IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


කැබිනට් රැස්වීමේදී එස්.බී - සුසිල් ගැටෙති

(අජන්ත කුමාර අගලකඩ)

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(6) දහවල් පැවැති විශේෂ කැබිනට් රැස්වීමේ දී සුසිල් ප්‍රේමජයන්ත සහ එස්.බී.දිසානායක යන අමාත්‍යවරුන් අතර උණුසුම් මත ගැටුමක් ඇතිවූ බව වාර්තා වේ.

මේ හේතුවෙන් කැබිනට් රැස්වීමේ ද උණුසුම්කාරී වූ බව රජයේ ආරංචි පවසයි.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් ඡන්දයට වසරකට පෙර රාජකාරියෙන් ඉවත්විය යුතු බවට පළාත් පාලන මැතිවරණ පනතට ගෙනෙන ලද සංශෝධනය සම්බන්ධයෙන් ඇමැතිවරුන් දෙදෙනා අතර මෙම මත ගැටුම ඇතිව තිබෙන බව වාර්තා වේ.

ජනාධිපතිවරයා මැදිහත්වී දෙදෙනා අතර මත ගැටුම සමථයකට පත්කර ඇතැයි ද කියති.



අදහස් (27)

කැබිනට් රැස්වීමේදී එස්.බී - සුසිල් ගැටෙති

Ruwan Wednesday, 06 September 2017 01:58 PM

එස්.බී. ඔබ නිවැරදියි. එහෙම නොවුණොත් මොවුන් සමෘද්ධි දෙන්නෙත් තමන්ට ඡන්දය දෙන අයට පමණි. රජයෙන් පඩි ලබමින් රජයේ මුදල් බෙදා දෙමින් ඔවුන්ට ඡන්ද ටික එකතු කරනවා. එම නිසා මෙය ඉතා කාලෝචිත ක්‍රියාවකි. එස් බී ඔබට ජය...!!!

:       264       827

raveendra Wednesday, 06 September 2017 02:07 PM

සුනිල් (සුසිල්) සහ එස්.බී සටන " බත " ඉදෙනාතුරු පමණි. බොරු, ගරු රඟපෑම්.... තම තමන්ට ලබාගන්න වරප්‍රසාද වලට ඔක්කොම කරට අත්දමාගෙන එකමුතුව වැඩ. හැමවිටම රැවටුනේ ඔබයි...

:       1       205

nishanath dombagoda Wednesday, 06 September 2017 02:36 PM

කැබිනට් තබා කිසිතැනකට ගත නොහෙනා ............. අඩුවක් නැතිව කට වාචල් පච ගසනා..................... එස් බී වැන්නො පඹයින් මෙනි හේනක වෙසෙනා .......................නොදකින් මෙහෙම පුඟුලන් නොඑළවනා ............

:       512       640

raveendraWednesday, 06 September 2017 03:44 PM

නිශාන්ත දොඹගොඩ මයා වෙත, ඔබගේ අර්ථවත් සහ නිවැරදි සුන්දර වූ කාව්‍යමය අදහසට අපි ගරුකරන්නෙමු.

:       15       181

ධම්මWednesday, 06 September 2017 04:20 PM

කියන්න යන කතාවේ වරදක් නැහැ. හැබැයි කවිය නම් අන්තිමයි වගේ...

:       284       96

sathyayaa Thursday, 07 September 2017 12:48 AM

අත්තෙන් අත්තට පනින ක්‍රීඩා වේදී, සුසිල් එස්.බී ට පරාදයි. ලෝකයාට තියා තමන්ටවත් වැඩක් නැති ගතියෙන් එස්.බී සුසිල් ට පරාදයි. මේ දෙන්නව දේශපාලනයට ගෙනා අපි හැමදාමත් පරාදයි.

:       4       35

raveendraThursday, 07 September 2017 05:41 AM

සත්‍යා මයා වෙත, ඔබවිසින් කිවයුතු සියල්ලම ඉතා සරල බසින් පැවසීම සතුටට කරුණක් වන අතර එය කියවීමෙන් අපගේ රුධිරයද යම් ප්‍රමාණයකට පිරිසිදුවන්නේය.නැවතත් ඔබට ඉස්තුතිවන්ත වෙන්නෙමු.

