IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


කෝප් වාර්තා දෙකක් ආවොත් ඩිව් කොමිසමක් ඉල්ලයි

ශ්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර සිද්ධිය ගැන පොදු ව්‍යාපාර පිළිබඳ පාර්තුමේන්තු කාරක සභාව (කෝප්)  වාර්තා දෙකක් ඉදිරිපත් වන්නේ නම් ඒ ගැන සෙවීමට පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කළ යුතු යැයි කෝප් කමිටුවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර මහතා කියයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ සමන්විත කමිටුවක් පත්කර මෙම මහ බැංකු බැදුම්කර සිද්ධිය ගැන පරික්ෂණයක් සිදු කළ යුතු යැයිද, මාස 18කදී රුපියල් බිලියන දහය හෙවත් කෝටි 1000ක් ලාබ ලැබීම මෙම වංචාව සොයා බැලිය යුතු බවත් ඔහු කීවේය.

මේ අතර අද පැවැති කෝප් කමිටු රැස්වීම එහි සභාපති සුනිල් හඳුන්නෙට්ටි මහතා නැගිට ගිය බවද වාර්තා වේ.

 



අදහස් (0)

කෝප් වාර්තා දෙකක් ආවොත් ඩිව් කොමිසමක් ඉල්ලයි

සුසන්ත Monday, 24 October 2016 06:15 PM

ජවිපෙ ලොක්කෙක් දැන් දවස් දෙක තුනකට කලින් කිවුවා හොරු එක්ක යහන්ගතවෙන අය ගැන. හොරු එක්ක නිදියන්නේ කවුද කියලා ජනතාවටත් හොඳහැටි බලාගන්න පුළුවන් ජවිපෙ නායකත්වය දරන කෝප් කමිටුවේ මහා බැංකු හොරකම ගැන අඩංගු වාර්තාව ආවහම. අපිට දැනගන්න ලැබෙන විදියට නම් ඡන්දෙදි වගේම ‘ඔන්න නයා මෙන්න පොල්ල, අපි සිල් ගත්‘ න්‍යායෙන් ඕක ගොඩදාලා දෙන්නලු යන්නේ (නි)

:       0       0

අනිල් Monday, 24 October 2016 06:16 PM

නැගිටලා යන්න ඇත්තේ එයාලගේ ගිවිසුම් වලට අනුකූලවනේ. අපිට පෙනෙන්න බොරුවට පොඩි සද්දයක් දැම්මට දැන් සීනුව අලියාගේ බෙල්ලේ එල්ලා තියෙන බවයි අපිට නම් හිතෙන්නේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 24 October 2016 10:33 PM

කෝප් කමිටු සභාපතිතුමා නැගිට යාම සම්පුර්ණයෙන් වැරදි ලෙසයි මම දකින්නේ. (නි)

:       0       0

වින්සන්ට් Tuesday, 25 October 2016 08:36 AM

ඩිව්.ගුණසේකර මහතාගේ ඉල්ලීම ගැන අපි සතුටු වෙමු. ඒ වගේම එතුමාගේ කාලයේදී නම් කෝප් කමිටුවක් තිබුණේද යන්නවත් අපට දැනුනේ නැත. මෙහි ප්‍රතිචාර දක්වා ඇති රොමේෂ් මහතාගේ අදහස පරිදි සුනිල් හඳුන්නෙත්ති ගරු මන්ත්‍රීතුමාගේ පෙනී සිටීම ජනතාවගේ පැත්තෙන් සතුටට කරුණකි.(බ)

:       0       0

ධනුක Monday, 24 October 2016 11:42 PM

එහෙම වාර්තා දෙකක් ආවොත් ගිනස් පොතට දාන්නත් ඕනෑ අපේ පාලනයේ වැඩකිඩ පෙන්නන්න. (නි)

:       0       0

රොහාන් Tuesday, 25 October 2016 12:36 AM

වාර්තා දෙකක් අනවශ්‍යයි. වැරදිකරුවන් සිටී නම් නීතිය ඉදිරියට පමුණුවා ආයතන ලෙස උපයාගත් මුදල් අාපසු ලබාගන්න. (නි)

:       0       0

රමණි Tuesday, 25 October 2016 01:01 AM

මේ ආණ්ඩුව යහපාලනය කියන නම වෙනස් කරලා යාලුපාලනය කියලා නම දාගත්තා නම් හොඳයි. (නි)

