆියාව (දී)

:       0       0

විමල් Sunday, 08 June 2014 01:51 PM

රටේ ගැහැනුන් ටික පිට රට පටවා, රටින් එන රෙද්දට මූට්‌ටුව දමා, තේ දල්ල වේලා, සුද්දාට ගල්කණුව විකුණා.... එදා වේල හොයාගන්නා ජාතියක්‌ වන්නෙමු. වල්ලා පට්‌ටත්, කිඹුල් හූනාත්, වැහි ළිහිණි කූඩුත් මේ ජාතියේ අතිරේක ආදායම් බවට පත්ව ඇත්තේය. මදිපාඩුවක්‌ වේ නම් තමන්ගේ පරම්පරාගත උරුමයක්‌ ලෙසින් සලකා (තොග වශයෙන්) නිධන් ටික ගොඩදමන්නේය. ඔය අස්‌සේ අහම්බයෙන් හෝ රටට විදේශ විනිමයක්‌ ගෙනෙන සාර්ථක කර්මාන්තයක්‌ වේ නම් රතු මල්ලි කෙනෙකුට එක 'ලෙඩක්‌ දමා' එය මරා දැමිය හැකිය. රටේ කර්මාන්තයට හෙණ ගැසුවත් ආණ්‌ඩුවට නොඇසෙන අතර විපක්‍ෂයට එය සුබ දසුනක්‌ම වන්නේය. (ස)

:       0       0

සමන්ත සිල්වා Monday, 09 June 2014 03:02 AM

අධිවේගී මාර්ග හදපු එක ලොකු දෙයක් තමයි ඇත්ත නමුත් ඒවාට සාපේක්ෂව රටේ අනිත් ප්‍රශ්න වලටත් විසදුම් දුන්නොත් නේද හොද (දී)

:       0       0

නිලුක Monday, 09 June 2014 03:02 AM

කතිරවරණය කිට්ටුව ඇවිත් මේ අසරණ මිනිස්සුන්ට පෝර මල්ලක් බෙදල දීල , එළවලු ඇට ටිකක් දීලා හරියනවද ? ඊට කලින් මේ උදවියට පිපාසෙට වතුර ටිකක් නේ ලැබෙන්න ඕන. (දී)

:       0       0

චම්පික Monday, 09 June 2014 03:04 AM

කෝ මේ කඩේ යන භලවතා. ? මේ පින්තුර ටික පෙන්නුවොත් අහවි , නියඟය ඇවිත් වතුර ටික නැති වුනාමත් ඒ කට්ටිය පලිද කියලා. (දී)

:       0       0

නලින් Sunday, 08 June 2014 02:04 PM

දේශපාලනය කරන අයට ජන්දේ කාලේදී වියදම් කරන්න සල්ලි තියෙනවා. ඒවා මේ වගේ කලෙකදී වියදම් කරලා මිනිසුන්ගෙන් චන්දෙ ගන්න පුළුවන් ක්‍රමයක් හැදුනොත් අපේ රට ආසියාවේ ආශ්චර්ය කියන එක ඇත්තක් වෙනවා. (ස)

:       0       0

චන්න Monday, 09 June 2014 03:09 AM

ශාන් සෞදි , ඔබ ඉහලින්ම අදහස් ලියපු භානුකගේ වචන ටිකමනේ ලියලා තියෙන්නේ ! කනගාටුව ප්‍රකාශ කරන්න වෙනත් වචන තිබුනේ ම නැද්ද ?(දී)

:       0       0

බිමල් Monday, 09 June 2014 03:16 AM

විජේබා, මේ අවස්ථාවේ මේ අපහසුතාවය ට පත්වූ අහිංසක ගැමියන්ට පාලකයන්ගෙන් තමා මැදිහත් වී උදව්වක් කරන්න ඕන. සෙස්සන්ටද පුළුවන් හැටියට කල හැකියි. පිටරට ගිය උදවියට නෝක්කාඩු කියලා මෙහෙම ප්‍රශ්න විසඳන්න පුලුවන්ද ? මා දන්නා තරමින් බොහොමයක් පිටරට ගිය ලාංකිකයන් අප්‍රසිද්ධියේ ලංකාවේ පිහිට ලැබිය යුතු අයට උදව් කරනවා. හැබැයි දේශපාලකයන් වගේ අණබෙර ගසාගෙන නෙවෙයි. (දී)

