IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


කැබිනෙට්ටුවේ වත ගොත

(අංජුල මහික වීරරත්න)

1. අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:-

කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබූ අමරසූරිය මෙනවිය සමාජ විද්‍යා පිළිබඳ උපාධිය දිල්ලි විශ්ව විද්‍යාලයෙන්ද මානව විද්‍යා හා සංවර්ධන අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ඕස්ට්‍රේයාවේ සිඩ්නි නුවර මැකවරි විශ්ව විද්‍යාලයෙන් ද සමාජ මානව විද්‍යා, අන්තර්ජාතික සෞඛ්‍ය හා සංවර්ධන අධ්‍යයන සම්බන්ධ ආචාර්ය උපාධිය එඩිම්බරෝහි queen margard විශ්ව විද්‍යාලයෙන්ද ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරියක ලෙස සේවය කර ඇති ඇය 2020 වර්ෂයේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පත් වූවාය.


2. විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා:-

පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ 7,16,715 ක් වූ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් විජිත හේරත් මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි.

ජනතා විමුක්ති පෙරමුණේ පුර්ණ කාලීන දේශපාලනයෙහි නිරතව සිටින විජිත හේරත් මහතා 2000 වර්ෂයේ සිට අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නියෝජිතයෙකි.


3. කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා:-

වරලත් ගණකාධිකාරී, සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරයකු වන අතර ව්‍යාපාර පිළිබඳ උපාධිධාරියෙකි.

ජාතික ජන බලවේගය ජාතික විධායක සභික කමිටු සාමාජිකයකු වන අනිල් ජයන්ත මහතා එහි ආර්ථීක කවුන්සලයේ සාමාජිකයකු ලෙසද කටයුතු කරයි.


4. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා:-

පොලේගොඩ මහ විද්‍යාලයේ සහ මතුගම සී.ඩබ්ලිව් .ඩබ්ලිව් .කන්නංගර මධ්‍ය මහ විද්‍යාලයේ ආදි සිසුවකු වූ නලින්ද ජයතිස්ස මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ලෙස ද කටයුතු කළේය.

වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කරමින් සිටියදී 2007 වසරේදී රාජ්‍ය සේවයෙන් ඉවත්ව පූර්ණ කාලීනව දේශපාලනයට එක් විය . 2009 වසරේදී බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස පත්වූ ඔහු 2014 වසරේදී දෙවන වරටත් පළාත් සභාවට පත් විය.

2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය.


5. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා:-

මාතර මහ මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයකු ලබා ගත් ඉහළම මනාප ඡන්ද සංඛ්‍යාව වන 249,251 ක් හිමි කරගෙන මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ සුනිල් හඳුන්නෙත්ති මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වේ. ඔහු කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙකි.

කොටපොල මහා විද්‍යාලයේ හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ හඳුන්නෙත්ති මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනා කරණ විශේෂවේදී උපාධිධරයෙකි. එමෙන්ම, ඔහු ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකයෙකි.


6. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යය සරෝජා පෝල්රාජ් මහත්මිය:-

මාතර දිස්ත්‍රික්කයෙන් දෙවැනි ස්ථානයට වැඩීම මනාප සංඛ්‍යාව වන 148,379 ක් හිමි කරගෙන පාර්ලිමේන්තුවට තේරී පත් වූ සරෝජා පෝල්රාජ් මහත්මිය මාතර ශාන්ත මරියා කන්‍යාරාමයේ ජාතික ජන ගුරුවරියකි.

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකාවක වන ඇය, අයිතීන් උදෙසා කාන්තාවෝ' සංවිධානයේ සභාපතිනිය ලෙසත්, ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ' ජාතික කමිටු සාමාජිකාවක ලෙසත් කටයුතු කරන්නීය. කැලණිය විශ්ව විද්‍යාලයේ පරිවර්තන හා අර්ථ නිරූපණ ඩිප්ලෝමාධාරිනියක වූ සරෝජා මහත්මිය, රුහුණ විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාරිනියක ලෙස ද සේවය කරන්නීය.


7. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා:-

කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියත්, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, කැලණි විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාපති උපාධියත් හදාරා ඇති විජේපාල මහතා අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ වූ හානිපූර්ණය සඳහා වන කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.

