IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කුප්පි ලාම්පුව මිණිපුර මිණි කැටයක් මතු කරයි

කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කර හුළු අත්තක් පත්තු කරගෙන අලුයම නිවිතිගල කරවිට නගරයට අවුත් තේ කම්හල් ලොරියෙන් පාසලට ගොස් 2012 අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවෙන්ම පස් වැනි යා වූ රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයයේ කේ. සහන් ලක්ෂිත විජේවන්ත  සිසුවා මෙවර උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන්ම අට වැනියා විය.

ඔහු ජීව විද්‍යා අංශයේ රත්නපුර දිස්ත්‍රික්කයේ පළමු වැනියා ද විය.

ඒ සාමාර්ථ තුනක් ද සමග සහන්ගෙඉසෙඩ් ස්කෝර් කඩඉම් අගය 2.7248කි.

කරවිට, පලාවෙල පොල්වත්තේ සිය ගෙදර සිට පාසලට ඇති දුර කිලෝමීටර 30කි. තේවත්තේ ඉඩමක ටකරන් ගැසූ ගෙයක ඔහු සහ පවුලේ සාමාජිකයන් ජීවත් විය.  එහි සිට පාඩම් කර ඔහු සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ අතර 2014 වසරේ ඔක්තෝබර මාසයේ ඔහුට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයෙන් රත්නපුර නව නගරයේ නිවසක් හිමි විය.

ඔහුගේ පියා අසනීපයෙනි. මව තේ කම්හලක සුළු රැකියාවක් කළ අතර මෑතකදී පොත් කඩයක රැකියාවක් ලැබිණි. සහන්ට සහෝදරයෝ දෙදෙනෙකි.  නදුනි නිමාෂා නැගෙනිය පහ ශ්‍රේණියේ ද මල්ෂා ඉමානි 10 ශ්‍රේණීයේ ද උගනිති.

‘ලංකාදීපය මා ගැන රටටම දැනුම් දුන්නා. මේ වන විට මට උදව් කිරීමට බොහෝ පරිත්‍යාගශීලීන් ඉදිරිපත්ව සිටිනවාඑය මගේ ඉදිරි අධ්‍යාපනයටත් මගේ පවුලේ අයටත් විශාල අස්වැසිල්ලක් ලංකාදීප කළ මෙහෙවරට මා ස්තුතිවන්ත වෙනවා.‘ යැයි සහන් 2013 දී ලංකාදීපයට කීවේය.

සාමාන්‍ය පෙළ විභාගයයෙන් කොළඹ රාජකීය විද්‍යාලයයට ඒමට ඔහුට වරම් ලැබුණද සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයය අතහැරීමට ඔහු අකමැති විය. ඒ අනුව උසස් පෙළ එම පාසලේම හැදෑරීමට ඔහු තීරණය කළේය.

ඒ අනුව උසස් පෙළ  විභාගයෙන්ද ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන් පස් වැනි තැන ගත් සහන් ලංකාදීපයට මෙසේ කීවේය.

‘සාමාන්‍ය පෙළ හොඳට සමත් වුණාම බොහෝ දෙනෙක් හිතනවා උසස් පෙළ ලේසියි කියලා. මම එහෙම හිතුවේ නෑ. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සම්පූර්ණයෙන් අමතක කර මුල සිට උසස් පෙළ කරන්න ගත්තා. මං ගැන පුවත්පත්වල ගියා නිසා උපකාරක පන්ති සඳහා නොමිලේ පහසුකම් ලැබුණත් මං වැඩිය පන්ති ගියේ නෑ. නිතරම පාසල් ගියා. පාසලේ හිටපු විදුහල්පති උපාලි ජයතිස්ස මහතාගෙන් සහ විද්‍යා අංශයේ ගුරු මහත්ම මහත්මීන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා.