:       0       0

ශශිකා Tuesday, 25 October 2016 01:05 AM

යහපාලනය ගෙන ආවේ තිබූ පාලනය දුෂිත නිසායි ඇසුවෙමු. අද යහපාලකයෝ එදා මෙදාතුර මේ ලක් පොළොවේ සිදුකළ විශාලතම වංචාකරුවන් රකින්නට වෙරදරද්දී යහපාලනය ගෙනඒමට මුල්වූ අය කියන්නේ කුමක්ද...? (නි)

:       0       0

අතුල Tuesday, 25 October 2016 09:35 AM

එකෙක් කියනවා කෝප් කමිටුවේ සභාපති නැගිටලා ගිය එක වැරදි කියල හොරකම් කරපු හරි කියලද ඌ කියන්නේ , ඕකේ උඩින්ම ඉන්නේ අගමැති (බ)

:       0       0

රොහාන් Tuesday, 25 October 2016 02:47 AM

ඕක මහා වංචාවක් විදිහට පෙන්නලා දේශපාලනේ කළේ කවුද කියලා අපි දන්නවා. ඔය කොම්පැනිය යුතු නැති ලාබ ලැබීම තමයි කාරණය. (නි)

:       0       0

සුමුදු Tuesday, 25 October 2016 03:22 AM

මේ කොමෙන්ට්ස් වලින් පෙනෙන්නේ රටේ මිනිස්සු කොයිතරම් වගකීම් විරහිත මෝඩ මිනිස්සුද කියල ? මේ ඔබගේ මුදල් මහත්තයෝ. මේ පාඩුව පියවන්න බදු මුදල් වැඩි කරයි..තේරෙන්නැද්ද මේ පක්ෂ දෙකම එකය් කියල . ජනතාව මෝඩයින් ලෙස ඉන්න තරමට මේ දේ හැමදේම වෙය් (බ)

:       0       0

රංජිත් Tuesday, 25 October 2016 03:42 AM

ඔය මගඩිය සිංහලයෙක් කළා නම් මෙලහකට හිරගෙදර (බ)

:       0       0

සමරගේ Tuesday, 25 October 2016 03:58 AM

සරත් විජේසුරිය ආචාර්ය තුමාණෙනි. මේ ගැන වහාම යමක් කියන්න. (ම)

:       0       0

රාජා Tuesday, 25 October 2016 04:41 AM

මේක හොරකම යට ගැහීමක් විතරක් නෙවෙයි අපේ රාජ්‍ය පාලනයේ දුෂිතම අවස්තාව ලෙස ලෝකයටම අපිට ගරහන්න පුළුවන් හොඳම අවස්ථාව. අහෝ සෝභිත හිමියනි. ඔබ වහන්සේ තැටිය රත් කළාට රොටි කන්නේ රට කන අයමය. (බ)

:       0       0

සුසන්ත Tuesday, 25 October 2016 04:50 AM

යහපාලන හොරුන්ට සහයෝගයක් වශයෙන් වෙන්න ඇති නැගිටලා ගියේ (බ)

:       0       0

නිෂේන්ද්‍ර Tuesday, 25 October 2016 04:53 AM

අනිල් හරි. දැන් සරත් විජේසුරිය කියාවි මට දුන්න නම් ඔය වාර්තාව නියමෙට හදනවා හදුන්හෙට්ටි මොනවද කෝප් ගැන දන්නේ කියල. (බ)

:       0       0

ප්‍රදීප් Tuesday, 25 October 2016 05:09 AM

මේ වංචාව රටට හෙළි කරලා හොරුන්ට දඬුවම් දුන්නේ නැතිනම් සිරිසේන ජනාධිපති රටට වැඩදායක පුද්ගලයෙක් නොවේ... හඳුන්නෙත්ති මහතා කෝප්කමිටුවෙන් නැගිටලා ගියාට කමක් නැ සිදුවෙලා තියෙන වංචාව රටට හෙළි කළේ නැතිනම් එතුමත් එහෙම කෙනෙක් වෙයි (බ)

:       0       0

ආනන්ද Tuesday, 25 October 2016 05:46 AM

උසාවි වල සමහර නඩුවල විනිසුරුකරුවන් 03 කුගෙන් දෙදෙනෙකු වෙනම තීන්දුවක්ද,අනිත් විනිසුරුවරයා වෙනම නඩු තීන්දු දුන් අවස්ථා තිබෙනවා. ඩිව් ගුණසේකරගේ තර්කය අනුව එවැනි අවස්ථාවලත් කොමිසම් පත් කළ යුතුයි කියලද කියන්නෙ? (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 25 October 2016 05:58 AM

