IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘කැප්පෙටිපොළ තවමත් රාජද්‍රෝහියෙක්‘

මෙරට නිදහස් සටනට උරදුන් වීර කැප්පෙටිපොළ දිසාවේගේ නම තවමත් රාජද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවත් කර නැතැයි පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙරට ජාතික වීරයින් 19 දෙනකු දේපළ හා මුදල් පිළිබඳව ගැටලුවක් නිසා රාජද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවත් කර නැති බව කී නියෝජ්‍ය ඇමැතිවරයා බ්‍රිතාන්‍ය රජයට එරෙහිව කැරළි ගැසීමේ චෝදනාවට 1818 ජනවාරි 10 නිකුත් කළ ගැසට් පත්‍රයෙන් මෙම ජාතික විරුවන් රාජද්‍රෝහීන් ලෙස නම් කර ඇති බව ද කීය.

රාජද්‍රෝහීන් ලෙස නම් කැර ඇති එම විරුවන් එයින් මුදවා ගැනීමට අධිකරණ අමාත්‍යංශය මැදිහත් විය යුතු බවද තෙවරප්පෙරුම මහතා පෙන්වා දුන්නේය. එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස නියෝජ්‍ය ඇමැතිවරයා එම ප්‍රකාශය කළේය.



අදහස් (0)

‘කැප්පෙටිපොළ තවමත් රාජද්‍රෝහියෙක්‘

ධම්ම Friday, 28 October 2016 03:55 AM

මේ ගැනත් ඇමතිතුමාට පුලුවනේ විරෝධතාවක් දක්වන්න බොනට් එක උඩ නැගලා. අපි සපෝර්ට්. (ම)

:       0       0

චමල් Thursday, 27 October 2016 05:02 AM

එ්ත් රණවිරුවෝ තමයි. ඒගොල්ලෝ ගැන අපේ සමහරු දන්නෙවත් නැහැ (බ)

:       0       0

බමුණු Thursday, 27 October 2016 05:09 AM

අපි කැප්පෙටිපොළ පිළිරුවක් හදල මල් මාලා දමමු එතකොට බ්‍රිතාන්‍ය රජයට කනට ගැහැව්වා වගේ සිටී. කැප්පෙටිපොළල නොසිටින්න එහෙනම් තවමත් නායක්කර් කට්ටිය තමයි උඩරට පාලන කොරන්නේ (බ)

:       0       0

ප්‍රියාන් Thursday, 27 October 2016 05:20 AM

එදත් අදත් රට වෙනුවෙන් මොනවා හරි කළ මිනිසුන්ව දාන්නේ රාජද්‍රෝහී ලේබල් එක යටතේ තමයි..එ්ක අපේ අවාසනාව..(බ)

:       0       0

මේනු Thursday, 27 October 2016 05:27 AM

නායක්කර් වුනාට එතුමා නම වෙනස් කරලා සිංහල නිතිය ක්‍රියා කරයි කියලයි කියන්නේ. අපේ ඇහැට කනට ගතට නොදැනුනාට, අපේ රජවරය එංගලන්තේ රැජින නොවේද? මටනම් අපේ ක්‍රියාකලාප වලින් තේරෙන්නේ ඒ විදියට? හැම රටක්ම රජ පරම්පරාව ආරක්ෂා කරනවා. අපි මොනවද කරන්නේ? (බ)

:       0       0

ෂෙහාන් Thursday, 27 October 2016 05:33 AM

කැප්පෙටිපොල අදිකාරම් රාජද්‍රෝහී ලැයිස්තුවෙ හිටියත් මෙරටේ ජනතාව එතුමා ජාතික වීරෙයෙක් විදියට පිලිගන්නවා... පාසල්වල උගන්නනවා එතුමා වීරයෙක් විදියට... එ්ත් විනයාග මුර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) එහෙම පිළිගැනීමකට පාත්‍ර වෙන්නේ නැත්තේ ඇයි... ඔහුගේ කතාවත්, කැප්පෙටිපොල අදිකාරම්ගේ කතාවත් දෙකම බොහෝදුරට එක සමානයි..(බ)

:       0       0

රජින්ද Thursday, 27 October 2016 05:35 AM

මේ රට ගැනනම් කතා කරලා වැඩක් නැහැ. ජාතික චින්තනයත් ෆැන්ටසියක් කරගෙන ජීවත් වෙන කඳන් ටිකකුයි මෙහෙ ඉන්නේ. හැමෝටම ඉතිහාසය, චින්තනය කියන්නේ කොමිටල් ඝණයට වැටෙන මාතෘකා වලට.(බ)