දවල් කාලයේ දී ජීව විද්‍යා  විෂය පාඩම් කළා. රාත්‍රී අටේ සිට එක පමණ වන තුරු රසායන විද්‍යාව හා භෞතික විද්‍යා පාඩම් කළා, ගණන් හැදුවා.  පරණ ප්‍රශ්න පත්‍ර කළා. පසුගිය අගෝස්තු මාසයේ උසස් පෙළ විභාගයට ලිව්වා. මේ ලැබුණු ප්‍රතිඵලය ගැන මට හරි සතුටුයි.

අම්මගෙයි තාත්තාගෙයි බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. මා ලද ප්‍රතිඵලය ගැන අම්මටයි තාත්තටයිත් ගොඩක් සතුටුයි.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය හොඳින් කර හොඳ වෛද්‍යවරයෙක් වී දුප්පත් මිනිස්සුන්ට සේවය කිරීම මගේ අනාගත බලාපොරොත්තුවයි.

මේ මේ තරම් දුර යන්නට උදව් උපකාර කළ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා.‘‘

සහන්ගේ මව ලලිතා ද සිල්වා මහත්මිය තම දරුවාගේ ජයග්‍රහණය ගැන අදහස් දක්වමින් මෙලෙස කීවාය.

‘‘මම තේවත්තේ වැඩ කරලයි පුතාලට වියදම් කළේ. පුතාගේ වැඩ ගැන සෙයා බලන්න කාලය ලැබුණේ අඩුවෙන්. සමහර වෙලාවට ගෙදර වැඩපළත් පුතා කළා. ඒ අතරේ හොඳට ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළ ජයග්‍රහණයෙන් පසු පුතා උසස් පෙළත් හොඳට සමත් වෙයි කියා මගේ විශ්වාසයක් තිබුණා. පුතා ලබා ගත් ජයග්‍රහණය ගැන මට ලොකු සතුටක් දැනෙනවා.‘‘

සහන්ගේ පියා විජේවන්ත මහතා -

‘‘පුතා වෛද්‍ය වරයෙක් වීමට විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. පුතා වෛද්‍යවරයකු වෙනවා දකින්න අපි කැමතියි. පුතාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න කියා මා ප්‍රාර්ථනා කරනවා. පුතා ඉගෙන ගත්තේ නිවසේ බොහෝ ප්‍රශ්න මධ්‍යයෙයි.‘‘

සහන්ගේ වැඩිමල් සහෝදරිය මල්ෂා ඉමානි -

‘‘අයියා අපිවත් බලාගන්නා අතරතුර තමයි ඉගෙන ගත්තේ. බොහෝ වෙලාවට ගෙදර වැඩත් කළා. අයියා වෛද්‍යවරයෙන් වෙනවා බලන්න අපි කැමතියි. අපේ අයියා ලබා ගත් ප්‍රතිඵලය ගැන ගොඩක් සතුටුයි.‘‘ 

ඡායාරූප අප්සරා යෝෂිත් විජේසූරිය

sahan-ratnapura-1 sahan-ratnapura-2 sahan-ratnapura-3 sahan-ratnapura-4

 



අදහස් (0)

කුප්පි ලාම්පුව මිණිපුර මිණි කැටයක් මතු කරයි

ගයාන් ජයලත් Tuesday, 05 January 2016 04:00 PM

ඔබට තෙරුවන් සරණයි පුතා.(හේ)

:       0       0

ප්‍රසන්න Tuesday, 05 January 2016 04:15 AM

මෙම දක්ෂ දරුවට සුබ පතනවා. නමුත් පාඨලී චම්පික පහුගිය රජයේ ඉන්න කාලේ කියනවා දැක්ක ලංකාවේ දැන් හැම ගෙදරකටම විදුලිය තියෙනවා කියල (බ)

:       0       0

සේනක Tuesday, 05 January 2016 08:16 AM

කොළඹට කැකිරි ගමට කිරි අලුත්ම ප්‍රවණතාවයක්. සහන්, ඔබ අනාගත ලංකාවට විශිෂ්ට සහනයක්ම වේවා! ඔබගේ ශක්තිය ඔබටම විශ්ව ශක්තියක් වේවා! (බ)

