(රාස්සගල සමිපත් ප්‍රියනන්දන)
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ සිසුවියකට සහ සිසුන් දෙදෙනකුට පහර දිමෙිි සිද්ධිය සමිබන්දයෙන් එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 07 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පැවැසීය.
සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන්ට එම පිිඨයේම ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් ඉකුත් (09) රාත්‍රියේ විදුලිය විසන්ධි කර පොලු මගුරැවලින් පහර දිම හේතුවෙන් පහර කැමට ලක්ව තුවාල ලැබු සිසුවියක සහ සිසුන් දෙදෙනකු රෝහල් ගත කර ඇති බව පොලිසිය පැවැසීය .
එම සිසුන් පඔහින්න රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා බලන්ගොඩ මුලික රෝහල වෙත මාරැකර එවා ඇතැයි සමනල වැව පොලිසිය පවසයි.
තමන් පිටතින් ආහාර රැගෙන විත් කෘෂි විද්‍ය පිඨයේ ආපනශාලාවෙිි රාත්‍රි ආහාර ලබා ගනිමින් සිටියදි ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පැමිණි විදුලි විසන්ධිකර තමන්ට පොලු මගුරැ වලින් පහර දුන් බවට පහර කැමට ලක් වු සිසුන් පොලිසිය වෙත පවසා තිබෙි.
එදින රාත්‍රි 10. 30 ට පමණ මෙම පහර දිම සිදු කර අැති බවට පොලිස් විමර්ශනවලදි අණාවරණය වි ඇති බවද සමනල වැව පොලිසිය පැවැසීය.
එක් සිසුවකුගේ මුඛයට පහර දිම හේතුවෙන් ඔහුගේ දත් වලට හානි සිදුව ඇති බව පොලිසිය ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කනිෂ්ඨයන්ට පහරදුන් ජ්‍යෙෂ්ඨයන් හතක් මාට්ටු
Aruna Manipura Monday, 12 February 2024 07:38 AM
"....ආපන ශාලාවේ රාත්‍රි ආහාර ලබා ගනිමින් සිටියදී ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පැමිණි විදුලි විසන්ධිකර තමන්ට පොලු මගුරු වලින් පහර දුන් බවට..." ආහාර ගන්නා විට කිසිම මිනිසකු නොකරන දෙයක්? මෙවන් අය උපාධි සහතික ලැබුවාට වැඩක් තිබෙනවාද? සිත්පිත් නැති තිරිසන් සතුන් වන් මෙවැනි අයට මහජන මුදලින් සහතික දියයුතුද?
Lal Monday, 12 February 2024 08:25 AM
කාලකන්නි ජෙප්පෝ...!
රංබොඩ Monday, 12 February 2024 09:41 AM
දැන්නම් වර්ථමාන පරපුර වැඩි හරියක් උපරිමයෙන් ම පිරිහිලා. විනයක් නෑ. මනුස්ස ගුණධර්ම නෑ. හැදියාවක් නෑ. නිකම්ම නිකම් පන්ච උපාදනස්කන්ධ විතරයි . මේවා එන්න එන්නම වැඩිවෙයි.
Pradeep Kumara Monday, 12 February 2024 10:21 AM
මන්ද මානසික ලෙඩ්ඩු. මොවුන්ව පුනරුත්ථාපනය කරන්න ඕනෑ...!