IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


‘ කාබනික පොහොර අධිකාරියක් පිහිටුවීමට යයි‘

(විනීතා එම් ගමගේ)

කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසුරුවා හැර එහි කාබනික පොහොර අධිකාරියක් පිහිටුවීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවැසීය.

මේසදහා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලැබුණු බව ද අමාත්‍යවරයා පැවැසුවේය.

එම අධිකාරිය පිහිටුවීමෙන් පසු මෙරට පොහොර භාවිතයෙන්  70%  ක් කාබනික පොහොර බවට පත් කිරීම තම ඉලක්කය බව ද අලූත්ගමගේ මහතා කීය.

මෙරට පොහොර අවශ්‍යතාවයෙන් මේ වනවිටත් රටෙහි නිෂ්පාදනය වන්නේ 1 % පමණකැයි කී අමාත්‍යවරයා මේ සදහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 16.5 ක් ලබා ගන්නා බවත් එම මුදල් පොලියත් සමග ආපසු ගෙවීමට සූදානම් බවත් කීය.

මේ සම්බන්ධව මූලික කටයුතු කෙරීගෙන යන බවත් නව අධිකාරියේ  කටයුතු ඉක්මණින් ආරම්භ කරන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.



අදහස් (6)

‘ කාබනික පොහොර අධිකාරියක් පිහිටුවීමට යයි‘

Buddhika P Monday, 18 January 2021 10:28 AM

දැන් මාර්කට් එකේ තියෙන කාබනික පොහොර අමුම අමු බොරුවක්. මම ලංකාවට ගිය වෙලාවේ, ගෙවතු වගා කරන්න, කිලෝ 20 පැකට් 60ක් විතර ගෙනාවා. වැඩිඵලක් නොපෙන්වන නිසා, මම වැඩකරන කෙනෙකුට කිව්වා. එක පැකට් 1/2ක් විතර වතුර බාල්දියකට දියකරලා බලන්න. අන්තිමේ පතුලේ ඉතුරු වුනේ වැලි, ඒ කියන්නේ 40% - 50% විතර තියෙන්නේ වැලි. වතුර කළු පාට වුණා.. එක එක දේ වල අළු නිසා. අන්තිමේ එක එක රසායන පොහොර මිශ්‍රණ වෙනම ගෙනැල්ලා, වැඩ කරන කෙනා පොහොර වෙනම හැදුවා... කාබනික පෝර එක්ක වේලිවේලි තිබුණු එක වම්බටු ගහක්, ලොකු පේර ගහක් තරම් ලොකු වුණා. සුමාන දෙකෙන් දෙකට හරි පොහොර සාත්තුව එක්ක...

:       0       1

විජේ Monday, 18 January 2021 01:45 PM

ඇයි ඔහොම, ඔච්චර හොරකම් කරන්නේ? හැබැයි ඕවා යන්න ගත්තාම යනවා අතීසාරයට අමුඩ ගැහුවා වගේ....

:       0       3

ගමගේTuesday, 19 January 2021 10:19 AM

1976 වර්ෂයේ අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් පොහොර සමාගමක් පුද්ගලික ආයතනය රජයට පවරාගෙන ඇත. පසුව 1994 වර්ෂයේදී එවකට පැවති රජය විසින් පුද්ගලීකරණය කිරීම සඳහා කටයුතු කර ඇත. එහිදී එවකට සිටි සේවකයින්ගේ උද්ඝෝෂණ හමුවේ එවකට පැවති රජයට මෙම ආයතනය පුද්ගලීකරණය කිරීමට නොහැකි විය. ඉන් අනතුරුව එම සේවකයන්ගේ කැපවීම් මත මෙම ආයතනය මේ දක්වා රැකගෙන පැමිණ ඇත. එවැනි තත්වයක් මත රජයේ ආයතන විනාශ නොකර ශක්තිමත් කරන බව පවසමින් බලයට පැමිණි ආණ්ඩුවක් හිටි හැටියේ මෙම පොහොර සමාගම විසුරුවා හරින බව පැවසීම කෙතරම් යුක්ති සහගතද? මේ සම්බන්ධයෙන් මෙම ආයතනයේ සියළුම සේවකයන් සිටින්නේ විශාල කලකිරීමකිනි. කොම්පෝස්ට් පොහොර ව්‍යාපෘතිය මෙම ආයතනය විසුරුවා හැරීමකින් තොරව සිදුකළ නොහැකිද? මෙහි යටි පරමාර්ථ මොනවද? මෙම ව්‍යාපෘතිය අසාර්ථක වුවහොත් මෙම පොහොර සමාගමේ සේවකයන්ගේ රැකියා සුරක්ෂිත භාවයට වගකියන්නේ කවුද?

:       0       1

රෝහන යාපා Tuesday, 19 January 2021 03:27 AM

දැනට සේවය කරන සේවකයින්ට මොකද වෙන්නේ...?

:       0       1

නිරෝෂණ් Tuesday, 19 January 2021 10:37 AM

කොමර්ෂල් පොහොර සමාගම විසුරුවා හැරීම සම්බන්ධයෙන් එම ආයතනයේ සියළු සේවකයන් විරුද්ධයි.

:       0       1

de silva Wednesday, 20 January 2021 03:15 PM

හොද්දට දමන්න කහ ටිකක් නැතිව දුක් විඳින අපට කාබනික පොහොර කන්නද? ලංකාවේ කාබනික පොහොර කියලා විකුණන්නේ වැලි සහ අලු මිශ්‍ර කරපු කුණු ගොඩවල්.. ඒවා දැම්මට පැළවෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් විදුහල්පතිවරිය රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 15 0

2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්වා රක්ෂිත බන


13-14 බස්නාහිර ආදායම් බලපත් නිකුත් නොකරයි
2024 නොවැම්බර් මස 08 133 0

මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.


කිතුල් පොලු පහරින් අයෙක් මරුට
2024 නොවැම්බර් මස 08 347 0

කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.


දැවකඳන් සමඟ කජු වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 08 507 0

මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු


කෝටි 39ක විදෙස් දුම්වැටි විනාශ කරයි
2024 නොවැම්බර් මස 08 287 0

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 39 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි තොගයක් කෙරවලපිටිය වෙස්ටර්න් පවර් හි කසළ අංගනයේදී රේගු නිලධාරීන්ගේ අ


ඇමෙරිකන් මාණ්ඩලික ප්‍රධානියා ලෙස කාන්තාවක්
2024 නොවැම්බර් මස 08 1271 0

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ ඇමෙරිකාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය පළමු වරට කාන්තාවකට හිමිවෙයි. ට්‍රම්ප් පරිපාලනය යටතේ නව මාණ්ඩලික ප්‍රධානියා වන්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 79 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 456 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1424 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site