IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


කාබනික පොහොරවලින් ජයගත් උපාධිධාරිණිය

(කාංචන කුමාර ආරියදාස)

විදේශ රටවලින් මෙරටට අවශ්‍ය‍ය කහ ගෙන්වීම නතර කිරීමත් සමඟ තම ගෙවත්තේ කහ වගා කොට එයින් ලැබෙන  අස්වැන්න කුඩු කර වෙළඳපලට ලබාදීම සහ තවත් පිරිසකට කහ වගා කිරීම සඳහා කහ බීජ සහ පැළ අලෙවි කිරීම තුලින්  ජීවිතය ජය ගැනීමට දඹුල්ල කන්ඩලම  කුඹුක්කඳන්වල  උපාධිධාරිණියක  සමත් වූවාය.

ඇය නමින්  සුනේත්‍රා ශාමලී කුමාරි නම් වෙයි .දෙදරු මවක් වන ඇය උපාධිධාරිණියකි. ඊට අමතරව දේශීය පාරම්පරික වෛද්‍යවරියකි ,තුරුණු වියේ පසුවන ඇය උපාධිය අතේ තබාගෙන රට වටේ රැකියා ඉල්ලා ගම්න් කිරීම් වෙනුවට නිවසේ සිට රටට අවශ්‍ය ආහාර  නිෂ්පාදනයට මෙන්ම දේශීය ආයුර්වේදයට  මුල්තැන දෙමින් තම ජීවිකාව ඇරඹූ බව සඳහන් කළාය.

කොරෝනා වසංගතය රට වෙලා ගනිද්දී නිවසට වී සිටි ඇය තම සැමියා විසින් ගෙන්විත් දුන්  කහ කැබලි කීපයකින් කාබනික කහ වගාවට හුරු වූ බව ඇය පැවසුවාය.

මේ වන විට ඇයගේ වගාබිම තුළ ඇයටද  වඩා උස කහ ගස් දැක ගැනීමට හැකි වීම විශේෂත්වයකි ,කාබනික පොහොර පමණක් යොදා ගෙන  කහ වගාව ඇය  සිදුකරන බවත් කිසිදු රසායනික පොහොර හෝ වෙනත් ද්‍රව්‍ය යෙදීම කින් තොරව මෙම කහ වගාව තමන්  සිදුකරගෙන යන බව ඇය ආඩම්බරෙන් යුතුව අප සමග පැවසුවාය.

එමෙන්ම දේශීය පාරම්පරික ආයුර්වේද  වෙදකම් කරන ඇය මෙම කහ වගාව සඳහා අවශ්‍ය දේශීය ශාකසාර යොදා ගෙන දියර පොහොරක්ද නිෂ්පාදනය කරගත් බව එය පෙන්වමින් ඇය පැවසුවාය



අදහස් (11)

කාබනික පොහොරවලින් ජයගත් උපාධිධාරිණිය

Raveendra Friday, 29 October 2021 07:40 AM

සෑම දෙයක්ම රජයකින් බලාපොරොත්තු වෙමින් පාරවල් දිගේ රස්තියාදු වෙමින් රැකියා ඉල්ලන උපාධිදාරින්ට මෙම පුවත කියවීමට හැකි වේවා... එලෙසම හැම රෙද්දක්ම අපට දියව් කියමින් උද්ඝෝෂණ කරන දියව් දියව් කුමාර ප්‍රමුඛ අන්තරේ ඉන්න අන්දරේලාටද මෙම පුවත කියවීමට හැකි වේවා...!!! 

:       0       0

Nihal Friday, 29 October 2021 08:28 AM

කහ වගාව සඳහා කිසිසේත්ම කාබනික හෝ රසායනික පොහොර යෙදීම අවශ්‍ය නැත. එපමණක් නොව මෙවන් බෝග සඳහා කෘමි උවදුරු නැත. කහඅල කැබැල්ලක් ඕනම තැනක යට කළහොත් ජලය පමණක් සපයා අස්වැන්න ලබාගත හැක. කාබනික කතාව කෙසේ වෙතත් ඇගේ උත්සාහය අගය කළ යුතුයි.