:       0       4

sathyayaa Thursday, 07 September 2017 11:42 PM

රවීන්ද්‍ර මහත්මයාණනි! අපව උනන්දු කිරීම පිලිබඳ අපගේ ස්තුතිය.

:       0       0

lalith Wednesday, 06 September 2017 03:03 PM

ඇයි මේ සමෘද්ධි නිලධාරීන්ට විතරක් මේ විදියේ නීති. අනිත් රජයේ නිලධාරීන්ට. රජයේ ඇමැතිවරුන්ට, මන්ත්‍රී වරුන්ට මේ නීති නැතිද?

:       87       407

LalithWednesday, 06 September 2017 05:01 PM

මෙවැනි ප්‍රතිචාර මගින් පෙනී යන්නේ පාසල් මගින් නිසි ලෙස සාමාන්‍ය දැනුම ලබා දී නොමැති බවයි. කෙසේ වෙතත් තේරෙන සිංහලෙන් කිවයුතු වන්නේ දේශපාලකයා යනු තාවකාලික රජයේ තනතුරකට මිනිසුන් පත්කර ගන්න පුද්ගලයෙකි. එවැනි තනතුරක් දැරීමේදී සබැදියා අතර ගැටුම් වැලක් වීම සඳහා යම් යම් ක්ෂේත්‍රවල පුද්ගලයන්ට චන්දය ඉල්ලීම සඳහා සම්බාධක පැනවිය යුතුය. විශේෂයෙන්ම රාජකාරිමය තීරණ ගැනීමට නීතිමය අවසර සහිත පුද්ගලයින් සම්බන්දයෙන් මෙය බලාත්මක වීමේ වරදක් මාහට නොපෙනේ.

:       479       482

lalithThursday, 07 September 2017 12:55 AM

මෙව්වා නොපෙනෙන එකනේ වරද? කවුද කියන්නේ තාවකාලික තනතුරු කියල. රජයේ නිලධාරීන් නම් 55 ක් 60 ක් පිරුනහම ගෙදර යනවා. නමුත් අරගොල්ලෝ. හැරමිටි වාරුවෙන් යනකල් ඉඳල දරුමල්ලන්ට භාර දීල යනවා. කොහොම උනත් රටේ සෑම පුර වැසියෙකුම එක හා සමානයි. කරන රැකියාව තනතුර මොකක් උනත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය එකමයි. සමුර්ධි සංවර්ධන නිලධාරියාගේ රාජකාරි කොට්ඨාශය ඉතාම සීමිතයි. දිස්ත්‍රික්කයක නැතිනම් ආසනයක මැතිවරණ ප්‍රතිපල වලට එම කුඩා කොට්ඨාශයේ චන්ද වලින් ඇතිවිය හැකි බලපෑම ඉතාම අල්පයි. ඒකවත් තේරුම්ගන්න තරම් අධ්‍යාපනයක් ලබා තිබෙනවානම්??? අනේ එහෙම වුනානම් අපේ රට මොන තරම් සුන්දරද??? ඒකාලේ ලංකාවේ ත්‍රස්තවාදය අවසන් කරන්නට දෙන්න එපා කියා ලෝක ප්‍රජාවට කියමින් යුරෝපයේ ගොන්ඩූල ඔරු පදිමින් විවේක ගත් ඥාන කෝෂයට ඒකාලේ චන්ද වලදීත් මනාපය දුන් සියයට 35 ක් පමණ වූ පිරිසෙන් කෙනෙක් වෙන්න ඇති මේ??

:       0       7

raveendraThursday, 07 September 2017 02:22 AM

ලලිත් මයවෙත , ඔබගේ කාලෝචිත අදහසට මා ගරුකරමි. නමුත් අද අප රටේ පවතින " නිවට දේශපාලනය " ඔබගේ අදහස සපලකිරීමට කෙසේවත් ඉඩ ප්‍රස්ථාව නොදෙනු ඇත. "දේශපලානය" යවන වචනයේ නියම අර්තයවත් නොදන්නා මෙවන් කාලකන්නි රැලකට ඔබ වැන්නන්ගේ අදහස් ගැරඩින්ට ( නයාට නොව) අදුකොලමෙන්ය.

