IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කඳුරට ජනතා පෙරමුණේ නියෝජ්‍ය මහ ලේකම් ධූරයෙන් අනූෂා චන්ද්‍රසේකරන් ඉවතට

(එෆ්.අස්ලම්)
 

කඳුරට ජනතා පෙරමුණේ නිර්මාතෘ පෙරියසාමි චන්ද්‍රසේකරන් මහතාගේ දියණිය වන අනූෂා චන්ද්‍රසේකරන් මහත්මිය පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ධූරයෙන් සහ  සාමාජිකත්වයෙන්  ඉවත් කිරීමට එම පෙරමුණේ ජාතික සභාව විසින් පියවර ගනු ලැබීය.
 
ඇය විසින් දැරූ නියෝජ්‍ය මහ ලේකම් ධූරය සඳහා කදුරට ජනතා පෙරමුණේ මුදල් ලේකම් ධූරය දැරූ මහාචාර්ය  විජයචන්ද්‍රන් මහතා පත් කිරීමට  තීරණය කර තිබෙන  බව එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසීය.
 
හැටන් හි පිහිටි කදුරට ජනතා පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති ජාතික සභා රැස්වීමේ දී මෙම තීරණය   ගත් බවද හෙතෙම කීය.
 
කඳුරට ජනතා  පෙරමුණේ නියෝජ්‍ය මහ ලේකම් ධූරය දැරූ   අනූෂා චන්ද්‍රසේකරන් මහත්මිය  පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව පක්ෂයට විරුද්ධ ක්‍රියාකාරකම්වල නිරතවීම යන චෝදනා මත  ඇයව පක්ෂ සාමාජිකත්වය ඇතුළු සියළු තනතුරු වලින්  ඉවත් කළ බවද  රාධාක්‍රිෂ්ණන් මහතා කීය.
 
කඳුරට ජනතා පෙරමුණ සමගි ජන බලවේගය හා එක්ව මැතිවරණයට තරග කළද  එම පෙරමුණේ නියෝජ්‍ය මහ ලේකම් අනූෂා චන්ද්‍රසේකරන් ඇතුළු කණ්ඩායමක් විසින් එම පෙරමුණ නියෝජනය වන  ස්වාධීන කණ්ඩායමක් වශයෙන් පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයට නුවරඑළිය  දිස්ත්‍රික්කයෙන් තරග කර  ඡන්ද 17,107 ක් හිමිකර ගත්හ.
 
කඳුරට ජනතා පෙරමුණේ මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනූෂා චන්ද්‍රසේකරන් මහත්මිය සදහන් කර සිටියේ ජාතික සභාව නියෝජනය කරන තමන් ඇතුළු තමන් හා එක්ව සිටි නියෝජිතයින් කැඳවීමකින් තොරව මෙම තීරණය ගෙන ඇති බවයි.
 
කඳුරට ජනතා පෙරමුණ වෙනුවෙන් තමන් පෙනී සිටි බවත් තමා යන්නේ තම පියාගේ අඩිපාරේ බවත් එය නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තමන්ට ඡන්දය ලබාදුන් 17,107ක ජනතාව ඊට සාක්කි බවත් පක්ෂයේ මෙම තීරණය  කිසිවිටක පිළි නොගන්නා බවත් අනූෂා චන්ද්‍රසේකරන් මහත්මිය සදහන් කළාය.
 
මීට අමතරව කදුරට ජනතා පෙරමුණේ ජාතික සභාව විසින් තවත් තීරණ කිහිපයක් ගෙන තිබිණි. ඒ අනුව කඳුරට ජනතා පෙරමුණට  සම්බන්ධ ගුරු පෙරමුණේ  ලේකම්  එස්.රවීන්ද්‍රන් මහතාද එම ධූරයෙන් හා  ඉවත් කිරීමට තීරණය කර තිබේ.
 
එමෙන්ම කඳුරට ජනතා පෙරමුණ  නියෝජනය වන වතුසේවක  සංවිධානයක් පිහිටුවීමටත්, පක්ෂ නියෝජිතයින්  25 දෙනෙකුගෙන් යුත් පරිපාලන සභාවක් අලුතින් පත් කිරීමටද තීරණය කර ඇත.



අදහස් (0)

කඳුරට ජනතා පෙරමුණේ නියෝජ්‍ය මහ ලේකම් ධූරයෙන් අනූෂා චන්ද්‍රසේකරන් ඉවතට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 0 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 62 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 160 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 81 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1975 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 4655 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 405 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1901 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site