IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘කේපී ගැන කතා දැන් කෝ?‘

කේ.පී ආරක්ෂා කරන බවට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට චෝදනා කළ රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පිරිස පැවති ආණ්ඩුව පෙරළා මාස 15 ක් ගතවී ඇතත කේ.පීට අතක්වත් නොතබන්නේ මන්දැයි රත්නපුර දිස්ත‍්‍රික් ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා ප‍්‍රශ්න කරයි.

කේ.පී මැතිවරණ සටන් පාඨයක් කරගත් ජනතා විමුක්ති පෙරමුණත්, ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකාත් මේ ගැන ජනතාවට පැහැදිළි කළ යුතු යැයි හෙතෙම අවධාරණය කරයි.

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඇගිල්ල දිගුවී ඇත්තේ කාටදැයි රජය වහාම හෙළි කළ යුතු යැයිද, ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකව සිටියදී රනිල් වික‍්‍රමසිංහ මහතා කළ ප‍්‍රකාශ ඉදිරියේදී සභාගත කිරීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන්නේ යැයි ද ‘‘ලංකාදීප’’ ය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කීය.



අදහස් (0)

‘කේපී ගැන කතා දැන් කෝ?‘

චන්දා Monday, 04 April 2016 05:05 AM

ලංකාවේ අපි පසුකලෙ මොනවගේ සිදුවීම් පිරි බැරෑරුම් කාල වකවානුවක්ද යන්නත් ඉදිරි යුගය කෙසේ යා යුතුද යන්නත් හරි හැටි විමසුන් ඇසින් තේරුම් බේරුම් නොගෙන කතිරයේ හයිය පෙන්නපු අම්බාරුවන්ට අං එන එක සහතිකයි.(ම)

:       0       0

පිටිගල මිලානෝ Monday, 04 April 2016 12:25 PM

කරුණාට මහින්ද ජනපති එතුමාගේ පක්ෂයේ ලොකුම තනතුරක් පිරිනමා ඔහුට ආශීර්වාද කර වැළඳ ගත්තා. කේ පීව කොළඹ ලොකු රාජ්‍ය භවනක තබා සැතපුවේ කවුද? මේවා අමතක කරමුකෝ. කේ පී ගෙන් ලංකාවට පවරා ගන්නවාය කියාපු නැව් ටිකයි ඩොලර් මිලියන් ගණනක සල්ලියි කොහෙන්ද ඉවර වුනේ? උත්තර තියෙනවද? (බ)

:       0       0

රන්දික Monday, 04 April 2016 05:33 AM

බලන් ඉමු මොකක්ද වෙන්නේ කියලා.(හේ)

:       0       0

රූපසිංහ Monday, 04 April 2016 05:36 AM

තව මොනවා කියන්නද. අපි බලාගෙන ඉමු.(හේ)

:       0       0

මුණසිංහ Sunday, 03 April 2016 02:52 PM

කේ පී විතරක්ද?කරුණා,දයා මාස්ටර් ,පිල්ලෙයාන් කට්ටියත් හිටියේ එල්ටීටී එකේ සන්නද්ධ අංශ වල . ඒ අයට විරුද්ධව කිසිම ඇක්ෂන් එකක් තවම නැහැ. මහින්දට බැනපු එවුන් දීපල්ලකෝ දැන් උත්තර. (බ)

:       0       0

විපුල Sunday, 03 April 2016 03:44 PM

ඕකටත් ඉතින් මහින්ද ගාවලා උත්තරයක් දෙයි. මහින්ද යනකොට ෆයිල් අරන් ගියා කියයි. නැත්නම් ෆයිල් නැතිවෙලා කියයි. (නි)

:       0       0

ඩයස් Monday, 04 April 2016 06:17 AM

අපිට ඕව මතකයි, පීරිස් මහත්තයෝ, කේපී ගැන විතරක් නොවෙයි. මහින්ද කියන ජාත්‍යාල කතාව ගැනත් එච්චර සද්දයක් නැහැ නේද? ඇයි ඒවත් මතක් නොකරන්නේ? (බ)

:       0       0

ශාන් Monday, 04 April 2016 06:19 AM

අනිත් එක කවුද මේ රන්ජිත්. ප්‍රශ්නයක් තියෙනවනම් ඉස්සර වගේ නෙමෙයි දැන් නඩු දාන්න පුළුවන්. බොරුවට මහින්ද වගේ මයික් ඉස්සරහ වීරයෝ වෙන්න හදන්නේ නැතුව. (බ)

