හෝර්ටන් තැන්න ප‍්‍රදේශයේ සිට 1937 වර්ෂයේදී මුල් වරට හමුවූ කඳුකර උණහපුළුවා හෙවත් හෝර්ටන් ප්ලේන්ස් ස්ලෙන්ඩර් ලෝරිස් ( Horton plains Slender lori ) වඳවී යන්නට ඇතැයි සිතා සිටියද තවමත් හොර්්ටන් තැන්න ආශි‍්‍රත කඳුකර වනාන්තරයන්හි ජීවත්වන බව තහවුරු වී ඇතැයි ශී‍්‍ර ලංකාවේ උණහපුළු සංරක්ෂණ ව්‍යාපෘතියේ පර්යේෂකයෝ කණ්ඩායමක් කියති. 1937 දී හෝර්ටන් තැන්නේ වතු නිලධාරියකු උණහපුළුවන් දෙදෙනකුතම මිතුරකුට දී නිවසේ ඇති දැඩි කොට තිබේ. 1939 දී සත්ත්ව විද්‍යා පර්යේෂක ඔස්මාන් හිල් කොළඹ දී මෙම සතුන් දෙදෙනා පරීක්ෂා කොට ඔවුන් ශී‍්‍ර ලංකාවට ආවේණික කඳුකර උණහපුළුවන් ලෙස හඳුන්වාදෙමින් විද්‍යාත්මකව ඛදරසි ඒරාසටර්ාමි බහජඑසජැඉදසාැි ලෝරිස් ටාඩිග‍්‍රාඩස් නික්ටිසෙබොයිඩස් ලෙස නම්කැර ඇත. ඊට අදාල පර්යේෂණ පති‍්‍රකාව 1942 දී එළි දක්වා ඇත. එම සත්ත්වයන් දෙදෙනාගේම නිදර්ශක ලන්ඩන් නුවර බි‍්‍රතාන්‍ය ස්වභාව විද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කැර ඇත. එකම සත්ත්වයකු ලෙස පරිනාමය වෙමින් සිට අදින් වසර ලක්ෂ දෙසීයකට පමණ පෙර ආදිකල්පික වානරයන්ගෙන් වෙන්ව මිනිසා සහ උණහපුළුවන් වෙන වෙනම පරිනාමයට බඳුන් වූ බව නූතන විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. වර්තමානය වනවිට උණහපුළුවන් ලෝකයේ වාර්තාවන්නේ ඉන්දියාවේ සහ ශී‍්‍ර ලංකාවේ පමණි. ශී‍්‍ර ලංකාවේ තෙත් හා වියළි කලාපයෙන් උණහපුළුවන් විශේෂ දෙකක් වාර්තාවන අතර එම විශේෂ දෙකෙන් තෙත් කලාපීය උණහපුළුවා පහතරට තෙත් කලාපයේදී ශී‍්‍ර ලංකා රතු උණහපුළුවා ලෙස ද කඳුකර වනාන්තරයේදී කඳුකර උණහපුළුවා ලෙස ද උප විශේෂ දෙකකට බෙදී යයි. එම විශේෂ දෙකම ශී‍්‍ර ලංකාවට ආවේණික අතර තෙත් කලාපීය උණහපුළු විශේෂයේ වෙනත් උප විශේෂ ඉන්දියාවෙන් ද වාර්තා නොවේ. වියළි කලාපයෙන් හමුවන උණහපුළු විශේෂය ද පහතරට වියළි කලාපයේදී ශී‍්‍ර ලංකා අළු උණහපුළුවා ලෙස උප විශේෂයකට ද අතරමැදි කලාපයේදී තවත් උප විශේෂයකට ද බෙදී යයි. එම උප විශේෂ දෙකම ශී‍්‍ර ලංකාවට ආවේණික වන නමුත් වියළි කලාපයේ දක්නට ඇති උණහපුළු විශේෂයේ උප විශේෂ දෙකක් ඉන්දියාවෙන් වාර්තාවේ. ඒ අනුව ශී‍්‍ර ලංකාවේ සිටින උණහපුළු විශේෂයක් සහ උප විශේෂ හතරම මෙරටට ආවේණික වීම විශේෂිත කරුණකි. ලෝරිස් ටාඩිග‍්‍රාඩස් නික්ටිසෙබොයිඩස් ඛදරසි ඒරාසටර්ාමි බහජඑසජැඉදසාැි