IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කප්පම ගන්න සීයා පස් පොළකට ගෙන්නයි

මීගලෑව දිනිඳු යශේන්ගේ සීයාගෙන් රුපියල් කෝටියක් ගැනීම එම දරුවා පැහැරගත් කොල්ලකරුවන්ගේ අරමුණ වී තිබිණැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා මීට සුළු මොහොතකට පෙර අවසන් වූ මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය.

දරුවාගේ පියා ද මව ද අක්කා ද මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් වූහ.

රුපියල් 20,000කට  ගත් නිවෙසක දරුවා රඳවා තබාගෙන ඇති බව ද මෙහිදී පැවැසීය.

කප්පම්කරුවන් පැමිණ ඇත්තේ දරුවා පැහැර ගැනීමට නොව ඔහුගේ  පියා පැහැරගෙන දරුවාගේ සීයාගෙන් (මවගේ පියාගෙන්) රුපියල් කෝටියක් කප්පම් ගැනීමට බව පෙනේ යැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

කප්පම් ගැනීමේ අදහස පහළ වී ඇත්තේ දරුවාගේ පුංචි අම්මාට ඉදිරිපත් වූ මංගල යෝජනාවකින් පසුවය. ගෙවල් දොරවල් බැලීමට මනමාලයාගේ යහළුවකු ලෙස ආ පුද්ගලයාට කප්පම් කෑමේ අදහස ඇති වූයේ තම දුවට රුපියල් කෝටියක දායාද දෙන බව දරුවාගේ සීයා කී නිසා විය හැකි යැයි  රෝහණ මහතා කීය.

එම  පුද්ගලයා කප්පම් සිද්ධියේ ප්‍රධාන සැකකරුය.

දරුවාගේ පියාවන මහින්ද කුමාර පැහැර ගැනීම ආ කොල්ලකරුවන්  අන්තිම මොහොතේ එම අදහස  වෙනස්කර  දරුවා පැහැගෙන ඇත.

සිව් වැනි දිනය වන විට රුපියල් කෝටිය රුපියල් 35 ලක්ෂය දක්වා අඩු කරගැනීමට සමත් වූ බවත් කප්පම්කරුවන් හා හුවමාරු කර ගත් සියලු තොරතුරු හා ඔවුන් සිටිනා තැන් නවීන තාක්ෂණ පිහිටෙන් හොඳින් හැඳින ගත් බවත් කීය.

දරුවා ජීවතුන් අතර  සිටිනා බව සැකහැර පෙන්වීමට කප්පම්කරුවන් දරුවාගේ පංචායුදය එවා ඇත. පසුව සීයාට ද දරුවා හා කතා කිරීමට කොල්ලකරුවන් ඉඩ දී ඇත. එසේ කර ඇත්තේ සීයාගේ ඉල්ලීමකටය.

පංචායුධය දුන් පුද්ගලයාගෙන් ලත් තොරතුරු මත ක්‍රියාකළ පොලිසිය කප්පම්කරුවන්  සිටින තැන් හොයා ගත්තේය. ඔවුනට පැන යාමට නොහැකිවන ලෙස ඔවුන් කොටු කළේය.

දරුවා ස්ථාන දෙකක රඳවා තබාගෙන ඇත. කප්පම් ලබා ගැනීමට සීයාව ස්ථාන හතකට ගෙන්වා ඇත. එහෙත් කප්පමින් සත පහක්වත් ලබාගැනීමට ඔවුන්ට නොහැකිවිය.

කප්පම්කරුවන් අත දුරකතන සිම් කාඩ් පත් හතක් තිබූ බවත් මෙම සිද්ධියේ දී ඔවුන් පාවිච්චි කරන ලද සිම් කාඩ් පත් දෙකෙන් එකක් කොළඹ නාට්ටාමි කෙනකුගේ නමට තිබූ බවත් අජිත් රෝහණ මහතා පැවැසීය.

එම සිම් කාඩ්පත් ලබා ගත් ආකාරය ගැනත් විශේෂ පරීක්ෂණයක් සිදු කරන බවත් ඒ අනුව ඔවුනට ද දඬුවම් පමුණුවන බවත් කීය.

416

418

412 413 414 415 417 419 420 421

422



අදහස් (0)

කප්පම ගන්න සීයා පස් පොළකට ගෙන්නයි

කුමාර් Saturday, 02 August 2014 04:37 PM

දැන් දේශ පාලුවෙක් මැදිහත් වෙලා කප්පම් කරුවන්ව බේරාගනී ඊට පස්සේ ගුරුත්මිය දැනගස්සපු නඩුවේ සාක්කි කාරයට වෙච්ච වැඩේ වෙයිද දන්නේ නැ. (දී)

:       0       0

වීරවංස Monday, 04 August 2014 06:29 AM

පොලිසියට මල් මිටක් මගෙන් (දී)

:       0       0

උපාලි Saturday, 02 August 2014 04:43 PM

හැමෝගෙම අදහස් දැක්කම හිතට ලොකු සතුටක් දැනෙනවා මනුස්සකම් කොයි තරම් ලස්සනද... සුනේත්‍රා ඔයා ගැන ගොඩක් ආඩම්බරයි. ඔයාගේ දරුවන් වාසනාවන්ත වේවි....!! (දී)

:       0       0

මාලා Sunday, 03 August 2014 09:08 PM

මම ඊයේ පොලිසියට දොස්කියපු එක වැරදියි කියලා දැන් හිතෙනවා. (නි)

:       0       0

එන්. අමරසිංහ Saturday, 02 August 2014 04:45 PM

පුංචි පුතු හොයන්න වෙහෙසුන සියලුදෙනාටමත් , සියලුම පොලිසියේ නිලධාරීන්ටත් බොහොම පිං මෙන්ම ,ජාතියේ උපහාරය. මෙවන් අමානුෂික සිතුවිලි නැවත කිසිවෙකුටත් පහල නොවේවා! පුතුට තෙරුවන් සරණයි (දී)

:       0       0

තරිදු Saturday, 02 August 2014 04:55 PM

මේ අපරාධේ කරපු මිනිස්සුන්ට හොඳ දඬුවමක් දෙන්න ඕනේ (දී)

:       0       0

සෑම් Saturday, 02 August 2014 05:22 PM

මේක ආදර්ශයට ගෙන මෙවැනි අපරාද කාරයන්ට දැඩි දඩුවම් දෙන අලුත් නීති ගෙනෙන්න අවශ්‍යයි .අද වෙන අපරාද ගැන බලනකොට මේක පොලිසියටත් බලවත් ප්‍රශ්නයක්.අපරාද නොවන තැනට වග බලාගන්න ඕන .නිතිය තද කරන්නේ නැතිව අපරාද මර්දනය අපහසුයි .රජය ඉක්මන් පියවරක් ගන්න .මේ දරුවට මමත් සෙත් පැතුවා.මටත් මේ වයසේම ගැහැණු දරුවෙක් ඉන්නවා .පුදුම බයක් දැනෙන්නේ .පුතේ නුබට සම්මා සම්බුදු සරණයි . (දී)

:       0       0

නිශේන්ද්‍ර Saturday, 02 August 2014 05:33 PM

කප්පන් කරුවන් ළඟ වෙපන්ස් ඇති . එක්කන් ගියා නම් හොයන්න වැඩේ ඉවරයි (දී)

:       0       0

කුරුවිට Sunday, 03 August 2014 09:33 AM

ලංකාවෙන් මින් ඉදිරියට මෙවෙනි දේවල් තුරන් කිරීම සදහා සැවොම පෙළ ගැසෙමු (නදී)

:       0       0

තිළිණ Saturday, 02 August 2014 05:43 PM

1983 අප්‍රේල් මාසේ 05 දින සිදුවුණ කප්පන් ලබාගැනීමට සමන් කුමාර දරුවා (අවුරුදු 14 යි) ඝාතනය කිරීම සහ කප්පන් ගැනීමට 1999 වසරේ සිදුවුණ සදීප ලක්ෂාන් දරුවාගේ ඝාතනයත් ඉතිහාස ගතවී තියනවා. මේ දරුවා ජීවග්‍රහයෙන් සොයා ගන්න ලැබුන. පොලීසියේ මේ විශිෂ්ට ක්‍රියාවලිය නම් අනභිභවනීයයි. හැබැයි ඉතින් තමන්ට නියමිත රාජකාරිය කලාට පසු ඒ ගැන පාරම් බාන්න අවශ්‍යද?? අපේ කඩවසම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමාගේ වීඩියෝ පටියේ අවසාන විනාඩියේ වචන කිහිපය ප්‍රකාශ නොකලානම් කොච්චර වටිනවද?? (දී)