:       0       0

ධම්ම Sunday, 03 April 2016 04:26 PM

ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් නම්, ගැළවීමේ හමුදාවටවත් සුදුසු නැති කෙනෙක් යුද්ධ කළා නම්, තොප්පිගල වැඩකට නැති කැලෑවක් වගේ පෙනුනා නම්, කිලිනොච්චි යනවිට මැදවච්චියට ගියා වගේ පෙනුනා නම්, අලිමංකඩ යනවිට පාමංකඩ ගියා වගේ පෙනුනා නම්, කේපී, කරුණා, පිල්ලෙයාන් ආදීන් අහිංසක කුකුල් පැටව් වගේ පෙනෙන එක ගැන පුදුම වෙන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

දුමින්ද Monday, 04 April 2016 06:38 AM

බලය තියනකොට මොලේ නැත (බ)

:       0       0

ද සිල්වා බර්ලින් Sunday, 03 April 2016 07:23 PM

මහින්දගේ කාලේ ඔවුන් කරපු වැරදි වලට නිත්‍යානුකූලව සමාව දීලනේ තිබෙන්නේ. එහෙම කළාට පස්සේ ඔවුන්ට එම වැරදි වලට දඬුවම් දෙන්න බැහැ (නි)

:       0       0

නිශාන්ත Sunday, 03 April 2016 08:07 PM

මේවා ගැන නම් ඉතින් කවර කතාද? (නි)

:       0       0

අමිරා Monday, 04 April 2016 07:55 AM

ඕක පාර්ලිමේන්තුවේදී අධිකරණ ඇමතිගෙන් ඇහුවනම් නේද හොද? පාර්ලිමේන්තුවේ අහන්න ඕන ඒවා පන්සල්වල හන්දිවල , ලිඳවල් ගාව කියවල හරියනවද ? අධිකරණය බාරදී තිබෙන්නේ හිටපු පාලකයන්ගේ යාලුවෙකුටනේ . හැමෝටම ඇප තමයි නැවතත් කවදාහරි ඔවුන්ගේ ආණ්ඩුවක් එනකම් .අපේ මිනිස්සු තවමත් දේශපාලුවෝ අදුරන්නේ නැහැ (බ)

:       0       0

චානක් ලොස් ඇන්ජලිස් Sunday, 03 April 2016 08:57 PM

මහින්දට කඩේ යන අය තාම ඉන්නවද? ලැජ්ජයි (නි)

:       0       0

මනෝජ් Monday, 04 April 2016 12:36 AM

ඔය ප්‍රශ්නය අපිටත් තියනවා. ඒක නෙමෙයි, ඔබතුමාලා ඔය ප්‍රශ්නය දැන් අහන්නෙ කටින්ද? (නි)

:       0       0

රුක්ෂාන් Monday, 04 April 2016 12:55 AM

මුණසිංහ කියන දේ හරියටම හරි (නි)

:       0       0

නිමල් ලාලිත Monday, 04 April 2016 02:12 AM

මුණසිංහ, ඔබේ කතාව හරි. දේසපාලනය කියන්නේ අද විලිලැජ්ජා නැති රැකියාවක්. ඡන්දය දිනාගන්න දහසක් බොරු කියනවා. බලය රැකගන්න හැම නින්දිත වැඩක්ම කරනවා. (නි)

:       0       0

කමණි Monday, 04 April 2016 02:30 AM

කේ. පී.? අනේ අපි නම් එහෙම කෙනෙක් ගැන අහලා නැහැ. (නි)

:       0       0

පීරිස් Monday, 04 April 2016 02:47 AM

කේ. පී. කියල කෙනෙක් හිටියාද කියලවත් දැන් මට මතක නැහැ (නි)

:       0       0

ප්‍රසන්න Monday, 04 April 2016 03:09 AM

යු එන් පි / මෛත්‍රී පාලනයේ හෝ පොලිසියේ අදක්ෂතාවය හෝ අකාර්යක්ෂමතාවය හෝ මඟින් පැවති ආණ්ඩුවේ සුචරිතය ඇතිවෙන්නේ නැහැ. නඩුව තාම යනවා. ජවිපෙ වැඩේ අත්හැරලා නැහැ. හොරකම් කරන වේගයෙන්ම ඒවා ඔප්පු කරන්න බැහැ. හොයාගෙන හොයාගෙන යනකොට තව තව දේවල් මතුවෙනවා වෙන්න පුළුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති අමැති ආරක්ෂක ගිනි අවි යලි ගනී
2024 සැප්තැම්බර් මස 29 3 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව


අවුරා ලංකා සමාගෙම් සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 42 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 173 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 118 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 107 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 533 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site