IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


‘කාපට් පාරවල් එපා : පයින් යා හැකි පාරක් දෙන්න’

නකල්ස් කඳුවැටිය පාමුල උඩුදුම්බර මීමුරේ කුඹුක්ගොල්ල ගම ගිරි දුර්ග ,වන දුර්ග හා ජල දුර්ග සහිත අති දුෂ්කර පෙදෙසෙකි.

පාසලට යාමට දරුවනට කිලෝමීටර් 10-12 පයින් යෑමට සිදුවේ.මේ ගමේ සිට මී මුරේ කයිකාවල පාසලට දුර කිලෝමීටර් දොළහකි.

සුදු ගවුමේ මඩ නොගෑවෙන පාවහන් දෙකක් පැළැදගෙන පයින් යා හැකි පාරක් ඇත්නම් කාපට් මාර්ග ඕනෑ නැතැයි අචිනි චතුරි වත්සලා සිසුවිය කියන්නීය.

මේ ගමේ පාසල් නොයන දරුවෝ බොහෝ වෙති.උප්පැන්න සහතිකයක් පවා නොමැති ළමෝ එහි  සිටිති.

 



අදහස් (0)

‘කාපට් පාරවල් එපා : පයින් යා හැකි පාරක් දෙන්න’

නිලු Friday, 13 December 2013 01:49 PM

පුලුවන්නම් පින් සිද්ද වෙන වැඩක් ඔන්න ජනාදිපති තුමනි.(නදී)

:       0       0

අකිල Friday, 13 December 2013 02:00 PM

ඇවිදින්න පුළුවන් හොඳ පාරකට වැඩිය ඔය පාර හොදයි දුවේ. අපි බොන්නේ දුහුවිලි පිරුණු වාතය. ඒ අතින් ඔය දරුවන් කොච්චර පින් කරලද? (නි)

:       0       0

චානක. Friday, 13 December 2013 02:02 PM

මේවා පින පව අනුව සිදුවෙන්නේ කියලා අත හෝදගන්න ක්‍රමයක් තමා රටට පුරුදු කරලා තිබෙන්නේ. මේවා මෙහෙම සිදුවෙන්නේ ක්‍රමයේ තිබෙන වැරැද්දෙනි.(නදී)

:       0       0

රංජිත් සිල්වා Friday, 13 December 2013 02:04 PM

මේ පළාත් සමහරවිට රක්ෂිත වනාන්තර වෙන පුළුවන්. හැව කැලෑවකටම පාරවල් දැම්මහම සතුන්ගේ ජීවන රටාව වෙනස් වෙනවා. මේ අයට ගමක් හෝ පාරක් අසලින් ගෙවල් හදා දුන්නා නම් හොදයි. ලාබෙට ඉඩම් අරගෙන දැන් පාරවල් ඉල්ලනවා. නැත්නම් කැලෑව අල්ලාගෙන ඉන්න අය වෙන්න පුළුවන්. පාරක් කියන්නේ සෙල්ලම් වැඩ නෙවේ. ඔය වියදම් කරන මුදල් ආයෝජන වෙන්න ඕනේ. කොහොමද මේවට පාරවල් දැම්මහම ඉතිරි කැලෑ ටිකත් ඉවර වේවි. (නදී)

:       0       0

සැම් Friday, 13 December 2013 02:07 PM

ආසියාවේ ආශ්චර්යය තමා මේ.(නදී)

:       0       0

මේනකා ලොකුපතිරණ Friday, 13 December 2013 02:08 PM

එක පාරටම දැක්කාම නම් හරිම සුන්දරයි. ඒත් මේ දරුවෝ පව්. ඉගන ගන්න මොන තරම් දුකක් විදිනවද? සංවර්දනය කරන්න පටන් ගන්න ඕනි මේ වගේ දුෂ්කර ගම්මාන වලින් තමයි. මුලින්ම.බබාල ලැබෙන්න ඉන්න අම්මලා මොනතරම් දුකක් විදිනවා ඇතිද. ගොඩක් පව්.(නදී)

:       0       0

දිලිප් Friday, 13 December 2013 02:21 PM

අයියෝ ඕවා මෙනෙවද? අපි ලැම්බෝගිනි අරගෙන හෙට පදිමුකෝ.(නදී)

:       0       0

සාරසී Saturday, 14 December 2013 11:02 AM

පරිසරයට හානි නොකර පාරක් හදන්න බෑ. පාර හදනකොට කෑ ගහන්න පටන් ගන්නවා කැලේ විනාස කරනවා කියලා. අපේ මිනිස්සුන්ගේ හැටි එහෙමනේ. (නදී)