:       0       0

ලන්ඩන් නිස්සංක Saturday, 02 August 2014 05:47 PM

පොඩි දරුවා සොයාගන්න මහන්සි උන සැමට පින් (දී)

:       0       0

රංජිත් Saturday, 02 August 2014 06:02 PM

අපේ ප්‍රණාමය ශ්‍රී ලංකා බුද්ධිමත් පොලිසියට. මේ වගේම රටේ වෙන අනිත් අපරාද වැලක් වීමට ශක්තිය ලැබේවා. (නදී)

:       0       0

ප්‍රියන්ත Saturday, 02 August 2014 06:44 PM

වරද කරුවන්ට ප්‍රසිද්දියේ දඩුවම් දෙන්ඩ ඕනා. මේ අය අවජාතකයෝ අම්මෙක්ට අප්පෙක්ට දාව හැදුනා නම් මේවගේ දේවල් වලට පෙලබෙන්නේ නෑ (නදී)

:       0       0

නුවන් Sunday, 03 August 2014 10:00 AM

අපිත් නවසීලන්තයේ ඉදල පුතාට දෙවියන්ගේ පිහිට පැතුවා. නුවන් ඕක්ලන්ඩ් (නදී)

:       0       0

ස්වර්ණා මල්ලවආරචි Saturday, 02 August 2014 07:05 PM

දරුවාගේ පිංතුර දුටු විට මා හට ඇතිවු ආදරය සන්තෝසය , ඉමහත්ය . මට මෙසේ නම් දරුවාගේ මවට පියාට සහ පවුලේ අයට තිබෙන සන්තෝසය සිතා ගත හැක , මේ සඳහා වෙහෙසවූ පොලිසියේ සියලුම නිලදාරින්ට අපි මල් තබා ප්‍රණාමය පිදිය යුතුය. (නදී)

:       0       0

ආලෝක Monday, 04 August 2014 02:23 PM

මට මේ පැටියගේ උණුසුම දැනෙනවා. මගේ දරුවෙකුට වුන දෙයක් වගේ. මම නිදා ගන්න ගියේ මේ දරු පැටිය ගැන හිත හිතා අවදි වුනේ අනේ මේ දරුවා අඩනවා ඇති නේ කියල හිත හිත. (නදී)

:       0       0

රංජිත් Saturday, 02 August 2014 07:18 PM

මේ වගේ අය ගල් ගසා මරන්න ඕනේ (නදී)

:       0       0

සමන්ත Saturday, 02 August 2014 08:04 PM

දරුවා කරදරයකින් තොරව නැවත හමුවීම ඉතාම සතුටට කරුණක්. ඒ එක්කම මෙම ප්‍රවෘර්තිය සමහරුන්ගේ ලන්ඩන්, පැරිස්, නෙව්යෝර්ක් මේනියාව පිටකරගන්න වේදිකාවක් කරගැනීම ගැන කණගාටු වෙමි. (නදී)

:       0       0

දම්පත් සයිප්‍රස් Saturday, 02 August 2014 08:08 PM

ළමයට බුදු සරණියි. ළමයව හොයාගන්න උදව් කළ කර සියලුම දෙනාට පින්. මේවා කරන අයට අපි හිතනවා නීතිය හරියට ක්‍රියාත්මක වෙයි කියලා. නැත්නම් එන්න එන්නම මේවා වැඩි වෙනවා. අනික මේ වගේ කරන අයගේ පින්තූර ප්‍රසිද්ද කරන්න ඕනේ. (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 02 August 2014 08:15 PM

ඇයි අනේ ඔවුන් සැඟ වූ ආයුධ හොයන්න එක්ක යන්නේ නැත්තේ? ශ්‍රී ලංකාවේ අපරාධ අඩු කිරීමට වෙන කිසි ප්‍රතිකර්මයක් නැත. විදේශ වල සිට අප මහත් ආශාවෙන් බලා සිටිනවා පොලිසිය කුණු සුද්ධ කරන තුරු (නදී)

:       0       0

රංග Monday, 04 August 2014 12:50 AM

නීතිය දැන් ක‍රන දේ මොකද්ද මේ අපරාධකරුවන්ට? (නි)

:       0       0

ආරච්චි Saturday, 02 August 2014 08:28 PM

දරුවට බුදු සරණයි (නදී)

:       0       0

මාලා Saturday, 02 August 2014 08:48 PM

මේ ගැන පොලිසිය හොඳින් කටයුතු කළා. එයට සතුටුයි නමුත් මේ නොදරුවා මාද්‍ය සන්දර්ශන සඳහා අනුරාධපුරයේ සිට කොළඹ පොලිස් මුලස්ථානයට ගෙනයාම ගැන හරිම කණගාටුයි. පොලිසියට ප්‍රසිද්ධියක් ලබාගැනීමට මේ නොදරුවා යොදා ගැනීම ගැන. කරන රාජකාරියක් ගමේ පොලිසියේ බැරි නම් අනුරාධපුර මුලස්ථානයේ කරන්න තිබුන නේද? (නදී)

:       0       0

සශි Saturday, 02 August 2014 08:55 AM

පිටරට ඉන්න අපිත් මේ දරුවාට සිදු වූ දේ ගැන අසලා හරිම දුක් වුනා. දරුවාට තිසරණ සරණින් කරදරයක් නැතිව ගෙදරට එන්න උදව් කල අයට බොහොම පින් .. (දී)

:       0       0

ක්‍රිස්ට් මොහාන් Saturday, 02 August 2014 10:00 PM

දෙවියන් වහන්සේ බලගතුයි. ජේසු ළමයින්ට ආදරෙයි. ඒ නිසා දරුවන්ට කරදරයක් නැතිව පරිස්සම් වෙනවා. දෙවි පිහිටයි ඒ පුතාට. මගේ පුතත් නැවක රාජකාරි කරන්නේ හදවතින්ම මම දෙවියන්ගෙන් ඉල්ලුවේ ළමයට කරදරයක් නැතිව අම්මට තාත්තට ලැබෙන්ඩ කියලා (නදී)

:       0       0

සඳුන් පෙරේරා Saturday, 02 August 2014 10:04 PM

පොලිසිය තමන්ගේ රාජකාරිය මේ අවස්ථාවේ ඉටු කිරීම ගැන සතුටු වෙනවා. හැම වෙලාවේම එලෙස ක්‍රියා කිරීමට තමයි මහජන මුදලින් වැටුප් ගෙවන්නේ. (නදී)

:       0       0

කුෂි Saturday, 02 August 2014 09:00 AM

මේ දෙමව්පියන්ට මෙහෙම ගින්දරක් දුන්න අපරාධකාරයන්ටත් දරුවෝ ඉන්නවද දන්නේ නැහැ. (දී)

:       0       0

චන්දන Saturday, 02 August 2014 11:20 PM

සංජය , පිටරට ඉන්න ලාංකිකයන් මව්රටේ කෙනෙකුට විපතක් වුනාම හරිම සංවේදියි. ඔබ උපන් ගෙයි කුහකයෙක් ද කොහෙද . (නදී_

:       0       0

ගිහාන් Saturday, 02 August 2014 09:06 AM

ඕස්ට්‍රේලියාවේ ඉන්න අපත් මේ දරුවාට අත් වෙන්න ගිය ඉරණම අසා ගොඩක් කම්පා වුනා. දරුවාට ආපසු කරදරයක් නැතිව ගෙදර එන්න උදව කල අයගේ දරුවන්ට යන යන තැන හරියන්න මේ පිනම ඇති. (දී)

:       0       0

සශි Saturday, 02 August 2014 11:24 PM

මගේ නමින් නම්බුව ගැන කියලා තුට්ටු දෙකේ අදහසක් දාපු කෙනාට - කොන්දක් තියනවා නම් තමන්ගේ නමින් මෙතන අදහස් දාන්න. නම්බුව තිබෙන්නේ තමන්ගේ මනුස්සකමේ මිස ඉන්න රටේ නෙවෙයි. සංජය වෙත - අපි ලාංකිකයන් ලෙස ලංකාවේ කාට හරි කරදරයක් වුනාම සොයලා බලලා උදව්වක් කරන්න බැරි නම් අනේ අපොයි කියලා හරි කියනවා සංජය. ඔබේ උපහාසය ඔබේ ගති පැවතුම් හොඳට අපිට පෙන්නුවා. (නදී)

