IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


කැප්පෙටිපොළත් වීර නාමාවලියට

 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස ප්‍රකාශයට පත් කරමින් දඬුවම් කරන ලද 19 දෙනකු වසර 198කට පසු සියලු චෝදනාවලින් නිදහස් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ඔවුන් වීරවරයන් ලෙස අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

කැප්පෙටිපොල දිසාව, ගොඩගෙදර රටේ අධිකාරම්, කැටකාල මොහොට්ටාලේ, කතරගම මහා බෙත්මේ රටේ රාල, කතරගම කුඩා බෙත්මේ රටේරාල, පලංගොල්ලේ මොහොට්ටාලේ, වත්තෙකාලේ මොහොට්ටාලේ, පොල්ගහගෙදර රෙහෙනරාලේ, පොසේරේවත්තේ විදානේ, කිවුලේගෙදර මොහොට්ටාලේ, කළුගමුවේ මොහොට්ටාලේ, උඩුමාදුර මොහොට්ටාලේ, කොහුකුඹුරේ වලව්වේ රටේ රාල, කොහුකුඹුරේ වලව්වේ මොහොට්ටාල,   බූටෑවේ රටේ රාල, භගිනිගහවෙල රටේ රාල, මහ බදුල්ලේ ගම්මානේ රටේ රාල, බුළුපිටියේ මොහොට්ටාල, පල්ලේ මල්හේයායේ ගමතිරාලේ යන පිරිස රණ ශූරයන් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශයට පත් කළේය.

1818 ඌව වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය ලබා දීම හේතුවෙන් එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාව සිටි රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා 1818 ජනවාරි 18 වැනි දා විශේෂ ප්‍රකාශනයක් මගින් ඔවුන් සියලු දෙනා දේශද්‍රෝහීන් ලෙස නම් කළේය.

scan0004[1]-1 scan0004[1]-2



අදහස් (0)

කැප්පෙටිපොළත් වීර නාමාවලියට

පද්මිණි Friday, 09 December 2016 06:08 AM

18 කැරැල්ල ගැන ලිපියක් ඔබ පුවත්පතේ පළකරනවා නම් ගොඩක් ස්තුතියි (නි)

:       0       0

රංග Friday, 09 December 2016 07:16 AM

යහපාලන රජයේ පළමු වැදගත් කාර්යය රැජින මේස් ගලවලා අතට අත දුන්නු එක සැපයි කියන එකයි. ඒකයි මේකයි ගළපාගන්න බැරුවයි මං මේ දහ අතේ කල්පනා කරන්නේ! අනෙක මේ ප්‍රකාශයේ 'සිංහල නායකයන්' කියා සඳහන් වීම 'සංහිඳියාවට' බාධාවක් නොවෙයිද (නි)

:       0       0

සත්‍යයා Friday, 09 December 2016 07:33 AM

ප්‍රමාදවී හෝ කළ දෙය යුග මෙහෙවරක්. (හේ)

:       0       0

සමිදු Friday, 09 December 2016 07:40 AM

මේ පනතට පක්ෂ අපේ පාර්ලිමේන්තුවේ ඉන්න මැති වරුන් කි දෙනාද මේ විරුවන්ගේ ඉතිහාස කතා අහලා තියෙන්නේ. (හේ)

:       0       0

තිලක Friday, 09 December 2016 08:04 AM

අත් වැසුම් නැතුව අතට අත දුන්නු වෙලාවේ හිතුනුදෙට වැඩ වෙනස් දෙයක් කිරීම ගැන අපගේ ප්‍රණාමය.(හේ)

:       0       0

විපුල Friday, 09 December 2016 08:04 AM

අද අපි බ්‍රිතාන්‍ය යටත් විජිතයක් නෙමෙයි . අපි කොහොමත් මේ අය දේශ ද්‍රෝහී ලෙස එදත් අදත් පිළිගෙන නැහැ.මේවගේ විකාර වැඩ කරන එකේ අඩු තරමේ බ්‍රිතාන්‍ය කෞතුකාගාර වල තියෙන අපේ කෞතුක වස්තුන් යලි මෙරට ගෙන ආවා නම් එය ශ්‍රී ලාංකිකයන්ට කොතරම් වැදගත්ද ?(හේ)

