(හේමන්ත රණසූරිය සහ විශේෂ - බී.ජී.චතුරංග)
මා අමතර පන්ති යවන්න වත් අනුරාධපුරයේ පන්ති යන්න බස් ගාස්තු දෙන්නවත් මගේ අම්මට වත්කමක් තිබුණේ නැහැ. රුවන් දෙහිගම, තුෂාර රාජපක්ෂ යන සර්ලා අපේ ආර්ථික අපහසුකම් දැකලා මට නොමිලේ ඉගැන්නුවා යැයි මෙවර උසස් පෙළ විභාගයෙන් 'ජෛව පද්ධති තාක්ෂණය වේදය' විෂය ධාරාවෙන් දිවයිනේ දෙවන ස්ථානය ලබා ගත් කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේ දර්ශන නිපුන් ආරියරත්න සිසුවා පැවැසීය.
අනුරාධපුර නගරයේ සිට කිලෝමීටර 60ක් පමණ දුරකින් යුතු කැබිතිගොල්ලෑව, හඳගල පාරේ, තිබිරිවැව ප්‍රදේශයේ පදිංචි දර්ශන නිපුන් ආරියරත්න දැඩි දුෂ්කරතා මැද උසස් පෙළ විභාගයට සූදානම්ව ඇත.
වසර තිහකට අධික කාලයක් පුරාවට පැවති යුද්ධයත් සමග කැබිතිගොල්ලෑව, කැලෑපුලියන්කුලම ගම්මානයට එල්ටීටීඊ ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් දර්ශන නිපුන් කුඩා කාලයේ දී මව්පියන් කැබිතිගොල්ලෑව හදගල පාරේ තිඹිරිවැව ප්‍රදේශයට පදිංචියට පැමිණ තිබේ. මෙම ගම්මානයද එකල මායිම් ගම්මානයකි.
එම සිසුවාගේ පියා, ස්නායු ආබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව මව වන පත්මලතා මහත්මිය ගොවිතැන් කටයුතු කර උපයා ගන්නා මුදලින් තම එකම දරුවා වූ නිපුන් පුතාට ඉගෙනීම් කටයුතු සිදු කර දී තිබේ.
කොරෝනා වසංගතය සමග සූම් තාක්ෂණය ඔස්සේ ඉගෙනුම් කටයුතු කිරීමට සිදුවීමත් සමග දැඩි අපහසුතාවයට පත්වූ මෙම සිසුවා, යහලුවෙකුගේ ජංගම දුරකථනයක් ඉල්ලා පාඩම් කටයුතු සිදු කරගෙන ගොස් ඇති අතර තිඹිරිවැව ගම්මානයට දුරකථන සංඥා කඩින් කඩ ලැබීම හේතුවෙන් නිවසේ වහලය උඩ අට්ටාලයක් සදා එම ස්ථානයේ ජංගම දුරකථනය ආරෝපණය කරමින්, වතුර ටැංකිය තබා ඇති කොන්ක්‍රීට් ලෑල්ලේ කෙළවරක පාඩම් කර විභාගය සමත් වී විශ්වවිද්‍යාල වරම් ලබා ගැනීමට මෙම සිසුවාට හැකිවිය.
මේ සම්බන්ධයෙන්ද අප වෙත අදහස් දැක්වූ දර්ශන නිපුන් සිසුවා මෙසේ පැවසුවේය.
"මේ ලැබුණු ප්‍රතිඵලයට මං ගොඩාක් සතුටු වෙනවා. මම සාමාන්‍ය පෙළ කරන කාලායයේ තමයි තාත්තා අපිව දාලා ජීවිතයෙන් සමුගත්තේ. ඊට පස්සේ අම්මා හේන් ගොවිතැන් කරලා මට ඉගැන්නුවා. පවුලේ අම්මයි මමයි විතරයි ඉන්නේ, මගේ ඉලක්කය තිබුණේ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වෙන්න මේ විෂය ධාරාවෙන් දිවයිනේ පස්වෙනියත්, දහවෙනියත් අතර ස්ථානයක් ලබා ගන්නවා කියලා තමයි මගේ ඉලක්කය තිබුණේ. අද මං ගොඩාක් සතුටු වෙනවා දිවයිනේ දෙවැනි ස්ථානය ලබා ගැනීමට හැකිවීම පිළිබඳව.