:       0       0

අජිත් Saturday, 02 August 2014 11:28 PM

මම නම් ඉන්නේ ලංකාවේ. මේ සංජය කියන කෙනාට පිටරට ඉන්න පාඨක කට්ටිය ගැන මොකද්දෝ හීනමානයක් තිබෙන බව අර සශි මහත්මියට කියපු උපහාස කතාවෙන් පේනවා. (නදී)

:       0       0

දසුන් Sunday, 03 August 2014 12:10 AM

අවි පෙන්නන ගිගින් මරණ එක සාමාන්‍ය දෙයක් උනා. දැන් එ්ක කරන්න බෑ මානව හිමිකම් එකෙන් ලෙඩේ ලෝකයා බලාගෙන ඉන්නේ කීදෙනෙකුට තව මේක කරාවිද කියල. (නදී)

:       0       0

රාජිකා-නුවර Tuesday, 05 August 2014 06:36 AM

පිටරට වල ජීවත් වුනත් අපේ රට ගැන අපේ මිනිස්සුන්ගේ දුක වේදනාව ගැන සංවේදීව අදහස් දක්වපු සියළුම සොයුර සොයුරියනි, ඔබලා කොහේ හිටියත් හිතින් අපි සමග ඉන්නවා කියලා දැනෙද්දි පුදුම සතුටක් වගේම හිතට හයියක් දැනෙනවා.මේ දරු පැටියට වගේම ඔබලාටත් දළදා සමිදු පිහිටයි (දී)

:       0       0

මාලා Sunday, 03 August 2014 12:41 AM

මයේ හප්පේ මෙතරම් දක්ෂ නිලධාරීන් ඉඳලත් අර සුධර්මන් කියන වරෙන්තු කාරය අල්ලගන්න බැරි උනානේ ? (නදී)

:       0       0

ගයාන් Sunday, 03 August 2014 01:08 AM

සංජය , පිටරට ඉන්න ලාංකිකයන් අපේ රටේ කෙනෙකුට කරදරයක් වුනාම සංවේදී වීම අගය කරන්න. (නදී)

:       0       0

වජිර Saturday, 02 August 2014 09:27 AM

බුදු අම්මෝ රුපියල් ලක්ෂ දෙකක්ද ගල්ගුහාවක මාසික කුලිය (දී)

:       0       0

ජෙහාන් Sunday, 03 August 2014 01:10 AM

සමහරුන්ට පිටරට කියන වචනය ඇහෙනකොට මුලග්ගාය තද වෙනවා වගේ. (නදී)

:       0       0

ලලනී Sunday, 03 August 2014 01:14 AM

දරුවා යහතින් පැමිණීම ගැන හරිම සතුටුයි. ඒ වගේම මේ ප්‍රශ්නයෙන් අපි නොහිතන පැත්තක් මතු වුනා. විවාහ යෝජනා මාර්ගයෙන් ගෙවල් වලට එන අපරාධකරුවන් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු බව. (නදී)

:       0       0

ඉරා Sunday, 03 August 2014 01:26 AM

ඇත්තටම මේ පොඩි බබා දැක්කම හරිම ආදරේ හිතෙනවා. මේ බබාගේ අම්මි තාත්ති කොච්චර දුක්වෙන්න ඇතිද? ඒ දුක ඒ විදිහටම අපිටත් දැනුනා. ස්තුතියි පොලිසියට. ලෝකය කෙමෙන් කෙමෙන් විනාශයට පත්වෙමින් පවතී. මිනිසුනි ප්‍රවේසමෙන් තම ජීවිත වලට ආරක්ෂාව සලසා ගන්න. (නදී)

:       0       0

තිලාන් Monday, 04 August 2014 02:31 AM

අනේ! කොහොමහරි මේ දරුවා ජීවත්වෙන එක නම් ලොකු දෙයක් (නි)

:       0       0

කවීෂ Sunday, 03 August 2014 01:39 AM

මුලින්ම පොලිස් නිලදාරින් හදපු දෙමාපියන්ට බුදු බව ප්‍රර්ථනා කරනවා. මේ වගේ නිලදාරීන් පොලිස් දෙපර්තුමෙන්තුවටම ගෞරවයක්. මේ නිලදාරින්ට සියලු වරප්‍රසාද ලබා දී ඔවුන්ව තවත් අපරාද ඇල්ලීමට දිරිමත් කරන්න. ලංකාවේ නිතිය අන්ද නැත. පොලිස් දෙපාර්තුමෙන්තුවටම මම ගෞරව කරනවා. (නදී)

:       0       0

සමාධි Monday, 04 August 2014 08:39 AM

ගොඩාක් සතුටුයි. මේ අම්මයි තාත්තයි මේ දරුවාව ගෙනත් දෙන්න කියලා අඬපු හැටි අපිත් දැක්කා.මේ පුතාගේ අක්කා කිව්වලු එයාගේ කැටේ තියන සල්ලි ඔක්කොම දෙන්නම් එයාට මල්ලිව ගෙනත් දෙන්න කියලා.ඇති යාන්තම්.සියළුම පොලිසියේ මහත්වරුන්ට පින්.මේ කුරුළු කූඩුවක් වගේ ඉන්න පවුලට ගින්දර දීපු පව්කාරයින් 4 දෙනාට උපරිම දඬුවම් දෙන්න (දී)

:       0       0

ජයන්ත Saturday, 02 August 2014 09:40 AM

දරු දුකක් දන්නේ නැති නරුමයන්ව ඉවර කරලම දන්නා ඕන රටේ ඉන්න සියලුම ලොයෙර්ස් ලාගෙන් ඉල්ලන්නේ සල්ලි වලට අසවේ මුන් වෙනුවෙන් පෙනී සිටින්න එපා කියලි ඔබ තුමන් ලාටත් මේ වගේ දරුවන් ඇති නේද (දී)

:       0       0

ධනුක Sunday, 03 August 2014 01:47 AM

ලෝකයේ හැමතැනින්ම ලාංකිකයන් වශයෙන් මේ දරුවා ගැන සැලකිලිමත් වීම මම නම් අගය කරනවා. අදහසින් කියවෙන මනුස්සකම මිසක් වෙනත් කන් කොන් සෙවීම හරි මදි. මේ ළමයා ගැන අනුකම්පා කරන්න ඕන ලංකාවේ ඇතුලේ ඉන්න කට්ටිය විතරක් කියල හිතන අයත් ඉන්නවා නේ. (නදී)

:       0       0

වීරා Saturday, 02 August 2014 09:45 AM

වජිර, හීනෙන් බය වුනාද ? (දී)

:       0       0

දර්ශණ Sunday, 03 August 2014 02:00 AM

අනේ කරුණාකරලා මේ සැක කාරයන්ගේ නම් සහ ඡායාරූප පල කරන්න. ඒ වගේම මේ දරුවා සොයා ගැනීමට උදව් කළ පොලිස් නිලධාරීන්ට කුමක් හෝ අගය කිරීමක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් කෙරේවි යන්න මගේ පැතුමයි. (නදී)

:       0       0

වජිර Saturday, 02 August 2014 09:45 AM

අහස පොලොව නුහුලන අපරාධ (දී)

:       0       0

මහේන් Sunday, 03 August 2014 02:07 AM

දරුවා සහ පවුලේ පින්තුර දැක්කම සතුටු වන අතරේ , මම අපේ අම්මාටත් කිව්වා අක්කට මනමාලයෝ සොයනකොට ප්‍රවේශම් වෙන්න , මෙන්න මෙහෙම දේවල් දැන් මේ රටේ සිද්ධ වෙනවා කියලා. අපි නම් කෝටිපතියෝ නෙවෙයි . එත් ඉතින් ප්‍රවේශම් වෙන එක ඇඟට ගුණයි. (දී)

:       0       0

සුභාෂ් Sunday, 03 August 2014 02:13 AM

මට නම් සංජය සහ සමන්ත යන අයගේ අදහස් ගැන පුදුමයි. කිසිම කෙනෙකුගේ මනුස්සකමක් නොදකින අයට ඔවැනි උපහාසාත්මක අදහස් තිබෙනවා. (දී)

