IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


කෝප් කමිටු රැස්වීම් නවත්වයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කෝප් කමිටුව නැවත දැනුම් දෙන තුරු රැස් නොවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් කෝප් කමිටුවේ රැස්වීම් වාරයක් අද පස්වරු එකට කැඳවා ඇති බවත් එම වේලාවට සිකුරාදා මුස්ලිම් ආගමික වතාවත් පැවැත්වෙන හෙයින් එහි සාමාජිකයන් වන එස්.එම්. මරික්කාර් සහ රාවුෆ් හකීම් මහත්වරුන්ට සහභාගී වීමට නොහැකි වන බවත් සඳහන් කළේය. එ් සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසද ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කීවේ කෝප් කාරක සභා රැස්වීම් නැවත දැනුම් දෙන තුරු නතර කරන බවයි.

එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විමසූයේ කෝප් කමිටු රැස්වීම අදාල ආගමික වතාවත් පැවැත්වෙන කාලයෙන් පසුව පවත්වන්නට තිබූ අතර නැවත දැනුම් දෙන තුරු නතර කළේ ඇයි ද යනුවෙනි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූයේ කෝප් කමිටුවේ පැනනැගී ඇති ගැටලුකාරී තත්වයන් මඟහරවාගෙන අදාල රැස්වීම් පවත්වන බවයි.

 



අදහස් (12)

කෝප් කමිටු රැස්වීම් නවත්වයි

Aravinda Monarawila Friday, 17 November 2023 12:17 PM

ඕක නවත්වන්න පුළුවන් ක්‍රමයක් මොවුන් හොය හොයා ඉන්න වෙලාවේ සජිත් ගාණට ලෙඩේ ඇද්දා... දැන් ආයෙත් මේ ආණ්ඩුව තියෙන තුරු කෝප් නැත...

:       5       27

Prabha Friday, 17 November 2023 12:48 PM

ඕක රැස්වුණා කියලා වැඩක් තියෙනවද? 

:       2       29

sachith Friday, 17 November 2023 12:42 PM

විද්දේ පඳුරට... වැදුණේ හාවාට වගේ දෙයක් තමයි වුණේ... අන්තිමට...

:       0       27

Gamini Friday, 17 November 2023 01:39 PM

මෙම කමිටුව නිසා රජයේ සේවකයෝ වැරැදි කරන්න බය වුණා. මේක නතර කරන එක හොරුන්ගේ ජයග්‍රහණයක් වෙයිද?

:       2       19

Saman Friday, 17 November 2023 01:54 PM

ඔයවගේ ගොන් වැඩ තමයි දන්නේ...

:       1       10

Aravinda MonarawilaFriday, 17 November 2023 02:19 PM

කවුද අපේ විපක්ෂ නායකතුමාද?

:       5       4

කෝරළගේ Friday, 17 November 2023 02:09 PM

ඔය කෝප් කමිටු සභාපති පත්කරපු වෙලාවේ විපක්ෂයයි, මුලු රටේම මිනිස්සු කිව්වේ... මේක හරියට හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වෙයි කියලා. දැන් ඉතින් සක් සුදක් සේ ඔප්පු වුණා ඒක. ඔක්කොම කම්බ හොරුරැලක්...

:       1       17

විජේ Friday, 17 November 2023 03:28 PM

කෝප් කමිටුවට රවී කරුණානායක දැම්මානං වරුවෙන් වහනවා.

:       0       0

Bamunuarachchi Friday, 17 November 2023 04:29 PM

කෝප් සභාපති එලවන්න කෝප් සභාව නැවැත්තුවා නම් ඒක සාධාරණයි හම්බ මගුලක් නිසා කෝප් කමිටුව නැවැත්තුවා නම් ඒක අසාධාරණයි. ඒක ඔවුන්ගේ ආගමික වැඩක්. හජ්ජි දවසට හරක් මරන්න යන්නත් රජය නිවාඩු දෙනවා නේද?

:       1       3

NaushiSaturday, 18 November 2023 10:03 AM

බමුණුට හොඳටම මොලේ අමාරුයි වගේ පේන්නේ... අංගොඩ ඉන්න ඕනේ කෙනෙක්...!

:       0       0

බද්රානි Friday, 17 November 2023 04:32 PM

කම්බා හොරු රැලක් එකතුවෙලා තවත් හොර නඩයකගෙන් හොරකම් ගැන ප්‍රශ්න අහනවා බලන් ඉද්දී නම් හරිම සුන්දරයි.. හොරකමට දඬුවම් වෙනුවට, හොරකම ගැන හොරු එකතුවෙලා තළුමරමින් සාකච්ඡා කරනවා දැක්කාම මාර ජොලියක් හිතට දැනෙනවා... හොරුන්ගේ ඉඟි බිඟි සංඥා හරිම අපුරුයි... අපිටත් හොරකම් ගැන යමක් ඉගෙන ගන්න පුළුවන්... රටට ගැලපෙන මෙවැනි ටෙලි නාට්‍යය නරඹන්න තරම් අපි කොතරම් පින් කරලා ඇත්ද, කියලා හිතද්දී, හදවතට දැනෙන ආඩම්බරය ගැන නම් කියන්න වචන නැහැ.... හදවතින්ම සිරි ලාංකිකයි...!!!

:       0       6

duminda Saturday, 18 November 2023 11:32 AM

අර හොර ආචාරියා පන්නලා දාන්න... කෝප් නෙවෙයි, පෝක් දැන්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 249 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 1737 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1111 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1363 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1485 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 430 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39574 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25762 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1202 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 402 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site