IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කනිෂ්ඨ ක‍්‍රිකට් තේරීම් කමිටුවේ කැකිල්ලේ තීන්දු ඉදිරියටම යයි

ඉන්දියාවේ තරග සංචාරයකට සහභාගි වීම සඳහා 17 න් පහළ කි‍්‍රකට් කණ්ඩායම මේ වන විටත් තෝරාගෙන ඇති නමුත් කනිෂ්ඨ කි‍්‍රකට් තේරීම් කමිටුවේ හිතුවක්කාර කි‍්‍රයා කලාපයන් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා එය මාධ්‍ය වෙත නිකුත් කිරීම ප‍්‍රමාද කරමින් පවතින බව වාර්තාවේ. මෙම ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා වයස 15 න් පහළ නායකත්වය දැරූ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩක මොරටුව වේල්ස් කුමර විදුහලේ කුසල් මෙන්ඩිස්ට හිමිවනු ඇතැයි බොහෝ දෙනා අපේක්‍ෂා කළ නමුත් මෙවර නායකත්වය කනිෂ්ඨ තේරීම් කමිටුවේ නිලධාරියකුට මෙන්ම පුහුණුකරුවකුට සෘජු සම්බන්ධයක් ඇතැයි කියන පාසලක ක‍්‍රීඩකයකුට පිරිනැමීමේ සූදානමක් පවතින බවත් දැනගන්නට ඇත. 2010 වසරේදී ශී‍්‍ර ලංකා වයස 15 න් පහළ පිලේ නායකත්වය දැරූ පානදුර රාජකීය විදුහලේ මාධව නිමේෂ්ට ද කණ්ඩායමේ ස්ථානය අහිමිකර ඇති අතර එම ස්ථානයට තේරීම් කමිටුවේ නිලධාරීන් තම හිතවත් පාසල්වල ක‍්‍රීඩකයන් ඇතුළත් කර ඇතැයි ද චෝදනා එල්ලවේ. මෙවර වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේදී පළමු කොටසේදී පළමුවෙන්ම ලකුණු 1,000 සම්පූර්ණ කළ 16 හැවිරිදි කුසල් මෙන්ඩිස්, 2009 වසරේ ශ්‍රී ලංකා වයස 15 න් පහළ පිලේ නායකයා ලෙස මැලේසියානු සංචාරයට ද සහභාගි විය. කුසල් සිය 17 න් පහළ පළමු වසර වූ පසුගිය වසරේ වේල්ස් කුමර විදුහලේ නායකයා ලෙස කටයුතු කළේය. නායකත්වයට පත්කර ඇතැයි කියන ක‍්‍රීඩකයා අවම වශයෙන් පාසල් 17 න් පහළ පිලේවත් නායකත්වය දරා නොමැති බවද වාර්තා වේ. මෙම කණ්ඩායම තේරීමට එක තේරීම් තරගයක් පමණක් පවත්වා ඇති බවත් එහිදී මාධව නිමේෂ් කණ්ඩායමක නායකයා ලෙස කටයුතු කරමින් නොදැවී ලකුණු 25 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා ඇති බවත් වාර්තා වේ. 15 හැවිරිදි මාධව මෙවර වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේදී ලකුණු 802 ක් රැුස් කර ඇත. මෙම තේරීම් කමිටුවට සහ ඇතැම් පුහුණුකරුවන් දක්‍ෂ ක‍්‍රීඩකයන් සැගවීමට කාලයක සිට ඉනිම අත්හිටුවීමේ කූට උපක‍්‍රමය යොදා ගන්නා බවට කාලයක් සිට එල්ල වන චෝදනාවකි. මෙම සංචිතය තේරීම පිළිබඳව කනිෂ්ඨ තේරීම් කමිටුවේ සභාපති සුනිල් වික‍්‍රමනායක මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ තේරීම් තරග දෙකක් පැවැත්වූ බවත් 17 න් පහළ සංචිත දෙකක් පවත්වාගෙන යන බැවින් තමන් ක‍්‍රීඩකයන්ගේ දස්කම් දන්නා බවත්ය. ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයකු සිටියදී වෙනත් ක‍්‍රීඩකයකුට නායකත්වය ලබාදීම සහ මාධව නිමේෂ්ට ස්ථානය අහිමිවීම පිළිබඳව වික‍්‍රමනායක මහතා මෙසේ පැවසීය. -එම ක‍්‍රීඩකයා වයස 19 න් පහළ සංචිතයේ සිටින නිසායි නායකත්වය ලබා දුන්නේ, කුසල් දක්‍ෂයි, ඔහු 19 න් පහළ සංචිතයේ නෑ. මාධවත් හොඳ ක‍්‍රීඩකයෙක් නමුත් ඊට වඩා හොඳ ක‍්‍රීඩකයන්ව අපි දැම්මා. තේරීම් කමිටුවේ හය දෙනාම එකතු වෙලා මෙම කණ්ඩායම තේරුවේ” කෙසේ වෙතත් මෙම සංචිතයේ කුසල් මෙන්ඩිස් සිටියදී වෙනත් ක‍්‍රීඩකයකු නායකත්වයට පත්කිරීම පිළිබඳව දැනගත් අවස්ථාවේදී තමන් විශ්මයට පත් වූ බව පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් පිළිබඳව හොඳ දැනුමක් ඇති පාසල් ක‍්‍රිකට් සංගමයේ උසස් නිලයක් දැරූ නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය. මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී පාසල් ක‍්‍රිකට් සංගමයේ ප‍්‍රධාන ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතා පැවසුවේ මෙම තේරීම් කමිටුව ක‍්‍රීඩකයන් තේරීම් තරගවලට සහභාගි කරවීමේදී අධ්‍යාපන අමාත්‍යංශයේ චක‍්‍රලේඛවලට පටහැනිව කටයුතු කරන බවත් තමන් මේ වන විටත් ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම්වත් කිරීමට තීරණය කර ඇති බවත්ය. මෙම සංචිතය තේරීමේදී මධ්‍යම පළාතට සම්බන්ධ පාසලටකට එම පාසල සමග සම්බන්ධකම් පවත්වන තේරීම් කමිටු නිලධාරියකු විශේෂ සැලකිල්ලක් දක්වා ඇතැයි ද, මීට පෙර වයස 19 න් පහළ සංචිතය තේරීමේදී එම නිලධාරියාගේ පුතාත් තේරීම් තරගවලට කැඳවූ බවත් වාර්තා විය.