කඳුකර උණහපුළුවා ලෙස හඳුන්වන උණහපුළු උපවිශේෂය 1942 දී නම් කිරීමෙන් පසු කිසිදු ස්ථානයකින් වාර්තා වී නැත. මීටර 1800 කට වඩා උසැති තෙත් කලාපීය කඳුකර වනාන්තරයන් වාසභූමි කැරගත් මෙම සත්ත්වයා පිළිබඳ වසර 72 කින් පසු පිළිගත හැකි වාර්තා නොලැබීම හේතුවෙන් කඳුකර උණහපුළුවා මෙරටින් වඳවී යන්නට ඇතැයි සත්ත්ව වි්‍යාඥයෝ විශ්වාස කළහ. ශී‍්‍ර ලංකාවට ආවේණික එම සත්ත්වයා මෙරට කඳුකර වනාන්තරයන්ගෙන් වඳවී යාම යනු ලොවින් සමුගැනීමයි. එහෙත් 2002 වර්ෂයේදී ආචාර්යා ඇනා නෙකාරිස් මහත්මිය පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ තමන් හෝර්ටන් තැන්නේදී ශී‍්‍ර ලංකාවේ කඳුකර උණහපුළු විශේෂයේ සත්ත්වයකුගේ ඇස් දෙකක් පමණක් දුටු බවයි. ආචාර්ය කාලිංග පද්මලාල් සහ මහාචාර්ය සරත් කොටගම මහතාගේ අධීක්ෂණය යටතේ කොළඹ විශ්ව විද්‍යාලයයේ ආචාර්ය උපාධි අපේක්ෂක සහ සත්ත්ව විද්‍යා පර්යේෂක සමන් ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවන ශී‍්‍ර ලංකාවේ උණහපුළුවන් පිළිබඳ සංරක්ෂණ ව්‍යාපෘතියේ ගවේෂකයන් කණ්ඩායමක් රාතී‍්‍ර නිරීක්ෂණ පැය 200 කට අධික කාලයක් කඳුකර වනාන්තර වල ගවේෂණයේ යෙදීමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම කඳුකර උණහපුළු විශේෂය තවදුරටත් මෙරට කඳුකර වනාන්තරයන්හි වාසය කරන බව තහවුරු කැරගෙන තිබේ. ඔවුන් විසින් නිරීක්ෂණය කරන ලද එම උප විශේෂයේ පිරිමි සත්ත්වයකු අල්ලා දත්ත සටහන් කරගෙන ඡුායාරූපයට ද නගා නැවත එම පරිසරයටම නිදහස් කැර තිබේ. එලෙස අල්ලාගන්නා ලද සත්ත්වයා බර ග‍්‍රෑම් 220 ක් සහ හිසත් ඇතුළු ශරීරයේ සමස්ථ දිග මිලි මීටර 202 ක් වූ හොඳින් වැඩුණු නිරෝගී සත්ත්වයකු බවත් ප‍්‍රධාන පර්යේෂණ නිලධාරී සමන් ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙසේ ද කීවේය. ‘‘අපි කණ්ඩායම් 12 දෙනකුගෙන් යුතු කණ්ඩායම් තුනක්් යොදවා රාතී‍්‍ර කාලයන්හි පැය 200 කට වඩා මෙම සත්ත්වයා පිළිබඳ ගවේෂණය කළා. අවසානයේදී අපේ මහන්සියේ ප‍්‍රතිඵල ලැබුණා. වඳවී ඇතැයි විශ්වාස කළ සත්ත්වයකු සොයා ගැනීමට හැකිවීම විශාල සතුටක් ඒ වගේම සත්ත්ව ලෝකයේ වැදගත් වාර්තා කිරීමක්. නමුත් අපි මේ සත්ත්ව විශේෂයේ ආහාර රටාවන් හා විශේෂිත චර්යාවන් පිළිබඳව තවමත් නිවැරදිව දන්නේ නැහැ. මෙම සත්ත්වයා ජීවත්වන ප‍්‍රදේශය දන්නා නිසා ඉදිරියේදී ඒ ගැන වැඩිදුර පරීක්ෂණ දියත් කොට තිබෙනවා. මෙම සත්ත්ව විශේෂය ජීවත්වන කඳුකර වනාන්තර ඉතාමත් සීඝ‍්‍රයෙන් විනාශ වී යාම නිසා මේ සතාගේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ලවී තිබෙනවා.