IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘කෝප් වාර්තාව බයිස්කෝප් කරන්න හදනවා‘

පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් යුත් රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු හෙවත් කෝප් කාරක සභාව සැකසූ මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වන අවසන් නිගමන හා නිර්දේශ වාර්තාව කුමන බාධක ආවත් මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කෝප් කාරක සභික ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද(25) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එජාප මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධ‍‍යෙන් බයිස්කෝප් වා‍ර්තාවක් ඉදිරිපත් කරමින් අලි බබා බේරා ‍ගෙන හොරුන් දහ දෙනෙක්ගෙන් කිහිපදෙනක් බැඳුම්කර වංචාවට හසු කිරීමේ උත්සාහයක නිරත වන බවද ඔහු කීය. 

webbimalIMG_1989



අදහස් (0)

‘කෝප් වාර්තාව බයිස්කෝප් කරන්න හදනවා‘

විජේ Tuesday, 25 October 2016 07:04 PM

කෝ අර කෑගහන කට්ටිය? (නි)

:       0       0

සුමුදු Tuesday, 25 October 2016 10:11 PM

ඇත්තටම කෝ මහා ලොකුවට දුෂණයට විරුද්ධව කෑගහන කෙනා. එ්කනේ කියන්නේ, පුද්ගලයන්ට උවමනා වුණත්, පක්ෂයේ ප්‍රතිපත්ති හොරකමට සහය දෙනවා නම් කරන්න දෙයක් නැහැ (නි)

:       0       0

රාධා Tuesday, 25 October 2016 10:20 PM

මෙතෙක් කල් ඉදිරිපත්කළ කෝප් වාර්තා වලට වූ දෙයම මේකටත් වෙයි නේද? (නි)

:       0       0

ඇන්ජලෝ Wednesday, 26 October 2016 12:08 AM

කෝ? අපේ පිරිසිදු දේශපාලකතුමා දැන් තමයි නියම වීරකම පෙන්වන්න ඕනෑ. ඊළඟ මැතිවරණයෙන් උගත් තරුණ කොටසේ ඡන්දය බලාපොරොත්තු වෙන්න එපා (නි)

:       0       0

උදය Wednesday, 26 October 2016 01:47 AM

ඇන්ජෙලෝ, උගත් තරුණයෝ කෙසේවෙතත් අහංකාර මෝඩ රැලක් තමා ඔය පැනගෙන ඡන්දෙ දුන්නේ. දැන්වත් දුරදිග බලන්න රටට වෙන අපරාදේ. (නි)

:       0       0

සෑම් Tuesday, 25 October 2016 11:10 AM

පච ගහන්නේ නැතුව ඕක ජනතාවට දැනගැනීමට මාධ්‍යයට හෙළි කරන්ඩ. එතකොට අපිට බලාගන්ඩ පුළුවන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නිර්දේශමද තිබුනේ කියල. ඔයාගේ ලොක්කත් බලපෑම් කළා නේද. (බ)

:       0       0

බමුණු Tuesday, 25 October 2016 11:22 AM

මහා බැංකු මගඩිය දේශපාලන කොටසකගේ වුවමනාවට කෙරුණ දෙයක්ද කියා සිතෙනවා මොකද මගඩියේ හොරු බේරගන්න දඟලන දැඟලිල්ලට. සුනිල් හඳුන්නෙත්ති මහතා මේක අත්හරින්න එපා. ඇනේ ගහලම නවතින්න (බ)

:       0       0

නන්දිමිත්‍ර Tuesday, 25 October 2016 11:42 AM

බලාගෙන යනකොට යහපාලනයත් පෙර පාලනය වාගේම තමා, ඔක්කොම හොරු රකිනවා. (බ)

:       0       0

සුසන්ත Tuesday, 25 October 2016 11:48 AM

මේක අර ඡන්ද කාලෙ එලියට ආපු දුරකථන සංවාදේ විදිහමනේ 'අපි දැන් ඔයාලට සහයෝගේ දෙන්නම්. පස්සේ පොඩි පොඩි දේවලට අපි විරුද්ධ වෙන්නම්. එ්ත් අපි විරුද්ධ වුනාට ප්‍රශ්නයක් නැහැ අපි බොහොම ටික දෙනා නිසා, ඔයාල ඔයාලගේ වැඩේ කරගෙන යන්න‘ (බ)

:       0       0

පියුමි Tuesday, 25 October 2016 11:57 AM

යහපාලන බොරුව දැන් මහජනයාට හොඳට තේරිලා තියෙන්නේ. (බ)