හොරුන් මොන පිලේ හිටියත් වහාම අත්අඩංගුවට ගන්නාතුරු මාධ්‍ය සහ ජනතාව සටන් කළයුතුයි. (නි)

:       0       0

ධම්මසේන Monday, 24 October 2016 01:41 PM

අන්තෝජටා බහිජටා... (නි)

:       0       0

රොමේෂ් Tuesday, 25 October 2016 06:33 AM

කෝප් කමිටුව කියන්නේ අධිකරණ බලයක් හිමි ආයතනයක් නෙමෙයි. එ්කෙන් කරන්නේ නිගමනයන් දෙන එක. එ්ත් ඒ නිගමනයන් ක්‍රියාවට නැංවීමේ හෝ නවතා දැමීමේ බලය නැවතත් තියෙන්නේ පාර්ලිමේන්තුවටමයි. නමුත් කෝප් කමිටුවේ වාර්තාව ජනගත කිරීම තුළින් පාර්ලිමේන්තුවට දැනෙන ප්‍රබල බලපෑමක් එල්ල කරන්න පුළුවන් එහි නිගමනයන් ක්‍රියාත්මක කරවීමට. දැන් වුණත් හැමෝටම පේනවා හොරු කව්ද සහ මේ හොරු රකින්න හදන්නේ කව්ද කියලා. මොන බාධක මැද හෝ සිදුවිය යුතුවන්නේ ජනතාව බලාපොරොත්තුවන ආකාරයේ වාර්තාවක් ඉදිරිපත් කිරීමයි. ඉතුරු ටික කරන්න ජනතාව දැනටමත් සුදානමින් ඉන්නේ. (නි)

:       0       0

රාමන් Monday, 24 October 2016 02:05 PM

ඔය කෝටි 1000 රාජසන්තක කළා නම් මොකද? (නි)

:       0       0

අජිත් Monday, 24 October 2016 02:14 PM

"වැරදුන සම්‍යක්ප්‍රයෝග කුරුමානම". ඔහුට ඊටවැඩිය යමක් කරන්න ඉතිරි වී නැත. දැන් ඇත්තේ ගැලරිය නැළවීම පමණි (නි)

:       0       0

නාමල් Monday, 24 October 2016 02:29 PM

ගුණසේකරගේ කතාව මමත් අනුමත කරනවා. අනිවාර්යෙන්ම මේකට දඬුවම් කළයුතුමයි. (නි)

:       0       0

ජගත් ලියනගේ Monday, 24 October 2016 02:31 PM

එතකොට කමිටුවට මොකද වෙන්නේ? (නි)

:       0       0

නීල් Monday, 24 October 2016 03:13 PM

වාර්තාවක් නාවත් මුළු රටම දන්නවා වුණේ මොකක්ද, කවුද වැරදි කියලා (නි)

:       0       0

දහම් Monday, 24 October 2016 03:29 PM

කොහොමද යයපාලන හොරු අල්ලන රඟ. (නි)

:       0       0

රොමේෂ් Monday, 24 October 2016 03:46 PM

කෝප් වාර්තා 2ක් අවොත් අන්ධයෙක්ට වුණත් පැහැදිලිවම පෙනෙයි බැඳුම්කර වංචාව යටගහන්න හදන ඊනියා යහපාලන හොරු නඩේ කව්ද කියලා. දැනටත් දන්නා අයනම් දන්නවා. බලමුකෝ. අපිත් අවදියෙන් ඉන්නේ මේ ගැන. සුනිල් හඳුන්නෙත්ති මහත්තය මේකේ ලොක්කා වෙලා ඉන්න නිසා අපිට පොඩි හෝ සැනසිලි සුසුමක් හෙළන්න පුළුවන්. (නි)

:       0       0

ජනහිත Monday, 24 October 2016 04:41 PM

ඇයි සත්‍ය වසන් කරන්න හදන්නේ. මේක අපේ රට බව අමතකකරන දේශපාලකයන්ට පාඩම් ඉගැන්වීමට මහජනතාව සුදානම් විය යුතුයි. එක පුද්ගලයෙකුට මුළු රටේ ජනතාවම පාවාදීම තරම් නොහොබිනා වැඩක් තවත් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 125 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 155 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 163 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 580 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 919 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 271 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39761 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 384 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site