:       0       0

සමන්ත Monday, 09 June 2014 03:23 AM

මේවා මොනවද සාමාන්‍ය දේවල්නේ දේශපාලකයන්ට (දී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 08 June 2014 02:15 PM

අපෙන් එකතු කරන බදු මුදල්වලට මොකද වෙන්නේ දෙය්යනේ ඇය් මේ අසරණ මිනිස්සුන්ට සහනයක් සලසන්න බැරි. අපෙන් කන පරිප්පු ඇටෙන් හිටන් බදු එකතු කරනවා නේද (දී)

:       0       0

සත්‍යා Sunday, 08 June 2014 02:32 PM

මේ තමයි ලංකාවේ පන්ති වෙනස , ඇත්තෝ කති, බොති ,සුකති .....නැත්තෝ පිපාසයන් මියදෙති ........ (දී)

:       0       0

ප්‍රියකුමාර Sunday, 08 June 2014 02:45 PM

අපට පිහිටට එක්කෙනෙක් වත් නැහැ මේවා දකිනකොට බඩ පපුව පිච්චිලා යනවා (දී)

:       0       0

සේන Sunday, 08 June 2014 02:50 PM

එක පැත්තක ගඟක වතුරින් මිනිස්සු මෙරෙනවා. අනිත්පත්තේ නියගෙන් මෙරෙනවා. එහෙම උනත් කමක් නැහැ අපිට කාපට් දාපු පාරවල් තියෙනවා. (දී)

:       0       0

සෑම් Monday, 09 June 2014 04:38 AM

ලංකාවේ දේශපාලකයින් තමන්ගේ කොට්ටාශයට සංවර්ධන කටයුතු සඳහා ලැබෙන මුදල් වියදම් කරන්නේ මිනිස්සුන්ට උපරිම ප්‍රයෝජනයක් ලැබෙන ආකාරයට නොවේ. තමන්ට උපරිම චන්ද ගානක් ලැබෙන ආකාරයටයි. මිනිසුන් දුක් විඳීම බොන්න වතුර නැතිවීම ඉන්න ගෙයක් දොරක් නැතිවීම, නියගය ගංවතුර කියන ඒවා විසඳිය යුතු ප්‍රශ්න හැටියට සලකන්නේ නැහැ. චන්දය තමාගේ පැත්තට හරවා ගැනීම තමා ඔව්න් විසදන්න උත්සාහ කරන එකම ප්‍රශ්නය. (දී)

:       0       0

විජේසුන්දර Monday, 09 June 2014 03:21 PM

මේ මම උපන් පළාත .හැමදාම දෙසපලකයන්ගේ බැල්ම නොවැටෙන දුප්පත්කම සදා උරුම කරගත් මගේ හිතවත් ගම්වැසියන් ගැන මට දුකය් . මගේ පවුලේ සැමට 1991 මෙරටට පැමිණිදා සිට හැකිපමණ උදව් කරනනමුත් සෙසු ගැමියන්ට උදව් කිරීමට තරම් මගේ ආර්ථිකය බලගතු නොමැති වීම ගැන දුක්වෙමි (දී)

:       0       0

මහේෂ් -සෞදි Sunday, 08 June 2014 02:53 PM

කව්රු හරි එකතු වෙනවා නම් මේ ගමට ස්තිර නල ලිඳක් හදල දෙන්න. මම 100,000 දෙන්නම්. (නදී)

:       0       0

නිමල් ලලිතා Sunday, 08 June 2014 03:03 PM

මේවා දකින කොට ඉවසීමේ සීමාව ඉක්මවා යන බැවින් මමද භානුකගේ අදහසට එකඟ වෙමි. එහෙත් එකක් කිව යුතුයි. ඡන්ද කාලයේදී සිංහලයා රවටන හැම දේශපාලුවෙක්ටම සාප වේවා. (නදී)

:       0       0

ෂෙරිෆ් Sunday, 08 June 2014 03:10 PM

වැඩි දවසක් යන්න කලින් වෙනසක් ඇතිවෙනවා. දුප්පතාගේ හිතවතා ළඟදීම ජනපති වෙලා දුප්පත් අපිව අගාධයෙන් ගොඩගන්නව සිකුරුයි (නදී)

:       0       0

කළණ Sunday, 08 June 2014 03:36 PM

මිනිස්සු රැවටෙනවා . දෙසපාලකයෝ රවට්ටනවා . එකයි මෙතැන වෙන්නේ. මිනිස්සුන්ට තේරුම්ගන්න ශක්තියක් නැහැ. (ස)