:       0       0

කමල් Monday, 12 December 2016 01:50 PM

ඉතාමත් හොඳ වැඩක් (ර)

:       0       0

සදුන් Thursday, 08 December 2016 01:43 PM

විශිෂ්ඨ කාර්යයක් . ප්‍රමාදවී හෝ මොවුන් ජාතික වීරයන් සේ පිළිගැනිම අගය කළ යුතු සේවයක්. - (හේ)

:       0       0

අනුරාධ Thursday, 08 December 2016 01:50 PM

අතිවිශිෂ්ටයි ජනපතිතුමනි. එ්ත් එදා සිටම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ විශේෂ ප්‍රකාශනය අවලංගු කර එතුමන්ලා ජාතික විරුවන්සේ සළකන්න ප්‍රමාදවීම ගැන අප ලැජ්ජා වියයුතුයි. (නි)

:       0       0

සිරි Saturday, 10 December 2016 07:38 AM

ඉතාමත් හොඳ ක්‍රියාවක්. ඒවගේම මේ රට වෙනුවෙන් දිවි පරදුවට තබා වැඩ කළ රණවිරුවන් උසාවි ගෙනඑන එක ගැනත් බැලුවොත් හොඳයි. (නි)

:       0       0

මෙන්ඩිස් Thursday, 08 December 2016 01:53 PM

ලංකාවට ටිකෙන් ටික නිදහස ලැබෙමින් තිබෙනවා වගෙයි. (නි)

:       0       0

රොමේෂ් Thursday, 08 December 2016 01:56 PM

සංස්කෘතික අමාත්‍යංශය ජ.වි.පෙ යටතේ පැවතුන කාලයේදීත් මේ මාතෘකාව ගොඩාක් කතා වුණා. නමුත් කිසියම් හෝ බලවේගයකින් එය එදා සිදු වුණේ නැහැ. ප්‍රමාදවී හෝ මේ දේ සිදුකිරීම අගය කළයුතු ක්‍රියාවක්. (නි)

:       0       0

ගුණසිරි Thursday, 08 December 2016 02:09 PM

සැබෑ ජාතික වීරයින්ගේ අගය සිංහලයින්ට දැනෙන්නේ ඔවුන් නැතිවෙලා කාලයක් ගියාමයි. (නි)

:       0       0

රොක්සි Thursday, 08 December 2016 02:12 PM

ඉංග්‍රීසි ආණ්ඩුව එදා මේ පිරිස රාජද්‍රෝහීන් ලෙස නිගමනය කිරීම ගැන ඕනෑම කෙනෙකුට තේරුම්ගත හැකියි. ඒ වුණාට මේ රටේ ජනතාව කවදාවත් එහෙම සිතුවේ නැති බවත් ඕනෑම කෙනෙකුට පුළුවන් තේරුම් ගන්න. (නි)

:       0       0

රොකී Thursday, 08 December 2016 02:16 PM

සඳුන්, ඔවුන්ව මේ රටේ අපි කවුරුත් කවදත් පිළිගත්තේ වීරයන් හැටියටයි. මේ අපට අලුතෙන් ඔවුන්ව වීරයන් හැටියට හඳුන්වා දෙන්න උවමනාවක් නැහැ! ඔබේ කතාවෙන් පෙනෙන්නේ ඔබ මෙතෙක් ඔවුන් වීරයන් හැටියට පිළිගත් කෙනෙකු නොවන වගයි! (නි)

:       0       0

ප්‍රියාන් Thursday, 08 December 2016 02:23 PM

අතිවිශිෂ්ටයි සර්.. (නි)

:       0       0

ජි නන්දන Thursday, 08 December 2016 02:26 PM

ඇත්තටම දැන් තියන නම් වගේද මේ නම්? සිංහලකම කොච්චර ගැබ්වෙලා තියනවද (නි)

:       0       0

අර්ජුන Thursday, 08 December 2016 02:33 PM

ඉතිහාසගත වන සුවිශේෂි තීරණයක්. අපේ ප්‍රණාමය (නි)