:       0       0

හේමන්ත Friday, 13 December 2013 02:23 PM

අවුලක් නැහැ. කාර් රේස් ඉවර වුනහම සලකලා බලයි.(නදී)

:       0       0

ඡානක Friday, 13 December 2013 02:23 PM

ඒ අර චෝගම් කාලේ දිගට හරහට පාරවල් කාර්පට් කලේ ඔය පාර කාර්පෙට් කරලා නැද්ද ? (නදී)

:       0       0

සම්පත් ප්‍රියංකර Friday, 13 December 2013 02:26 PM

මට නම් හිතෙන්නේ මොවුන්ට වෙනත් පහසුකම් තිබෙන ප්‍රදේශයකින් නිවාස ලබා දෙන එක වඩා උචිත. පාරවල් හදල තවත් ජනාවාස ඇති කරන්න ගියොත් මෙම සුන්දර පරිසරය විනාශ වෙනවා. (නදී)

:       0       0

කුමාරිහාමි Friday, 13 December 2013 02:28 PM

කවුද මේ පැත්තේ මන්ත්‍රී? (නදී)

:       0       0

සම්පත් ප්‍රියංකර Friday, 13 December 2013 02:32 PM

පාර හැදුවම බස් එකක් ලබා දෙන්න වෙනවා. කිලෝමීටර් 10 - 12 කොහොමද ඇවිදින්නේ. ඊට පස්සේ පාර කාර්පට් කරන්න වෙනවා බස් එක යන්න. ටිකෙන් ටික සුන්දර මීමුරේ විනාශ වෙනවා. ඊට වඩා හොද නැද්ද මොවුන් සියලු දෙනා පහසු කම් ඇති ප්‍රදේශයකින් පදිංචි කරන එක. (නදී)

:       0       0

සහන් බණ්ඩාර Friday, 13 December 2013 02:33 PM

හිරු එන්න පෙරාතුව ගව් ගණන් දුර ගෙවා.....වන ලැහැබ්, ඇළ දොලද ගිරි දුර්ග පසුකරන්......දිනපතා අව් වැස්සේ ශිල්ප හල වෙත ඇදෙන.....ඔබේ පින්තුරයෙන් මගේ හදම සසැලුනා .... කාටවත් නොම පෙනෙන....කාටවත් නොම දැනෙන....අපෙම ලක් මව් බිමෙහි.......මන් මාවතක් නැතිව... . තනිවෙච්ච ගම්මානෙ....අහින්සක පැටව් දෙස.... බලනු මැන දෙවියනේ...ඉල්ලන්නේ ඒ ඇත්තෝ.....මිල මුදල් , සැප නොවෙයි....මේ පුංචි දරුවන්ට...හෙට ලොවට පිවිසෙන්න ....ගමට යන 'මාවතක්'.....(නදී)

:       0       0

ගමගේ Friday, 13 December 2013 02:37 PM

ගෙදරක වුනත් ගොඩක් අපි කැමතියි සාලේ ලස්සනට තියාගන්න. කුස්සිය ,ඉස්ටෝරු කාමරේ , නිදන කාමර කෑම කාමර ගොඩක් ගෙවල්වල පිළිවෙලක් නෑ. ඒ නිසා රටටත් ඒ තියරිය පොදුයි. චාර්ල්ස් මහත්තය වගේ කට්ටිය දුම්බර මිටියාවත බෙදාගන්න යනවයි කියලද මොකෝ? (නදී)

:       0       0

තිළිණි Friday, 13 December 2013 09:10 PM

පාර හදන්න කලින් ළමුන්ගේ ගෙවල් අවට පහසුකම් සහිත පාසලක් හැදුවොත් හොඳයි. ඒත් ඉතින් ගුරුවරු ගෙන්න ගන්න ලෙහෙසි වෙන්නේ නෑ.(නදී)

:       0       0

කොඩිකාර Friday, 13 December 2013 02:53 PM

සුන්දර ගමේ අසිරිය දැක ගැනීමට සතුටක්. ගමේ අනන්‍යතාවය රැකෙන විදියට මෙය වෙනස් කල යුතුය. (නදී)

:       0       0

නිලන්ත Friday, 13 December 2013 02:54 PM

වන මැද සත්තුන්ට තියෙන තැන් වල මිනිස්සු පදිංචි වීම ඉවත් කර පහසුකම් තියෙන තැන් වල ඉඩම් දිය යුතුය. (නදී)