:       0       0

ජානක Monday, 09 June 2014 06:41 AM

ඔය ප්‍රදේශයේ විපක්ෂයේ කවුරුත් වත් නැද්ද පාර්ලිමේන්තුවේ ගිහින් කියන්න (නදී)

:       0       0

ලියනගේ Sunday, 08 June 2014 03:37 PM

මේ පුවතට දැනට ලැබී ඇති ප්‍රතිචාර බලන විට අද අපේ රටට වෙලා තියනේ දේ ඉතාමත් කණගාටුවට කරුණක්. අපි යුද්දෙන් දිනපු රටක්. ඒ කවුරු නිසාද කියන එක කතා කරනෙන් නැහැ. එත් බලන්න. අද මොනා ද අපි වසර පහකට පසුව කතා කරන්නේ. ලංකාවට කිසිම ජාතික ප්‍රතිපත්තියක් නැති බව පේනවා. කිසිම නව කර්මාන්තයක් නිෂ්පාදන ක්‍රියා වලියක් නැහැ නේද ? අපේ රට දිනෙන් දින ඉතාමත් අසීරු තැනකට නේද මේ යන්නේ. රටේ බඩු මිල දිනෙන් දින ඉහලට යනවා. රටේ මෙවැනි ගම් රජය විසින් නොසලකා ද එසේත් නැත්නම් කරන්න වැඩපිළිවෙලක් නැද්ද මුදල් නැති ද රටේ දුෂණය අවනීතිය නම් ඕන තරම් අහන්න තියනවා. අපි මේක ද බලාපොරොත්තු වූ දේශය කල්පනා කර බලන්න. (ස)

:       0       0

සුභාෂ් Sunday, 08 June 2014 03:44 PM

මේ මිනිසුන්ගේ ඡන්දෙන් පාර්ලිමේන්තු යන අයට මේවා බලබල උබලට බත් කන්න පුලුවන්ද ? (ස)

:       0       0

චාරුක Sunday, 08 June 2014 03:44 PM

ආශ්චර්ය' නම් හීනයක්.! මේ වගේ බය දේශපාලකයොත් එක්ක., ඒත් මේවගේ ලක්ෂ ගානක් වෙන අමතක වෙච්ච ගම්මාන තියෙනවා .ඒවාට පිටරටින් එන ආධාර ලැබෙන්නේ නැහැ සිංහල නිසා., මේ ගැන බය නැතුව කතාකරලා දේශපාලකයෝ යවන්න ගම් වලට. , පුළුවන් මිනිස්සුත් 'දාන' කියල මේ අහිංසකයන්ට උදවු කරන්න පටන් ගන්න, විසඳුම ඕකයි. කරන්න පුළුවන් මිනිස්සු සමගි වුනොත්., සන්හින්දියාවද මොකක්ද කිය කියා මිනිස්සු දුක් වින්දා ඇති ..වෙලා තියෙන්නේ හිදී යාමක් විතරයි. මේත් මේ රටේ මිනිස්සු නේද? (ස)

:       0       0

කුසුම් Sunday, 08 June 2014 03:48 PM

ගම්මාන වල වතුරත් නැතිව දුක් විඳින ජනතාවගේ ජිවන රටාව පෙන්වන වටිනා වීඩියෝ දසුනක් ලංකාදීපය විසින් පලකොට තිබෙනවා ඔබලාට ස්තුතියි. ජල සම්පත නොඅඩුව තිබෙන අපේ රටේ කොතරම් මුදල් වියදම් කර හෝ කොමිස් ගසා හෝ ඇයි මේ ගම්මාන වල ඉන්න අහිංසක මිනිස්සුන්ට ජල පහසුකම් සපයන්න බැරි? මේ ජලය පානය කරන අයට වකුගඩු රෝග හැදෙන එක අහන්න දෙයක්ද? වීඩියෝ පටයේ පෙන්වන බෝක්කුව හදල තියන කෙනා නම් බෝක්කු හැදීම ගැන ලෝකෙටම පාඩමක් කියල දීල තිබෙනවා. තව අඩි 15 ක් විතර උසකින් දැම්ම නම්, දුර තියලම බෝක්කුව පෙනෙන්න තිබුන. මේවා දකින අපි මොනවා හරි ලියන්නේ, ජනතාව විසින් පත්කළ ආණ්ඩුවකින් ජනතාවට අවශ්‍ය දෙයක් කරගන්න මිසක් ආණ්ඩු පෙරලන්න නෙමේ. ජනතාවට අවශ්‍ය දෙය නොකර ආණ්ඩුවට අවශ්‍ය දෙය කරනවා නම්, එය ජනතාවාදී ආණ්ඩුවක් වන්නේ කොහොමද? ර(ස)