:       0       0

සලීත් Sunday, 03 August 2014 02:14 AM

අපිත් පිටරට ඉන්නේ . දරුවා ගැන සතුටුදායක ආරංචියක් ලැබෙන්න කියලා අල්ලාහ් දෙවියනට කිව්වේ. දැන් හරිම සැනසීමක් . (දී)

:       0       0

ගුණසිරි Sunday, 03 August 2014 02:18 AM

දරුවා දැකීම සතුටක් . ඒවගේම තමයි පිටරට ඉඳගෙන අදහස් ලියන බව සඳහන් කිරීමේ කිසිම වරදක් මට නම් පේන්නේ නැහැ . සමහරුන්ට ඒක වැරද්දක් වෙන්න ඇති. නමුත් ඒ කාරනාව මේ පත්‍රයේ කතෘ තුමා ඇතුළු කාර්ය මඩුල්ලට වැදගත්. මේ පත්‍රය ජාත්‍යන්තරයේ ශ්‍රී ලාංකිකයන් ගේ අවධානය දිනා ගෙන ඇති බවත් , ඔවුන් පත්‍රය නිසා ලංකාව සමග සම්බන්ධ වෙන බව දැන ගැනීම ඒ උදවියට සතුටක් වේවි. (දී)

:       0       0

ලලිතා Saturday, 02 August 2014 09:45 AM

අපිත් පිටරට ඉන්නේ . දරුවා ගැන සතුටුදායක ආරංචියක් ලැබෙන්න කියලා දෙවියන් බුදුන්ට කිව්වේ. දැන් හරිම සැනසීමක් . (දී)

:       0       0

ජයන්ත Saturday, 02 August 2014 09:47 AM

සශි',කුෂි,ගිහාන්,ඔබලාගේ අදහස් වලටත් මම ගොඩක් ගරු කරනවා මමත් ඉන්නේ වෙනත් රටක මටත් දරුවන් දෙන්නෙක් ඉන්නවා (දී)

:       0       0

කාන්ති. Sunday, 03 August 2014 02:26 AM

දරුවා යහතින් හමුවීම ගැන අපිට හරිම සතුටුයි. අනේ මන්දා සමහරු මේ දරුවා ගේ සිද්ධිය ගැන අදහසක් පල කරනවා වෙනුවට අනෙක් උදවිය වැඩ වාසය කරන රටවල් අල්ල ගෙන දඟලනවා. කවුරු කොහේ ඉඳල අදහස් දැම්මත් අපිට මොකද ? හැමෝටම මෙතන අදහස් ලියන්න අවස්තාවක් ලැබෙනවා නේ. (දී)

:       0       0

චන්ද්‍රා Saturday, 02 August 2014 09:54 AM

කරුණාකර මේ අපරාධකාරයන්ගේ පින්තුර පල කරන්න. මීට කලිනුත් මේ වගේ නොපනත් වැඩ කරලා තියනවද දන්නේ නැහැ . මේ ගොල්ලන්ගේ රස්සාව මේක නම් මීට කලිනුත් මේ විදියටම අප්‍රසිද්ධියේ මිනිස්සුන්ගෙන් කප්පම් අරගෙන ඇති. පින්තුර පල කලොත් වැදගත් තව තවත් තොරතුරු ලැබෙන්නත් පුළුවන්. (දී)

:       0       0

වීරා Sunday, 03 August 2014 02:38 AM

සංජය සහ සමන්ත , මේ ළමයා ගැන ලංකාවෙන් පිට සිටින බොහොමයක් ලාංකිකයන් අන්තර්ජාලයෙන් දැන ගත්තා. දුර රටක ඉගෙනුම ලබන මගේ දුව පවා ගෙදරට පෙරේදා කතා කලාම ඇසුවේ " අප්පච්චි අර පැහැරගත් පොඩි ළමයා ගැන තාම ආරංචියක් නැද්ද ' කියලා. මම හිතන්නේ නැහැ , මෙතන අදහස් දාපු කාටවත් ඔය කියන මේනියාවක් තියනවා කියලා. ලාංකිකයන් වශයෙන් තමන් දුර රටක ඉඳන් මේ ළමයා ගැන අනුකම්පාවෙන් හිතුවා කියන එක වැරද්දක් ද දරුවනේ ? (නදී)

:       0       0

කමල් Saturday, 02 August 2014 09:58 AM

මුන්නම් අම්ම කෙනෙක්ගේ දරුවන් වෙන්න පුලුවන්ද ආයුධ නොපෙන්වා අණ්ඩක් කඩලා දාන්න තියෙන්නේ (දී)

:       0       0

විකි Saturday, 02 August 2014 10:00 AM

ලන්ඩන් ඉන්න අපි හැමෝම බොහෝ දුක් උනා.මේ උතුම් ක්‍රියාවට දායක උන සැමට සදා පින්.ඒ වගේම පුවත් පත් වලට විශේෂ ස්තුතිය (දී)

:       0       0

එම් ජී චන්දුසිරි Saturday, 02 August 2014 10:03 AM

කප්පන්කරුවන්ට අබ සරණය පතමු (දී)

:       0       0

උමේෂ් Sunday, 03 August 2014 02:41 AM

මේ දරුවාගේ පියාම මාධ්‍යයට ප්‍රකාශ කරලා තිබෙනවා පිටරට වල ලාංකිකයන් ඔහුට කතා කරලා දරුවා ගැන තොරතුරු විමසා ඔහු වෙනුවෙන් ආගමේ වැඩ ඒ රටවල ඉඳන් කරනවා කිව්වා කියලා. අනේ මේ සංජය ට සමන්තට මේ රට ගිය ඇත්තන් ගැන තියන වික්ෂිප්ත භාවය මොකද්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ. (නදී)

:       0       0

කාංචන Saturday, 02 August 2014 10:08 AM

ඇත්තටම ජයන්ත මමත් මේ බලන් ඉන්නේ මේ වගේ නරුමයොන්ටත් සහයට නීතිවේදියෝ ඉදිරිපත් වේවිද කියලා ? (දී)

:       0       0

සන්ජය Saturday, 02 August 2014 10:11 AM

සශි වෙත, පිටරට ඉන්නවා කියලා කියන්නම ඕනෙද ? (දී)

:       0       0

චන්ද්‍රානි Saturday, 02 August 2014 10:11 AM

මේ දරු පවුල පත් වූ පීඩාවේ තරම මුහුණු වලින්ම පේනවා. දරුවාට පිහිට වූ සැමට යහපතක්ම වේවා ! (දී)

:       0       0

විමල් වැරැ Saturday, 02 August 2014 10:15 AM

අපිත් පිටරටක ඉදන් දෙවියන්ට කිවේ අනේ දරුවට කරදරයක් නොකර නිදහස් කරන්ඩ කියලයි. දරුවන් මොනවා දන්නවද ඔබට පුතා තෙරුවන් සරණයි. කරපු නරුමයන් වෙනුවෙන් කිසිම සමාවක් නොදිය යුතුය (නදී)

:       0       0

රුපවති Monday, 04 August 2014 09:57 AM

සව්දි නුවන්...?මාත් දැක්ක ඒ අදහස ..? කෙනෙක් මගේ නමින් ඒ අදහස පල කර ඇතිබව දැක්කම මටත් දුකක් හිතුන, මගේ හද වතෙන් කවදා වත් එවැනි සිතිවිලි පහල වෙන්නේ නැහැ , මේ තීරේ රුපවතී නමින් අදහස් පල කරන්නේ මා පණක් බැවින් මටත් ඒ වැකිය පපුවටම වැදුනා ..? (දී)

:       0       0

දිමුතු Saturday, 02 August 2014 10:19 AM

දැන් බලන්න , බන්දුල පෙරේරා කට ඇරියොත් පිටරට ඉන්න ලාංකිකයන්ට බැනගත්ත ගමන්මයි. මේ ළමයාට වූ විපත ගැන සංවේදීව ඔවුන් දැක්වූ අදහස් දැක්කම , මට කියන්න තියෙන්නේ " කොලොම් තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම " කියලා. බන්දුල හොඳට ඇස් ඇරලා බලන්න ඔබේ ඔය පාට කන්නාඩිය ගලවලා. (නදී)