මා අමතර පන්ති යවන්න වත් අනුරාධපුරයේ පන්ති යන්න බස් ගාස්තු දෙන්නවත් මගේ අම්මට වත්කමක් තිබුණේ නැහැ.
කැබිතිගොල්ලෑවේ, පදවියේ, අමතර පන්ති කරපු රුවන් දෙහිගම, තුෂාර රාජපක්ෂ යන සර්ලා දෙන්නා මගේ නැති බැරි කම දැකලා ටියුෂන් පන්ති වලට නොමිලේ සහභාගි වෙන්න මට අවස්ථාව ලබා දුන්නා, ප්‍රථමයෙන් මම එම ගුරුතුමන් දෙපලට ගොඩාක් ස්තූති වන්ත වනවා, මා ඉගෙනුම ලැබූ කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති යූ.බී.කුමාරසිංහ ගුරුතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් මම මේ අවස්ථාවේදී ස්තුතිය පළ කර සිටිනවා.
මා කුඩා කාලයේ අපේ තාත්තගේ ගම වන කැලෑ පුලියන්කුලම ප්‍රදේශයේ තමයි ජීවත් වෙලා තිබෙන්නේ. ඒ ගමට කොටි ගහපු නිසා තමයි අපි තිඹිරිවැව ප්‍රදේශයට පැමිණ තිබෙන්නේ, මම පොඩි කාලේ අම්මයි තාත්තයි මාවත් අරගෙන ගිහින් කැලේ තමයි නිදා ගෙන තියෙන්නේ කොටි කලබල නිසා.
කොරෝන නිසා සූම් තාක්ෂණයෙන් ඉගෙන ගන්න මට දුරකථනයක් තිබ්බේ නැහැ. හිතවත් අයියා කෙනෙක් තමයි මට ජංගම දුරකථනයක් ලබා දුන්නේ, ඒ ජංගම දුරකථනයෙන් පාඩම් කරන්න අපේ ගමට 'සිග්නල්' තිබුණෙ නැහැ.වෙලාවකට 'සිග්නල්' එන්නේ වැව් 'බන්ට්' එක උඩට ගියාම, ඉනිමගකින් වහල උඩ නැගල වහල උඩ තියෙන වතුර ටැංකිය තියලා තියෙන කොන්ක්‍රීට් එක උඩ තමයි දවසේ වැඩි වේලාවක් ගත කළේ පාඩම් කටයුතු සිදු කිරීමට ෆෝන් එක චාර්ජ් කරන්න වයර් ඇදලා, පොඩි අට්ටාලයක් හදලා තිබුණේ වහල උඩ. දවසේ වැඩි වේලාවක් අව්ව, සමහර වෙලාවට වැස්ස, ප්‍රතිඵලය දිහා බලනකොට ඒ ගෙවපු අතීතය පිළිබඳව දුක හිතන්නේ නැහැ.මගේ එකම අනාගත බලාපොරොත්තුව කථිකාචාර්යවරයෙක් වෙන එක, මේක දකින නැන්දලා මාමලාගේන් මම එක ඉල්ලීමක් කරන්න කැමතියි, පුළුවන් කමක් තියෙන කවුරුහරි මට ඉදිරි අධ්‍යාපන වැඩ කර ගන්න ලැප්ටොප් එකක් අරන් දෙන්න. "
දුෂ්කර පාසලක් වන කැබිතිගොල්ලෑව මධ්‍ය විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් 2021 අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි වීරකෝන් ආරච්චිලාගේ හසිඳු සන්දීප් වීරකෝන් ශිෂ්‍යා එම විෂය ධාරාවෙන් දිවයිනේ 8 වන ස්ථානය ලබා ගැනීමද මෙහිදී කැපී පෙනුණි.
