IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘කෝප් සභාපති විශ්වාසයි : වාර්තාව මැතිසබේට‘

කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීම ඉදිරියේදී සිදුවන බවත්, කෝප් කමිටුවේ සභාපතිවරයා පිළිබඳ විශ්වාසය තබා ඇති බවත් රනිල් වික්‍රමසිංහ අගමැති අද පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා ගේ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් පැවසීය.

බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමේ සැලැස්මක් පවතින බව පෙනෙන්නට ඇති බව වීරවංශ මන්ත්‍රිවරයා කීය.
බැදුම්කර සිද්ධියට අදාළ කෝප් කමිටු වාර්තාව මෙම සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කෝප් කමිටුවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ වන විටත් එහි සකස් කර අවසන් කොටස් පරිවර්තන හා මුද්‍රණ කටයුතු සඳහා යොමු කර තිබෙන බවද සභාපතිවරයා සඳහන් කළේය.


 



අදහස් (0)

‘කෝප් සභාපති විශ්වාසයි : වාර්තාව මැතිසබේට‘

සත්‍යපාල Tuesday, 25 October 2016 05:09 PM

දැන් ඔය එන්නේ නම් ඔර්ජිනල් වාර්තාව නොවෙයි. සැර බාල කරලා දෙගොල්ලොම බේරෙන වාර්තාවක් වුණත් අපි නම් පුදුමවෙන්නේ නැහැ (නි)

:       0       0

රොමේෂ් Tuesday, 25 October 2016 06:06 PM

ලංකාවේ සමහරක් මිනිස්සු බලා ඉන්නේ කෝප් වාර්තාවෙන් අර්ජුන් මහේන්ද්‍රන්ව නිර්දෝෂයි කියලා එනවා දකින්න. ඒ ඔවුන් නියෝජනය කරන පක්ෂයේ ලොක්කෝ හොරු රකින්න ගන්න පුළුවන් හැම උත්සාහයක්ම ගන්නා හැටි පෙනෙන නිසා. නමුත් ඒ මිනිස්සු දන්නේ නැහැ හොරා කෑවේ අපේම සල්ලි කියලා. කෝප් කමිටුව ඔහුව වරදකරු ලෙස නම්කර දඬුවම් නිර්දේශ කරන බව නම් ඉර හඳ සේ ස්ථිරයි (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Tuesday, 25 October 2016 07:08 PM

ඇන්ටන් ප්‍රනාන්දු, ඔයාගේ නොදැනුවත්කම තමයි ඔබ පළකර ඇත්තේ (නි)

:       0       0

ලුසේනා Tuesday, 25 October 2016 08:20 PM

ලංකාවේ අගමැතිවරයා පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය ගැන අපේ නම් ප්‍රසාදයක් නැහැ (නි)

:       0       0

බන්දුල Tuesday, 25 October 2016 09:08 PM

ඔබට සතුටුයිද දැන්! (නි)

:       0       0

සුමුදු Tuesday, 25 October 2016 10:07 PM

අපි ඡන්දෙ දුන්නේ ආණ්ඩු කරන්න. අපි ජේවීපී එකට බලයක් දීලා නැහැ. කරුණාකරලා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. හොරකම් කළත් ජවිපෙට ඒවා නවත්වන්න බැහැ. මොකද අපි බලය දීලා තියෙන්නේ මේ පක්ෂ දෙකේ ප්‍රතිපත්ති වලටයි. අපි කවුරුත් දැනගෙන හිටියා ඡන්දෙ දෙනකොටම මේ පක්ෂ දෙකම හොරකම් කරන බව. (නි)

:       0       0

රාධා Tuesday, 25 October 2016 10:17 PM

තුන්මුල්ලේ උපවාසයක්වත් කරමුද? (නි)

:       0       0

ශාන් Tuesday, 25 October 2016 11:16 PM

ජවිපෙත් එක්ක හොඳ ඩීල් එකක් දාලා කියලයි අපිට නම් හිතෙන්නේ දැන් (නි)

:       0       0

මාර්ලන් ඩී. සිල්වා Tuesday, 25 October 2016 11:51 PM

ඇන්ටන්, අැයි උගත්කම තියෙන්න ඕනෑද හොරකම් ගැන අහන්න? (නි)

:       0       0

ජයන්ත Wednesday, 26 October 2016 12:44 AM

ජවිපෙත් එක්ක තියෙන ඩීල් එක ගැන අපි දන්නවා හොඳටම (නි)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 26 October 2016 01:55 AM

