IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘කප්පමාගේ පුල්ලි විතරයි මාරු වුණේ‘

‘පෞද්ගලික බස්රථවලින් මාසකෙට රුපියල් කෝටි 15ක් කප්පම් ගන්නවා. ජනාධිපතිවරණයෙන් පස්සේ තියෙන අලුත්ම ප්‍රවණතාවය තමයි සන්ධාන කප්පම් කාරයන් පලවා හැර දැන් වෙනත් පක්ෂයක පිරිසක් කප්පම් ගන්නවා.‘ යැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කිවේය.

සම්පූර්ණ මාධ්‍ය හමුව පහත වීඩියෝවෙන්...

 



අදහස් (0)

‘කප්පමාගේ පුල්ලි විතරයි මාරු වුණේ‘

විජයබාහු Thursday, 15 January 2015 02:59 PM

සමන්ති ඔය අඳුරනවද කුඩු කාරයව. පාටක් නෑ කියන්නේ. (අ)

:       0       0

තිලක් Thursday, 15 January 2015 03:11 PM

වන් ෂොට් ට කිව්වා නම් මිනිහා මේ ගැන බලයි මිනිහා වැඩකාරයා (අ)

:       0       0

අබ්ස් ටෝකියෝ Thursday, 15 January 2015 03:20 PM

ඔන්න යහපලානේ දොරේ ගලනවා (අ)

:       0       0

නියතපාල Thursday, 15 January 2015 03:48 PM

ඡන්දෙන් පසුව වුවද රාජ්‍ය මෙන්ම පුද්ගලික මාධයද තවම සිය න්‍යායයෙන් ගැලවී නොමැත.. යහපාලම වචන වලට සීමාවී ඇති අතර බොහෝ තැන්වල තවමත් මාධය සංදර්ශනය. මෙහෙම ගියොත් දින සියය තවත් එක සනදර්ශනයක් වනු නියතය. (අ)

:       0       0

ඒඩ්‍රියන් දි මෙල් Thursday, 15 January 2015 04:18 PM

මෙයා කප්පම් ගන්න තරමක් ගන්නේ අහිංසක මගීන්ගෙන් නේ (නදී)

:       0       0

සුගුනවති Thursday, 15 January 2015 04:19 PM

හැම එකකටම යහපාලනය ගාවාගන්න එපා ළමයිනේ! (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 17 January 2015 04:12 AM

එක අතකට හොඳ වැඩේ ලංගම නැතිකරලා දැම්මට (නි)

:       0       0

රාජ් Thursday, 15 January 2015 04:35 PM

බදුල්ලේ නම් කප්පම් ගන්නේ ඔය මහත්තයාගේම යාලුවෝ තමා. පක්ෂ බේදයකින් තොරව (නදී)

:       0       0

විකුම් Thursday, 15 January 2015 04:36 PM

නියතපාල, නියම වෙලාවට යහ පාලනේ එයි. ටිකක් ඉවසන්න. අර ආශ්චර්යය එනකම් දින ගණන් කරමින් වසර ගණන් උඩ බලාගෙන හිටිය වගේ නොයිඳ, තමන්ගේ හෘද සාක්ෂියට එකඟව පාලකයින් හා මහා ජනතාව ක්‍රියා කලාම ඔය කියන යහ පාලනයත් ඔබ නොදැනුවත්වම පැමිණේවි. (නදී)

:       0       0

මයුර Friday, 16 January 2015 05:17 AM

මොනවා බලන්නද? ලංකාවේ දේශපාලනයේ හැටි ඔහොම තමයි. (නි)

:       0       0

හර්ෂ Friday, 16 January 2015 05:33 AM

වසර ගණනක ඉඳලා ගෙවුවා නේද? දැන් මේ සතියක් යන්න පෙර කෑගහනවා? (නි)

:       0       0

ගමගේ Thursday, 15 January 2015 05:05 PM

මේ බස්වලින් කප්පම්  ගැනීමක් සිදුවෙනවා නම් ඊට හොඳම පිළියම සියලු බස්රථ ලංගම යටතේ පොදු කාලසටහනකට  ධාවනය කිරිමයි.එවිට  ලංගම හා පුද්ගලික බස් සේවයෙන් වඩත් හොඳ සේවාවක් ඉටුවේවි. දැනට සිදුවන කෙටීම්, රාත්‍රි ගමන්වාර ඉතා  හොඳින් ඉටුවේවි. මීට වඩා  විනීත රියදුරන් කොන්දොස්රවරුන්  ලැබේවි  (නි)