මෙම ජයග්‍රහණයට අමතරව ඉංජිනේරු තාක්ෂණ විෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානය සහ දිවයිනෙන්ම අට වන ස්ථානය දිනා ගැනීමට එම විදුහලේ හසිඳ සංජීව සිසුවා සමත්ව ඇත.
මෙම ජයග්‍රහණය සම්බනදයෙන් අදහස් දැක්වූ කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති යු.බී.කුමාරසිංහ මහතා මෙසේ පැවැසීය.මෙම ජයග්‍රහනය පාසල් ඉතිහාසය උඩුයටිකුරු කළ ජයග්‍රහණයක්. කැබිතිගොල්ලෑව විද්‍යාලයට විශාල කීර්තියක් ගෙන දුන් මෙම සිසු දරුවන් දෙදෙනාට විද්‍යාලයේ ආචාරය පුදකරනවා.
දර්ශන නිපුන් ආරියරත්න සිසුවා දුරකතන අංකය 070 -2126771
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කැබිතිගොල්ලෑවෙන් පිපිණු සුවඳ හමන කුසුම
kalpa Wednesday, 31 August 2022 01:04 PM
ඔබේ ප්‍රාර්ථනාව එලෙසම ඉෂ්ඨ වේවා... තෙරුවන් සරණයි..!!
Viraj Perera Wednesday, 31 August 2022 01:21 PM
ජයවේවා පුතා..! බුදු සරණයි..! තවත් හොඳට ඉගෙනගෙන ඉදිරියටම යන්න..!
fairoos Wednesday, 31 August 2022 02:20 PM
තවත් හොඳට ඉගෙනගෙන ඉදිරියටම යන්න..! සුබ පැතුම්...!
jayasekara Wednesday, 31 August 2022 02:22 PM
ආඩම්බරයි පුතේ ඔයා ගැන. ඔබගේ අනාග බලාපොරොත්තුව ඒ අයුරින්ම ඉටු වේවා. ඒ හීනය ඉක්මනින් ඇස් දෙකන්ම දකින්න ඔයාගේ ආදර අම්මට හැකිවේවා. රටට වැඩදායක පුරවැසියෙක් වේවා. අන්තරේ උන්ට අහුනොවී වටිනා කාලය ඉතිරිකරගෙන කල් නොගොස් උපාධිය සම්පුර්ණ කිරීමට හැකිවේවා. ඔබ යන විශ්ව විද්‍යාලයට අන්තරෙන් එන බාධක දුරුවේවා.
NilkamalThursday, 01 September 2022 12:11 AM
අන්තරේට අහුවෙන්න එපා පුතා... ඒත් ඔය කියන අන්තරේ නැතිනම් පුතාට කැම්පස් යන්න වෙන්නෙත් නෑ සල්ලි නැති නිසා. නිදහස් අධ්‍යාපනය රැක්කේ අන්තරේ...
Ilandarideva Thursday, 01 September 2022 01:28 AM
මේ මෝඩ මිනිස්සු හිතන්නේ අන්තරේ ප්‍රශ්නයක් කියලා. අන්තරේ කොල්ලො පාරට බැහැලා කෑගහන්නෙ කෑගහන්නේ විශ්වවිද්‍යාලය ඇරගන්නත් දුප්පත් ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු හොයල. දැන් මේ විදියට ලියන මෝඩ මිනිස්සු ඒ අයට ආහාරවලින් ප්‍රශ්නයක් ඇත්තෙත් නෑ. පෙට්ට්‍රල් ඩීසල් වලින් ප්‍රශ්නයක් ඇත්තෙත් නෑ. ගෑස් වලින් ප්‍රශ්නයක් ඇත්තෙත් නෑ බෙහෙත් අඩු හිග කම් වලින් ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ. අන්තරේ උන්ට පමණක්මයි ඒ ප්‍රශ්න තියෙන්නේ ඒක නිසා උන් කෑගහගෙන ගුටි කකා ඒව ඉල්ලනවා.. වහල් පර ගැත්තන්ට ජාතක මිනිස්සු.
