IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කප්පම් සැකකරු හෙල්මට් නැතිව මහ පාරේ

රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා මීගලෑව  දිනිදු යශේන් ලංකානාත් (04) දරුවා පැහැරගත් බව කියන පස් දෙනා (ආර් සී මංජුල සඳ කැලුම්,ඩබ්ලිව් පී එස් චතුරංග කුමාර,දිනේෂ් ප්‍රියසාද්, පී ඩබ්ලිව් සංජීව විජේකෝන් හා අතුල බණ්ඩාර) රුපියල් විසිදහස බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ හතහමාරක බැගින් ශරීර ඇප දෙකක් මත ගල්ගමුව මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා විසින් මුදාහරිනු ලැබුහ.

මෙතෙක් ඔවුහු රිමාන්ඩ් බාරයේ සිටියහ.නඩුව ලබන  3 වැනිදාට කල් තැබිණි.

ඇප ලැබු පළමු සැකකරු මංජුල හෙල්මට් නැතිව යතුරු පැදියකින් මහ පාරේ ගියේය.ඔහුගේ ඡායාරූප ගැනීම වැලැක්වීමට ආ මැරයෝ මාධ්‍යෙව්දීන්ට බාධා කළහ.

56y

GALGAMUWA-SANJEEWA-(1) GALGAMUWA-SANJEEWA-(2) GALGAMUWA-SANJEEWA-(3)

 

 

 

 



අදහස් (0)

කප්පම් සැකකරු හෙල්මට් නැතිව මහ පාරේ

සත්‍යපාල Saturday, 01 November 2014 02:16 AM

කප්පම් ඉල්ලා පුද්ගලයන් පැහැරගෙන යන අයට ඇපදීමට නොහැකිවන ලෙස නීති සකස්කළ යුතුයි. එවැනි පුද්ගලන් නීතිය ඉදිරියේ වරදකරුවන් වුවහොත් වසර 20 ක සිරදඩුවමක් හිමිවන ලෙස නීති සකස්විය යුතුයි.එහෙත් බලධාරීන්ට මෙවැනි දේවල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මෙවැනි වැරදි සිදුවෙන්නේ සාමාන්‍ය ජනතාවට පමණක් නිසා. (නි)

:       0       0

අනිල් Sunday, 02 November 2014 02:24 AM

ළමයාගේ තාත්ත නීති වේදීන්ට පහරදුන්නා දැන් සැකකරු ගෙදර (නදී)

:       0       0

කාලිංග Friday, 31 October 2014 11:16 AM

කවුද අැප දුන්නේ, පැමිණිල්ලට අසාධාරණයක් වෙන්න පුළුවන්, ඔවුනට තවත් තර්ජන එන්න පුළුවන්, අැප අවලංගු කරන එක තමා මං හිතන්නේ හොද, ආයුධ පෙන්නන්න වත් එක්කන් යන්න වෙයි මෙහෙම හැසිරෙනවා නම් (අ)

:       0       0

ට්‍රියෝනි Friday, 31 October 2014 11:18 AM

ළඟ ඡන්දෙට ඒ ගොල්ල ගොඩාක් බිසී වෙයි. (අ)

:       0       0

ගිහාන් Friday, 31 October 2014 11:52 AM

දැන් ගෙදර යන ගමන් කප්පන් ඉල්ලන්න කියල කාගේ හරි නැන්දම්මා කෙනෙක් හරි උස්සගෙන යාවි. අනේ මෙහෙමත් රටක්. ! (අ)

:       0       0

සෙත්මී Sunday, 02 November 2014 03:11 AM

පුදුමයි, ඇප දීලා නීතිය මේ අයගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද? තව අසරණ දරුවෝ කී දෙනෙකුට වග කියයිද දන්නේ නැහැ. (නදී)

:       0       0

පිටිගල Friday, 31 October 2014 12:07 PM

මැරයින්ගේ සහයෝගයත් තියෙනවා නම් මේගොල්ල ටිකක් තද පොරවල් එහෙනම්. කාගෙ හරි චක් ගෝලයෝද? (අ)