:       0       0

සමෝ Sunday, 03 August 2014 03:17 AM

දුප්පත් ගෙදරක ළමයෙක් නෙති උනානම් මෙහෙම හොයල බලල මහන්සි වෙඉද?සල්ලි තියන මිනිස්සු දිහා තම දෙයි යොත් බලන්නේ..කෝටියක් ලු..මෙයාලට ළමය වෙනුවෙන් මොනවද කරන්න බැරි ...සල්ලි විසි කරලා ළමය හොයාගන්න ඇත්තේ...සල්ලි නැති කෙනෙක්ගේ උනා නම් ළමය මළාට පස්සේ මල කුණ හොයයි (දී)

:       0       0

ඩිලාන් Saturday, 02 August 2014 10:22 AM

සංජය ඔබ නම් කුහකයෙක්. ඈත දුරක පිටරටක ඉඳන් තමයි අමතන්නේ කියල ඔබට දුරකථන ඇමතුමක් වත් ජීවිතේට ලැබිලා නැහැ වගේ. දුර රටක ඉඳන් ලංකාවේ පුරවැසියෙකුට වෙන විපතකට දුක් වුන අයගේ මනුස්සකම අගය කරන්න. (නදී)

:       0       0

ආශා Sunday, 03 August 2014 03:20 AM

පොලිසියට හා මාධ්‍යට අපගේ උත්තමාචාරය (දී)

:       0       0

ලසිත් Saturday, 02 August 2014 10:25 AM

සංජයට ලොකු හීනමානයක් තිබෙනවා වගේ. සශි තමන් පිටරට ඉඳන් මේ පාඨක සභාවට එක් වෙන්නේ කියල කිව්වම ඒකේ ඇති වැරැද්ද මොකද්ද ? (නදී)

:       0       0

විමල් වැරැල්ල Saturday, 02 August 2014 10:26 AM

අපිත් පිටරටක ඉදල දෙවියන්ට කිවේ දරුවා නිදහස් කරලා දෙන්ඩ කියලා. කරපු නරුමයන්ට සමාවක් දෙන්ඩ එපා (නදී)

:       0       0

නිලුක Saturday, 02 August 2014 10:32 AM

සංජය ඔයා අනුන්ගේ කියමනේ කන් කොන් සොයන්නේ නැතිව , එයින් කියවෙන මනුස්සකම අගය කරන්න. සශිලා පිටරට ඉඳන් ලංකාවේ පුවත්පත් බලමින් කාගේ හෝ විපතකදී ලංකාවේ උදවිය එක්ක මෙහෙම දුක සැප බෙදා ගන්න එකතු වීම මම නම් අගය කරනවා. (නදී)

:       0       0

සුගත් බණ්ඩාර (දුබි) Sunday, 03 August 2014 03:58 AM

මේ අය ළඟ තව තව ආයුද එහෙම තියෙනවා පොලිස් පතිතුමනි ඒවා බලන්ඩ එක්කරගෙන යන්ඩ (නදී)

:       0       0

රොෂාන් Saturday, 02 August 2014 10:34 AM

සංජය , ලංකාවේ දරුවෙකුට විපතක් වුන වෙලාවේ, පිටරට ඉඳන් ලංකාවේ පුරවැසියන් එක්ක සංවේදී වුන අයට ඔබ කරන උපහාස මම නම් හෙලා දකිනවා. (දී)

:       0       0

උපාලි Saturday, 02 August 2014 10:38 AM

පුතාට බුදු සරණයි (දී)

:       0       0

ටිරෝන් Sunday, 03 August 2014 04:10 AM

හුරුබුහුටි දරුවා අනේ මේ නරුමයෝ කොහොම මේවා කරනවද (නදී)

:       0       0

සරත් විමලසිරි Saturday, 02 August 2014 10:39 AM

අනුන්ගේ විපතෙදේ උණුවන සිත් ඇති දෙවිවරු වගේ මිනිසුන් තාමත් මේ ලක් දෙරණේ මොන තරම් වාසනාවක්ද. (දී)

:       0       0

අජිත් Saturday, 02 August 2014 10:45 AM

ඔය දරුව ලැබෙන්න කියල මම කතරගම දෙවියන්ට භාර උනා මම ඉන්නේ ඩුබායි අපිටත් දරුවෝ ඉන්නවා අපරාද කරුවන්ව ගමේ ජනතාවට බාරදෙන්න ඒගොල්ලන් දෙයි දෙන දඩුවම පොලිසියට සහ ජනමාධ්‍යට ගොඩක් පින් (දී)

:       0       0

සෆ්රන් Saturday, 02 August 2014 10:47 AM

කප්පම් කරුගේ ෆොටෝ නැද්ද (දී)

:       0       0

කුමුදු අතපත්තු Sunday, 03 August 2014 04:16 AM

පින්බර දරුවා කරදරයක් නැතිව බේරාදීමට දිවා රෑ නොබලා අවංකව වෙහෙසුණු මගේ රටේ උදාර මිනිසුන්ට හිස නමා ආචාර කරමි නවසීලන්තයේ සිට. (නදී)

:       0       0

චන්දන Saturday, 02 August 2014 10:56 AM

ආයුධ තියෙන්නේ දුපතක නේද යමුද පෙන්නන්න (දී)

:       0       0

ගාමිණි Saturday, 02 August 2014 11:00 AM

දරුණු ගනයේ අපරාද නිතර සිදුවීමට හීතු සාදක හොයා ඒවාට පිළිතුරු දෙන්ඩ ,ඒ වගේම දැනට අපරාද වලට ආස්වී ඉන්න අයට දැඩි දඬුවම් ලබා දෙන්ඩ ඕනා. පොලිසිය සහ නීතියේ ස්වාදීනතාවය රැක දෙන්න 17 වැනි සංසෝදනය නැවත බලාත්මක කරමු. (දී)

:       0       0

මාලා Monday, 04 August 2014 08:32 PM

හොද පාඩමක් වත් පොහොසත්කම් පෙන්නන අයට (නදී)

:       0       0

හසන්ති Saturday, 02 August 2014 11:04 AM

අපේ කොලු පැටියට බුදු සරණයි (දී)

:       0       0

වීරා Sunday, 03 August 2014 04:43 AM

සමෝ ඔබ හරි , දුප්පත් වුනා නම් මෙහෙම ගණන් ගන්නේ නැහැ . ඒක තමයි අද සෝචනීය ඇත්ත . (දී)

:       0       0

රූපවතී Saturday, 02 August 2014 11:07 AM

මේක කෝටිපති පවුලක්, ඕනවට වඩා උදවු කරන්න හොඳ නැහැ (දී)

:       0       0

රූපා Saturday, 02 August 2014 11:12 AM

මරණ දඩුවම දෙන්න (දී)

:       0       0

ජනක Saturday, 02 August 2014 11:12 AM

මම මෑතකදී අහපු හොදම පණිවිඩය අද උදේ මම ඇහුව. පහුගිය දවස් කීපයම මම හැම තිස්සෙම බැලුව හිතුවේ මේ දරුවට මොනවවෙලද කියල. හැම විනාඩි පහලොවකටම සැරයක් ඉන්ටෙර්නෙට් එකේ බැලුව දරුවා ගෙන තොරතුරු. අද දරුවා හමුවීම මට හීනයක්වගේ. පොලිසිය ඇතුළු හැමෝටම තෙරුවන් සරණි. මේ ප්‍රීතියට මම ඔස්ට්‍රලියාවේ ඉදල තනියම පොඩි අඩියක් ගහනවා. එත් අද තෙරුවන් සරණ ලැබුන නීසා හෙට ඉරිදා පොඩි අඩියක් ගහනවා. (දී)

:       0       0

නිශාන් Saturday, 02 August 2014 11:13 AM

සංජයගේ අකමැත්තක් තිබෙනවාද පිටරටවල උදවිය ලංකාවේ දරුවෙකුට වෙන කරදරයකදී අනේ අපොයි කියන එකට. ? (දී)

:       0       0

සාම Saturday, 02 August 2014 11:20 AM

ලස්සන අහිසංක ළමයෙක් කප්පම් කරුවන්ගේ බේරගත්තාට ශ්‍රී ලංකා පොලිසියට මගේ ප්‍රණාමය ....හා ස්තුතිය . (දී)

:       0       0

බුද්ධික Sunday, 03 August 2014 03:12 PM

දරුවා බේරාගන්න උදව් කළ පොලිසියේ ඇතුලු සියලු දෙනාට ගොඩක් පින් (නදී)

:       0       0

සුසන්ත Saturday, 02 August 2014 11:19 AM

සල්ලි වලට නොකරන ජරා වැඩක් නැහැ (දී)

