( තිළිණි ද සිල්වා )
විවිධ සහතික හා ලේඛන සත්‍යාපනය කර ගැනීම සඳහා රටේ විවිධ ප්‍රදේශවලින් විශාල සංඛ්‍යාවක් කොළඹ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයට මේ දිනවල පැමිණෙන බැවින් අදාළ සේවා ලබා ගැනීමට පැමිණෙන පිරිස් මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමවේදය ඔස්සේ වේලාවක් වෙන් කරවා ගෙන පැමිණිය යුතු බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
පෝලිම්වල දිගු වේලාවක් රැඳී සිටීම වැළැක්වීම සඳහාත්, කොළඹ 01, සෙලින්කෝ ගෙඩනැගිල්ලේ කොන්සියුලර් කටයුතු අංශය අසළ මහජන රැස්වීම අවම කිරීම සඳහා, දිගු පෝලිම්වල නොසිට මෙලෙස කාල වේලාවක් වෙන් කොට තම සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන්නැයිද එම අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ඒ අනුව විවාහ සහතික , උප්පැන්න සහතික , අධ්‍යාපන සහතික ආදී ලේඛන සහතික කරවා ගැනීම ආදී කොන්සියුලර් සේවා ලබා ගැනීම අපෙක්ෂා කරන පිරිස් http://consular.mfa.gov.lk/ONLINEBOOKING යන වෙබ් සැබැදිය ඔස්සේ වේලාවක් වෙන් කරවා සතියේ දිනවල පෙරවරු 7.30 සිට පස්වරු 3.00 දක්වා කාලය තුළ පැමිණිය යුතු බවද එම අමාත්‍යාංශය සදහන් කරයි.
සහතික පත්‍ර/ලේඛන සහතික කිරීම හා සත්‍යාපනය සම්බන්ධයෙන් 011 - 2338812 / 7711194 යන දුරකථන අංකයෙන්ද , විදේශවල සිදුවන ශ්‍රී ලාංකිකයන්ගේ මරණ පිළිබද 011 - 2338836 / 3136715 යන අංකයෙන්ද, විදේශවල මිය ගිය ශ්‍රී ලාංකිකයන් සඳහා වන්දි ගෙවීම 011 - 2437635 / 7101193 යන දුරකථන අංක වලින්ද, අතරමං වූ ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීම: 011 - 2338837 යන දුරකථන අංක ඔස්සේ වැඩිදුර තොරතුරු සඳහා කොන්සියුලර් කටයුතු අංශය සමඟ සම්බන්ධ කර ගත හැකි බව එම අමාත්‍යාංශය කියා සිටී.
ඊට අමතරව මාතර , යාපනය , මහනුවර ,කුරුණෑගල , ත්‍රිකුණාමලය නගර වල පිහිටි ප්‍රාදේශිය කොන්සියුලර් කාර්යාල ද වැඩ කරන දිනවල කාර්යාල වේලාවන්හිදී මහජනතාවට සේවය සැපයීම සඳහා විවෘත කර ඇති අතර . ඒ ඒ පළාත්වල සහ අසල්වැසි ප්‍රදේශවල පදිංචි වී සිටින මහජනතාවට තම සේවා ලබා ගැනීම සඳහා එම ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල වෙත පැමිණෙන්නැයි විදේශ අමාත්‍යාංශය කියා සිටී.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොන්සියුලර් සේවා ගන්න වේලාවක් වෙන්කරගන්න
Lalith M Saturday, 30 October 2021 12:08 AM
ලංකාව එපා වෙලා රට හැර යන්න වැඩියෙන්ම ලේඛන සත්‍යාපනය කරගන්නේ. ඒකවත් කරල දෙන්න ආණ්ඩුව අසමත්. අසමත් පාලකයෝ.අසමත් රටක්.