:       0       0

නිහාල් Thursday, 08 December 2016 02:38 PM

කෝ අපේ හිටපු ජනපතිතුමා? කවුද එතකොට එතුමා? (නි) (නි)

:       0       0

දුමින්ද Thursday, 08 December 2016 02:45 PM

කළහැකි උතුම්ම උපහාරය ඒකීය මව්බිම රැකීමයි (නි)

:       0       0

අප්පුහාමි Thursday, 08 December 2016 02:45 PM

දැන්වත් තේරුම්ගත්තා මදැයි (නි)

:       0       0

දිල්ෂාන් Thursday, 08 December 2016 02:57 PM

හොඳ වැඩක්. ස්තුතියි! (නි)

:       0       0

තුෂාර Thursday, 08 December 2016 03:23 PM

ප්‍රමාදවී හෝ මොවුන් ජාතික වීරයන් සේ පිළිගැනීම අගය කළයුතු සේවයක් (නි)

:       0       0

අනුෂ Thursday, 08 December 2016 03:26 PM

ඉතා අනර්ඝයි ජනපතිදුනි. මෙම වීරයින් සදා අමරණීයයි. (නි)

:       0       0

සමන් Thursday, 08 December 2016 03:27 PM

කැප්පෙටිපොළ කියන්නේ සුප්‍රකට උඩරට ගිවිසුමේ කොටස්කාරයෙක්. උඩරට කැරැල්ල මැඩීමට ඉංග්‍රීසින් විසින් යවන ලද පුද්ගලයා ඇත්තටම වීරයෙක්ද? (නි)

:       0       0

ධම්ම Thursday, 08 December 2016 03:29 PM

මොවුන් ජාතික වීරයන් සේ පිළිගත් ජනපති මෛත්‍රීපාල සිරිසේන නිරායාසයෙන්ම ජාතික වීරයකු වූ වගයි. (නි)

:       0       0

සරත් Thursday, 08 December 2016 03:38 PM

අතිගරු ජනාධිපතිතුමා අපේ ඓතිහාසික විරුවන්ට නිසි ගෞරවය ලබාදුන්නා. මෙය ඉතිහාසයේ රන් අකුරින් ලියවිය යුතු කරුණක්. පසුගිය අවුරුදු 10 පාලනය කළ රජතුමාට මෙය කළ නොහැකි වුයේ ඇයි. (නි)

:       0       0

අමිත් Thursday, 08 December 2016 04:05 PM

ඇයි කරුණා අම්මාන්ලා? එයාලනේ දැන් කාලේ අපේ අයගේ විරයෝ (නි)

:       0       0

විජේපාල Thursday, 08 December 2016 04:24 PM

කෝ එතකොට මඩුගල්ලගේ නම. (නි)

:       0       0

ජයරත්න Thursday, 08 December 2016 04:30 PM

වටේ ඉන්න අය කියන කියන දේ කරන එක නවත්තලා දැන්වත් ජනතාවගේ ප්‍රශ්න ගැන හිතුවොත් හොඳයි. (නි)

:       0       0

සංජය Friday, 09 December 2016 11:17 AM

ගොඩක් සතුටුයි මේ කළ දේට.(හේ)

:       0       0

ප්‍රියන්ත Thursday, 08 December 2016 04:31 PM

හරියට නම දාලා අදහස් දාන්න බැරි කුහක, ලැජ්ජාශීලි පාඨකයෝත් ඉන්නවා (නි)

:       0       0

සරත් Thursday, 08 December 2016 04:38 PM

හොඳ වැඩක් (නි)

:       0       0

සුජීව Thursday, 08 December 2016 04:53 PM

මේවා ගැලරියට නියමයී. මෑතකදී රට බේරාගත් විරුවන් යුධ අධිකරණයට ගෙන්නපු අය, අවුරුදු 200 කට පෙර විසු විරුවන්ට උපහාර දෙනවා. එතුමලා දන්නේ නැහැ අද එතුමන්ලා ජීවත්වන්නේ කාට පින් සිද්ධවෙන්නද කියාලා (නි)

:       0       0

සලීම් Thursday, 08 December 2016 04:55 PM

ගැසට් කළත් නැතත් මේ අය ජාතික වීරයන් (නි)