:       0       0

තුසිත Friday, 31 October 2014 12:39 PM

දැන් මේක දැක දැක පොලිසියේ අයත් නොදැක්ක ගානට ඉන්න ඇති. මට නම් පේන්නේ මේ ළමය පැහැර ගැනීම පිටිපස ලොකු බළල් අතක් තිබෙනවා. මේ මිනිස්සු රටේ නීතියට කිසිම බයක් නැති හැඩයි.. (අ)

:       0       0

රජින්ද Friday, 31 October 2014 12:40 PM

කොහොමත් ලංකාවේ අනාගතය දැන් වෙනකොට ඉතාමත් පැහැදිලියි. 2009න් පස්සේ ලංකාවේ සිද්ධ වෙයි කියල හිතපු චින්තනමය වෙනස වෙනුවට වුණේ මිනිස්සු නිදහස අසීමිතව යොදා ගෙන රට ආයෙත් අරාජික කරන එකයි. ත්‍රස්තවාදය ඉවර වුණත් අනිත් හැමදේකින්ම ඒ කාලේ තිබුණු තත්වයමයි තවමත් තියෙන්නේ, සමහරවිට පේන දේවලින් ඊටත් වැඩිය අන්තයි වගේ. මේ රටේ චින්තනය වෙනස් නොකලොත්... අනේ මන්දා.! (අ)

:       0       0

සෙනරත් Saturday, 01 November 2014 03:10 AM

ජිලෝගේ කටට මසුරමක් දමන්න වටිනවා. (නි)

:       0       0

නාලනී Sunday, 02 November 2014 04:08 AM

රටේ නීතිය මෙහෙම ලිහිල් වෙනකොට කැලේ නීතිය රජවෙන එක පුදුමයක්ද ? (නදී)

:       0       0

ජිලෝ Friday, 31 October 2014 12:50 PM

අම්මපා නාය යන්න තිබුනේ මෙන්න මේ උන්දැලාගේ ගෙවල් උඩින් . පොලවට පස් වෙන්න ඕන උදවිය ඇප ලැබිල ගෙදර යද්දී අහිංසක මිනිස්සු තමයි පොලවේ වැලලෙන්නේ. (අ)

:       0       0

ඇසළ Friday, 31 October 2014 12:51 PM

පලවෙනි සැකකරුට හොද සුදුසු කමක් තියනවා ඊලග පාර පළාත් සභාවකට හරි පාර්ලිමේන්තුවට හරි පත් වෙන්න ඡන්දෙ ඉල්ලන්න. රටටම බුදු සරණයි දෙවි පිහිටයි මෙයාල වගේඅය නිදහසේ සැරිසරන කොට. (අ)

:       0       0

බිහාර Saturday, 01 November 2014 03:19 AM

අනේ දෙවියනේ අපේ නීතිය! (නි)

:       0       0

ඇල්බට් Friday, 31 October 2014 01:07 PM

රට බාරයි නුඹට පුතේ! (අ)

:       0       0

සුපුන් Saturday, 01 November 2014 03:30 AM

මේ වගේ අයට මොකක්ද දෙන්න සුදුසු දඬුවම? (නි)

:       0       0

සුජීව Sunday, 02 November 2014 04:35 AM

ඔන්න අපේ රට හරිම ආඩම්බරයි නේද ? මෙහෙම නීති තියෙනවා නම් තවත් රටක් කොහෙද ? ඉතින් හිට්ලර් නැත්තම් ප්‍රභා වගේ කෙනෙක් ඕනි. (නදී)

:       0       0

සුගත් කුමාරසිරි Tuesday, 11 November 2014 01:26 AM

අපි හෙල්මට් නැතුව ගියොත් මොකද වෙන්නේ? (නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Friday, 31 October 2014 02:59 PM

අපේ රටේ සිදුවෙන යම් යම් දේවල් දුටුවත් නොදුටුවා සේ, ඇසුනත් නෑසුනා සේ සිටිය යුතුයි. අසාධාරණයන්ට විරුද්ධව කතා කළොත් අපේ ජීවිත අනතුරේ. මේවාට කැමති අයත් බොහෝ ඉන්නවා. ඇසළ කියනවා වගේ ඊළඟ මැතිවරණයකට මොහු තරඟකළා නම් අනිවාර්යයෙන් මොවුන්ටත් ඡන්දය දෙන්න කොටසක් ඉඳීවි. (නි)