:       0       0

ලැසී Tuesday, 05 January 2016 04:34 AM

තවමත් අපේ රටේ මෙහෙම ධෛර්යවන්ත දරුවෝ ඉන්න එක ගැන හරිම ආඩම්බර හිතෙනවා (ම)

:       0       0

සමන් Tuesday, 05 January 2016 04:29 AM

තුනුරුවන් සරණයි...! ඔබගේ සහ පවුලේ දිවිමග පහන්වෙවා..!!! (ම)

:       0       0

හේමන්ත Tuesday, 05 January 2016 04:37 AM

ඔබගේ උත්සාහය සහ ඔබ අත්කරගත් ජයග්‍රහණය සියලු දරුවන්ට ආදර්ශයක් වේවා.තෙරුවන් සරණයි පුතේ.රටට සහ මිනිසුන්ට ආදරයකරන වෛද්‍යවරයකු වීමට ලැබේවා. (ම)

:       0       0

බන්දු Tuesday, 05 January 2016 04:46 AM

ඔබට ශුභ පැතුම්, පුතා! (ම)

:       0       0

ජනහිත Tuesday, 05 January 2016 04:54 AM

මමත් ගමේ කෙනෙක් පුතා . මමත් ඔය වගේ තමයි දුක්විදල ඉගෙන ගත්තේ. ඒ කලේ අපිට උදව් කරන්න හෝ උපදෙස් දෙන්න කෙනෙක් හිටියේ නැහැ. කොහොම හරි විභාගයට ලියල ලිපිකරුවෙක් වුණා .එත් අතාරියේ නැහැ. ඉගෙනගෙන ඉහළට ගියා . දැන් ඉන්නේ ඇමෙරිකාවේ වුණාට මම අතීතය අමතක කරලා නැහැ. පුතා ඔයත් අතීතය අමතක නොකර ඉගෙන ගන්න. ඔබට ජය වේවා. තුනුරුවන්ගේ පිහිටයි.(ම)

:       0       0

උදිත සංජිව Tuesday, 05 January 2016 05:06 AM

පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු එක පුන් සදින් දුරුවේ ලොව ගණ අදුරු නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු. (ම)

:       0       0

ලෙස්ලි Tuesday, 05 January 2016 09:26 AM

ඔයාගෙ හැකියාව අගේ කරනවා ...... (ම)

:       0       0

මුදිත Tuesday, 05 January 2016 05:51 AM

ඔබේ ජයග්‍රහණයට මගේ උණුසුම් සුබ පැතුම්! (කෞ)

:       0       0

ප්‍රියන්ති Tuesday, 05 January 2016 10:02 AM

ජීවිතේ හැම දුකක් ඉදිරියේදීම සැපක් ලැබෙනවා පුතේ, ඔයාට ඉදිරියටම යන්න ජය! (ම)

:       0       0

විජිත් Monday, 04 January 2016 05:15 PM

ආදරණීය පුතේ, අනාගතයේ දවසක උගත්, විනීත, වැදගත්, නිහතමානි මෙන්ම ලොව සැමගේ ආදරය ගෞරවය ලබන වෛද්‍යවරයෙකු වී ලොව සැමටම එකසේ සේවය කිරීමට ඔබට වාසනාව ශක්තිය මෙන්ම දෙවියන්ගේ ආශීර්වාදය හා තුණුරුවන්ගේ පිහිට ලැබේවා! (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 04 January 2016 05:30 PM

තෙරුවන් සරණයි පුතා! (නි)

:       0       0

ප්‍රසාද් Wednesday, 06 January 2016 12:37 PM

බොහොම හොඳයි (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 05 January 2016 06:01 AM

වාසනාවන්ත පුතේ, ඔයාගේ දෙමව්පියන්ට මේ දුන් සතුටෙන්ම ඔයා බලාපොරොත්තු වන තැනට යන්නට දෙවියන් ආශිර්වාද කරනවා නියතයි. පුතේ, ඔයාට තිසරණ සරණයි! (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 05 January 2016 06:07 AM