:       0       0

තිලින බණ්ඩාර Friday, 13 December 2013 02:59 PM

ගමේ සුන්දරත්වය තියෙන්නේ සංවර්ධනය නොවන නිසයි. පාරවල් ඕනේ නැහැ.(නදී)

:       0       0

ප්‍රියන්ත Friday, 13 December 2013 03:13 PM

අනේ දුවේ, ඔයගොල්ලන් ආණ්ඩුවට සල්ලි දුන්නොත් ඔය පාර බාගෙට හදා ගන්න පුළුවන්. ඒ සල්ලි වලිනුත් බාගයක් ඔය හොරු ගහනවා. මුළු පාරම හදාගන්න ඕනෙනම් ගමෙන්ම වැඩේ පටන් ගන්න.(නදී)

:       0       0

අංජුල Friday, 13 December 2013 03:37 PM

ඇත්තටම මේ පින්තුර ටික දැක්කම මට හිතෙන්නේ මේ ළමයි කොච්චර වාසනාවන්තද කියලා. අපි මේ දුවිල්ලෙන් නැහැ උන නගරෙට වෙලා දුක් විදිනවා හරියට හුස්ම ගන්නවත් බැරුව. අපිට පාරවල් හොදට තිබුනත් මේ ගමේ ඉන්න මිනිස්සු තරම් අපි වාසනාවන්ත නැහැ. කරුණ කරලා මේ තියෙන විදියටම ගම තියෙන්න දෙන්න. පාරවල් හදන්න ඇවිල්ල ඔයාලගේ ගමේ ඔය තියෙන කියන්න බැරි සුන්දරත්වය නැති කරනවා අනිවාර්යෙන්ම.(නදී)

:       0       0

දර්ශා Friday, 13 December 2013 10:21 PM

රක්ෂිතය විනාස කිරීමට ඉඩ දිය නොහැක . මට හිතෙන්නේ මෙයාල අනවසර පදිංචි කරුවන් සමහරුන්ට උප්පැන්නයක්වත් නැහැ කියන්නේ.අර සමහරු කියාපු විකල්ප වැඩේ තමයි කරන්න වෙන්නේ. (නදී)

:       0       0

ජානක Friday, 13 December 2013 04:00 PM

රන්ජිත් සිල්වා මගෙත් අදහසත් ඕක මයි.(නදී)

:       0       0

රෙත් Friday, 13 December 2013 04:02 PM

සිලවා මහත්තයයෝ, මෝඩ කතා කියන්නේ ඒ පළාතට ගිහින් නැතුව වෙන්න පුලුවන් නේද? (නදී)

:       0       0

චමී Friday, 13 December 2013 04:07 PM

ගමට පාසලක් දෙන්න.(නදී)

:       0       0

හේමන්ත Friday, 13 December 2013 04:08 PM

මේ පුවත කියවන මට පහලින් පෙනෙන්නේ මෝටර් රේස් දැන්වීම. මොනවද හිතෙන්නේ කියල බලන කවුරුත් හිතාගන්න.(නදී)

:       0       0

රානා Friday, 13 December 2013 04:14 PM

පුතේ නුඹලා පින්කරපල්ලා ඊලග ආත්මයේදී හම්බන්තොට ඉපදෙන්න. දැන් එහෙ තියෙන්නේ කාර්පට් පාරවල් විතරයි.(නදී)

:       0       0

දිල්හාර Friday, 13 December 2013 04:28 PM

මිට වඩා හොද නැද්ද රක්ෂිත ඇත හැරලා වෙන තැනක පදිංචි කරන්න කිව්වා නම්.(නදී)

:       0       0

අක්ෂි Friday, 13 December 2013 11:01 PM

මේ මිනිස්සු ඉස්කෝල, ළඟ ආරක්‍ෂිත තැන්වල තට්ටු නිවාස හදල පදිංචි කරවන වැඩ පිළිවෙලක් පටන්ගන්න දැන්වත් බැරි ඇයි? (නදී)

:       0       0

දිනේෂ් Friday, 13 December 2013 04:43 PM

රක්ෂිත වනාන්තර වල නෙවේ ඔය ළමයි ඉන්නේ. ඔය කියන කව්රු උනත් ගිහින් බලලා ප්‍රතිචාර දුන්නොත් හොදයි. ඔය වගේ හරියට යන්න පාරක් නැති මිනිස්සු කොච්චර ඉන්නවද මේ ලංකාවේ. කවුරුත් ඒ දේවල් දැනගෙන කතා කලොත් හොදයි.(නදී)

:       0       0

කෝනාර Friday, 13 December 2013 04:45 PM

රංජිත් ඔබ ලංකාවේ එකෙක්ද ? (නදී)