අදහස් (0)

කනිෂ්ඨ ක‍්‍රිකට් තේරීම් කමිටුවේ කැකිල්ලේ තීන්දු ඉදිරියටම යයි

ක්‍රීඩා ලෝලියෙක්(itali) Thursday, 26 April 2012 02:15 AM

හොකී වලටත් මෙහෙමම තමයි.

:       0       0

ආර්.කොඩිකාර Wednesday, 25 April 2012 11:17 AM

කාටද මේවා පැමිණිලි කරන්නේ??

:       0       0

ගමගේ Wednesday, 25 April 2012 12:14 PM

මේවා දැන් කියන්න ඉතුරු වෙලා තියෙන්නේ දෙයියන්ට විතරයි

:       0       0

ඒ.චන්ද්‍රකුමාර් Wednesday, 25 April 2012 03:37 PM

ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් විදියට ශ්‍රී ලංකාවේ මේ වෙන දේවල් ගැන අපිට හිතා ගන්නවත් බෑ

:       0       0

සූරියන් Wednesday, 25 April 2012 04:00 PM

කාට කිව්වත් පළක් නෑ

:       0       0

ක්‍රීඩා ලෝලියෙක් Tuesday, 01 May 2012 11:31 AM

ඇත්ත හැකියාව අනුව සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 127 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 74 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 553 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 592 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 4698 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 1009 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21194 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20511 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site