ඔබ හැමවිටම නිහතමානී වෙන්න. ඔබට ජය! (නි)

:       0       0

කුමාර Monday, 04 January 2016 07:38 PM

මගේ පුතේ, නුඹට තෙරුවන් සරණයි! (නි)

:       0       0

කුමාර Monday, 04 January 2016 07:48 PM

ආදරණීය පුතේ, නුඹ ගැන අපට ආඩම්බරයි. මතක තියාගන්න නුඹ දොස්තර කෙනෙක් කළේ නුඹේ ශක්තිය, රටේ නිදහස් අධ්‍යාපනය සහ නුඹගේ දුප්පත් දෙමාපියන්. දවසක නුඹ දොස්තර කෙනෙක් වේවි. එදාට නුඹ වගේම තවත් දහස් ගණනක් දුප්පත් මිනිසුන් නුඹ සොයා ඒවි. එදාටත් අද වගේම මතකයට නඟාපන් නුඹට සවියක් වුණ නුඹගේම දුප්පත්කම. සළකාපන් කාරුණික සිතින් නුඹ සොයා ආ අසරණ දුප්පත් රෝගීන්ට. එදාටත් නුඹගේ ඔය නිරහංකාර සිනහවෙන් සංග්‍රහ කරපන් හැමදෙනාටම. නුඹට තෙරුවන් සරණයි! (නි)

:       0       0

තාරක Monday, 04 January 2016 08:20 PM

කවදාවත් දෙමාපියන් සහෝදර සහෝදරියන් අමතක කරන්න එපා. ඔබට ජය! (නි)

:       0       0

පතිරණ Monday, 04 January 2016 08:28 PM

ඔබ වැනි දරුවන් ජාතියට සම්පතකි. අනෙක් දරුවන්ට ආදර්ශයකි. ඔබට ජයෙන් ජය! (නි)

:       0       0

ලලිත් Monday, 04 January 2016 08:36 PM

අර උදේට චීස්, හැම් බේකන් සමඟ ආහාර ගෙන, සුඛෝපභෝගී රථ වලින් කොලිජි වලට ගෙනවිත් බස්සා, සවසට ටියුෂන් යවා උගන්වන බේබිලගේ සාමාර්ථයන්ට වැඩිය මේ සාමාර්ථය කොයිතරම් වටිනවද? ඒ වගේම සියලු පහසුකම් සහිත එම පාසල් වල රටේ හතර දිග්භාගයේම සිටින පෙරාපු රත්තරන් වැනි දක්ෂ දරුවන්ට උගන්වා ඉන් කිහිප දෙනෙකුට ඉහළ සාමාර්ථයන් ලබාදී ඉහළින් උදම් අනන ගුරුවරුන්ට වඩා මෙම දුෂ්කර පාසල් වල උගන්වන ගුරු මහත්ම මහත්මීන්ගේ උත්සාහයේ සහ කැපවීමේ ප්‍රතිඵල කොතරම් අගය කළයුතුද? එම දරුවරුන්ටත් ගුරු මණ්ඩලයටත් මගේ ප්‍රණාමය පුදකරමි. (නි)

:       0       0

විමල් Monday, 04 January 2016 08:54 PM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

ආචාර්ය එඩ්වඩ් පෙරේරා - ජර්මනිය Monday, 04 January 2016 08:50 PM

දුප්පත්කම භෞතික පැවැත්මට බාධාවක් විය හැකි නමුත් එය බුද්ධි වර්ධනයට බාධාවක් නොව ආශිර්වාදයක්ද විය හැකි බව ප්‍රකටකරන තවත් එක් උදාහරණයක්. (නි)