:       0       0

සාලින්ද Friday, 31 October 2014 03:10 PM

අපි බලාගෙන ඉන්නවා මෙයාට අපේ රටේ නීතියෙන් ලැබෙන දඩුවම මොකක්ද කියලා. පොඩි දරුවෝ මරන්න පැහැරගෙන ගිහිල්ලා මෙහෙම යන්න දෙන්න පුලුවන්ද. මේක පුදුම රටක්නේ!මෙයාට දේශපාලන බලයක් තිබෙනවා වගේ (නි)

:       0       0

සඳුනි Friday, 31 October 2014 03:11 PM

මෙන්න මේ වෙලාවට තමා හිතෙන්නේ කවුරු මොනවා කිවුවත් ආයුධ පෙන්වන්න රැගෙනයාම කොතරම් අගෙයිද කියලා. (නි)

:       0       0

නලීන් Friday, 31 October 2014 03:20 PM

ඇප නොදී කොහොමද? (නි)

:       0       0

නාලක Friday, 31 October 2014 03:37 PM

අර ට්‍රියෝනි කිවුවා වගේ මේ ගොල්ලොත් එක්තරා කට්ටියක් තමයි. (නි)

:       0       0

චමිල Friday, 31 October 2014 04:16 PM

ඔය එක එක සේනාවන් වලට බැරිද මේවට විරුද්ධව හඬනඟන්න? (නි)

:       0       0

උපාලි Friday, 31 October 2014 06:13 PM

අහෝ නීතිය! අනේ මගේ අසරණ ලංකාව! (නි)

:       0       0

ශාන්ත Friday, 31 October 2014 06:48 PM

බුද්ධිමත් ජනතාව ඡන්දෙදි තීරණයක් නොගත්තොත් අපේ දරුවන්ට යන කලදසාව කුමක්ද? (නි)

:       0       0

සෑම් Friday, 31 October 2014 07:00 PM

රජින්ද, ඔබගේ අදහස හරි. රටක නීතිය ක්‍රියාත්මක නොවීම ත්‍රස්තවාදයට වඩා හුඟක් භයානකයි. (නි)

:       0       0

රසික් කටාර් Saturday, 01 November 2014 08:35 PM

ඔය ළමය නැතිවුණ වෙලාවේ අපිට කොපමණ කළකිරීමක්ද ඇතිවුණේ? අනේ! දැන්නම් හරි තරහක් එන්නේ. ඒ ඇප ලැබී එළියට ගිය අය සමඟ නොව ඔවුන්ට ඇපදීම සඳහා ඉදිරිපත්වුණ අය එක්කයි. (නි)

:       0       0

චන්ද්‍රා Friday, 31 October 2014 07:56 PM

දරුණු අපරාධකාරයින්ට ඇපදීමත්, ඔවුන් වෙනුවෙන් මුදල් ගැන පමණක් සිතා නීතිඥයින් පෙනීසිටීමත් නතරකළ යුතුයි යනු මාගේ හැඟීමයි (නි)

:       0       0

රුවන් Saturday, 01 November 2014 07:43 AM

මෙහෙමත් මිනිස්සු.(හේ)

:       0       0

රුවන් Saturday, 01 November 2014 07:43 AM

මෙය ලංකාවේ පළමු හා අවසන් ළමා පැහැර ගැනීම නොවේ.(හේ)

:       0       0

රුවන් Saturday, 01 November 2014 07:43 AM

මේ අයට ඇප දීම සාදාරනයි මොකද දරුවට කිසිම කරදරයක් හිරිහැරයක් නොකර හොඳින් බලාගෙන තියනවා,(හේ)

:       0       0

නුවන් Friday, 31 October 2014 07:02 AM

අනේ අපේ පොලිසිය! (නි)

