IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


"කාබනික වගාවෙන් වැඩක් නෑ"

දැනට රටේ පවතින වී තොග ලබන දෙසැම්බර් දක්වා ප්‍රමාණවත් බවත් ඒ නිසා වසරකට එක කන්නයක් හෙක්ටයාර් ලක්ෂ 8ක් වී වගාව කළාම රටටම අවශ්‍ය සහල් ප්‍රමාණවත් නිසා යල් කන්නයේ වී වගාව වෙනුවට වැඩි ආදායමක් ලැබෙන අතිරේක බෝග හෙක්ටයාර් ලක්ෂ 2ක් වගාකිරීම ට තීරණය කර තිබෙන බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මහතා පැවසිය .

දඹුල්ල පැල්වෙහෙර පෞද්ගලික කෘෂි සමාගමක් වන සි අයි සි සමාගමේ බිජ ගොවිපළ නිරීක්ෂණයකට පැමිණි අවස්ථාවේ මේ බව පැවසිය . ආචාර්ය විජේකෝන් මහතා වැඩිදුරටත් කිවේ  කාබනික වගාව තුලින්න්ම රටේ ආහාර සුරක්ෂතාවය ඇතිකිරීමට නොහැකි බවත් ලෝකයේ කාබනික වගාව ඇත්තේ සියට එකක් පමණක් බවත් ඒ නිසා රසායනික පොහොර සමග වගාව කළයුතු බව ද කිය. මින් ඉදිරියට පොහොර යොදන සෑම ගොවිකම පස පරික්ෂා කොට පොහොර යෙදිය යුතු බවත් පොස්පරස් වසරක් හැර වසරක් යොදා ගොවිතැන් කිරීමට ගොවින් ක්‍රියාකලයුතු බවද පැවසිය .

වස විස නැති රටක් තේමාව යටතේ කාබනික වගාව ප්‍රචලිත කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනපති හා අතුරලියේ රතන හිමි මහත් වෙහෙසක් දරති.

dg-rohan-vijekoon

1111



අදහස් (0)

"කාබනික වගාවෙන් වැඩක් නෑ"

අසාද් Sunday, 17 July 2016 08:30 AM

රජින්දගේ අදහසට මමත් එකඟයි. වී අතිරික්කය අපනයනය කිරීමට රජය කටයුතු කළයුතුයි. රටට අදායමක් ලබා ගැනීමේ මාර්ග රජය විසින් නිර්මාණය කළයුතුයි. (නි)

:       0       0

පුබුදු Monday, 18 July 2016 12:59 AM

සිදුවෙන දේ නම් හොඳට වැටහෙනවා අපිට (නි)

:       0       0

ගුණේ Sunday, 17 July 2016 11:19 AM

මේ බහුජාතික සමාගම් ලොව පුරා අසරණයින්ගේ මිනීවළවල් කනිනවා. පැරණි ගොවින්ගේ ක්‍රම උපාය ගුරුකොට ගන්න (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 17 July 2016 11:37 AM

රොහාන් විජේකෝන් මහතාගේ නිරීක්ෂණය හරි. කාබනික වගාවෙන් පොළවෙන් ඉවත්වෙන සියලු පදාර්ථ නැවත පසට එක්කිරීම අපහසුයි. ඒ අනුව පස පරීක්ෂාකර ඌණතාවයන් මගහැරීමට යම් මට්ටමකට රසායනික පොහොර යොදාගැනීම හරි. (නි)

:       0       0

වසන්ත Monday, 18 July 2016 01:26 AM

ජනතාව දැන් බොහොම බුද්ධිමත් (නි)

:       0       0

නිහාල් Monday, 18 July 2016 01:53 AM

ඔලුව තදින් නරක් වෙච්ච මිනිසුන් පිරිසක් රැදිච්ච අරුම පුදුම රටක් තියනවා... රට ගැන හැඟීමක් නැති අය ගැන තමයි මේ ගීතයෙනුත් කියවෙන්නේ (නි)

:       0       0

රණේ Sunday, 17 July 2016 12:05 PM

එක සැරේම ඔහොම අනාගන්න එපා මහත්තයෝ (නි)

