මීගොඩ ආර්ථීක මධ්‍යස්ථානය අසලදී පැහැරගත් බව කියන තරුණයා අද අත පය බැඳ දමා නගරයේ දමා ගොස් සිටියදී සොයාගෙන ඇත.
රුපියල් ලක්ෂ දහයක කප්පම් මුදලක් ලබා ගැනීමට මොහු පැහැරගත් බව පැවසේ.
පසුගිය 5 වැනදා රාත්‍රියේ දරුවා පැහැරගත් පිරිස පුතා යලි ලබා දීමට අවශ්‍ය නම් රුපියල් ලක්ෂ දහයක මුදලක් අවශ්‍ය බව දරුවාගේ පියාට දුරකතනයකින් පවසා ඇත.
‘‘ තමුන් පුතාට ආදරෙයිද ? ගොඩාක් ආදරෙයිද? ගොඩාක්ම ආදරෙයි ද ? ‘‘ දැයි පියාගෙන් විමසා පියා ‘‘ඔව්‘‘ යැයි පැවසූ විට එසේනම් මෙම මුදල ලබාදී පුතා නිදහස් කර ගන්නා ලෙසා පවසා ඇමතුම විසන්ධි කල බවත් පියා පාදුක්ක පොලිසියට කල පැමිණිල්ලේ සදහන් වේ.
මෙසේ පැහැරගෙන ඇත්තේ හෝමාගම පිටිපන උතුර අංක 299/4 නිවසෙහි පදිංචිව සිටි චතුරංග මධුෂාන් කුලරත්න නැමැති 18 හැවිරිදි තරුණයෙකි
එහෙත් පොලිසිය පවසන්නේ මෙම පැහැරගත් බවට සැක කෙරෙන තරුණයා යතුරු පැදියක හිමිකම් පතක් උකසට තබා මුදල් ලබා ගෙන ඇති බවත් තරුණියන් කිහිපදෙනෙකුම සමග ආදර සම්බන්ධතා පවත්වමින් කෙළිලොල් ජීවිතයක් ගත කර ඇති පුද්ගලයෙකු බවට ද දැඩි මුදල් අවශ්‍යතාවයකින් පෙලූණු අයෙකු බවට තොරතුරු ලැබී ඇති බැවින් සියලූ කරුණු පිළිබදව විමර්ශණ කරමින් පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි.
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කප්පම් ඉල්ලා පැහැරගත් තරුණයා මග දමා ගිහින්
කසුන් Sunday, 07 December 2014 01:18 AM
පියාණන්ව ඇන්දවීමට තැත්කිරීමක් වත්ද.? (ර)