IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කඳුකරයට මහ වැසි :ජලාශ දිය ඇලි හැඩ වේ

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ  ජල පෝෂක ප්‍රදේශවලට  පෙර දින රාත්‍රියේ සිට මහ වැසි වැසි වැටිමත් සමඟ නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි.ලක්ෂපාන හා ඉහළ කොත්මලේ ජලාශ දොරටු විවෘත කිරීමට සිදු විය හැකි බව ඉංජිනේරුවෝ කියති. ජල විදුලි බලාගාර උපරිම ධාරිතාවකින් විදුලිය නිපදවයි.

ඩෙවොන් ඇල්ලද මහා ජල කඳකින් හැඩ වී ඇත.

හැටන් නුවරඑළිය මාර්ග හා නුවරඑළිය කොළඹ මාර්ග වලට පස් කඳු කඩා වැටීමේ අවදානමක් ද පවතින බවත් පාර ලිස්සන බවත් පොලීසිය කියයි.

කුරුවිට කුරු ගඟ හා කුඩා ඇළ දොළ පිටාර ගැලීමෙන් කුරුවිට පාතගම මාර්ගයේ නිවාස  කිහිපයක් ජලයෙන් යට වී ඇත.අවතැන්වුවන්ට පිසු ආහාර සැපයීමට ප්‍රාදේශිය ආපදා සහන කමිටුව  කටයුතු කරමින් සිටි.

DSC03193 DSC03195

ඩෙවෝන් ඇල්ල

DSC03205

DSC03208

විමල සුරේන්ද්‍ර

DSC03213 DSC03215

Still1008_00000 Still1008_00001 Still1008_00003

ඉහළ කොත්මලේ

 

 

 

 

 

 

 



අදහස් (0)

කඳුකරයට මහ වැසි :ජලාශ දිය ඇලි හැඩ වේ

ධනුක Wednesday, 08 October 2014 05:37 AM

කොච්චර ලස්සනද මේ සම්පත්. අපි සැවොම එකතු වී රැකගත යුතුයි. දැනටමත් සමහර දිය ඇලි සම්බන්ධයෙන් අපි පරක්කු වැඩියි . මා ළඟ තිබෙනවා මීට අවුරුදු 15 කට පෙර පවුලේ විනෝද චාරිකාවකදී මේ දිය ඇල්ලේ වැසි කාලයේ ගත් ඡායාරුපයක්. වතුර ප්‍රවාහය මීට වැඩිය හුඟක් විශාලයි. (නදී)

:       0       0

චතු Wednesday, 08 October 2014 11:49 AM

රටටම ඒකාබද්ධ සංවර්ධන සලස්මක්ම ඕනා. මේවා නැති කම නිසයි පළාත් පාලකයෝ යකා නටන්නේ. වනාන්තර විනාශ කරන්නේ. මිනිස්සුයි අලියි දෙගොල්ලොම මැරෙනවා. මොන අපරාධයක්ද රටේ වෙන්නේ? (නදී)

:       0       0

නිශාම් Wednesday, 08 October 2014 06:37 AM

මගේ ලස්සන ලංකා. (නදී)

:       0       0

අමිල Wednesday, 08 October 2014 12:09 PM

පායලා...පායලා...එක වැස්සයි වහින්නේ... ඇළදොළ, ගංගා ඉතිරී ගලන්නේ... වතුර වැඩියි බැමි දොරවල් අරින්නේ... මුහුදට ඇරලා නියඟය කියන්නේ... (නි)

:       0       0

ධම්ම Wednesday, 08 October 2014 07:12 AM

දැන් ඉතින් මේ ජල කඳ මුහුදට ගලාගෙන යාවි. වියලි කලාපය හා උතුර සුපුරුදු පරිදි නියඟයෙන් පීඩා විඳීවි. රටම සමස්තයක් හැටියට ගෙන ජල කළමනාකරණ සැලැස්මක් හැදෙන්නේ කවදාද? (නදී)

:       0       0

සුනිල් විතානගේ Wednesday, 08 October 2014 07:22 AM

නියන් සහනාදාර ගෙවන්න (නදී)

:       0       0

ජීවක Wednesday, 08 October 2014 07:27 AM

වාන් දොරටු ඔක්කොම ඇරලා මේ වතුර ටික ඉක්මනටම හින්දවලා පෞද්ගලික බලාගාර හිමියන්ට උදව් කරන්නකෝ. (නදී)

:       0       0

සිල්වා Wednesday, 08 October 2014 07:53 AM

ලබන මාසේ කියාවි ජලය හිගයි කියලා. අඩුම තරමේ පහුගිය කලේ වේව් ටික අමුණු හදා ගත්තද ? නැහැ බොරු ගැලරි කතා වැඩක් නැහැ ප්‍රායෝගිකව වැඩක් කරන්න. රටක වාරිමාර්ග කළමනාකරණ ඇමති මේ දේවල් වලට වගකියන්න ඕනි. ජනතාවගේ මුදල් කාබාසිනියා නොකර විදිමත් සැලැස්මකට වැඩක් කරන්න. (නධී)

:       0       0

සූරී Thursday, 09 October 2014 04:23 AM

කොච්චර වැස්සත් ලයිට් බිලේ ඉන්දන ගැලපුම් ගාස්තුව නම් වෙනසක් වෙන් නැහැ. (නදී)

:       0       0

කුමාර් Wednesday, 08 October 2014 10:36 AM

රටම සමස්තයක් හැටියට ගෙන ජල කළමනාකරණ සැලැස්මක් හදන්න කියන්න ඊශ්‍රායලයේ ජල සම්පත් පාලනය කරන විද්වතුන්ට. දැනට එයාල තමයි ලෝකේ ඉන්න දක්ෂම අය. 1960 දී ඊශ්‍රායල් වාර්තාවට අනුව ලංකාව විඳින්නේ නියඟයක ප්‍රශ්නයක් නොව ජලය රටට වැඩිවීම නිසා ඇතිවන ප්‍රශ්නයක් බව ඔවුන් කියා තිබෙනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 10 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 275 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 400 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 245 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 143 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


පානදුරේ වෙඩි තැබීමක්
2024 සැප්තැම්බර් මස 30 455 0

පානදුර පල්ලියමුල්ල දී අද (30) අලුයම පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38184 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25142 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 828 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site