:       0       0

සනත් ඉන්දික Monday, 04 January 2016 09:10 PM

වෙයන් පුතේ හොඳ දොස්තර මහතෙක්... වැඩ වර්ජන නොකර කරපන් සේවය නුඹ වගේම නැති බැරිකමින් ලොව ජයගන්න වෙර දරන මිනිසුන්ට.... බුදුසරණයි පුතේ නුඹට! (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 05 January 2016 06:18 AM

තවමත් අපේ රටේ මෙහෙම ධෛර්යවන්ත දරුවෝ ඉන්න එක ගැන හරිම ආඩම්බර හිතෙනවා (නි)

:       0       0

රංජිත් Tuesday, 05 January 2016 06:18 AM

අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට ගනිමින් වැඩවර්ජන නොකරන වෛද්‍ය පරපුරක් අනාගතයේදී බිහිකිරීමට උත්සහ දරන්න. ඔබට ජය! (නි)

:       0       0

චන්ද්‍රසේකර Monday, 04 January 2016 09:18 PM

මම ඔබට සුබ පතනවා! ඒ අතර ඔය මතකයද ගිලිහීමට පත්නොවේවා! (නි)

:       0       0

නයන Tuesday, 05 January 2016 06:20 AM

හැබැයි පුතේ වෛද්‍යවරයෙක් වෙලා පිටරට යන්න එපා. රටට හැබෑවටම සේවයක් කරන්න. දැන් වෛද්‍යවරුන්ටත් ආදර්ශයක් වෙන්න. (නි)

:       0       0

අබය Monday, 04 January 2016 09:57 PM

රටට යහපතක් කරන්න දායකවන්න පුතේ (නි)

:       0       0

වජිර Tuesday, 05 January 2016 06:18 AM

මෙවන් පුවතක් දැකීමත් සතුටක්. කාර්යාලයේ නිසා අමාරුවෙන් ඇසට නැඟුන කදුළු වසන්කරගෙන කියෙව්වේ. මල්ලි, නුඹේ අනාගතය දැන් තීරණය වී අවසන්. ඒක පැහැරගන්න කාටවත් බැහැ. ඔබ කිසිදාක ඔබේ දුප්පත් දෙමව්පියන්වත් ඔබේ දුප්පත් අතීතයවත් අමතක කරන්න එපා. මමත් ඔබ වගේම ලාම්පු එළියෙන් පාඩම්කර උසස්පෙළ ජයගෙන ඉංජිනේරුවෙක් වුණේ. උපතින් සියල්ල ලැබෙනවාට වඩා තමා විසින් සියල්ල උපයාගෙන ජීවිතය ජයගැනීම හරිම තෘප්තිමත් අත්දැකීමක්. ඔබට රටට වැඩදායි වෛද්‍යවරයෙක් වෙන්න. තුණුරුවන් සරණ පතමි. (නි)

:       0       0

සරත් කරු Monday, 04 January 2016 10:25 PM

ඔබට සදා ජය පතනවා. (නි)

:       0       0

රංග Tuesday, 05 January 2016 06:24 AM

නිකම්ම දොස්තර මහත්තයෙක් නොවී, දෑ සමය සුරකින ප්‍රඥාවන්ත දොස්තර මහත්මයෙක් වෙන්න. ඔබ යන ගමනට ආසිරි! ඔබ හමුවීමට බලාපොරොත්තු වෙමි. (නි)

:       0       0

සත්‍යපාල Monday, 04 January 2016 10:24 PM

දුක් කන්දරාවක් මැද ජීවත්වුණ ඔබේ පවුලට සහන් එළියක් ගෙනා සහන පුතාට ආදරයෙන් සුබ පතමි. (නි)

:       0       0

පත්මගේ Monday, 04 January 2016 10:41 PM

දුප්පත් මිනිස්සු හරිම පොහොසත්. ඒ පොහොසත්කම ඉදිරියට එන්න හුඟක් කල් යනවා. ඒකට උත්සාහය තියෙන්නම ඕනෑ. මේ පුතා ඒකට ආදර්ශයක්. ඔබට සුබ අනාගතයක් පුතේ! (නි)