:       0       0

ජෝන් Sunday, 08 June 2014 03:49 PM

ඇයි මේ දසනායක මහත්තය වගේ මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට, පළාත් සභාවට්, යවන්නේ නැත්තේ? (ස)

:       0       0

කුමුදිනි වත්සලා Monday, 09 June 2014 07:56 AM

භානුක, ඔබ හරි. මේ පොඩි රටට අධිවේග අවශ්‍ය නැහැ. මේ අයට උදව් කරන්නේ නැත්නම් මොකටද අනෙක් දේවල්? (නි)

:       0       0

පාලිත Sunday, 08 June 2014 04:02 PM

මේ මිනිස්සු මොනවද මේ කියවන්නේ? (ස)

:       0       0

කුමාරි Monday, 09 June 2014 08:08 AM

පවු අහිංසක මිනිසුන්! (නි)

:       0       0

චමිල Sunday, 08 June 2014 04:34 PM

මේ මිනිසුන් වතුර නැතිව කොපමණ දුකක් විදින්නේ ද ඒ පින්තුර දකින මට මහා දුකක් ඇති උනා ඔවුන් කෙසේ දවස ගෙවා ගන්නේද කියා ඒ පළාතේ ඉන්න මන්ත්‍රීට ඇමතිට නින්ද ගිහින් තාම ඇහැඇරිලා නැතුව වගේ නගරය දෙසට වඩා ගම්බද ජිවිත දෙස විමසිල්ලෙන් බලන්න ඇමති තුමනි. (ස)

:       0       0

ඛලීල් Sunday, 08 June 2014 04:45 PM

රටේ ආශ්චර්යය මෙන්න (ස)

:       0       0

නිශා Sunday, 08 June 2014 04:51 PM

කෝ මේ පළාතේ තුමා ලා ? මැතිවරණය කිට්ටු වෙනකොට ඇවිත් වතුර බෝතල් බෙදල පොඩි දරුවන්ගේ මුහුණ අත ගාල වයෝවෘද්ධ අම්මලාට වැඳලා ගොවියන් ගේ පිටට තට්ටුවක් දාලා යන්න තාම නැකත හරි නැතිව ඇති. (ස)

:       0       0

බිමල් Sunday, 08 June 2014 04:53 PM

මට පේන හැටියට යුද්ධ කාලෙට වඩා දැන් මේ උදවිය අසරණ වෙලා වගේ. ! (ස)

:       0       0

චම්පිකා Sunday, 08 June 2014 04:57 PM

හරිම දුකක් ඇතිවුනා මට . මේ පළාත තාමත් මුදා නොගත් ප්‍රදේශයක් ද ජනතාවට මෙහෙම දුක් විඳින්න වෙලා තියෙන්නේ?. (ස)

:       0       0

ගයත්‍රී Sunday, 08 June 2014 05:01 PM

අපි ඡන්දෙ දීලා පත් කරගෙන තියෙන්නේ පුදුම දේශපාලකයන් නේ ? මේ පින්තුර පෙන්නුවාම කියාවි "ආ මම මේ පළාතට ඡන්දෙන් පත් වුනාද ? මට මතක නැනේ " කියලා. (ස)

:       0       0

ජිවක Sunday, 08 June 2014 05:02 PM

වතුර නැතිනම් "වයින්" බොන්නකෝ!..වහාම් වතුර බෝතල් කරලා බිස්නෙස් එකක් පටන් ගම්මුකො! (ස)

:       0       0

සමන් Sunday, 08 June 2014 05:19 PM

මේ රට ගමන් කරන්නේ ලොකු අගාදයකට ඉදිරියේදී විශාල දුෂ්කරතා වලට ජනතාවට මහුණ දෙන්න වෙනවා හරි තීරණ නොගත්තොත්!! (ස)

:       0       0

ප්‍රියංකා Monday, 09 June 2014 09:32 AM

කොටින් ප්‍රසිද්ද කරපු වෙබ් එකකත් මේ ළමය තියාගෙන ඉන්න පින්තුරයක් තිබුන. කොටි ලෝකෙට පෙන්නන්නේ බොරුව කියල අපි තාමත් හරියට ඔප්පු කෙරන්නේ නැහැ (දී)