:       0       0

කොටගම Friday, 13 December 2013 11:21 PM

අපේ රටේ ගම්වල ජනතාව බොහෝ දුක් විදිති. ඒත් පාලකයන් මේවා දන්නේ නැත.(නදී)

:       0       0

ඉන්දික Friday, 13 December 2013 05:01 PM

රංජිත් සිල්වා, ඔයා හරි. මීමුරේ කියන්නේ ලස්සන ගමක්. ඒක ඒ විදියටම තියෙන්න ඕනේ. නමුත් කල යුත්තේ ඔවුන්ව නගරය ආසන්නයේ පදිංචි කරවීමයි. මේ ගොල්ලෝ හැතැප්ම 10-12 කැලේ ඇතුලේ මොනවා කරනවද මන්දා. විහින් දුක් විඳිනවා. (නදී)

:       0       0

ප්‍රනාන්දු Friday, 13 December 2013 05:13 PM

රංජිත් මහතා කියන විදිහට රජය වැය කරන හැම දෙයකින්ම ආයෝජනය වෙනවද? (නදී)

:       0       0

ප්‍රමුඛ. Friday, 13 December 2013 05:13 PM

මේ පළාතේ අයත් හම්බන්තොට ආසන්නව වත් හිටියා නම් මේ පහසුකම් ලැබේවි.(නදී)

:       0       0

නිරංජලා Friday, 13 December 2013 05:18 PM

රටේ දියුණු ප්‍රදේශයක උපදින්න මේ දරුවන් වාසනාව අහිමි වෙලා. (නි)

:       0       0

චන්දි අලුත්වල Saturday, 14 December 2013 12:23 AM

ජය වේවා තිලක් ඩුබායි මල්ලියට.(නදී)

:       0       0

අසෝකා Friday, 13 December 2013 05:21 PM

දරුදුක දන්න උගතුන් රට කරන වෙලේ... අකුරක් කරන්නට වෙර ගන්නා තාලේ... (නි)

:       0       0

අසෝකා Saturday, 14 December 2013 05:33 PM

මේ සෑම දෙනාගේම අදහස් කියෙව්වට පස්සේ මට මෙහෙම හිතුනා. අපේ පරිසරය රැක ගන්න ගහකොළ,ගංගා, කැලෑව ආරක්ෂා කරගන්න ගම්මානවල වල ඉන්න අයව ගෙනල්ලා නගරයේ පදිංචි කළොත් හොදයි කියලා.(නදී

:       0       0

චන්දි අලුත්වල Friday, 13 December 2013 05:32 PM

රජිත් සිල්වා, සොයුර ඔබගේ අදහස කියවන විට, මාහට තරහක් ඇති විය මේ දුප්පත් මිනිස්සු ගැන මිට වඩා දෙයක් ලියන්න තිබුනෙම නැද්ද ඔයාට. මෙම දරුවන්ගේ ඉල්ලීම ජනපතිතුමාගේ දෙසවන් වලට ඇසේවා. දෙනුවන් වලට පෙනේවා.(නදී)

:       0       0

ලාල් කැන්ඩි Saturday, 14 December 2013 01:24 AM

මේක ලංකාවේ ගමක් වෙන්න බැහැ නේද මහා මාර්ග ඇමති තුමෝ.(නදී)

:       0       0

ජානක Saturday, 14 December 2013 03:34 AM

කරුණාකරලා මට මේ ගමේ විස්තර සහ ලංකාදීප වාර්තාකරුගේ විස්තර ඊමේල් කරන්න. මම මේ සදහා වැඩසටහනක් කරන්නම්.(නදී)

:       0       0

අසෝකා Friday, 13 December 2013 06:14 PM

අකිල, අංජුල, ඔයාලත් ලංකාවේ මේ පැතිවලට ගිහින් බලන්න. පින්තුරෙන් පේන ලස්සන ඒ අයගේ ජීවිතවල නැහැ. ඒකයි ඇත්ත. අසනීපයක් උනාම බෙහෙතක් ගන්න මේ ළමයි , වයසක උදවිය කොහොමද යන්නේ. රංජිත් සිල්වා මහත්තය කියනවා වගේ තරු පහේ රැකියාවක් කරගෙන ශීත කළ කාමරයක ඉන්නේ නැතුව මේ මිනිස්සු මොකට දුක් විදිනවද කියලත් හිතෙනවා.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 13 December 2013 06:26 PM

