IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කප් රුකෙන් කප් රුකක් පහළවේ

තමාට හා දරු පවුලට පදිංචියට ඉඩමක් නැතැයි කියමින් දමන එක්ගල්ඔය ඒ.ඩබ්ලිව්. ධනසිරි මහතා දමන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ පොල්ගසකට නැග්ගේය. දෙපැයක් කරාලයේ වාඩිවී සිටියේය. අම්පාර මහා දිසාපති නීල් ද ඇල්විස් මහතාගේ උපදෙස් පරිදි දමන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරියකු ඔහුට ලිඛිතව දැන්වූයේ ඉඩමක් නැත්නම් ඉඩමක් දෙන බවයි. රජයේ නිලධරයාට එරෙහිව කළ පැමිණිල්ලද විභාග කරන බව ඔහුට දැන්වීය. ඉන්පසු ඔහු ගසෙන් බැස්සේය.



අදහස් (0)

කප් රුකෙන් කප් රුකක් පහළවේ

දයා අලහාකෝන් Wednesday, 15 May 2013 11:34 AM

ඉල්ලීම් ඵල ලැබෙන්න නම් දැන් දැන් ගස් නැගිම තමයි වඩාතම හොද.(නදී)

:       0       0

ආනන්ද Wednesday, 15 May 2013 11:35 AM

මේ වගේ ක්‍රියාකාරකම් කරන පිරිසට ක්ෂණික විසදුම් ලැබුනත් නීත්‍යනුකුලව ඉල්ලීම් කරන්නන්ට ලැබෙන ප්‍රතිචාර ඉතාම මන්දගාමියි. හෙට අනිද්දා වෙනකොට කසිප්පුකාරයෝ ඔක්කොම ගස් නගී. (නි)

:       0       0

ආනන්ද ආර් Wednesday, 15 May 2013 11:52 AM

පොල්ගස වනාහී තාල වර්ගයට අයත් ගසකි. එයින් විවිධ තාලයේ ප්‍රයෝජන ලබා ගත හැකිය. (නි)

:       0       0

ඊසාම් Wednesday, 15 May 2013 11:54 AM

මෙන්න ආසියාවේ ආශ්චර්යය. කාට කියන්නද මේවා? (නි)

:       0       0

අනුර Wednesday, 15 May 2013 12:01 PM

දැන් ගෙවල්, ඉඩම් නැති කට්ටිය ඔක්කොම ගස් නගීවි වගේ. මෙහෙමත් ලෝකයක්! (නි)

:       0       0

රංජනී Wednesday, 15 May 2013 12:01 PM

දැන් හැමෝම ගස් නගින්න පටන් ගනී. (නි)

:       0       0

ලන්කාපුතා Wednesday, 15 May 2013 12:10 PM

හෙට මමත් නගිනවා ගස්ලබු ගහකට හරි, කාර් එකක් නැහැ කියලා. ඔන්න ලංකාදීප එන්න ඕනෑ හොදේ. (නි)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 15 May 2013 12:15 PM

ප්‍රාදේශීය ලේකම්ලා බොහෝ දෙනෙක් කරන්නේ , වැඩ කරන්න නීතිය බලනවට වඩා නොකරන්න නීති වැලක් කියාපාන එකයි.ගරු දිසාපති තුමා මැදිහත් වුණ නිසා, දුප්පතාට පිලි සරණක් වුණා.අනේ දිසාපතිතුමනි, පරණ අයදුම්කරුවන් අතරේ ගස් නගින්න බැරි අයත්,කාන්තා උදවියත් ඇති. ඒ අය ගැනත් සානුකම්පිතව සළකා බැලුවොත් වෙසක් සමයේ ගරු ඔබතුමා කරන මහඟු බලවත් පුණ්‍යකර්මයක්. (නි)

:       0       0

වරුණ Wednesday, 15 May 2013 12:17 PM

මේ රට කොහෙටද යන්නේ මේ?අර අලි වැටවල් ප්‍රශ්න තියෙන ජනතාවත් කොළඹ ඇවිත් කොහේ හරි බිල්ඩිමක හරි ගහකට හරි නැගලා උද්ඝෝෂණ කලානම් හරි. අලි වැටවල් ටික ගහලා දේවි ඉක්මනට (නි)