:       0       0

Sirinimak Karunarathna- Madampe Friday, 29 October 2021 08:50 AM

ඔබතුමියගේ උත්සාහවන්ත ජයග්‍රහණයට මගේ සුබපැතුම්... පිළිගන්න.. පවුලේ සැම නිදුක් වේවා..! නිරෝගි වේවා..! සුවපත් වේවා..! තෙරුවන් සරණයි...!!!

:       0       0

දර්ශණ Friday, 29 October 2021 09:01 AM

සුබ පැතුම් !....

:       0       0

kamal Friday, 29 October 2021 09:13 AM

ඕකනේ කියන්නේ... දැන් ප්‍රශ්නේ විසඳුනානේ... ඔය කියන විදිහට කාබනික දාලා කරලා බලන්නකෝ... උගස් තිබ්බ කණකර බඩු ටික දැන් සර් බේරලා දෙයි..

:       0       0

naleen Friday, 29 October 2021 09:53 AM

හැමෝටම ආදර්ශයක් සහ රටට ආඩම්බරයක්...

:       0       0

යෝගා Friday, 29 October 2021 10:23 AM

රජයේ රැකියා හිඟාකන මන්ද බුද්ධික උපාධිධාරීන්ට හොඳ ආදර්ශයක්...

:       0       0

කිරි පුතා Friday, 29 October 2021 10:40 AM

ස්තුතියි ලංකාදීප.. මෙවැනි වටිනා ප්‍රවෘත්තියක් පළකළාට. වසවිෂම ඉල්ල ඉල්ලා, ඒකත් රජයෙන්ම ගන්න දඟළන ගොවියා නමින් පෙනී සිටින දේශපාලක අතකොළුවවලට හෙවත් කෲර ව්‍යාපාරිකයන්ට මේ පණිවිඩය ඇස ගැසේවායි ප්‍රාර්ථනා කරමි...

:       4       38

40% පඩි වැඩිකරනු කියන ජෙප්පා Friday, 29 October 2021 10:50 AM

මේවා පෙන්නන්න ඕනේ රස්සා ඉල්ලගෙන පාරේ හිඟා කන, රටට බරක් වුණු, උපාධිධාරි කියලා ඔලුව උදුම්මාගෙන ඉන්න වැඩ බැරි ජෙප්පන්ට සහ එයාලගේ සහචරයින්ට.

:       6       50

සංජීව Friday, 29 October 2021 01:35 PM

උපාධිධාරියන් හිතන් ඉන්නේ නිදහස් අධ්‍යාපනයෙන් උපාධිය ගත්තාම රස්සාවත් රජයෙන්ම දෙන්න ඕනේ... කියලයි. රස්සාවත් දුන්නාම ඒ ගමන්ම පඩිය ඩබල් කරලා දෙන්නත් ඕනේ රජයෙන් කියලා... එහෙම නොකළාම අකුරට වැඩ... මේ වගේ අයට හොඳටම උත්තර දුන්නේ ප්‍රේමදාස ජනපතිතුමා. ඒකෙන් පාඩම් ඉගෙන ගත්තා පරම්පරාවක්ම. හැබැයි මේ ආණ්ඩුවට පණ නෑ. රටේ මහජනයාට පීඩනයක් නොවෙන්න රාජ්‍ය සේවය හසුරුවා ගන්න. රජයයි, රාජ්‍ය සේවකයෝයි හැමෝම පීඩනය දෙන්නේ මහජනයාට... අායේ රාජපක්ෂ රජයකට ලංකාවේ ආණ්ඩු දෙන්නේ නෑ...

:       9       19

Vishva Friday, 29 October 2021 06:29 PM

මුළු රටේම මාධ්‍ය එකතු වෙලා ගොවි ජනතාව නොමග යවන කාලෙක ඇත්තට තැනක් දුන්නු ලංකාදීප පුවත්පතට ස්තූතියි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උණ රෝගයක් හේතුවෙන් සෙබලුන් පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 5 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 125 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 105 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1855 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 3252 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 736 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site