මෙතන අදහස් දාන මිනිස්සු මොන ජාතිය යද කියල හිතා ගන්නවත් බැහැ. අර දරුවන් කිලෝමීටර් 10-12 ගෙවලා පාසලට යනවා කියන්නේ කොච්චර අමාරු වැඩක්ද?  ගංඟා වලින් පැන පැන දුක් විදගෙන තමයි මේ දරුවෝ යන්නේ. ඔය දුර කතර ගෙවාගෙන යන්නෙත් සමහරවිට තේ කහට කෝප්පයක් බීලත් වෙන්න පුළුවන්. ඔය බයිල ගහන අයටත් කිලෝමීටර් 10-12 දුර කතර ගෙවලා යන්න වුනානම් ඒ දුක තේරේවි. පාට කන්නාඩි ගලවල සත්‍ය තේරුම් ගැනීමට හැකි වේවා.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 13 December 2013 06:27 PM

අදි වේගී මාර්ග හැදුවම 70% ක්ම කොමිස් ලැබෙනවා. ඔය දුෂ්කර පාරවල් හදල සල්ලි ලැබෙනවද? (නදී)

:       0       0

ටිකිරි බංඩා Friday, 13 December 2013 06:27 PM

මෙහෙ අදිවේගී මාර්ග ගැන කතා කියනවා. ඒත් හවස 7 න් පස්සේ ගෙදර යන්න අපිට බස් එකක් නැහැ.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 13 December 2013 06:28 PM

අසෝකා ඔබ හරියටම හරි.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 13 December 2013 06:30 PM

අසෝක, ඔබ හරි. රටට මෙහෙම වෙලා තිවෙන්නේ මේ වගේ අය නිසා.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 13 December 2013 06:31 PM

කිලෝමීටර් 10-12 පයින් යනවා තියා ඔය කියන අය තමුන් වැඩ කරන ආයතනයේ ලිෆ්ට් එක නැතිව 2 වෙනි තට්ටුවට නගිනවද බලන්න.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 13 December 2013 06:40 PM

ඉස්සර ප්‍රභාකරන් කළෙත් දමිල මිනිසුන්ගේ මොළ හෝදපු එක. දැන් කරන්නෙත් ලංකාවේ සිංහලයන්ගේ මොළ හෝදන එක. ඒකනේ මේවගේ අදහස් එන්නේ.(නදී)

:       0       0

ලාල් Friday, 13 December 2013 06:50 PM

මේකේ තියන සමහර අදහස් මේ අයට බලන්න බැරි එක හොදයි. (නදී)

:       0       0

සෙනෙවි Saturday, 14 December 2013 08:41 AM

ස්වබාවික පරිසරයට කිසිඳු හානියක් නොවන ලෙස අඩුම තරමේ ගසක් වත් නොකපා පාරක් හදන්න. එසේ නැතිව මේ ලස්සන ඇළ දොළ ගස් ගල් විනාස කොට හදන පාරෙන් වැඩක් නැහැ. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 13 December 2013 07:31 PM

ඔබ කැමතිද ඔබේ දරුවා ගංඟා වලින් පැන පනැ ජීවිතයේත් මරණයත් අතර කිලෝමීටර් 10-12 දුරක් විතර ගෙවලා පාසල් යනවට ?(නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 13 December 2013 07:31 PM

සමහර විට ඔය දරුවන් පාසල් යන්නේ උදේට කහට කෝප්පය බීලා වෙන්නත් පුළුවන්. ඒ තරමට රටේ දුක් විදින මිනිස්සු ඉන්නවා.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 13 December 2013 07:33 PM

පුදුම විදියට සෞන්දර්‍යයට ආදරය කරන පිරිසක් ලංකාවේ ඉන්නේ. හැබැයි දේශපාළුවන් විසින් රක්ෂිත වනාන්තර විනාශ කරද්දී ඔය අදහස් ගලා නොඑන එකයි කනගාටු.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 13 December 2013 07:34 PM

මගේ තාත්තාගෙන් මම ඉගෙනගත්තු දෙයක් තමයි හරි දේ හරි වැරදි දේ වැරදියි කියන එක. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 13 December 2013 07:38 PM

දැන් 5 වසර ශිෂ්‍යත්වයත් නැති කරලා දැම්මම ගමේ දරුවෝ ගමේම පාසැලකට ගිහින් පාසල් ගමන ඉවර කරනවා. පිරිමි දරුවන් හමුදාවටත්, ගැහැණු දැරුවන් මැදපෙරදිගටත්, ඇගලුම් කම්හල් වලටත් යවන්න පුලුවන්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 0 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 265 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 276 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 408 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 432 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 411 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 124 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site