2004 වර්ෂයේ අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටියදී ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසත් ජනාධිපතිවරයා ලෙස පත් වූ පසු ද පුද්ගලික ලේකම්වරයා ලෙසත් කටයුතු කළ විජේපාල මහතා පූර්ණ කාලීනව දේශපාලනයේ නිරත ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයෙකු ලෙසත් කටයුතු කරන්නෙකි. කුරුණෑගල උස්ගල සියඹලංගමුව තිස්ස මහා විද්‍යාලයෙන් හා බළල්ල ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහුට ජාතික විද්වත් සංවිධානයේ ජාතික සංවිධායකවරයා ලෙසද කටයුතු කරයි.


8. බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා:-

වසර විසිපහක විශ්ව විද්‍යාලයීය සේවයක් ඇති හිනිදුම සුනිල් සෙනෙවි මහතා සබරගමු විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ සේවය කළ මහාචාර්ය වරයෙකි. ඔහු ජයවර්ධනපුර 1988 විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි උපාධිය ලැබීය. 2003 වර්ෂයේදී කැලණිය විශ්ව විද්‍යාලයෙන් දර්ශනපති උපාධිය ද, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 2013 දී දර්ශනසූරී උපාධිය ද හිමි කරගත්තේය. දේශීය සහ විදේශීය පර්යේෂණ රැසක් නියෝජනය කර ඇති ඔහු පර්යේෂණ පත්‍රිකා රැසක් ද පළ කර ඇත. ග්‍රන්ථ සහ ලිපි කතුවරයෙකි. සාහිත්‍ය විචාරකයෙකි. දේශකයෙකි.

තිරනාටක රචකයෙකි. සම්මාන උළෙල ජුරි සභිකයෙකි. මනාප 76,505 ක් ලබා ගැනීමට සමත් විය.


9. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා:-

මෙවර මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රීධුර අපේක්ෂකයෙකු ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායකයා ලෙසට තරග කළ හේරත් මුදියන්සේලාගේ වසන්ත සමරසිංහ මහතා මනාප ජන්ද 2,51,639 ක් ලබා ගත්තේය.

තඹුත්තේගමදී උපත ලැබූ වසන්ත සමරසිංහ මහතා තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඉන්පසුව තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්ව උසස් පෙළ වාණිජ අංශයෙන් වැඩිම ලකුණු හිමි කර ගනිමින් කැළණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් විය.

කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ලෙසත් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය සංගමයේ වැඩබලන කැඳවුම්කරු ලෙසටත් ඔහු කටයුතු කළේය.ඔහු ව්‍යාපාර පරිපාලන ගෞවර උපාධිධරයෙකි.

ජනතා විමුක්ති පෙරමුණේ සෘජු දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ ඔහු පසුව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපතිවරයා ලෙසත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායකවරයා ලෙසත් " දූෂණ විරෝධි හඬ " සංවිධානයේ කැඳවුම්කරු ලෙසත් මේ වන විටත් කටයුතු කරමින් සිටී.


10. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා:-

බදුල්ල' රිදීමාලියද්දේ උපත ලද ජාතික ජනබලවේගය බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක සමන්ත විද්‍යාරත්න මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දි බදුල්ල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගත් (208,247) අපේක්ෂකයාය.

ඌව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු මෙන්ම පාර්ලිමේන්තු වේ හිටපු සංස්කෘතික කටයුතු, ජාතික උරුමයන් පිළිබඳ නියෝජ්‍ය ඇමතිවරයකු ලෙසත් කටයුතු කළ ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව විශේෂවේදි උපාධිධාරියෙකි.


11. කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා:-

ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායමේ නායකත්වය දරන කේ.ඩී ලල් කාන්ත මහතා මෙරට දේශපාලයේ දීර්ඝකාලීන අත්දැකීම් සහිත නායකයෙකි. වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපතිවරයා වශයෙන් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සහික සහ ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික ලෙස කටයුතු කරන ලාල් කාන්ත මහතා මෙවර මහ මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කර මනාප 3,16,951 ක් ලබා ගත්තේය.


12. විද්‍ය හා තාක්ෂණ අමාත්‍ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා:-

ක්‍රිස්තියානි අධ්‍යාපනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය, බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හිමිකරගෙන ඇති ක්‍රිෂාන්ත අබේසේන මහතා ‚ ජාතික ජනබලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ ප්‍රධානියා ලෙසද කටයුතු කරයි.

විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ලෙසද අබේසේන මහතා කටයුතු කර ඇත.


13. පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ මහතා:-

කෑගල්ල අඹන්පිටිය ග්‍රාමයේ උපන් වෛද්‍ය හෙට්ටිතන්ත්‍රි පටබැඳිගේ ධම්මික පටබැඳිගේ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළත්ව වෛද්‍ය උපාධිය ලබා ඇති ධම්මික පටබැඳිගේ මහතා කෙටි කාලයක් වෛද්‍ය වෘත්තියේ නියැලී, පසුව වෛද්‍ය වෘත්තියට සමුදී පූර්ණ කාලීනව ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනයට පිවිස තිබේ.

ජාතික ජන බලවේගයේ විධායක සභිකයකු ලෙසත්, කෑගල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙසත් කටයුතු කරන ධම්මික පටබැඳිගේ මහතා පසුගිය මහා මැතිවරණයේදී කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද 186,409 ක් ලබාගෙන මනාප ලැයිස්තුවේ පළමු තැන හිමි කරගෙන තිබුණි.


14. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා:-

වෘත්තියෙන් වරලත් ගණකාධිකාරීවරයකු වන සුනිල් කුමාර ගමගේ මහතා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.


15. නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා:-

කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වන කරුණාතිලක මහතා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජිකයෙකි.


16. ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා:-

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයකු වන රාමලිංගම් මහතා ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් සංවිධායකවරයා වෙි.


17. රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා:-

කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරියකු හෝ චන්දන අබේරත්න මහතා මේවන විට කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්යවරයා ලෙස කටයුතු කරයි.


18. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා :-

1997 වසරේ එංගලන්තයේ ෂෙෆීල්ඩ් විශ්ව විද්‍යාලයෙන් නීති ගෞරව උපාධිය ලබාගෙන ඇත.

1998 වසරේ දී එංගලන්තයේ හි Lincoln's Inn බැරිස්ටර් වරයකු ලෙස කැඳවුම් ලබා තිබේ. 1994 වසරේ දී ශ්‍රී ලංකාවේ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දී නීතිඥ වෘත්තියේ නියැලෙයි.

2000 - 2004 කාලය තුළ ඔහු රජයේ අධිනීතිඥවරයෙක් ලෙස ද කටයුතු කර ඇත.


19. ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ මහතා :-

රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපතිවරයායි. ඔහු ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජිකයෙකි.


20. ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා:-

මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. ඔහු 2015 වසරේ දී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළේය. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක ලෙස කටයුතු කරයි.


21. බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා:-

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධරයකු වන කුමාර ජයකොඩි මහතා ඉංජිනේරුවකු මෙන්ම ව්‍යාපෘති කළමනාකරුවෙකි.ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයෙකි.

 



අදහස් (15)

කැබිනෙට්ටුවේ වත ගොත

Neel Tuesday, 19 November 2024 02:46 AM

උගතුන්ට නිසි ගෞරවය හිමිවිය යුතුය.

:       4       56

pj Tuesday, 19 November 2024 03:44 AM

තිස්ස අත්තනායක මහතා ද කැලනි විශ්ව විද්‍යාලයේ ගෞරව උපාධිදාරියෙකි .නව කැබිනට්ටුවෙන් බලාපොරොත්තු වන්නේ උගත්කම මද .පිස්සු නැත්නම් ශෝක .රට දෙවියන්ගේම පිහිටයි

:       70       21

JayasekaraTuesday, 19 November 2024 02:51 PM

ඔව්වා මොනාද පහුගිය රජයේ මැටි ඇමැතිකමුත් තිබ්බ එකේ.... එක නම් සුදුස්සාට සුදුසුම තැන දීලා තිබ්බා...

:       3       10

pj Tuesday, 19 November 2024 03:58 AM

තම වයසත් සමග තමන්ට හිමි වර්තමාන දේපල වටිනාකම ද ,පැටිකිරියට ඇතුල්විය යුතුමය

:       7       25

ranjith Tuesday, 19 November 2024 06:37 AM

මේ විස්තර කියවන්නත් ආස හිතෙනවා .මෙතෙක් කල් පාර්ලිමේන්තුවේ හිටියේ මොන වගේ අයද කියලා හිතෙනවා

:       14       58

මටTuesday, 19 November 2024 04:26 PM

රංජිත් කියන්නේ ඡන්දෙවත් දෙන්න තරම් මෝරපු කෙනෙක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ.

:       0       0

විදුර Tuesday, 19 November 2024 07:20 AM

හත් පොලේ ගාගන්න නම් එපා, ඉගන ගත්තු එවුන් කම්මුතුයි.