:       0       0

මංජුල Monday, 18 January 2016 03:41 AM

මෙවන් පුතෙක් ලද මවුපියන් නිවුනා වේ! (නි)

:       0       0

ශාන් Monday, 04 January 2016 11:36 PM

අපිත් ගොඩක් මහන්සිවෙලා ඉගෙනගත්තා. ඒ වගේ ළමයි දකිනකොට හරිම සතුටුයි. (නි)

:       0       0

රන්ජිත් Monday, 04 January 2016 11:43 PM

ඔබේ ජයග්‍රහණයට මගේ උණුසුම් සුබ පැතුම්! එකම ඉල්ලීම ඔබ වෛද්‍යවරෙක් වුණාට පස්සේ සල්ලි පස්සේ දුවන්නේ නැතුව අහිංසක මිනිසුන්ට උපකාර කරන්න. ඔබේ අම්මා තාත්තා වගේ තවත් දුක්විඳින මිනිස්සු ඉන්නවා කියන එක හිතේ තියාගන්න (නි)

:       0       0

ගාල්ලගේ Monday, 04 January 2016 11:52 PM

ඔබට සුබ අනාගතයක්. ඊර්ෂ්‍යා කරන මිනිසුන්ගෙන් පරිස්සම් වෙන්න. (නි)

:       0       0

රොහාන් Tuesday, 05 January 2016 12:30 PM

කරුණාකරලා මේ පුතාගේ දුරකථන අංකය සහ ගිණුම් අංකය සොයා දෙන්න .ස්තුතියි (බ)

:       0       0

සරත් Tuesday, 05 January 2016 12:20 AM

සුබ පැතුම් කොල්ලෝ! මේවා තමයි නිදහස් අධ්‍යාපනය හරියට භුක්ති විඳීමේ ප්‍රතිඵල. බහුතරයකට ගොඩයාමේ එකම මඟ එයයි. එය රැකගැනීම අප කාගේත් යුතුකමයි. (නි)

:       0       0

විමලරත්න Tuesday, 05 January 2016 01:02 AM

මට කඳුලක් ආවේ මගේම පාසල් කාලේ මතක්වෙලා (නි)

:       0       0

කපිල Tuesday, 05 January 2016 01:02 PM

සුබ පැතුම් පුතේ . නුඹට සමන් දෙවි පිහිටයි (හේ)

:       0       0

පස්සරමුල්ලේ දයාවංශ හිමි Wednesday, 06 January 2016 03:14 PM

රුවන්පුරෙන් උපන් රත්තරන් පුතාට සුබ අනාගතයකක් නිසැකයි චිරං ජයතු ! (බ)

:       0       0

දුමින්ද Tuesday, 05 January 2016 01:44 AM

උතුම් පුතෙක්. (ස)

:       0       0

ඩෝසන් Tuesday, 05 January 2016 02:12 AM

ලංකාවේ උගත් මිනිසාට කිසිම වටිනාකමක් නැත. මොකට කියනවද රට කරවන අයගේ වැරැද්ද..එම නිසා නිදහස් අධ්‍යාපනය මාර්ගයෙන් උගත් සැම දෙනාම තම රට අතහැර පිටරටවලට යනවෝ. (ස)

:       0       0

සුරනිමල Tuesday, 05 January 2016 02:40 AM

පුතේ දොස්තර කෙනෙක් වුනාම හිතන්න ඔබගේ දෙමව්පියන් වගේම දුප්පත් දෙමව්පියන් මේ රටේ ජිවත් වන බව. තෙරුවන් සරණින් සියලු කටයුතු සාර්ථක වේවා. (ස)

:       0       0

සෙන්සා Tuesday, 05 January 2016 02:37 AM

පෙර පිං ඇති පුතෙක්.දොස්තර කෙනෙක් වෙලා තවත් පිං වැඩිකර ගන්න. (ස)