:       0       0

මිතුන Thursday, 15 January 2015 11:30 AM

යහපාලනය බොලව් යහපාලනය (නදී)

:       0       0

සුජිත් Friday, 16 January 2015 05:51 AM

බස් එක සහ එය යන මාර්ගය වෙනස් නොකර රියදුරුයි, කොන්දොස්තරවයි විතරක් මාරුකළ විට මෙහෙම තමයි වෙන්නේ. (නි)

:       0       0

කරුණාජීව Thursday, 15 January 2015 05:12 PM

එසැණෙහි සිටි බන්දුල පඩිතුමා සිංහල භාෂාව පිළිබඳ දක්ෂයෙකි.එතුමා හරි නමින් අදහස් ලියු කාලයේ අනෙකුත් අයට අපහාස,උපහාස,අවමාන,ගැරහිලි කරමින් ලියු අදහස් ගැන කීමට කිසිම දොසක් නැත. දැන් එතුමාගේ අලුත්ම ක්‍රමවේදය වී ඇත්තේ වෙනත් නම් වලින් අදහස් පළකරමින් බොළඳ වචන ලියමින් අප රැවටීමය. ඔබතුමාගේ ඒ උත්සාහයට අප නොරැවෙටන බවත් අවසාන වශයෙන් කිවයුතුව ඇත.ඔබතුමාට සුභ අනාගතයක් ! (නි)

:       0       0

ලෝචන Thursday, 15 January 2015 11:44 AM

රට යන අත ගැන හිතාගන්න පුළුවන් මේවා ඇහෙනකොට. (නදී)

:       0       0

අබේ -ටෝකියෝ Friday, 16 January 2015 06:12 AM

එව බලව යහපාලනය (නදී)

:       0       0

ද සිල්වා Thursday, 15 January 2015 11:48 AM

මේ කප්පම් කාරයන්ට විරුධව කරණ සටන අපේ ෆොන්සේකා මහත්තයට බාර දුන්නා නම් එතුමා මේ හොරු ටික ඉවරයක් කරයි (නදී)

:       0       0

රොෂාන් Thursday, 15 January 2015 11:52 AM

හෑමදේටම යහපාලනය ගාවගන්නේ නැතුව පොලිසියට කියන්න. පොලිසිය දෑන් ඉස්සර වගේ නෙවෙයි (නදී)

:       0       0

කොඩී Thursday, 15 January 2015 11:53 AM

මිතුන හා ලෝචන සම්පුර්ණ වැරදියි. බලලා අදහස් දක්වන්න (නදී)

:       0       0

චරිත් Friday, 16 January 2015 06:21 AM

බන්දුල පෙරේරා දැන් විටෙක කම්බායකින් සැරසී ගැහැණු නම් වලින්ද, විටෙක සරම අතේ අරගෙන පිරිමි වෙසින්ද සභාවේ පිනුම් ගසයි. (නදී)

:       0       0

කලීල් Thursday, 15 January 2015 06:05 PM

ශත 5ක්වත් දෙන්න එපා. හම්බකරගෙන කන්න කියන්න (නි)

:       0       0

නදිනි රණවීර Thursday, 15 January 2015 12:07 PM

කුමන පක්ෂයක උවත් මෙවැනි අමනයින්ගෙන් තමයි අපේ රට සහ දේශපාලකයින් ආරක්ෂා කර ගත යුත්තේ. අප්‍රමාදව මාධ්‍ය මගින් රටම දැනුවත් කලාට ගැමුණු විජේරත්න මහතාට අප ස්තුති වන්ත විය යුතුයි. ගරු ජනාධිපති තුමා ඇතුළු බලධාරීන් මේ සඳහා වහා නිසි පියවරක් කඩිනමින් ගනු ඇතැයි යහ පාලනය බලාපොරොත්තුවෙන් සිටින ජනතාවගේ පැතුමයි! (නදී)

:       0       0

කලන Thursday, 15 January 2015 12:08 PM

යු.එන්.පී කාරයෝ වැඩට බැහැලා. ඉඟුරු දීල මිරිස් ගත්ත වගේම වෙයි වගේ. ජේ.වී.පී එකටත් 88-89 වගේ ගේමකුත් දෙයිද දන්නේ නැහැ. එච්චරයි අඩු. (නදී)

:       0       0

දුමින්ද Friday, 16 January 2015 06:46 AM

වෙනසක් වී ඇති බව පෙනේ. බිම් මට්ටමේ වෙනසට කාලයක් යාවි (නදී)

