IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


කෝප් කමිටුවේ 5ක් ඇලෝසියස් සමග දුරකථන සබඳතා

(මනෝප්‍රිය ගුණසේකර)

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීමට පත් කළ කෝප් කමිටුවේ සාමාජිකයින් 28 දෙනාගෙන් 5 දෙනකුම පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සම්බන්ධතා පවත්වා ඇතැයි අද(16) බැඳුම්කර කොමිසමේදී හෙළිවිය.

ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ පරීක්ෂණ කටයුතු සිදු කරන අතරතුර ඔවුන් අතර මෙලෙස දුරකථන සම්බන්ධතා පවත්වා ඇතැයි ද බැඳුම්කර නිකුත් කිරීම සිදුවන අවස්ථාවේදී අර්ජුන් ඇලෝසියස් හිටපු මුදල් ඇමැති රවී කරුණානායක සහ ඔහුගේ පවුලේ අය සමග අවස්ථා 476කදී  දුරකථන සම්බන්ධතා පවත්වා ඇතැයි අද බැඳුම්කර කොමිසමේ දී හෙළි විය.

අද හෙළිවූ තොරතුරු අනුව අමාත්‍ය දයාසිරි ජයසේකර 2වතාවක්, රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ 62වතාවක්,  නියෝජ්‍ය ඇමැති අජිත් පෙරේරා 2වතාවක්, හෙක්ටර් අප්පුහාමි 23වතාවක් සහ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා  23වතාවක් එසේ ඇලෝසියස් සමග දුරකථන සංවාද සිදුකර ඇතැයි වාර්තා වේ.



අදහස් (19)

කෝප් කමිටුවේ 5ක් ඇලෝසියස් සමග දුරකථන සබඳතා

Nimal Thursday, 16 November 2017 10:50 AM

එළිවෙන ජාමේ හොඳ හොඳ සෙල්ලම්. ජනතාව බලා ඉන්නේ මේ රජය හැම දූෂිතයකුටම දඬුවම් කරන තුරු...

:       200       527

RASA Thursday, 16 November 2017 10:51 AM

ඔය එන්නේ අනික් අයගේ ඒවා නම් ... නමුත් මේක...

:       103       160

shaan Thursday, 16 November 2017 10:55 AM

නියමයි. හොරාගේ අම්මගෙන් තමයි පේන බලලා තියෙන්නේ. හොරාගෙන් ගෙවල් කීයක් මේ අයට ලැබුණාද? රවිට වගේ අමතකද දන්නේ නෑ!

:       259       414

jayantha Thursday, 16 November 2017 11:14 AM

ඔන්න බොලේ ඔන්න බොලේ. එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්. අර අජිත් පෙරේරා කියන පුද්ගලයා කතා කරන්නේ දෙවි කෙනෙක් වගේ. බබා වගේ...

:       102       372

rama Thursday, 16 November 2017 11:26 AM

476 වතාවක් කතා කරපු කෙනා තාම මොකක්වත් දන්නේ නෑ කිව්වේ.......? අහෝ පුදුමයකි.

:       10       178

Gayana Thursday, 16 November 2017 11:31 AM

අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ, නියෝජ්‍ය ඇමැති අජිත් පෙරේරා, හෙක්ටර් අප්පුහාමි සහ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන අය ඉවත් වුණොත් හොඳයිනේ....

:       0       1

Hafeel Thursday, 16 November 2017 11:31 AM

මෙතන හෙළිවුණු වාර්තාව අනුව රවී කරුණානායක සමග 476 කදී දුරකථන සම්බන්ධතා පවත්වා ඇතැයි කියමින්. ඉතින් එයා කොහොමද ඔය සේරම මතක තියං ඉන්නේ? ආසියාවේ හොඳම මුදල් ඇමතිනේ....

:       0       1

Ranjith Silva Thursday, 16 November 2017 11:34 AM

හැකි ඉක්මණින් මේ අයට දඬුවම් දෙන්න. නැවත ඡන්දයක් ඉල්ලන්න බැරිවෙන්න නීති සකස් කරන්න. යහපාලනය නියම අර්ථවත් වෙන්නේ මේවා තුළින් පමණි.