:       0       0

නිමල්ලාලිත Tuesday, 05 January 2016 02:44 AM

ආදරණිය පුතේ, ඔබට ජයෙන් ජයම ලැබේවා. ඔබට ලැබී ඇත්තේ ජයක් නොව ඉතාමත්ම විශිෂ්ඨ ජයක්. (ස)

:       0       0

කැප්පෙටිපොල Tuesday, 05 January 2016 02:59 AM

පුතේ ඔබ රටටම ආඩම්බරයක්. දුප්පත් කමත්, මිනිසත් බවත් ලොව ජය ගන්න අධ්‍යාපනය පන්නරයක් කරගෙන බුද්ධිමතෙකු වී වැදු මවත් දිනු බිමත් රැක ගන්න ඔබට ශක්තිය ධේර්ය ලැබේවා. උගතකු වී බුද්ධිමත්ව සිතීමට නිතරම ක්‍රියාකරන්න. තෙරුවන් සරණයි ! (ස)

:       0       0

ඉන්ද්‍රානි විතානගේ Wednesday, 06 January 2016 04:08 AM

මුල අමතක නොකරන යහපත් ලාන්කිකයකු බුද්ධිමත් උගතෙකු මෙන්ම ලොවට දායාද වේවා (ම)

:       0       0

හේමන්ත Tuesday, 05 January 2016 03:00 AM

මුලු සිසු පරපුරටම ආදර්ශයක්. පුතා දුක අඳුනගෙන ඉගෙන ගන්න. වරදින්නේ ම නැත. සුබ අනාගතයක්. (ස)

:       0       0

සලීත් Tuesday, 05 January 2016 03:25 AM

ඔබ වැනි දරුවන් ජාතියට සම්පතකි. අනෙක් දරුවන්ට ආදර්ශයකි. ඔබට ජයෙන් ජය! (ස)

:       0       0

සුනෙත් Tuesday, 05 January 2016 03:23 AM

ඔබට සදා ජය පතනවා. (ස)

:       0       0

සුමිත් Tuesday, 05 January 2016 03:29 AM

ඔයාට ඕනෙම උදව්වක් අවශ්‍ය නම් මට දන්වන්න. (ස)

:       0       0

සාලිය ඒකනායක Tuesday, 05 January 2016 02:38 PM

හරිම සතුටුයි මල්ලි. (කෞ)

:       0       0

රසින්ත Tuesday, 05 January 2016 03:32 AM

කොල්ලට පුළුවන් පව්ලම ගොඩගන්න. කරුනකර මේ ළමයට හෙමෝම උදව් කරමු. ලංකාදීප පත්තරෙන් ගිණුම් අංකය ප්‍රචාරය කරන්න. මේ වගේ දරුවන්ට කලිනුත් ලංකාදීප පත්තරෙන් පත්තරෙන් උදව් කරලා තිබුණා. (ස)

:       0       0

නිශාදි Tuesday, 05 January 2016 03:35 AM

ආදරණිය පුතේ, ඔබ නම් ඉතා විශිෂ්ඨ පුතෙක්මයි. ඔබට ජයෙන් ජයම ලැබේවා. ඔබටත් පවුලේ සුමටත් තෙරුවන් පිහිටයි !!!! (ස)

:       0       0

නලින්ද Tuesday, 05 January 2016 03:35 AM

ඒ දරුවා දිහා බලන්න. කිසිම සෝබනයක් නැතිව කොන්ඩේ කපල, සාමාන්‍ය විදිහට ඉන්නවා. අව්‍යාජ හිනාව, ඇස්දෙකට කඳුලක් නොවැටුන කෙනෙක් නැහැ මම හිතන්නේ මේක බලල. ඔබට තෙරුවන් සරණයි පුතේ. තෙරුවන් සරණයි. (ස)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 05 January 2016 03:35 AM

අවම පහසුකම් යටතේ මෙවන් ජයක් ලැබීම ඉතාමත්ම විශිෂ්ඨ ජයක් කියලයි මම හිතන්නේ. අාදරණිය පුතේ, ඔබ වැනි දරුවන් ජාතියට සම්පතකි. (ස)