:       0       0

විජයබාහු Thursday, 15 January 2015 12:20 PM

රොෂාන් ඕකට කියන්නේ දේශපාලනය කියල. පොලිසියට කිව්වත් ඔච්චර තමයි. දැන් එයාල ඒ පැත්තේ (නදී)

:       0       0

පැතුම් Thursday, 15 January 2015 12:21 PM

ආස්චර්යය අහවරයි. ඕං දැං පෙන්නනවා, යහපාලනේ. (නදී)

:       0       0

බණ්ඩාර Thursday, 15 January 2015 09:57 PM

සුබ අනාගතයක් සින්දු වෙනුවට පුලතිසි පුර සින්දු දවස පුරාම. සියලු දූෂණ වලින් තොර කේතුමතී පුරය බිහිවෙන්න දවස් 100ක් අවශ්‍ය නැති බව හොඳටම පැහැදිලියි. (නදී)

:       0       0

සන්වන්නි Thursday, 15 January 2015 01:05 PM

මෙම ජරාජීර්ණ ක්‍රමය විවෘත ආර්ථිකයෙන් මතු වූ එක් අතුරු ඵලයක්. ගැමුණු මහත්තයෝ ඔළු මාරු කළාට ක්‍රමය වෙනස් නොකර මේ යන පීල්ල වෙනස් කරන්න බෑ.(නදී)

:       0       0

සමන් Thursday, 15 January 2015 01:07 PM

මේ කතා කරන කෙනා රෙදි නැතුව මෛත්‍රීට කඩේ ගියා නේද මෛත්‍රී පාලනේට? මොකද දැන් මැසිවිලි? (නදී)

:       0       0

අබේ ටෝකියෝ Friday, 16 January 2015 12:11 AM

කෝ වන් ෂොට් ? (නදී)

:       0       0

ලාල් Thursday, 15 January 2015 01:46 PM

අනේ අනිච්චං! (නි)

:       0       0

සමන්ති Friday, 16 January 2015 01:40 AM

විජයබාහු, කුඩු කාරයන් අඳුනන්න පාට ඕන නැහැ. ඔය කන්නාඩිය ලඟට ගිහින් මුණ බලන්න. (නදී)

:       0       0

ජයන්ත Thursday, 15 January 2015 01:50 PM

මිතුන, මෝඩයෙක් වගේ කතා කරන්න එපා. හිටපු හොරු එළවනකොට ආයේ හොරු බෝවෙනවා. ඒ වැඩි කාලයකට නෙමෙයි. හැමදේටම යහපාලනය ගාවාගන්න එපා. හිටපු අය හරි පාලනයක් කළා නම් ආයේ යහපාලනයක් මොකටද? (නි)

:       0       0

බටගල Friday, 16 January 2015 01:44 AM

මේ තත්ත්වය ගැන මෛත්‍රී රනිල් දෙදෙනාම විශේෂ අවධානයක් දියයුතු වගේම ජවිපෙ නායකත්වයත්, රතන හාමුදුරුවොත් අධීක්ෂණයක් කළොත් හොඳයි. පක්ෂ දෙකක් වටා අවුරුදු ගණනක් බලය මාරුවීමේ ක්‍රමය දැන්ම අවසානයක් වියයුතු බව නේද මේ කියන්නේ? (නි)

:       0       0

ශ්‍රියානි Thursday, 15 January 2015 01:54 PM

ලංකාවේ මිනිසුන්ගේ සිතුම් පැතුම් කවදාවත් වෙනස් කරන්න බැහැ. මොකද වෙනස් කළත් ඉන්නේ පරණ මිනිසුන්මයි (නි)

:       0       0

මහේෂි Thursday, 15 January 2015 02:08 PM

මේක ඇත්තටම පුදුම වැඩක් නේද? රතන හාමුදුරුවනේ, මොනවද මේ වෙන්නේ කියලා බලන්නකෝ. (නි)

:       0       0

සමන්ති Thursday, 15 January 2015 02:13 PM

මේ ලඟදි දිනක කොට්ටාව කොළඹ බස් අඩු උදයක අතුරුගිරිය කොළඹ බස් රථයක් නවත්වා කොට්ටාව බස් නැවතුම්පලෙන් සෙනඟ ගත්තා. වේලා සටහන් නිලදරයා සිටිත්දී කුඩු කාරයෙක් ඇවිත් හරි හරි මල්ලි සියයක් දෙන්ඩ කියලා කොන්දොස්තරගෙන් සල්ලි ගත්තා. මොවුන්ට පාටක් නැත. සියලුම බස් රථ නොදෙනවා නම් මොවුන් එන්නේ නැත. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 301 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 225 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 595 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 273 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 88 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 270 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38661 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site