:       0       0

ඩී.උපුල් Wednesday, 15 May 2013 12:21 PM

ඉන්න හිටින්නවත් තැනක් නැති මේ අසරණ මිනිස්සුන්ගේ කතිරයෙන් කී දෙනෙක් රජ සැප විඳිනවද? එනකොටනම් බයිසිකලයක්වත් තිබුනේ නැහැලු. (නදී)

:       0       0

සම්පත් Wednesday, 15 May 2013 12:24 PM

ඔය තැන් වලට මාධ්‍යය යන නිසා ගොඩක් වටිනවා. නැත්නම් ඉඩම් කෙසේ වෙතත් ගුටි ලැබෙන්නත් ඉඩ තිබෙනවා. (නි)

:       0       0

ශ්‍යාමලී Wednesday, 15 May 2013 12:29 PM

කොහොම හරි ළමයින්ට ගස් නගින්නයි උගන්වන්න ඕනෑ. එවිට ඔවුන්ගේ සියළුම අවශ්‍යතා එමඟින් ඉටුකර ගනීවි. (නි)

:       0       0

දයා අලහකෝන් Wednesday, 15 May 2013 12:29 PM

අපිට ඉස්කෝලෙ යන කාලේ ඉගැන්නුවා පොල් ගස තාල වර්ගයේ ගසක් බවත් අහක දැමීමට කිසිම දෙයක් නැති බවත් මිනිසාට අවශ්‍ය දේවල් ලැබෙනවා කියලා. දැන් බැළුවාම ඊටත් එහා යන ලැබීම් තියෙනවානේ. මේ පාර පහේ ශිෂ්‍යත්වය ලියන ළමයි ලියයි පොල් ගහෙන් ඉඩමුත් ලැබෙනවා කියලා.(නදී)

:       0       0

මෝහමෙඩ් Wednesday, 15 May 2013 04:53 PM

ලංකාවේ අලුත්ම ස්ටයිල් එක (නි)

:       0       0

උපාලි Wednesday, 15 May 2013 12:31 PM

අපේ දේශපාලුවෝ පුළුවන් තරම් රජයේ කැලෑවල ගස් කපන්නේ ඇයි කියලා දැන් තේරෙනවද? මිනිස්සු ප්‍රශ්න විසඳ ගන්න ඒවාට නගී කියන බයටනේ. (නදී)

:       0       0

මනෝජ්-සාජා Friday, 17 May 2013 11:37 PM

ඔය කවුරුවත් ලිස්සන ගසේ නගින්නේ නැහැනේ (නි)

:       0       0

සෙන්තිල් Wednesday, 15 May 2013 12:32 PM

දුප්පත් අනිකුත් ආගම් වල අයට තමයි මුකුත්ම නැත්තෙ,පව්. (නි)

:       0       0

වික්‍රම Wednesday, 15 May 2013 12:34 PM

උසස් පෙළ අළුත් විෂය නිර්දේශයේ තාක්ෂණික විෂය ධාරාවට ගස් නැගීමේ විෂය තාම ඇතුළත් කළේ නැතිද? (ස)

:       0       0

යොහාන් Wednesday, 15 May 2013 12:40 PM

මගේ පුතාට පාසලක් නැහැ. මට ගස් නගින්න දන්නේ නැහැ. මම මොකද කරන්නේ.. (ස)

:       0       0

සිල්වා Wednesday, 15 May 2013 12:48 PM

මේවා ආණ්ඩුවේ වැරදි නොව, නිලධාරීන්ගේ නොහොබිනා වැඩ. මෙවන් නිලධාරීන් සෑම  කාර්ය්‍යාලයකම ඉන්නවා. මොවුන්  අතයටින් මුදල්  දෙනතුරු මේවායේ වැඩ නොකෙරෙයි. (නි)

:       0       0

සුදත් Wednesday, 15 May 2013 12:51 PM

මම හිතන විදියට කියනවා නම් පහුගිය දවස් වල කටුවන ප්‍රාදේශීය සබාවේ තියන පොල් ගසේ එම සබාවේම රස්සාව කරන ගැණු කෙනෙක් නැග්ගා. නමුත් ඔය විදියටම පොරොන්දු දුන්නා. ඊට පස්සේ දවසේ වුණ දේ දන්නෙ නැහැනේ ඔයාලා. ඉතින් මේවා කාට කියන්නද? මේ කෙනාටත් මම හිතන විදියට එම දේම වෙයි කියලා මම හිතනවා. (නි)