:       8       45

Karunajeewa Tuesday, 19 November 2024 09:54 AM

ඉතිහාසයේ වැඩිම අධ්‍යාපනික සහ සමාජ දැනුම ලත් සුදුසුකම් සහිත කැබිනට් එක,..

:       10       65

pubudu Tuesday, 19 November 2024 10:48 AM

සියල්ලන්ටම ඉතාම හොඳ අධ්‍යාපන සුදුසුකම් තියෙනවා. ප්‍රවණතාවය ඉතාම හොඳයි. දැන් වැඩ පෙන්නන්න තමයි තියෙන්නේ...!

:       0       0

සෙනෙවිරත්න Tuesday, 19 November 2024 11:27 AM

Pj තිස්ස අත්තනායක වගේ නායකයා වන්දනා කරන අය තමන්ගේ පක්ෂයේ නම් ඇති...

:       0       0

chamara Tuesday, 19 November 2024 12:14 PM

මම කමෙන්ට් කියවන්න කැමැති හේතුවක් තියෙනවා. පුවතකින් විශ්ලේෂණයක් බලාපොරොත්තු වෙන්න බෑ හැම වෙලාවේම. හැබැයි කොමෙන්ට් වල විශ්ලේෂණ තියෙනවා. ඒකෙනුත් පුවතේ අදහසට පක්‍ෂපාත කමෙන්ට් වලට වඩා මන් කැමැති ඊට විරුද්ධ අදහස් කියවන්න. අපිට ඉස්සර හිටියා වගේ බොහෝ ඇසූපිරූ තැන් ඇති වැඩිහිටියෝ හරි අඩුවෙන් මුණ ගැහෙන්න ලැබෙන්නේ දැන් කාලේ... ඉතින් මගේ මතේට විරුද්ධ අදහස් දරන අයගෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා මට නම්...

:       0       0

Asanga Tuesday, 19 November 2024 12:25 PM

මෙහෙම උගත් කැබිනෙට්ටුවක් දකින්නත් ආසයි. හැබැයි නා ගන්න නම් එපා. ඡන්දය දීපු මිනිස්සුම එළවලා දමයි...!

:       0       0

ගමේ එකාලා Tuesday, 19 November 2024 04:12 PM

තිස්ස අත්තනායකගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .සල්ලි වලට කෑදර වෙලා මහින්දයාගේ සාටකේ එල්ලිලා සෞඛ්‍ය ඇමතියා වුනා. එහෙට මෙහෙට පැනලා දැන් පස්ස බිම ඇනගෙන ?

:       0       0

Siri Tuesday, 19 November 2024 04:35 PM

උගත්තු වැඩි නැද්ද ? හොරෙක් මැරයෙක් දකින්න නැතුව පාලුයි වගේ.

:       0       0

උපාලි වරසකෝ න් Wednesday, 20 November 2024 03:14 AM

විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ මැති ඇමැතිවරු දේශපාලනය පිළිබඳ ධනවාදී හා සමාජවාදී න්‍යායන් ගැන මැනවින් දන්නා පිරිසක්. එසේම විශ්ව විද්‍යාල සිසුන් වශයෙන් අරගල කරපු අය. ඒ අය අරගල කළේ සමාජයේ යහපත සඳහා. පැවැති ආණ්ඩුවල වැරදි ක්‍රියාමාර්ග වෙනුවෙන්. දැන් එම අත්දැකිම් ඇති තමන් වෙත බලය ලැබී ඇති බැවින් තම ශක්ති ප්‍රමාණයෙන් නිවැරැදිව වැටුණු රට‍ ගොඩ ගැනීමට කටයුතු කරණු ඇති බවයි. ජනතාවගේ බලවත් විශ්වාසය...! 

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මලින් පීරීගිය නුවරඑළිය වසන්තය
2025 අප්‍රේල් මස 19 708 0

නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.


ආරක්ෂකයා ප්‍රභාකරන්ට බය වෙලා මුරකුටියට ගිනි තියලා
2025 අප්‍රේල් මස 19 2231 0

මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය


පුංචි ඡන්දෙට උනන්දුව හොඳටම මදි
2025 අප්‍රේල් මස 19 553 0

පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද


දළදා වඳින්න අද මහ සෙනඟක්
2025 අප්‍රේල් මස 19 573 0

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.


එදා ගමට දුන් මුදල් වැටුනේ සාක්කු වලට
2025 අප්‍රේල් මස 19 286 0

අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.


හාලිඇල දුම්රියපළ පාර ජලයෙන් යටවෙයි
2025 අප්‍රේල් මස 19 522 0

හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site