:       0       0

සුදේශ් Tuesday, 05 January 2016 03:41 AM

කියන්න වචන නෑ පුතේ. නුඹට තෙරුවන් සරණයි. (ස)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 05 January 2016 03:44 AM

මුදල් පසු පසම දිව යන මෙවන් සමාජයක මෙවැනි අසරණ දුප්පත් දරුවන් ඉදිරියට ගැනීමට වෙහෙසෙන ලංකාදීපයට සහ එම විදුහලේ ගුරු භවතුන්ට මගේ උපහාරය. පුතේ ඔබ ගැන මම බෙහෙවින් ආඩම්බර වෙමි. (ස)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 05 January 2016 03:45 AM

අද දවසේ උදෙන්ම දැකපු මේ ලිපියෙන් අද දවස මගේ සතුටුම දවසක් වේවි. (ස)

:       0       0

පෙරේරා Tuesday, 05 January 2016 07:34 AM

කුමන බාධක ආවත් සැළෙන්න එපා. ඔබට ජය! (නි)

:       0       0

අනුර Tuesday, 05 January 2016 07:42 AM

පුතේ, නුඹට ජයවේවා! මුල අමතක කරන්න එපා. ඊර්ෂ්‍යාකාර, කූට පාප මිතුරන්ගෙන් පරිස්සම් වෙලා විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් හොඳින්ම කරගන්න. (නි)

:       0       0

ඉෂාන්, ලක්ෂිත, ශේශාන් Tuesday, 05 January 2016 03:59 AM

ඔයා දොස්තර මහත්තයෙක් වෙලා හොඳ රෝහලක් දාන්න. ඊටපස්සේ අහිංසක දුප්පත් මිනිසුන්ට පහසුවෙන ආකාරයෙන් හොඳ ප්‍රමිතියෙන් ඉහළ බෙහෙත් දෙන්න. තමන්ගේ රට ගැන හිතන්න. ඔයාට සුබ අනාගතයක් වේවා...! (නි)

:       0       0

ලක්ෂ්මන් කුමාර Tuesday, 05 January 2016 03:54 AM

හොඳ වෛද්‍යවරයෙක් වෙන්න සුබ පැතුම් ඔබට පුතා අවංකව සේවය කරන්න (ම)

:       0       0

මොහමඩ් මොරටුව Tuesday, 05 January 2016 04:02 AM

සහන් ඔබගේ මවගේ සිනාව දැක මගේ නෙත් තෙමුනා, ඔබටත් ඔබේ පවුලටත් ජය වේවා ! (බ)

:       0       0

ශාන් සෞදි Tuesday, 05 January 2016 03:59 AM

අැයි අර විදුලිබල ඇමතිනීව හිටිය කෙනා අඩු තරමේ රත්නපුර දිස්ත්‍රික්කයටවත් විදුලිය දුන්නේ නැද්ද ? ආදරණිය පුතේ, ඔබ නම් ඉතා විශිෂ්ට පුතෙක්මයි. ඔබට ජයෙන් ජයම ලැබේවා. ඔබටත් පවුලේ සැමටත් තෙරුවන් පිහිටයි (බ)

:       0       0

සමන්ත Tuesday, 05 January 2016 04:07 AM

නියම කොල්ලෙක් (බ)

:       0       0

පී.ගුණවර්ධන Tuesday, 05 January 2016 04:03 AM

තෙරුවන් සරණයි පුතා! (බ)

:       0       0

සිල්වා Tuesday, 05 January 2016 08:03 AM

රටට දැයට වැඩදායි සමාජයට යහපත් වැඩක් කළ හැකි පුද්ගලයෙක් වෙන්න කියා සුබ පතනවා ! දවසක දුප්පත් දරුවන් වෙනුවෙන් යමක් කරන්න ශක්තිය ලැබේවා ! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 805 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 920 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1642 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2059 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 525 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1071 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35823 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site