:       0       0

හේරත් Wednesday, 15 May 2013 05:19 PM

මෙච්චර කල් පාරේද හිටියේ? (නි)

:       0       0

ඔන්න Wednesday, 15 May 2013 01:15 PM

ඔන්න ඕකටයි කියන්නේ ඔයවගේ නිලධාරීන් පොල්පිතිවලින් වුණත් කපාගන්න පුළුවන් කියලා. (නි)

:       0       0

කිත්සිරි Wednesday, 15 May 2013 05:30 PM

අනේ මට ගස් නගින බැහැනේ :( (නි)

:       0       0

සනත් Wednesday, 15 May 2013 01:28 PM

ඉඩම දෙන්න පොරොන්දු නිලධාරියාව ගස් බදින්න ඕනේ. නැත්නම් හැමෝම ගස් නගින්න පටන් ගනියි.(නදී)

:       0       0

ජයන්ත Wednesday, 15 May 2013 01:34 PM

අපි ඔක්කොම ගස් නගිමුද? (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 15 May 2013 01:37 PM

මේ ගහ උඩ ෆොටෝ එක මෙච්චර පෑහෑදිලිව ගත්තෙ කොහොමද අප්පේ? මාධ්‍යවේදියත් පොල් ගහකට නෑගලා වගේ. මේ ගස් උඩ ඉල්ලීම් වාර්ථාකරන්න මාධ්‍යවේදීන්ටත් ගස් නැගීමේ පාඨමාලා ඉදිරියට වැදගත් වෙයි වගේ (නි)

:       0       0

වසා Wednesday, 15 May 2013 01:41 PM

මටත් ගෙයක් ඉඩමක් නැහැ. හැබැයි ගස් නගින්න දන්නේ නැහැ. මොකක්ද කරන්ඩ ඕනෑ ගෙයක් හදාගන්න? (නි)

:       0       0

නසාර් Wednesday, 15 May 2013 02:04 PM

ගස්නගින කෙනා අද කෝටිපතියා. ගහකට රුපියල් 60/= ක් සහ ඉඩමක්. මෙහෙම ගියොත් ඉඩම් පිට රට වලින් ගෙන්න වෙයි. (නි)

:       0       0

දුලාන් Wednesday, 15 May 2013 02:06 PM

ගස් නගින්න බැරි මිනිස්සුන්ට මොකද වෙන්නේ ? වහලේ උඩට නගින්නත් බැහැ උළු වහලයක් තියෙන නිසා. උළු කැඩුනොත් අම්ම බනි. වරද අපේ අධ්‍යාපන ක්‍රමයේද? ඇයි අපිට ගස් නගින්න ඉගැන්නුවේ නැත්තේ? (නදී)

:       0       0

සිසිර Wednesday, 15 May 2013 06:15 PM

පගාව දීගන්න වත්කම නැති කෙනෙක් ගහකට නැගලා හරි වැඩේ කරගත්තම පගා පප්පල ටිකක් බයවෙලා වගේ. නීල් ද අල්විස් මහත්මය කරපු දේ මම අගයනවා. මට හිතෙන්නේ මේකට විරුද්දව අදහස් දාල තියෙන්නේ ඉඩම් මගත්තුරුන් ගේ ගින්දර වලට සම්බන්ද අය.(නදී)

:       0       0

දිසානායක Wednesday, 15 May 2013 02:30 PM

වසා ඔය වහ ටිකක් බොන්න ඉඩමක් ලැබෙයි.(නදී)

:       0       0

කබුක් සිල්වා Wednesday, 15 May 2013 02:38 PM

මේ විකාර වැඩ නවත්වන්න ඕනේ. කැත්නම් හැම මිනිහම ගස් නගියි ඉල්ලීම් දිනා ගන්න. මින්පස්සේ ඔය ගස් කණු වලට නගින අය ගැන බලන්න එපා. එයාටම එපා වෙලා බිමට බහියි.(නදී)

:       0       0

ජ.හේරත් Wednesday, 15 May 2013 02:43 PM

වසා, එහෙනම් ඔයා ගහ මුල වාඩිවෙලා දන්නා එකෙකුට ගහට නගින්න කියන්න. ඔයා කියනකම් ගහෙන් බහින්නත් එපා කියන්න. වැඩේ ලේසියි නේද ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 78 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2095 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 309 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 389 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1596 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1576 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site