:       0       0

සාරංග Sunday, 03 August 2014 05:05 AM

ඩුබායි ඉන්න අපිත් හරියටම මේගැන කණගාටු උනා. කරුණාකර දරුවාව පරිස්සම් කරගන්න මින් ඉදිරියටත්.වැඩි අවදානමෙන් ඉන්න. දරුවා නෙමෙයි ඔය වැඩේට හවුල් උන කට්ටිය මාධ්‍යට පෙන්වන්න ඕනා. උපරිම දඩුවම් ක්‍රියත්මක කරන්න. කරුණාකර නැති උනා අවි පෙන්වන්න ගෙනියන්න (නදී)

:       0       0

සිසිර Saturday, 02 August 2014 11:20 AM

මගේ දරුවට උනා වගේ මට දැනෙන්නේ (දී)

:       0       0

ධම්ම Sunday, 03 August 2014 05:07 AM

දෑවැද්දක් කල හදියක්! (නදී)

:       0       0

සමාධි Saturday, 02 August 2014 11:19 AM

පොලිසියට හිස නමා ආචාර්ය කරනවා (දී)

:       0       0

වීරා Sunday, 03 August 2014 05:09 AM

ඇයි මේ සමහරු අනිත් අයගේ නම් වලින් අදහස් දමන්නේ ? මම නම් දැම්මේ එක අදහසයි පිට රට ඉන්න ලාංකිකයන් ගැන. තව කෙනෙක් සභාවේ ඒ නමින් ම ඉන්නවා නම් මම මින්පසු මගේ සම්පූරණ නම භාවිතා කරන්නම්. නැතිනම් මෙතන නොයෙකුත් පැටලවිලි වෙන්න ඉඩ තිබෙනවා. (නදී)

:       0       0

සුරංග Saturday, 02 August 2014 11:29 AM

දරුවා දකින කොට සන්තෝෂයි. අපේ නෝනාගේ නංගිටත් මේ දවස් වල මනමාලයන් සොයනවා. මේ කතාව කියල මම කීවා කවුරු ගෙදරට සැපත් වුනත් දෑවැද්ද ගැන කට ඉස්සර කරගන්න නම් එපා කියලා. සල්ලි කාරයෝ නොවුනත් ගෙදර බවලතුන්ගේ කනේ කරේ තියන දේ ට වග කියන්නත් මෙහෙම කාරණයක් හොඳටම ඇති වගේ. (දී)

:       0       0

සුමිත් Saturday, 02 August 2014 11:32 AM

පුතා ඔබට තෙරුවන් සරණින් නිදහස් වෙන්න ලබේවා කියල අපිත් ආශීර්වාද කලා. ඔයා සුරතල් මුහුණ බලාගෙන හිතක් තියෙන මිනිහෙකුට නම් ඔයා වගේ වැඩක් කරන්න බැහැ. දඬුවම නීතියෙන් නම් ලැබෙන එකක් නැහැ . එහෙම වුනාට ස්වභාව ධර්මය නිසි සුදුසු උපරිම දඬුවම එයාලට දේවි. (දී)

:       0       0

භානු Sunday, 03 August 2014 05:15 AM

දරුවා බේරාගත් සැමට ප්‍රණාමය. ! කෝටිපතියන් වුනත් නැතත් තම තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව ගැන දැන් නම් දෙපාරක් හිතන්න වෙන බව තමයි මට නම් පේන්නේ. (දී)

:       0       0

නිස්සංක Saturday, 02 August 2014 11:35 AM

ආයුධ නැද්ද දන්නේනැහැ (දී)

:       0       0

රොහාන් Monday, 04 August 2014 04:34 AM

විදේශ රටවල ඉන්න සියලුම පාඨකයිනි. ඔබලා උපන් රටේ පුවත් වලට සංවේදී වීම ගැන ස්තුතියි (නදී)

:       0       0

රුවනි Saturday, 02 August 2014 11:35 AM

අනේ සංජය කුහක වෙන්න එපා. ඔයාගේ ළමයාට මේ වගේ කරදරයක් වුනා නම් කවුරු හරි පිටරට ඉඳලා කතා කරලා කනගාටුව ප්‍රකාශ කරන්න හදනවා නම් ' පිටරටින් කතා කරනවා කියන්න අවශ්‍ය නැහැ " කියනවද ? (දී)

:       0       0

හරිෂ් Saturday, 02 August 2014 11:37 AM

සැක කරුවන්ගේ නමවත් ලියන්න පින්තුර දැම්මනම් අපහු කව්රුත් මේ වගේ වැඩකරන්න නැහැ (දී)

:       0       0

රොහාන් සෞදි Sunday, 03 August 2014 05:21 AM

මෙහි අදහස් කියවන මට හිතෙන්නේ අපේ ලංකාවේ මිනිසුන් මොන තරම් කරුන්වන්ටද මේ අතැර නරුමයන් සිටින නිසා තම අපේ මේවගේ සිදුවීම් වලට මුණ දෙන්නේ දරුවා නැවත ලැබීම ගැන හරිම සතුටක්. (දී)

:       0       0

අමල් Saturday, 02 August 2014 11:38 AM

මේ සංජය කියන කෙනා ට බන්දුල පෙරේරාට නෑකමක් ඇති . මෙතන අදහස් දමන අයට කට කැඩිච්ච කතා කියන්න හරිම සමතෙක් . (දී)

:       0       0

සංක Saturday, 02 August 2014 11:40 AM

දේශපාලකයින් මේ ප්‍රශ්නයට සම්භන්ධ නොවේවා (දී)

:       0       0

කුමාරි Saturday, 02 August 2014 11:44 AM

ත්‍රිවිද රත්නයේ පිහිටෙන් දරුවා නිරුපද්‍රිතව ලැබුන එක ගැන පුදුම සතුටුයි.වරදකරුවන්ට දෙන්න ඕන දඬුවම නිසි ලෙසම ලැබේවා!ලොව කිසිම මෙවැනි දේ සිදු නොවේවා!අපේ පොලිසියට හිස නමා ආචාර කරමි. (දී)

:       0       0

කසුන් Sunday, 03 August 2014 05:29 AM

වීරා මහතා, ඔය කතාව නම් ඇත්ත. මගේ නමිනුත් මෙතන පසුගිය දවසක අදහසක් පලවෙලා තිබුනා. කොටින්ම මම හිතන්නේ වත් නැති විදියට යම් කාරනාවක් ගැන ලියලා. මේවා හරිම කැත වැඩ. තමන්ගේ නම කියන්න බැරිනම් අනුන්ගේ නමක් නැතිව වෙන නමකින් අදහස ලියන්න කියලා මම ඉල්ලනවා. නැතිනම් අනිත් උදවිය මුලින්ම ඒ නම භාවිතා කල කෙනා ගැනයි වරදවා හිතන්නේ. (නදී)

:       0       0

ජෙහාන් Saturday, 02 August 2014 11:45 AM

මට නම් මේ විස්තර වලින් පේන්නේ , ගෙවල් වල දීග දෙන්න බවලතුන් සිටින උදවිය තම තමන්ගේ කටවල් පරිස්සම් කර ගැනීම අතිශයින් වැදගත් බවයි. මනාලයාගේ පාර්ශවය ගැන හරි හැටි නොදැන , කල ප්‍රකාශ ගිය දුරක මහත! . (දී)

:       0       0

නිමලලිත Saturday, 02 August 2014 11:46 AM

අහිංසක දරුවා සොයා ගත්, සොයා ගැනීමට වෙහෙස වූ සැමට පින් ,ස්තුතිය.උගත් නිතිවෙදියනි මෙම පාදඩ අපරාද කරුවන් වෙනුවෙන් පෙනී සිටින්න එපා.එය ඔබලාගේ අනාගත මුනුබුරු මිනිබිනිපිරියන් වෙනුවෙන් කරන යුතුකමක්. (දී)

:       0       0

නන්දසිරි Saturday, 02 August 2014 11:49 AM

මොවන්ට දැඩි දඩුවන් දෙන්න (දී)

:       0       0

නිහාල් විතානගේ Saturday, 02 August 2014 11:51 AM

මෙහෙයුමට සහබාගි වූ සියලු පොලිස් නිලදරින්ට ජය සහ කීර්තිය (දී)