සුමුදු, මට ප්‍රධාන පක්ෂ දෙකේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හොරකම් කරනවා කියලා ලියලා තිබුනේ කොතනද කියලා පෙන්නන්නකෝ. විශේෂයෙන්ම එජාපෙ බලය ඉල්ලුවේ හොරු අල්ලලා හොරකම නවත්වන්න. ජවිපෙට නෙමෙයි ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට හොරකම නවත්වන්න පුළුවන්. (නි)

:       0       0

රසින්ත Wednesday, 26 October 2016 03:31 AM

අගමැතිතුමනි, මොනදේ වුණත් කෙළින් උත්තර දෙන එකට සතුටුයි. එ්ත් අපි හැමෝම බලාගෙන ඉන්න බැඳුම්කර සිද්ධියට මොකද වෙන්නේ කියලයි (නි)

:       0       0

සුසිල් Wednesday, 26 October 2016 03:37 AM

වාර්තාව එනතුරු ටිකක් ඉවසන්න. මිනිස්සු වැරදිකරු කරන්න හෝ නිවරදිකරු කරන්න ඉක්මන් වන්න එපා. තමා පිළිගන්න දේශපාලන පක්ෂය අනුව බලන්නත් එපා. ඒවා අදාළ ආයතන විසින් තීන්දු කරාවී. අපේ රටේ මිනිසුන්ට අකුරු හැකියාව තිබුණට මොළෙත් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදීව හිතන්නත් බැහැ. (නි)

:       0       0

සජී Wednesday, 26 October 2016 04:22 AM

මේක හරියට හොරාට කලින් කෙසෙල් කැන වැට පනිනවා වගෙයිනේ (නි)

:       0       0

ලංකා Tuesday, 25 October 2016 12:49 PM

විශ්වාස නම් මොකද තමුන්ගේ හෙන්චයියෝ දමල වැඩේ අල කරන්නේ? (බ)

:       0       0

ඇන්ටන් ප්‍රනාන්දු Tuesday, 25 October 2016 12:57 PM

මෙයා හැම එකටම කට දාන්නේ ඇයි උගත්කමටද ? (බ)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 25 October 2016 01:08 PM

අවසානයේදී , මහේන්ද්‍රන් නිර්දෝෂී කියල කියයි . එතකොට අපිට කියන්න වෙන්නේ නටපු නැටුමකුත් නැහැ , බෙරේ පලුවකුත් නැහැ කියලයි .(බ)

:       0       0

රොමේෂ් Wednesday, 26 October 2016 05:37 AM

අපේ ලංකාවේ මිනිස්සු අති බහුතරයක් කැමති නැහැ හොරකමට. නමුත් ප්‍රශ්නය වෙන්නේ ඔව්න් නියෝජනය කරන පක්ෂයෙන් පිටට එක අඟලක්වත් යන්න දක්වන අකමැත්ත. එ් නිසානේ ඒ ඒ පක්ෂවල ඇස් පනාපිට කරන හොරකම් වහන්න වචනයෙන් හෝ දායක වෙන්නේ. ඒ ඔව්න් හොරකම අනුමතකරන නිසා නොවෙයි. තමා නියෝජනය කරන පක්ෂය වෙනුවෙන් ඕනෑම ජරා වැඩක් කරන්න සැදී පැහැදී ඉන්න නිසා. (නි)

:       0       0

එඩ්වඩ් Wednesday, 26 October 2016 05:41 AM

අපිට නම් කිසිම විශ්වාසයක් නැහැ (නි)

:       0       0

චින්තක Wednesday, 26 October 2016 05:41 AM

පාර්ලිමේන්තුවේ මෙතුමාගේ හැසිරීම නම් කොහෙත්ම අනුමත කරන්න නොහැකියි (නි)

:       0       0

අනිල් Wednesday, 26 October 2016 05:50 AM

රතු අලි ඩීල් එළිවෙයිද මන්දා මේ යන විදියට! සීනුව අලියාගේ කරේ එල්ලලා තියන බව ටික දෙනෙක් දැනගෙන හිටියට රටේ සාමාන්‍ය ජනතාව තාම තේරුම් අරන් නැති එකනේ පුදුමේ. (නි)

:       0       0

ස්මිත් Tuesday, 25 October 2016 02:31 PM

ලොක්කා ජවිපේ එකත් එක්ක ඩිල් එකක් ගෙන වගේ (අ)

:       0       0

ස්මිත් Tuesday, 25 October 2016 02:33 PM

සර් බෙල්ජියමේ චෝකටල් රසයිද සර් ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 53 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 88 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 113 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 486 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 761 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 246 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39760 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 383 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site