:       0       0

අබේරත්න Thursday, 27 October 2016 05:37 AM

එංගලන්තය ඇතුළු බටහිරට එරෙහිවීම එදත් අදත් රාජද්‍රෝහී ක්‍රියාවක් තමයි...(බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 27 October 2016 05:43 AM

බලාගෙන ඉන්න බටහිර රටවල බලපෑමට ළඟදීම ප්‍රභාකරන් ගේ නම රාජද්‍රෝහි ලැයිස්තුවෙන් ඉවත්කරලා, ළඟදීම දමිල ජාතික වීරවරයන්න්ගේ ලැයිස්තුවට ඇතුල්කරලා යාපනේ පිළිරුවකුත් හදාවි. (බ)

:       0       0

මේනු Thursday, 27 October 2016 06:32 AM

අපේ රජතුමා ඉන්දියාවේ හිරේදී නැතිවුණා කිව්වට අපි ඇත්ත දන්නේ නැහැනේ. යටත් වුනාට පසුව, අපේ රජතුමාත් බ්‍රිතාන්‍ය එක්ක එකඟ වෙලා ලංකාව පාලනය කළයුතු ආකාරය බ්‍රිතානයේ ඉඳන් කියල දුන්නද කවුද දන්නේ? රජතුමාට නිලමේලගෙන් සැහෙන කරදර සිදුවෙලා කියලනේ කියන්නේ. අපේ අසමගියෙන් තාමත් ප්‍රයෝජන ගන්නේ කවුද? (බ)

:       0       0

පීරිස් Thursday, 27 October 2016 06:45 AM

අපේ රට, ජාතිය ,ආගම බේරාගන්න ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියාකළ හැමෝම ජාතික වීරයන් තමයි. ඒ වීරයන්ගේ ජීවිත පරිත්‍යාගය නිසා තමයි අද අපි ජීවත්වෙන්නේ කියල සමහරුන්ට නම් තේරෙන්නේ නැහැ. (බ)

:       0       0

සජී Thursday, 27 October 2016 07:11 AM

එදයි අදයි කියලා වෙනසක් නෑ. රට ගැන හිතන මිනිස්සු හැමදාම රාජ ද්‍රෝහීන් විදියට සලකන්නේ (බ)

:       0       0

කුමාරි Thursday, 27 October 2016 07:37 AM

ඉතිහාසය මතක්වෙන අය දියවන්නාවේ ඉන්න එක ලොකු දෙයක්. (බ)

:       0       0

බමුණු Thursday, 27 October 2016 07:41 AM

නායක්කර් වුණාට එතුමා නම වෙනස් කරලා සිංහල නිතිය ක්‍රියා කරයි කියලයි කියන්නේ. මේනු එවුනාට බිසවුන් ගෙනාවේ ඉන්දියාවෙන් නේ එතකොට ඒ ළමයි රට පාලනය කොරන්න ගත්තම අපේ නම් ටිකත් සුන්දරලිංගම් පෙරියලිංගම් වෙන්න තිබුන නේද? අපිව පාලනය කරපු ටික දවසට අදිකාරම් වරු කී දෙනක් උඩරට ගිවිසුම දෙමලෙන් අත්සන් කළා කියල දන්නවද? (බ)

:       0       0

නිරූ Thursday, 27 October 2016 07:50 AM

අපේ ජාතික වීරයෝ බහුතරයක් මිය ගිහින් තියෙන්නේ අරමුණ ඉටු කරගන්නේ නැතුව. කැප්පෙටිපොල නිලමේතුමා මොකටද සුද්දගේ ආයුද ටික ආපහු යැව්වේ? ඒවත් අරගෙන පහර දුන්නනම් සුද්දව ඒ කාලෙම එලවන්න තිබුන. බොරුවට නම්බු රකින්න ගිහින් මැරුම් කෑවේ. (බ)

:       0       0

බමුණු Thursday, 27 October 2016 07:54 AM

ඔව් කුමාර් හසලක වීරයාගේ පිළිරුව ඉවත් ක‍රන්න කීව මේ නිවටයෝ ප්‍රභාකරන් ජාතික වීරවරයන්න්ගේ ලැයිස්තුවට ඇතුල්කරාවි. හේතුව දේශපාලනය නිසා සිංහල බෞද්ධ වුන මේ නිවටයින්ට සිංහල දෙමල වෙනසක් නැති නිසා. (බ)

:       0       0

මෙන්න Thursday, 27 October 2016 08:49 AM

21 වැනි සියවසයේ සිංහල බෞද්ධ රජවලියක් අැති කරමු. පරම්පරාවෙන් නොව යම්කිසි ඡන්දයකින්. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 31 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 165 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 354 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 124 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 714 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 482 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39775 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 74 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 385 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1249 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site