:       0       0

අනුර Sunday, 17 July 2016 12:15 PM

අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ වැඩපිළිවෙලටත් උඩින් යන්න හදන මෙවැනි අයට කුමක්ද කරන්නේ? (නි)

:       0       0

රංග Monday, 18 July 2016 02:30 AM

කැමති වුණත් නැතත් අපිට ක්‍රමයෙන් කාබනික ගොවිතැනට යාමට සිදුවෙනවා. එය කෙටි කාලයකින් කරන්න බැරි බව ඇත්ත. නමුත් සිදුකළ යුතුයි. රසායනික පොහොර වලට වඩා මුලින්ම අවදානයක් යොමු කළයුත්තේ වල්නාශක, පලිබෝධනාශක සහ දිලීර නාශක භාවිතය ක්‍රමයෙන් අඩු කරන්න. ඊටත් වඩා භයානකයි හාල් වර්ග කල්තබා ගන්න මෝල් වලදී එකතුකරන රසායනික වර්ග. ඒවා වළක්වන්න ඉක්මනින්ම කටයුතු කරන්න වෙනවා. මොන දේ කළත් පිටරටින් හාල් ගේන එක නතර වෙන්නේ නැහැ. හාල් අතිරික්ත තිබුනත් එ්ක වෙනවා, මොකද ඒවාට තියන ඉල්ලුම නිසා. ඒ ගැන හිතලා ආනයන බදු තීරණය වෙන්නේ නැති එක ගැටළුවක් (නි)

:       0       0

රංග Sunday, 17 July 2016 02:51 PM

මේ නිලධාරී මාෆියාව නොවේ නම් වෙන කුමක්ද? (නි)

:       0       0

චන්ද්‍රා Sunday, 17 July 2016 03:05 PM

මෙම අය ගැනත් ඔවුන්ගේ අදහස් ගැනත් දෙවරක්ම සිතිය යුතුය (නි)

:       0       0

ලක්විදු Sunday, 17 July 2016 03:30 PM

අපි නොදන්න චෙස් කිවුවලු! (නි)

:       0       0

ධම්ම Monday, 18 July 2016 04:57 AM

හුඟාක් දැනගත්තාමත් හරි කරදරයි. (ම)

:       0       0

සෙනෙවි Sunday, 17 July 2016 07:02 AM

රසායනික පොහොර නිපදවන සමාගම් වලින් යැපෙන නිලධාරී මාෆියාවක් ඉන්න බව අපි කොහොමත් දන්නවා (නි)

:       0       0

කිත්සිරි Sunday, 17 July 2016 07:02 AM

දේශීය කෘෂිකර්මාන්තයට මේ මොනවද සිද්ධවෙන්න යන්නේ? (නි)

:       0       0

රජින්ද Sunday, 17 July 2016 07:08 AM

මේ යන විදිහට රටට හෙනහුරා ලබලා කියලා දැනෙනවා. වී ගොවිතැන් කරපු කුඹුරු වල වෙනත් භෝග වැවුවහම වෙන්නේ පස ආයෙත් වී ගොවිතැනට හුරු කරන්න අතිරේක වියදමක් දරන්න ගොවියට සිද්ධවෙන එක නේද. අපේ ගොවි මහතුන් මේවාට අහුවෙන්න එපා. රජය අතිරික්ත වී අපනයනය කරන්න. (නි)

:       0       0

ශාන සෞදි Sunday, 17 July 2016 07:11 AM

රටේ පරිභෝජනයට එක කන්නයක් වැඩ කළාම ඇතිනම්, රටේ නිෂ්පාදනය ඇතිනම් මොකටද පිටරටින් හාල් ගේන්නේ? ඉන්දියාව පාකිස්තානය වැනි රටවලින් සහල් ගේන බව නොදන්නවාද? (නි)

:       0       0

යාපා Sunday, 17 July 2016 07:22 AM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

පතිරණ Sunday, 17 July 2016 07:24 AM

රටේ පමණක් නොව මිනිසුන්ගේත් අවාසනාව (නි)

:       0       0

සමීර Sunday, 17 July 2016 07:35 AM

සීඅයිසී පොහොර හරි සැරයි වගේ. නැත්නම් ජනාධිපතිතුමාගේ අරමුණටත් උඩින් මෙහෙම කතාකරයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 218 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1256 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2451 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2696 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 7000 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site