:       0       0

ජයරත්න Sunday, 08 June 2014 05:29 PM

මේ පළාත් වල මිනිස්සුන්ට පන දෙන්නම් කියපු දේශපාලකයෝ කෝ (දී)

:       0       0

චන්දි Monday, 09 June 2014 09:42 AM

වගකිවයුත්තන් නිදිද දෙවියනේ? (නි)

:       0       0

පද්මිණි Sunday, 08 June 2014 06:13 PM

ඉතා දුෂ්කර ගමක් වුනත් ගැමියන් ඉතා ඉහල අධ්‍යාපන මට්ටමක් තිබෙන අය බව කතාවෙන්, , හැසිරීමෙන් පෙනෙනවා. ශෝකජනක තත්වයක්. මම බලපොරොත්තු වෙනවා. අර දරු පවුල් වලට උදව් කල ඇමති මැදිහත් වෙලා මෙය වහා විසඳයි කියල. (දී)

:       0       0

ඉන්දි Sunday, 08 June 2014 06:15 PM

මේ පැත්තේ බලවතුන්ගේ නම දාන්න. ලංකාදීපෙට පුළුවන් මේක විසදන්න එහෙම කලොත් නේද? (දී)

:       0       0

මනෝජි Sunday, 08 June 2014 06:37 PM

කනගාටුයි දෙයියනේ (දී)

:       0       0

කපිල Sunday, 08 June 2014 06:58 PM

ලැජ්ජා විය යුතු කාරණාවක් (නදී)

:       0       0

වින්ද්‍යා Sunday, 08 June 2014 07:05 PM

පන දෙන්න හිටිය කට්ටියකෝ (දී)

:       0       0

පිටිගල Sunday, 08 June 2014 07:16 PM

ආයෙත් චන්දෙ ඉල්ලාගෙන ආවම ගන්න ඉලපත අතට.. (දී)

:       0       0

ලාල් ජකර්තා Sunday, 08 June 2014 07:17 PM

ලෝකයට පෙන්නන්න හදන ආශ්චර්යයේ, ලංකාව දැන් ඉන්නේ මුලද?මැදද?අගද? (දී) ලෝකයට පෙන්නන්න හදන පුහු ආශ්චර්යයේ,ලංකාව දැන් ඉන්නේ මුලද?මැදද?අගද?

:       0       0

ප්‍රනාන්දු Wednesday, 11 June 2014 08:02 AM

අපිට කන්නත් නැහැ, අපිට බොන්නත් නැහැ.මොන දෙයක්වත් නැහැ (නි)

:       0       0

සුජිත් Sunday, 08 June 2014 07:18 PM

දේශපාලකයෝ මොනවා කරන්නද වතුර නැති උනාට නේද (දී)

:       0       0

මාලක සිල්වා Sunday, 08 June 2014 07:21 PM

කොළඹට කිරි ගමට කැකිරි චන්ද ගොඩක් තියෙන්නේ කොළඹ නේ.වැඩ පෙන්නන්න ඕනත් කොළඹ නේ.මේ පාලකයන්ට මේ දුක පෙනේනේ නැද්ද. (දී)

:       0       0

නලින් Sunday, 08 June 2014 07:27 PM

දඹුල්ලේ කාංචන කුමාර ආරියදාස මහතා හැමදාම මේ වගේ වැදගත් ගවේෂණ පුවත් හෙළි කරනවා ,(දී)

:       0       0

රුවන් Tuesday, 10 June 2014 09:16 AM

අහිංසක මිනිසුන්ගේ වතුර පිපාසය තේරුම් ගන්න මේ මිනිස්සුන්ට බැරි එක .ගැන පුදුම වෙන්න දෙයක් නැ(දී)

:       0       0

පහන් Sunday, 08 June 2014 07:38 PM

අද ඒ දරුපැටිය හිටියනම් වයස 12/13 විතර නේ .පපුව පිචිල යනවා .ඒ අතරේ සමහරු කියනවා කොටි දරු පවුල් වලින් පලි ගත්තේ නැහැල්ලු .(දී)

:       0       0

මනෝජ්-සාජා Sunday, 08 June 2014 07:39 PM

ඔය පළාතේ දේශපාලුවන්ගේ ඇස් ගෙඩි දෙකට හෙන ගැහිලද ?.(ස)