සෙනෙවිරත්න Thursday, 01 September 2022 05:34 AM
දැන් අන්තරෙන් බේරිල ඉන්න සේරම සතුටින් ද ඉන්නෙ? පිටරටක වැඩදුර ඉගෙන ගන්න ඩොලර් නැතිකලේ අන්තරේද? අන්තරේ නැත්නම් මේ ළමයට උසස් පෙලවත් නැහැ, සේරටම ගෙවන්න වෙයි,
janaka Wednesday, 31 August 2022 05:25 PM
අන්තරේ අයට අහුනොවී කල් නොගොස් උපාධිය සම්පූර්ණ කිරීමට හැකිවේවා...!
සෙනෙවිරත්න Thursday, 01 September 2022 05:38 AM
උපාධිය සම්පූර්ණ කලහම රජය හොඳට සලකනව නේද? තමුන්ගෙ ළමයගෙන් අහන්න පිටරටක ඉගෙන ගන්න යන්න ලෙහෙසිද කියල, තමුන්ල චන්දෙ දීල පත්කල මහත්වරු ඒතරම් ලස්සන රටක් හදල තියෙනව, අන්තරේ නැත්නම් නිහඬවම මැරෙන්නයි වෙන්නෙ.
Koralamuththa Wednesday, 31 August 2022 08:27 PM
මේ දරුවාට ලැප්ටොප් එකක් අරන් දෙමු ලංකාදීපය හරහා සම්බන්ධ වෙමු
Perera Thursday, 01 September 2022 05:46 AM
අපේ රටේ දේශපාලකයන්ට හෙණ හතම ගහන්න ඕනෑ. රටට මෙහෙම කළාට...
Sudath.Upul.Bandara.kallora. Thursday, 01 September 2022 08:32 AM
ආඩම්බරයි පුතේ ඔයා වගේ දරුවෙක් දුෂ්කරතා මැද ජීවන ගමනේ කඩඉමක් පසුකිරීම ගැන.ඔබගේ සියලූම ප්‍රාර්ථනාවන් ඒ අයුරින්ම ඉෂ්ඨවේවා.අන්තරේට නම් යන්න එපා.මේ විදියටම හොඳින් ඉගෙන ගෙන අවංක පුද්ගලයෙකු වී රටට වැඩදායක පුරවැසියෙකු ලෙස ජීවත්වන්න.වංචා දූෂණවලට හසුනොවන්න.තමා තමන්ටම පහනක් වූ දාට එයයි ජීවිතයේ ලබන සතුට."මම අවංකව රටට සේවය කළා.මම මටද බරක් නොවී රටටද බරක් නොවී සිටිමි යන්න ඒකායන පැතුම කරගන්න
චමින්ද Thursday, 01 September 2022 08:49 AM
මේ දෙදෙනාම මේ දිනවල පවතින ඉන්දියානු ශිෂ්යත්වවයට ඉල්ලුම් කලොත් සුභ අනාගතයක් වේවි.
Hafeel Thursday, 01 September 2022 03:06 PM
ඔබගේ සියලු බලාපොරුත්තු සාර්ථක වේවා. සුභ අනාගතයක් වේවා.
Santhu Thursday, 01 September 2022 03:50 PM
ඖ, අන්තරේ මාන අල්ලන්නේ දුක් මහන්සියෙන් ඉගෙනුම ලබා වි.විද්‍යා. එන මෙවැනි අහිංසක දරුවන් බා ගන්නයි. එයින් බේරෙන්න පුතේ ශක්තිය, ධෛර්ය ඔබට ලැබේවා! පලමුව ඔබත් ඔබේ ආදර අම්මයි.