:       0       0

ලක්මාල් Thursday, 08 December 2016 05:01 PM

ඔබතුමාට මානසික සැනසීම හැම අත්භවයකදීම ලැබේවා! (නි)

:       0       0

ලලිත් Thursday, 08 December 2016 05:08 PM

එතකොට ප්‍රභාකරන්වයි කරුණ අම්මාන්වයි ගැසට් කරන්නේ ඊළඟ සැරේටද? (නි)

:       0       0

සිරි Thursday, 08 December 2016 06:24 PM

ජනපතිතුමනි, අපේ රටේ නියම රණවිරුවන්ගෙ කාර්යය නැවත අගය කළ ඔබතුමාට අපේ ආචාරය! (නි)

:       0       0

චන්දන Thursday, 08 December 2016 06:36 PM

මේකටවත් පාට කණ්ණාඩි දාගෙන ප්‍රතිචාර දමන්න එපා (නි)

:       0       0

රත්නායක Friday, 09 December 2016 12:00 PM

කරපු වැඩේ හොඳයි.හැබැයි ගැසට් කලත් නොකලත් ඒ අය අපේ වීරයෝ.බ්‍රිතාන්‍යයන්ගෙ තාමත් ද්‍රෝහියෝ.ජාතික වීරයෝ ගැන කියන ඕනම පොතක මේ ගොඩක් අයගේ නම් මුල ඉදන්ම භාවිත කලා.(හේ)

:       0       0

ලසන්ත Friday, 09 December 2016 12:11 PM

පරක්කු වෙලා හරි ගරු ජනාධිපතිතුමා මේ කරපු ක්‍රියාවට මගේ හදපිරි ස්තුතිය එතුමන්ට ලැබේවා, (හේ)

:       0       0

රෝහිත Thursday, 08 December 2016 07:05 PM

නියමයිනේ! (නි)

:       0       0

ලක්විදු Friday, 09 December 2016 12:42 PM

ඉතාම හොඳ වැඩක් (නි)

:       0       0

සිරි Thursday, 08 December 2016 07:24 PM

ඉතාමත් ප්‍රශංසනීය ක්‍රියාවක්. ඔබතුමාට තෙරුවන් සරණයි !!!! (නි)

:       0       0

ලංකාසිරි Thursday, 08 December 2016 07:34 PM

සිංහල අප වෙනුවෙන් ජීවිතදානයෙන් සටන්වැදි අපේ මුතුන් මිත්තන් මෙලෙස වීර සම්මානයෙන් පිදුම් ලැබීම කෙතරම් අගය කළයුතු දෙයක්ද. ප්‍රමාදවී හෝ සිංහලයාට මේ ගැන මතක් වීම අති විශිෂ්ටයි. ජනාධිපතිතුමාට අපේ උපහාරය. (නි)

:       0       0

සුකුමාලි Thursday, 08 December 2016 08:33 PM

දැන් නිලවශයෙන් ඒ අයව වීරවරයන් කළත් ඔවුන් සැමදාමත් අපේ හදවත් වල වීරයෝ වෙලා හිටියේ (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Thursday, 08 December 2016 08:40 PM

අද සිටින අපේ කාඩ්බෝඩ් වීරයන්ට වඩා මේ වීරයන් මොනතරන් අාදර්ශවද්ද? මොකද මේ අය ජනතා දේපොළ මංකොල්ලකෑවේ නැහැ. අන්න එ්ක තමා මෙහි වෙනස (නි)

:       0       0

දහම් Thursday, 08 December 2016 08:40 PM

රටේ තිබුන ප්‍රධානතම ප්‍රශ්නය මෙය බව තේරුම්ගෙන එය විසඳීම ගැන සතුට ප්‍රකාශකරන අතර ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වන්නෙමි (නි)

:       0       0

ලෙස්ලි Thursday, 08 December 2016 11:52 PM

මේ 18 දෙනාගේ තොරතුරු ඇතුළත් පොතක් ප්‍රකාශයට පත්කරන්න අපේ දරුවන් වෙනුවෙන් (නි)