:       0       0

දිලිනි Friday, 31 October 2014 07:02 AM

හරි ෂෝක්! දැන් බැරියැ ගෙදර යන ගමන් තව දරුවන් හත් අට දෙනෙක් ගැන බලන්න. මෙහෙමත් දේවල් අහන්න අපි මේ රටේ ජීවත්වෙනවානේ? (නි)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Saturday, 01 November 2014 07:53 AM

මමනං දකින්නේ මෙතන පොලිසියේ අය තමා වැරැද්ද කලේ.(හේ)

:       0       0

කමල් Friday, 31 October 2014 09:28 PM

කෝ දැන් මෙතන කට්ටියක් හිටියා නේද මේ චුදිතයින්ට නීතිඥ සහය ලැබීමේ මානව අයිතිවාසිකම් ගැන කතාකළ? මේ ඡායාරූපය බලා කියන්නකෝ මේකත් ඒගොල්ලන්ගේ අයිතිවාසිකමක්ද කියලා. බලාගෙන යනකොට මේ රටේ වැඩියෙන්ම මානව අයිතිවාසිකම් තියෙන්නේ මැරයින්ටද කොහෙද? මේ වැරැද්ද යතුරුපැදියෙන් ගිය කොලු ගැටයෙක් වගේ සාමාන්‍ය මිනිහෙක් කළා නම් බලන්න තිබුනා (නි)

:       0       0

ප්‍රසාද් Friday, 31 October 2014 07:19 AM

වැඩිකල් නොගොස් ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබේවි (නි)

:       0       0

ජනක Friday, 31 October 2014 07:31 AM

මේ දේවල් මෙහෙම වෙන්නේ මොකද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ස්ත්‍රී දුෂණ කළ උදවිය , ළමා අපචාර, පැහැරගැනීම් කළ උදවිය ඇප පිට ගෙදර යනවා. මේවා අහන අපේ තමයි ඇඟේ ලේ කෝපවෙන්නේ. (නි)

:       0       0

කාන්ති Friday, 31 October 2014 07:40 AM

ඇපත් නැහැ වගේ නේද මේවා දකිනකොට? (නි)

:       0       0

බිනුර Saturday, 01 November 2014 08:40 AM

මේ පැහැර ගැනීම පිටුපස ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා.(හේ)

:       0       0

සන්ජය Saturday, 01 November 2014 08:49 AM

අපි ගියොත් තමයි දඩ ගහන්නේ . දඩ නොකා හෙල්මෙට් නැතිව යන්න නම් කප්පම් ඉල්ලන්නම වෙනවා . නරක නැනේ ආදර්ශය .(හේ)

:       0       0

චානුක Saturday, 01 November 2014 08:57 AM

ප්‍රසිද්ධ වෙන්න කරපු වැඩක් වගේ.(හේ)

:       0       0

ශිනාත් Saturday, 01 November 2014 08:58 AM

මේ මිනිස්සු ලංකාවේ වැඩි නිසා තමයි රට පිරිහිලා තියෙන්නේ.(හේ)

:       0       0

සමන්ති Saturday, 01 November 2014 12:18 AM

මේ ළඟදී නීතිඥයෙක් කාන්තාවකට හිමිකම් ලබාදෙන්න ගිහින් අහිංසක නිලධාරීන් දෙදෙනෙකු අමාරුවේ දැමූ පුවතකුත් අසන්න ලැබුණා (නි)

:       0       0

රුවනි Friday, 31 October 2014 08:59 AM

දැන් ඉතින් මුළු පළාතේම දරුවන් පොලිසියෙන් දමා ආරක්ෂා කරන්න වේවිද දන්නෙ නැහැ (නි)

:       0       0

චතුර Saturday, 01 November 2014 01:04 AM

පවුකාරයන්ගේ ඔලු හයියයි. ඒක මේ යුගයේ ජීවත්වෙන මිනිසුන්ගේ පින් මදිකම. (නි)

:       0       0

තුසිත Saturday, 01 November 2014 10:11 AM

මේ දේවල් අනුමත කළ නොහැක.(හේ)

:       0       0

අමිත් Sunday, 02 November 2014 02:03 AM

කාටද අපි මේවා කියන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 2 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 4 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 18 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 62 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 72 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2351 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38317 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site