IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


කැබිනට් ඇමැතිවරු වැටුප ඉන්ධන දීමනාව අත්හරිති

(නිමල කොඩිතුවක්කු)

කැබිනට් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යවරුන්ට හිමි වැටුප් සහ ඉන්ධන දීමනාව ලබා නොගැනිමට තීරණය කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.

කැබිනට් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලබා ගන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වැටුප පමණක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යෙවේදීන් කළ විමසීමකදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද පැවසීය.

“අමාත්‍යවරුන් තමන්ගේ අමාත්‍ය වැටුප නොගැනීමට අපි තීන්දුවක් ගත්තා. ඒ වගේම මන්ත්‍රීවරුන් හැටියට අමාත්‍යවරුන්ට ලැබෙන ඉන්ධන දීමනාව ගන්නේ නැහැ කියලා අපි තීරණයක් ගත්තා. ඒ දෙකම ලබාදෙන්න කියන එක තමයි පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය බවට පත්ව තිබෙන්නේ.

මන්ත්‍රීවරයාට ලැබෙන දිමනාවේ ඉන්ධන දීමවනාවක් තිබෙනවා. අමාත්‍යවරයාටත් වැටුපට අමතරව ඉන්ධන දීමනාවකුත් ලැබෙනවා. අපි මේ ගැන දැන ගන්න විට මාස කිහිපයක් ගත වෙලා තිබුණා. ඒ අනුව මන්ත්‍රීවරයාට හිමි ඉන්ධන දීමනාවත් ඇමති වැටුපත් නොගෙන සිටීමට අපි ආණ්ඩුවට විදියට තීණ්දුවක් ගත්තා.

 



අදහස් (17)

කැබිනට් ඇමැතිවරු වැටුප ඉන්ධන දීමනාව අත්හරිති

sunil Thursday, 27 March 2025 05:16 AM

ඉතා හොඳ ආදර්ශයක්. ඔබ තුමාලගේ වගකීම් සහ රාජකාරි නොපිරිහෙලා කාර්යක්ෂමව සහ අවංකව ඉටු කිරීමට අවශ්‍ය දෑ ලබා ගත්තට රට ගැන හිතන ද්වේෂය නොමැති පුරවැසියන් කිසිත් කියන්නේ නැහැ.

:       6       30

B Amarasinghe Thursday, 27 March 2025 05:25 AM

අගය කරනවා මන්ත්‍රීවරයකු ලබන (හෝ හිමි) දීමනා සේරම එලිකරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.දුරකථන , මුද්දර , රැස්වීම් ව්ලාට සහභාගිවන දින ගණන අනුව වගේ ගොඩක් ඇතිනේ

:       2       19

Asanka Thursday, 27 March 2025 05:58 AM

අනේ මන්දා, පුදුමයි! ජීවතුන් අතර ඉන්නවා. ඔක්කොම අත අරින්නවා. අපිට හරි ආදරෙයි!

:       13       24

රුවන් Thursday, 27 March 2025 06:27 AM

එතකොට ඉස්සර බුලත් කාපු කෙනාට වගේ ලක්ෂ ගානක ඉන්ධන යන්නේ නැද්ද?

:       7       4

යෝගා Thursday, 27 March 2025 07:08 AM

පුංචි ඡන්දෙට සෑහෙන්න බය වෙලා වගේ. මන්ත්‍රී වැටුප පක්‍ෂ අරමුදලට යනවා නම් ඇමති වැටුප් දීමනා ගන්නෙත් නැත්නම් මේ අයව නඩත්තු කරන්නේ කවුද? දූෂිත ව්‍යාපාරිකයෝද, කොටි ඩයස්‌පෝරාවද, සමහර තානාපති කාර්යාලද? මේවා හොයන්න වෙනම කොමිසමක් දාන්න වෙයි.

:       24       24

PGPThilak Thursday, 27 March 2025 07:23 AM

නිලධාරීන් විවිධාකාරයෙන් ගසා කද්දී ඔය කරන වැඩ තේරුමක් නැති සිඟිති ආතල්!

:       17       16

suda Thursday, 27 March 2025 07:47 AM

මහත්තයෝ ඔයවගේ සිල්ලර කාරණා වලින් රටක් ගොඩදාන්න බැහැ. ඕනෑම කෙනෙකුට තෘප්තිමත් වැටුපක් හා දීමනා නොලැබේ නම් ඔහුගෙන් ඉටුවියයුතු දේ හරිහැටි ඉටුවන්නේ නැහැ . ඒක ඔය 159ටත් අදාලයි . ඔයවගේ ලාභ වැඩවලින් සතුටුකල හැක්කේ ගැලරිය පමණයි . අපේ රටේ GDP එක බිලියන 100 ට ආසන්න අගයකයි තියෙන්නේ . ඔන්න ඕක බිලියන 300 ක් 400 ක් වගේ අගයකට ගෙනයන සාර්ථක වැඩපිළිවෙලක් තමයි අපේ රටට ඕනකරන්නේ . ඒක ඔහෙලට කරන්න බැරි බව දැන් හොඳින් පෙනෙනවා.