:       0       1

akila Thursday, 16 November 2017 11:35 AM

කට්ටියම එකතුවෙලා තමන්ගේ මනුස්සයාට උදව් කරනවා වගේ, නැත්නම් ඔක්කොම අමරුවේනේ....

:       0       1

Alosha Thursday, 16 November 2017 11:45 AM

කට්ටියටම හොඳහැටි සලකලා තියෙන්නේ....

:       0       2

ravin Thursday, 16 November 2017 11:50 AM

මේක නිකන් ගලේ මළපහ කළ බළලාගේ වැඩේ වගේ. වහන්න වහන්න එළියට එනවා. හත්පොලේ ගාගත්තා වගේ.

:       0       2

Nandalal DE SILVA - France Thursday, 16 November 2017 11:50 AM

මේක විශාල ලෙස ඔඩු දුවපු කුණු වී ගඳ ගහන හොරියක් වගෙයි බලාගෙන යනකොට ! මේකට සම්බන්ධ ලොකු පොඩි හැම කෙනාම කූඩූ කර, පිල්ලි ගැහුවා කියන රටේ අති විශාල ධනස්කන්ධය රජයේ භාණ්ඩාගාරයට (ගොන් කරත්තවලින් හෝ ) ගෙන එන දිනය තමා, යහපාලන රජයට කැමැත්ත පල කරපු ලක්ෂ 62ක ඡන්ද දායකයන් නොඉවසිල්ලෙන් බලා ඉන්නේ ! කාලය ඉතා වේගයෙන් ඉගිලී යනවා ... ඉබි ගමනින් නොයා යුතුය !!!

:       0       1

jayantha Thursday, 16 November 2017 11:57 AM

මේවා නිකම් හොරකම් නෙමෙයි. සැලසුම් සහගත සහ කල්ලි ගැහිලා කරපු හොරකම් තමයි.

:       0       1

arachchi Thursday, 16 November 2017 12:10 PM

සුජී නම් පොතට තොරතුරු අහගන්ට වෙන්නට ඇති ....

:       0       0

suranga Thursday, 16 November 2017 12:23 PM

හොරකම හොයන කට්ටිය, හොරාත් එක්ක සම්බන්ධකම් පැවැත්වීම කොච්චර අපරාදයක්ද? මේ ෆූට්නොට් කල්ලිය නේද? මෙයාලා එළිපිට යහපාලනේ රෙදි ගලවා ඉවරයි.

:       0       1

ajtih Thursday, 16 November 2017 12:27 PM

අනේ මේ අය හීනෙකින්වත් වරදක් කරන අයද? කතා කරන්න ඇත්තේ අර්ජුන් ගේ සැප දුක් අහන්න වෙන්නැති.

:       0       1

Prase Thursday, 16 November 2017 12:31 PM

මම ඔබට ස්තුති කරන්න කැමැතියි, ජනපති නීතීඥ කොමිසමට... ඔවුන් ඉතා හොඳ දෙයක් කර තිබෙන්නේ...

:       0       1

රජින්ද Thursday, 16 November 2017 01:27 PM

අදින අදින කොලේ අනාගන්න මේ වගේ යහපාලනයක් නම් ආයේ හීනෙකින්වත් ඕනේ නැහැ. ෆුට් නෝට් කල්ලියම මෙච්චර කාලයක් කල් මැරුවේ ඕක නිසා තමයි. මහා අයගේ වැඩ නිසා වැඩිපුර බදු ගෙවන ලැජ්ජා නැති ඡන්දදායකයින්ගේ රටක අපි ජීවත් වෙන නිසා ඔය ඔක්කොම ටික දවසකින් අමතක වෙලාම යාවි.

:       0       7

Padmini Friday, 17 November 2017 05:46 AM

මේවා පුවත් මගින් පල වීම නිසා හොරුන්ව හදුනාගන්න ලැබෙනවා. කලින් නම් ජනතාව මේ හොරකම් ගැන හාන්කවිසියක් දන්නෙත් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 199 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 82 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 236 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 458 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 220 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 646 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site