:       0       0

සරත් Friday, 09 December 2016 12:50 AM

පරගැතිබවින් මිදී නිදහස් නිවහල් රජයක් සේ අතීතයේ රට ජාතිය වෙනුවෙන් දිවිදුන් විරුවන් පිළිගැනීම මුළු හෙළයටම අභිමානයකි (නි)

:       0       0

බීනු Friday, 09 December 2016 01:18 AM

මේකෙන් කොපියක් යැව්වද බ්‍රිතාන්‍ය තානාපතිට? (නි)

:       0       0

ඇසළ Friday, 09 December 2016 02:21 AM

රටේ තියන දැවෙනම ප්‍රශ්නය විසඳූවගයි. ඔබට සතුටුයිද දැන්. (නි)

:       0       0

නුවන් Friday, 09 December 2016 02:28 AM

ජනාධිපතිතුමනි, පුරා දශක තුනකට අධික කාලයක් මෙ රටේ පැවති ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාද කිරීමට නායකත්වය දුන් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, එයාර් මාෂල් රොෂාන් ගුණතිලක වැනි හමුදා නිළධාරීන් මෙම ලැයිස්තුවට දමන්නේ කවදාද? (නි)

:       0       0

නුවන් Friday, 09 December 2016 02:41 AM

සිරි, එතකොට දැන් ඉන්නේ ව්‍යාජ රණවිරුවෝද ....? අමතක කරන්න එපා අද නිදහස් රටක් අපට උරුම කරන්න වර්තමාන රණවිරුවන් කරපු කැපකිරීම් (නි)

:       0       0

නිශ්ශංක Friday, 09 December 2016 02:42 AM

මීට සිංහල අපේ ප්‍රණාමය! නමුත් වසර තිහක් පුරාවට දහස් ගණනක් හමුදා විරුවන්ගේ සහ අහිංසක සිවිල් ජන ජීවිත විනාශයකින් පසුව දිනාගත් මව්බිමේ නිදහස යළිත් වරක් බෙදුම්වාදය ඉදිරියේ දියකරමින් අපේ කාලේ රට බේරාගත් රණවිරුවන් ලෝකයා ඉදිරියේ අවමානයට අපකීර්තියට පත්කිරීමෙන් පෝරකයට සිරගෙදරට යැවීමෙන් කළ ක්‍රියාව හෙළා දකිමු. නව ව්‍යවස්ථාව අහෝසි කරනු! හකුලා ගනු! (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 09 December 2016 02:55 AM

අපේකම ඉතිහාසය හොඳට මාකට් කරපු හිටපු පාලකයාට මේ වැඩේ ‘ක්ලික්‘ වුණේ නැති එක පුදුමයි (නි)

:       0       0

සජිනි Friday, 09 December 2016 02:55 AM

ප්‍රභාකරනුත් ජාතික වීරයකු කරයිද දන්නේ නැහැ මානව සංහිඳියාව කියලා? (නි)

:       0       0

එරන්ද Friday, 09 December 2016 03:11 AM

නිහාල්, යන්නේ කොහෙද,මල්ලේ පොල් (නි)

:       0       0

එරන්ද Friday, 09 December 2016 03:14 AM

සජිනිලා වගේ හොඳදේට හොඳයි කියන්න බැරි මිනිස්සු නිසා තමා මේ කල රටට ගිහින් තියෙන්නේ. කළ දේ ගැන දේ නොව නොකළ දෙයක් ගැන කතාකිරීමට ගන්න මෝඩ උත්සහයක් (නි)

:       0       0

කමල් Friday, 09 December 2016 03:15 AM

සජිනි, ඇයි ඔයතරම් ප්‍රභාකරන්ට කැමති? (නි)

:       0       0

නිශ්ශංක Friday, 09 December 2016 03:29 AM

ඉතිහාසය නිවැරදි කරනවා. වර්තමානයේ වැරදි කරනවා (නි)

:       0       0

දිලිප් Friday, 09 December 2016 03:33 AM

ඔබතුමාගේ වැඩපිළිවෙල අනුමත කරමි. නමුත් තව අවධානය යොමු වියයුතු තැන් බොහෝයි. පෞද්ගලිකවම ඔබ වෙතම කරුණු ඉදිරිපත් කළහැකි ක්‍රමවේදයක් නිර්මාණය කළොත්, බිඳවැටි ඇති රජයේ සමහර අංශ ගොඩනැඟීමට කටයුතු කළහැකි වනු ඇත. නියම තොරතුරු රජයට ඉදිරිපත් නොවන තැන් එමටය. රජයේ විගණන නිලධාරීන්ට පවා වසන් කිරීම් හා වංචාවන් එමටය. (නි)