:       0       0

ඩබ් ජී චන්ද්‍රසිරි Saturday, 02 August 2014 11:53 AM

සන්ජය මහත්තයෝ, මමත් ඉන්නේ පිටරට ඒත් ලිපිනය දාලා මම ඉන්න තැන ගැන කියන්නේ නැහැ පම්පොරියටත් නොවෙයි. රට වෙනුවෙන් අපි වෙනුවෙන් කැක්කුමටයි ලියන්නේ. අපි අවධානයෙන් ඉන්නේ අපි ගැන (දී)

:       0       0

සශි Saturday, 02 August 2014 11:53 AM

සන්ජය වෙත,රට ඉන්නවා කිව්වම නම්බුවනේ අනේ. කේන්ති ගන්න එපා (දී)

:       0       0

සනත් Sunday, 03 August 2014 03:49 PM

පොලිසියට අපේ උපහාරය (දී)

:       0       0

කමල් Saturday, 02 August 2014 11:56 AM

කෝ මේ අයගේ පින්තූර ? (දී)

:       0       0

අබ්දුල් රාසික් (කටාර්) Saturday, 02 August 2014 11:57 AM

අහිංසක දරුවාව බේරාදුන් අප මැවූ දෙවියන්වහසේටත් සියලුම උදවියටත් විශේෂයෙන්ම පොඩ්ඩක් වැරදුනොත් අපෙන් ඇතිවෙන්ඩ බැනුම් අහන පොලිසියේ මහත්වරුන්ටත් අනේක ස්තුති. අපි රට හිටියට අපිත් සෑම මොහොතකම බයෙන් හිටියේ අර මතුගම අසරණ දරුවට කරපුදේ මතක තිබෙන නිසා. මේ අයව මේලෝකෙන්ම තුරන් කරලා දන්නා ඕන.පන්චායුදයක් කියන්නේ දරුවාගේ ආරක්ෂාවට දාන එකක්.එක ගලවන්ඩ තරම් අමනුෂ්‍ය හිතක් මේ වැනි නරුමයන්ට ලංකාවේ බත් කන්ඩ දෙන්න නරකයි.මුන්ව මරන්නේ නැතුව කකුල් අතපය කලා අබ්බගාතයෝ කරලා දාන්න ඕන වින්දවන්ට ජීවිතේ ඇතිතාක්කල්. නීතිමය පැත්තෙන් හරියට නොවුනොත්,මැති ඇමති ගොල්ලෝ මැදිහත් නොවුනොත්,මේ අයට හොඳ දඬුවමක් ලැබෙන්න මෙය කියවන සියලුම දෙනාම තම තමන්ගේ දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරන්න. (දී)

:       0       0

ජනක Saturday, 02 August 2014 12:08 PM

සම්මා සම්බුදු සරණයි මගේ පුතාට (දී)

:       0       0

රුපවති Saturday, 02 August 2014 12:11 PM

දෙවියන්ට පින්සිදුවෙවා ..! දෑසේ පිරුණු ලොකු සතුටු කදුලක් සමගින් හැමෝගෙම අදහස් කියවල ඒ අම්මගේ සිතේ සතුටට සමාන සතුටක් මටත් දැනුන ..සැමදාම පත්තරේ කියෙව්වේ අදවත් දරුවාව හමුවේවා කියනා හැගීමෙන් ..පිට රටක සිට මේ දරුවා වෙනුවෙන් අනේක වාරයක් දෙවියන් යද්දෙමි ..!!!!ඔබ දිරිය පවුලට තෙරුවන් සරණයි..!!!! (දී)

:       0       0

මහේෂ් Saturday, 02 August 2014 12:11 PM

උන්ව කෙසේ හො අල්ලලා ආයුධ පෙන්නන්න ගෙනියන්න. එය අනාගතේ මෙවැනි දේ කිරිමට බලාපොරොත්තු වන්නන්ටද පාඩමක් විය හැකිය.(නදී)

:       0       0

සෞදි නුවන් Sunday, 03 August 2014 06:15 AM

රුපවති අනුන්ගේ දීයුනුවට ඉරිසියා කරන්න එපා. මේක වත් පොහොසත් කමේ ප්‍රස්නයක් නෙවී හැමෝම පුළුවන් විදියට වචනෙකින් හරි උදව් කරේ ඇත්තටම දරු සෙනෙහස තියෙන හදවත් වලට මේ සිද්දිය දරා ගන්න අමාරු නිසා. දෙමාපියන්ට මොනවා තිබුනත් වැඩක් නැ තමන්ගේ දරුවෙකුට කරදරයක් උනාම. මේ දෙමුපියෝ දෙන්නටත් මේ වෙලාවේ සල්ලි වලින් වැඩක් නැහැ තමන්ගේ පන වගේ ඉන්න දරු පැටියා ලැබුනානේ එ්ක අපි කාටත් සතුටක්. බලන්න මේ සිද්දියේදී අදහස් දාපු අයගේ අදහස් එක්ක බැලුවම ඔයාගේ අදහස කොච්චර කුහක අදහසක්ද කියා. හිතක් පපුවක් තියෙන කෙනෙකුට නම් මේවගේ සංවේදී වෙලාවක මේවා ලියන්න බැහැ. ඔයාට මේවගේ දෙයකදී මිට වඩා සංවේදී අදහස් පහල වේවා කියා මන් ප්‍රර්ථනා කරනවා. සිගිති පුතේ ඔබට සියලු දෙවි පිහිට පතමි. (නදී)

:       0       0

සරත් Saturday, 02 August 2014 12:12 PM

පොඩ්ඩා අනතුරක් නැතිව සොයා ගැනීමට හැකි වීම මම හිතන්නේ මුළු ලංකාවටම සතුටුයි. දරුවන් සිටින පියෙක් හැටියට, මේ පැටියාගේ පවුලේ උදවියට දැනුනු වේදනාව අපට සිතා ගත හැකිය. මෙවැනි නොපනත් කම් සිතීමට පවා නොහැකි වන සේ මිනිසුන්ගේ සිත් හැදීමට මාධ්‍යට කල හැකි මෙහෙවර අපමණයි. විශේෂයෙන් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය වල ඇති ටෙලී නාටක වලට (නදී)

:       0       0

පතිරණ කපිල Sunday, 03 August 2014 06:31 AM

පුංචි පුතේ ඔයාට දෙවියන්ගේ පිහිටයි (නදී)

:       0       0

පතිරණ කපිල Sunday, 03 August 2014 06:31 AM

මේ අපරාදය කරපු අයට නිසි දඩුවම් ලැබේවා (නදී)

:       0       0

උපුල් හෙළ කුමාර Saturday, 02 August 2014 12:19 PM

දරුවට දීර්ඝායුෂ ලැබේවා. කරපු අයට අච්චු ලැබේවා. පොලසියට හා මාධයට ස්තුතියි. හෙට දිනයේ මෙවන් දෑ නොවේවා! (නදී)

:       0       0

නිහාල් විතානගේ Saturday, 02 August 2014 12:31 PM

දරුවා බේරුණු එක ලොකු සතුටක් .මතුගම සමන් කුමාර මරපු එක තවම මතකයේ ඇත. ඝාතකයා හිරේ (නදී)

:       0       0

චානි Sunday, 03 August 2014 06:49 AM

දරුවාට තෙරුවන් සරණයි. කෝටිපතියන් වුනත් මේ පවුල චාම් සරල උදවිය බව ඇඳුමෙන් පැළඳුමෙන් පවා පේනවා. ඒ නිසා කරුණාකරලා මේ අයගේ සල්ලි ගැන ලොකුවට හිතන්න එපා. දරු දුක ට දුප්පත් පොහොසත් භේදයක් නැහැ. (නදී)

:       0       0

අරුණ-දෝහා Sunday, 03 August 2014 07:01 AM

සෝ සුසුසුම් පහ වී සතුටු සිනහ මතු වී පුතුගේ සිනහා මවූ සිනහා සමග මුසු වී ලක් දනන් සිත් සැනසුමෙන් දොරේ ගලා හද බැදී මල් මිටක් පොලිස් විරුවන්ට කලකින් (නදී)

:       0       0

පියසිරි Saturday, 02 August 2014 12:57 PM

පොඩි දරුවන්ට කරදර කරන නවරෙක්ට උව මරණ දඩුවම දෙන්න (නදී)

:       0       0

චන්දන ගමගේ - මාතර Saturday, 02 August 2014 01:05 PM

මේ වගේ අය හංගපු ආයුධ පෙන්නන්න එක්කගෙන යන්න ඕන.(නදී)