:       0       0

රොමේෂ් Tuesday, 25 October 2016 12:55 PM

කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුවම කාටත් බලාගන්න පුළුවන් කව්ද බලපෑම් කළේ, කව්ද බලපෑම් වලට යට වුනේ හෝ නොවුනේ කියලා. කොහොම නමුත් අද වෙද්දී ලංකාවේ පොඩි ළමයෙක්ගෙන් ඇහුවත් කියයි මහා බැංකු මගඩියේ හොරු කව්ද, හොරුන්ව ආරක්ෂා කළේ කව්ද කියන එක. අනික් කාරණය තමයි කෝප් කමිටුවට බලයක් නැහැ හොරුන්ට දඬුවම් කරන්න. (බ)

:       0       0

නයනා Wednesday, 26 October 2016 05:31 AM

හදුන් ලැබුණු අවස්ථාවන් නියම ඵල නෙළා ගන්න. අපිට ඔබ විශ්වාසයි (ම)

:       0       0

උපාලි Tuesday, 25 October 2016 01:20 PM

කමක් නෑ.මේක රාජපක්ෂ රෙජීමයේ කවුරුත් සම්බන්ද නැති නිසා එතරම් ගණන් ගත යුතු නෑ රාජපක්ෂලා ඔකේ හිටියනම් හැකි ඉක්මනට ඕක ඉදිරිපත් කරන්න ඕන. (අ)

:       0       0

එරන්ද Wednesday, 26 October 2016 05:37 AM

මේවට අදහසක් පළකරන්නත් දැන්නම් හිතෙන්නෙ නැහැ අපිට (නි)

:       0       0

රොමේෂ් Tuesday, 25 October 2016 01:28 PM

කෝප් වාර්තාවෙන් ලැබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පසු බට වෙනවා නම්, විපක්ෂය විසින් ආණ්ඩුවට අභියෝග කළ යුතුයි විවෘත ඡන්ද විමසීමක් සඳහා. එය සැබෑ ජනතා නියෝජිතයා කව්ද යන වගට "ලිට්මස් පරීක්ෂාවක්" වේවි. ජනතාව විදිහට අපි සැවොම පක්ෂ භේද දුරලා මේ අවස්ථාවේදී කෝප් කමිටුවට සහයෝගය දැක්විය යුතුයි. මක්නිසාදයත් ඔව්න් සටන් කරන්නේ ඔබෙත් මගෙත් අපේ දරුවන්ගේත් යහපත වෙනුවෙන් යෙදවීමට තිබු මහජන ධනය සොරා කෑ හොරුන්ට දඬුවදීමට සහ ඒ හොරු රකින මහත්හොරුන්ට විරුධව බැවිනි. (අ)

:       0       0

ඇන්ජලෝ Wednesday, 26 October 2016 05:37 AM

උදය, එකම පරම්පරාවක කට්ටියක් දෙපැත්තේ ඉදන් රටේ මහජන මුදල් හොරාකාලා සුරසැප විඳිනවා. මේකෙන් මිදෙන්න කට්ටියක් රට අතහැර යනවා. තව කට්ටියක් විරුද්ධව සටන් කරනවා. කට්ටියක් මොන ක්‍රමයකින් හරි ජීවත්වීම සදහා ඔවුන්ට කඩේ යනවා. නමුත් දැන් දැන් අනුර කුමාර ඇතුළු කණ්ඩායම හොඳ මාර්ගයකට යන්න උත්සාහ කරනවා. අනේ මන්දා. බලමු? (නි)

:       0       0

මහසුමන Tuesday, 25 October 2016 02:57 PM

මෙම වාර්තාව සියලු පත්තර වලට නිකුත් කරන්න සියලු ජනතාවට දැනගන්න. දැන් කෝ අර නළු මහත්තයා පයිල් උස්සගෙන කෑ ගහන්න පන නැද්ද (අ)

:       0       0

රත්නායක Tuesday, 25 October 2016 04:23 PM

"කවුද හොරා " කියන චිත්‍රපටය ප්‍රදර්ශණය පටන් ගත්තෙ 2015 ජනවාරි 8.ප්‍රචාරක කටයුතු පටන්ගත්තෙ මතක හැටියට 2014 අග.දැන් චිත්‍රපටයෙ අවසානයට අැවිල්ල.හොදම නළුව සහ සහය නළුව කවුරුත් තෝරල ඉවරයි.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 60 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 94 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 115 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 497 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 776 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 249 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39760 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 383 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site