‘‘ නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ නුවරඑළිය නගරයේ සිට කිලෝ මීටර හතරක් හෝ පහක් අඹේවෙල දෙසට ගමන් කරද්දී හමුවන කොනිකල් හිල් කන්දේ පිහිටි කඳුකර වනාන්තර කොටසකින් මෙම සත්ත්වයා හමුවී තිබේ. සංරක්ෂිත වනාන්තරයක් ලෙස නම්කිරීම සුදුසුයැයි යෝජනා කැර ඇති මෙහි මුහුදු මට්ටමේ සිට මීටර 1940 ක උසින් මෙම සත්ත්වයා සොයාගෙන ඇත. කඳුකර උණහපුළුවා ලෝකයට හඳුන්වාදුන් අවස්ථාවේදී ද ඡුායාරූපයක් ගෙන නොමැත. ඇත්තේ එම සත්තවයාගේ හිස් කබලේ අතින් අදින ලද සටහනක් පමණි. ඒ අනුව සමන් ගමගේ මහතා ඇතුළු කණ්ඩායම ලබාගත් ඡුායාරූප කිහිපය ලෝකයේ අතිශය දුර්ලභ සත්ත්වයකු ලෙස සැලකෙන ලෝරිස් ටාඩිග‍්‍රාඩස් නික්ටිසෙබොයිඩස් හෙවත් කඳුකර උණහපුළුවාගේ ප‍්‍රථම ඡයාරූප කිහිපයයි. උණහපුළුවන් පිළිබඳ පර්යේෂණ කළ කණ්ඩායම පෙන්වාදෙන්නේ කොනිකල් හිල් වනාන්තරය අදින් වසර 100 කට පමණ පෙර හෝර්ටන් තැන්න හා එක්ව පැවති පරිසර පද්ධතියක් බවයි. ජනාවාස හා වගාබිම් ඇතිවීමත් මාර්ග ඉදිකිරීමත් හේතුවෙන් එම කොටස අදින් වසර 50 කට පෙර මුළුනින්ම හෝර්ටන් තැන්නෙන් වෙන්වී ඇත. කඳුකර වනාන්තරයන්හි වරින් වර සිදුවන ලැව් ගිනි හේතුවෙන්ද යුකැලිප්ටස් හා පයිනස් වගා කිරීම හේතුවෙන් ද වනාන්තර සීඝ‍්‍රයෙන් විනාශවෙමින් යයි. එමෙන්ම තම ජනාවාස අවට වනාන්තර අල්ලාගනිමින් තේ සහ එළවළු වගාකිරීම හේතුවෙන් ද මෙම වටිනා පරිසර පද්ධතීන් විනාශ වී යයි. වනාන්තරයට සිදුවන බරපතලම විනාශය නම් කඳුකර වනාන්තරයන්හි යටි රෝපණයක් සේ ඇති අලුතින් බිහිවන ශාක දර වෙනුවෙන් ඉවත් කිරීමයි. මේ නිසා දැනට ඇති වැඩුණු ශාක වැස්ම මියයන විට එම අඩුව පිරවීමට ශාක නොමැතිවීම හේතුවෙන් කඳුකර වනාන්තර විනාශවනු ඇත. අති දුර්ලභ කඳුකර උණහපුළුවා වැනි සතුන්ගේ පැවැත්මට මෙම විනාශය අහිතකර ලෙස බලපායි.
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කඳුකර උණහපුළුවා
r m n anurasiri Wednesday, 24 August 2011 11:07 PM
හරි ලස්සන පින්තූරේ
දසුන් Tuesday, 06 September 2011 11:08 AM
මේ වාගේ ලිපි බ්ලොග් අඩවි පේස් බුක් කණඩායම් අතර බෙදා ගැනීමට හැකිද.