:       0       0

අජිත් Friday, 09 December 2016 03:36 AM

හිරුණිකා කතාකරපු හොර දොස්තරලා ගැන වගකිවයුත්තන් නිහඬ අැයි (නි)

:       0       0

ප්‍රීති Friday, 09 December 2016 06:38 PM

නියමයි (නි)

:       0       0

සිසිර Friday, 09 December 2016 03:36 AM

එතකොට 30 වසරක යුද්ධය නිමා කළ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂගේ නම්? (නි)

:       0       0

සිරි Friday, 09 December 2016 08:01 PM

30 අවුරුදු යුද්ධය නිම කරන්න කරුණ අම්මාන්ගේ දායකත්වයත් ඇගයීමකට ලක් කළයුතුයි. (නි)

:       0       0

ලංකා Friday, 09 December 2016 03:46 AM

ඉංග්‍රීසින්ට ද්‍රෝහීන් වුණා කියන්නේ අපේ වීරයෝ තමයි. ලිස්ට් එකේ සමහර නම් අහලා තිබුනේ නැහැ. රාජ්‍ය නායකයාගේ හොඳ ක්‍රියාවක්. සමහරුන්ගේ මෝඩ අදහස් වලට හිනා යනවා. (නි)

:       0       0

නුවන් Friday, 09 December 2016 04:28 AM

ඹය ලියවිලි තිබුනත් නැතත් එදත් අදත් අපිට මේ අය විරුවන් තමයි............(ම)

:       0       0

ක්‍රිෂාන්ත Friday, 09 December 2016 05:18 AM

මෙයාලා සටන් කළේ අර.... අර ....අර ... අත්මේස් ගලවලා අතට අත දීපු අයට විරුද්ධව. අමතක වුණාද දන්නේ නැහැ? ආයේ අතට අත දෙන එකක් නැහැ හොඳේ (නි)

:       0       0

ජගත්‍ Friday, 09 December 2016 05:20 AM

මෙච්චර කල් ගියේ ඇයි? සිංහලයට කෝමා එකක් හැදිලද හිටියේ (නි)

:       0       0

උද්දික Friday, 09 December 2016 05:21 AM

කළයුතු දෙය නම්, රටේ ඒකීයභාවය ආරක්ෂාකොට, හමුදාවේ ගෞරවය අරාක්ෂාකොට, ජීවත්වෙන්න ඉඩදීමයි (නි)

:       0       0

උපාලි Friday, 09 December 2016 05:36 AM

මෙය 1972 ජනරජ ව්‍යවස්ථාව පක්ෂ විපක්ෂ සැමගේම කැමැත්තෙන් අනුමත කළ විගසම කළයුතුව තිබු දෙයකි. මෙතෙක් සිටි සියලුම නායකයින්ට අමතක වුණ දෙයක් ජනපති සහ අධිකරණ ඇමති එක්වී කළා. එය ඉතා විශිෂ්ටයි. (නි)

:       0       0

රණවක Friday, 09 December 2016 05:40 AM

සතුරාගේ හමුදාවේ සටන්කර පසුව අපේ ශ්‍රී ලංකා හමුදාවට එක්වී සතුරාට විරුද්ධව සටන් කළ කැප්පෙටිපොළ නිළමේතුමා ඉහළම වීරවරයෙක්. එතකොට කොටි සමඟ සිට අපි සමඟ එක්වී කොටි නැතිකළ කරුණා, පිල්ලෙයාන් දැන් ඉන්න සතුරන්ද? (නි)

:       0       0

රූපා Friday, 09 December 2016 05:40 AM

නුවන්, ඔබේ අදහස තමයි දවසේ හොඳම කතාව. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 6501 3

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 4956 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 921 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1320 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 3179 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 4149 11

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40180 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26009 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 274 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1330 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site