:       21       28

Nilantha Thursday, 27 March 2025 10:51 AM

මේ කට්ටිය ආණ්ඩුව ගන්න ඉස්සවෙලා මැති ඇමැතිකම් කලානේ ඔවුන්ටත් විමධ්‍යගත අරමුදල් ලැබෙන්න ඇති ඒවායින් මොකුත් නොකර පැවති ආණ්ඩු වලට විරුද්ධව කුමන්ත්‍රණ කලාමිස කිසිවක් කලේ නැහැ ඔය ඇමතිලාට ඉන්ධන දෙන්නෙ රට තොට ඇවිදල අඩුපාඩු බලා ජනතා අදහස් අරගෙන රටේ වැඩ කරන්න මිස බොන්න නොවෙයි ඒවා නොගන්නවා කියන්නෙ කිසිවක් කරන්නෙ නැහැකියල තමයි .

:       6       12

Kazi Shajahan Thursday, 27 March 2025 10:14 AM

NPP එකේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් 50% ගත්තොත් හොඳද? මොකද ඔයාලා කිව්වෙ මේක සමාජ සේවයක් කියලා නේද? අපි නම් චන්දෙට කලින් හිතුවෙ ඔයාලා වැටුප ගන්නේ නැහැ කියලා අපේ භාණ්ඩාගාරයෙන් . දැන් NPP ගිණුමකට දාගන්නවා. ඒක මෝඩ මදි නේද?

:       15       21

ගුණරත්න Thursday, 27 March 2025 10:51 AM

ඉතින් අපට පාන් ද? ඕනේ නැත්නම් නොගෙන ඉන්න. නිකම්මු අපි රවට්ටන්න පඩි ගන්නේ නැහැ තෙල් ගන්නේ නැහැ කියල දේශනා කරන්න පටන් අරගෙන. කිසිම වැඩක් නොකර කතා පවත්වමින් කාලේ කා දමන උන් පැට්‍රල් ටිකකින් ඉතුරු කරනවාට වඩා රටට වැඩ කරන මිනිහෙක් අපට හොඳයි, එහෙම එකෙක්ට මාසෙට කෝටියක් පඩි දුන්නත් පාඩු නැහැ.

:       7       12

sunil Thursday, 27 March 2025 04:33 PM

ගුණරත්නට කෝටි කීයක් ලැබෙනවද?

:       1       0

Mano Bandara Thursday, 27 March 2025 11:25 AM

හොඳයි, අපේ රටේ ඉන්නේ කොච්චර පොහොසත් මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් පිරිසක්ද? ඔවුන් 87 - 89 කාල පරිච්ඡේදයේ කොල්ල කෑ මුදල් ඔවුන්ගේ ජීවනෝපාය සඳහා වියදම් කිරීමට බෙදා ගන්නවා ඇති. ඒ වගේම ඩයස්පෝරාව ඔවුන්ට ජීවන දීමනා ද ලබා දෙනවා නිසැකයි.

:       5       16

Rata Perata Thursday, 27 March 2025 12:38 PM

හාමුලා ලක්ෂ ගණනින් වරප්‍රසාද ගන්නකොට මෙතන කහින එක කාලකන්නියෙක් කතා කලේ නෑ. මේ වගේ අපතයන්.

:       13       11

රන්ජිත් Thursday, 27 March 2025 03:15 PM

මේ මාලිමා මන්ත්‍රීලා කියන්නෙම බොරු, ඕවා පිලිගන්නේ ඒ අයගේ මෝඩ අනුගාමිකයන් විතරයි

:       6       13

සිල්වා Thursday, 27 March 2025 04:51 PM

වැඩ බැරි නිකමුන්ට පඩිත් එපා දීමනාත් එපා.

:       3       7

Neel Friday, 28 March 2025 04:51 AM

මොන දේ කලත් හොරු අදරේ හොරූන්ටමය. මාර වැඩේ ලංකාවට උනේ...

:       1       0

හාරාමනිස් Friday, 28 March 2025 05:03 PM

වැඩක් කරන්නේ නැතුව ඒවා ගන්න බැරුව ඇති...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි
2025 අප්‍රේල් මස 20 309 0

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්


බද්ද ගැන කතා කරන්න මුදල් නියෝජ්‍ය ඇමති ඇමරිකාවට
2025 අප්‍රේල් මස 20 234 0

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය


පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට
2025 අප්‍රේල් මස 20 82 0

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ


චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
2025 අප්‍රේල් මස 20 538 0

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා



සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 718 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site