:       0       0

ජයසිංහ Monday, 09 June 2014 12:18 PM

මේ පළාතේ දේශපාලකයන් මොකද කරන්නේ? (නි)

:       0       0

පියා Sunday, 08 June 2014 07:52 PM

මහේෂ් -සෞදි ඔබගේ අදහස හොදයි මටත් පුළුවන් එවැනි මුදලක් දෙන්න මටත් දන්වන්න (දී)

:       0       0

ශාන් ගමගේ ( ඕමාන ) Sunday, 08 June 2014 07:56 PM

මම ගොඩක් දුක් උනා මේ සිද්දියඋන දවසේ ,මම හිටියේ රට මගේ දරුවාගේ වයසේ දරුවෙක් වගේම මගේ පුතාගේ පෙනුම තිබුනේ ඒ ෆොටෝ එක නැතිඋනා මගෙන් අදටත් මම දුක්වෙනවා මේ දරුවට වගේම අනෙක් අය ගැනත් නිවන් සුව ලැබෙවා ! (දී)

:       0       0

විජේබා Sunday, 08 June 2014 08:08 PM

රට තුල හටගන්නා මාරාන්තික යුද්දයකදී (කොටි යුද්දය), හමුදාවට බැඳිලා රට බේරගන්න ජීවිතය දෙන්න ඉදිරිපත්වෙන්නේ මේ පින්තුරයේ ඉන්නා අම්මල වගේ අයගේ අහිංසක දුප්පත් දරුවෝ විතරයි. අනික් ඔක්කොම -මේ අපි වගේ අය - එක්කෝ රට අත ඇරලා යනවා, නැත්නම් තමන්ගේ වාසියට බොරු කියන අවස්ථාවාදීන් බවට පත් වෙනවා. මේක නොවේද හැමදාම අපේ රටේ වුනේ??????(දී)

:       0       0

චානක Tuesday, 10 June 2014 10:14 AM

ජනතාව දුක් විදිනවා (දී)

:       0       0

මහින්ද Monday, 09 June 2014 12:58 PM

මෙතන පළවී ඇති අදහස් බැලූ විට අපි හැමෝම හිතන විදිහ එක වගේ කියලයි මට හිතෙන්නේ. ඇයි අපිට බැරි මේ දේශපාලනය පැත්තකට දාලා ජනතාවට සේවය කරන වැඩසටහනක් පටන්ගන්න? මහේෂ්-සෞදි වගේ හොඳ මිනිසුන් මේ රටේ තාමත් ඉන්නවා (නි)

:       0       0

චින්තක Tuesday, 10 June 2014 05:29 PM

මෙහෙම මිනිසුන් තව කොපමණ අපි අතර ඇද්ද? (නි)

:       0       0

චන්දි Monday, 09 June 2014 06:54 PM

මම මුලින්ම කියන්න ඕනේ මම ගැන වැරදි ලෙස හිතන ගොඩක් දෙනා එසැන තුල ඉන්න නිසා මගේ නමින් එනම් චන්දි කියල ලියන්නේ නැහැ. නමුත් එසැන තුල මා තවමත් පෙරසේම රැදී ඉන්නවා වෙනත් නමකින් හෝ දෙකකින්. නමුත් මෙම නිවුස් එකට මගේ නමින්ම ලියන්න සිතුවේ.., අපේ දෙමාපියන් හා දු දරුවන් වැනි මේ අහිංසක මිනිසුන්ට උදවු කිරීමට කැමති නිසාවෙනි. මහේෂ්-සවුදි ඔබගේ නොමසුරු සහයට එක්වීමට මාද කැමැත්තෙමි ඇ.ඩො.100ක් හෝ 150ක් වැනි මුදලකින් මමද ඔබට එක්වන්නෙමි එසැන තුලින් ඒ ගැන මා දැනුවත් කරන්න (දී)

:       0       0

ප්‍රවීන් Sunday, 08 June 2014 09:17 PM

මේ මිනිස්සු කොයි තරම් අහිංසක ඉල්ලිමි ද ඉල්ලන් නේ ? පන්සලක් නෑ. බොන්න වතුර නෑ . කෑම බීම නෑ . ලොකු පන්සල් වල නායක හාමුදුරුවරුන් ගෙන් මන් කාරුණික ඉල්ලිමක් කරනවා මේ මිනිසුන් ට වදින්න පුදන්න පන්සලක් හදල දෙන්න උදව් කරන්න කියලා! (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1072 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 311 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2019 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 477 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 960 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 585 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37108 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24452 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site