:       0       0

සමන් Saturday, 02 August 2014 01:09 PM

දරුපැටියව සොයා ගැනීමට උදවු කල සියලුම අයට පින් (නදී)

:       0       0

සුගත් Saturday, 02 August 2014 01:08 PM

මමත් ඉන්නේ පිටරට (නදී)

:       0       0

කාර්තිනී Saturday, 02 August 2014 01:10 PM

නවීන තාක්ෂනය හා ක්‍රම වේදයන් තිබුනානම් එදා මතුගම සමන් කුමාරවත් බේරා ගන්න තිබුනා. (නදී)

:       0       0

සුරන්ජිත් ලාල් Saturday, 02 August 2014 01:32 PM

සෑම ආගමකට අයිති හැමෝම පුතු ඔබ වෙනුවෙන් දෙවි බුදුන්ට කන්නලවු කළෙමු. ඒ හැම කෙනෙකුගේම හඬ ඔබව කරදරයක් නැතුව නිදහස් කරගෙන නැවත දෙමාපිය තුරුලට ලබාදෙන්නැයි. එය සබැ විය. පියෙක් වසයෙන් මා හදවතට ඉතාම සන්තෝසයි (නදී)

:       0       0

සුගුනවති Saturday, 02 August 2014 01:51 PM

දැන් අපි අහන්න ඕනේ පොලිස් මහත්වරුන්ගෙන් මොකක්ද ඔය අපරාධකරයින්ට දෙන දඬුවම කියලා (නදී)

:       0       0

රසික නලින්ද්‍ර Saturday, 02 August 2014 02:00 PM

අනේ පොලිස්පතිතුමෙනි ඔවුන්ට දියහැකි උපරිම දඩුවම දෙන්න. කරුණාකර අපරාදකරුවන්ගේ ෆොටෝ පලකරන්න (නදී)

:       0       0

ආසික් Saturday, 02 August 2014 02:08 PM

මේ අම්මා තාත්තට උන වේදනාව වෙන කාටවත් වෙන්න එපා (නදී)

:       0       0

ද සොයිසා Saturday, 02 August 2014 02:12 PM

යුරෝපා රට වලත් ලමයි අතුරුදහන් වෙනවා ඒත් මේ තරම් ඉක්මට සොයා ගන්නෙ නැත අපේ පොලිසිය සහා මාධ්‍ය ඉතා බුද්දිමත් බව මෙයින් වැටහේ. (නදී)

:       0       0

සඳරුවන් Saturday, 02 August 2014 02:17 PM

අනේ මේ අපරාධයට සම්බන්ද හොරු රෑලව හංගපු ආයුධ පෙන්නන්න එක්කගෙන යන්නකෝ (නදී)

:       0       0

ලියනගේ Saturday, 02 August 2014 02:19 PM

දරුවාට තෙරුවන් සරණයි...අපරාද කරුවන්ට නිසි දඩුවම් ලබා දිය යුතුයි...- කටාර් ශ්‍රී ලක් දෙමව්පියන් (නදී)

:       0       0

තේජාන්විත Monday, 04 August 2014 06:03 AM

අනේ පැටියෝ ඔයාට බුදු සරණයි !!! පොලිස්පති හා මාද්‍ය ප්‍රකාශක තුමනි මේ වගේ පොලිසියක් තමයි ලංකාවේ අපි හැමෝගෙම පැතුම . අනේ අපි කිසිම දෙයක් කියන්නේ නැහැ මේ අයව ආයුද පෙන්නන්න එක්කාගෙන යන්න. කැලෑවට නෙමෙයි ප්‍රසිද්ද නගරයකම හන්ගපුව පෙන්නන්න අනිත් යටත් උන ගැනෙන්න . (දී)

:       0       0

මහේෂ් Saturday, 02 August 2014 02:29 PM

පුළුවන් තරම් ඉක්මනට මේ අයව ආයුද පෙන්වන්න එක්කන් ගියොත් සමාජයට ලොකු සේවයක්. (නදී)

:       0       0

ගයා Saturday, 02 August 2014 02:29 PM

කෝ මේ අය ළඟ අාවුද නැද්ද? (නදී)

:       0       0

ප්‍රගීත්, Saturday, 02 August 2014 02:34 PM

අම්මලට, තාත්තලාට දැනෙන දරු දුක අනන්තයි අප්‍රමානයි, දරුවන්ට දැනෙන දෙමව්පිය සෙනෙහස අනන්තයි අප්‍රමානයි, මෙවැනි උසස් කටයුක්ත්තක් කල සියලු පොලිසියේ නිලධාරීන්ටත් සී.අයි.ඩී නිලධාරීන්ටත්, සහය වු සියලු දෙනාට බොහොම පින්. ජාතියේ අපගේ උපහාරය. (නදී)

:       0       0

සුනේත්‍රා Saturday, 02 August 2014 02:34 PM

මගේ රත්තරන් පැටියෝ. ඔයාව රැකදෙන්න කියා මම ඇඩුවා (නදී)

:       0       0

රෝහිත Saturday, 02 August 2014 02:42 PM

මේ කප්පම් කරුවන්ව ආයුධ පෙන්නන්න එක්කරගෙන යන්න කියලා මම පොලිසීයෙන් ඉල්ලා සිටිනවා . (නදී)

:       0       0

සිරා Saturday, 02 August 2014 02:56 PM

පිටරට යන්න ඉන්න මටත් හරිම සතුටුයි දරුවාට කරදරයක් නොවී දෙමව්පියන් ලගට එන්න ලැබීම ගැන (දී)

:       0       0

ආනන්ද Saturday, 02 August 2014 02:57 PM

මෙවැනි අපරාධ කරන්නවුන් සමාජ පිළිලයක්. ඔවුන්ව මරණ දඬුවම දියයුතුය. (දී)

:       0       0

කුමාර ඩුබායි Saturday, 02 August 2014 03:17 PM

මේ අපරාද කාරයෝ ආයුධ පෙන්වන්න එකක යන්න හොඳ නැහැ. ඇප පිට නිදහස් කරල පස්සෙ හෙමිහිට අරන් ගිහින් අත පය ජොයින්ට් වලින් පන්නලා ජීවිත කාලෙම දුක් විඳින්න දෙන්න ඕනෑ.එතකොට හිතින් වින්දවල මැරේවි. (දී)

:       0       0

අසෝකා Saturday, 02 August 2014 03:27 PM

මේ අයගේ පින්තුරයක් දැම්මනම් සියලු දෙනාටම බලාගන්න තිබුන: දරුවට කරදරයක් නැතිව එන්න ඉඩසලසු සියල්ලන්ටම පින්! (දී)

:       0       0

වසන්ත Saturday, 02 August 2014 03:28 PM

ඕනෑම අපරාදයක් සිද්ද උනාම පොලිසියට දොස් කියන ගොඩක් අය මෙතැනදී නිස්සබ්ධයි ,මේ දරුවා හොයාගන්න හැකි උනේ ඇත්තටම පොලිසියේ ක්‍රියාන්විතය මත,ඒ වගේම මාද්‍ය ගෙනගිය යම් වැඩපිළිවෙලත් අතිශය වැදගත් වෙන්න ඇති,පොලිසියට අපගේ ප්‍රණාමය පුද කල යුතුමි. (දී)

:       0       0

සමන් සුජීව Saturday, 02 August 2014 03:43 PM

සියලුම දෙවි වරුන්ට ස්තුති වේවා ලොකු සැනසීමක් උදා කලාට හැබැයි මේ අපරාධේ කරපු අයට හොඳ දඬුවම් දෙන්න ඕනේ නැවත ඔය වගේ දේවල් කරන්න සිත් පහල නොවෙන්න කිසිම කෙනෙකුට (දී)

:       0       0

මිහිරි Saturday, 02 August 2014 04:02 PM

පොලිසියට අපගේ උත්තමාචාරය (දී)

:       0       0

සුරංග මුදියන්සේ Saturday, 02 August 2014 04:27 PM

අනිවාර්යයෙන්ම කප්පම් කරුවන් ලග ආයුද තියෙන්නම ඕන . මෙච්චර හපන් කමක් කල අපේ පොලිසියේ නිලදාරීන් ඒ අයුදත් හොයා ගනිවී කියල පතනවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 159 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 175 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 74 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1239 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1508 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 127 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site