:       0       10

AJITH Wednesday, 06 September 2017 03:38 PM

මොන තරම් අපේ දේශපාලනය බංකොළොත්ද? මේ කූට ක්‍රම පාවිච්චි කරන්නේ කොහොම හරි ඡන්ද දිනාගන්න නේද? මේවට ජනරජය උල්පන්දම් දිය යුතුද?

:       2       134

sujith Wednesday, 06 September 2017 03:53 PM

එස්.බී. කරන සමහර දේවල් ජනප්‍රිය නැති වුණත්, ඔහුගේ තීරණ බොහෝ විට ප්‍රායෝගික වශයෙන් නිවැරදියි.

:       439       549

shanikaWednesday, 06 September 2017 07:05 PM

එස්.බී.ප්‍රායෝගික නිසා තමයි වැඩිහිටියන්ගේ පිං පඩියෙනුත් මාසෙකට රු.100ක් කපා ගන්න වැඩ කලේ

:       10       35

lusena Wednesday, 06 September 2017 04:56 PM

මේවගේ මිනිසුන්ව මෙහෙම පාර්ලිමේන්තුවට ගෙනෙනකොට, මහජන ඡන්දයක් මොකටද.

:       3       27

prasanna Wednesday, 06 September 2017 05:49 PM

නීති ගෙන්න ඕන ඡන්දෙ පැරදුන අයව මොන විදියටවත් ඇතුලට ගන්න බැරි වෙන්න....

:       108       228

l gunawardena Wednesday, 06 September 2017 06:16 PM

කැබිනෙට්ටුව රුකඩ පෙන්වන්න හදනවා මැති, ඇමති වරු රඟපානවා මුළු රටම බලනවා රට බල්ලට යනවා බල්ලන් රට යනවා .

:       0       8

de silva berlin Wednesday, 06 September 2017 09:43 PM

වෙන රටවලත් රජයේ රැකියා කරන නිලධාරීන්ට මැතිවරණ වලට ඉදිරිපත් වෙන්න බැහැ

:       0       0

mahee Wednesday, 06 September 2017 10:56 PM

ආයතන සංග්‍රහයෙනුත් යම් යම් රජයේ සේවක කොටස්වලට දේශපාලනය තහනම් කරලා තියෙනවා. එහෙම තිබිලත් රහසිගතව දේශපාලන වැඩකරන අය කොච්චර ඉන්නවාද? රජයේ කාර්යාල වල දේශපාලන කයිවාරු නිසා අපතේ යන රාජකාරි කාලය කොච්චරද? ඒ නිසා එස්.බී. කියන දේ හරි. දේශපාලනේ කරන්න ඕන නම් කල් ඇතුව අයින් වෙන එකනේ කල යුත්තේ. අන්තිම මොහොත වන තුරු රජාකාරී කාලය දේශපාලනේ කරන්න යොදා ගන්නේ නැතුව.

:       0       0

ඩී. ජයදේව Thursday, 07 September 2017 03:28 AM

සමෘද්ධි නිලධාරීන්ට යොදාගෙන චන්දෙ කරන විදිහ ගැන එස්. බි. කියන දේකට අභියෝග කරන්න කාටවත් බෑ

:       0       1

Sudath Sri Thursday, 07 September 2017 04:38 AM

ශ්‍රී ලංකාවේ දේශපාලකයින්ට බලය ලබා දීම යනු වඳුරන්ට දැලිපිහි දෙනවා හා සමාන දෙයකි. මෙයින් තැලෙන්නේ සාමාන්‍ය ජනතාවයි.

:       0       0

අලුගුත්තේරුවා Thursday, 07 September 2017 05:01 AM

මෙතන ප්‍රශ්ණෙ තියෙන්නෙ වැඩේ හරිද වැරදිද කියල නෙමේ. මේ නිළධාරීන්ටත් මූලික අයිතිවාසිකම් කියල එකක් තියෙනවනෙ. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට ඔවුන්ට අවස්ථාව නැති උණා. එහෙම උණානම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දෙන් සම්මත කර ගත යුතුව තිබුණා.

:       0       0

gamini Thursday, 07 September 2017 05:18 AM

සමුර්දි නිළධාරීන් 60% ක් පමණ දේශපාලන අතකොලු එවැනි අයට මෙවැනි නීතියක් අවශ්‍යයයි.

:       0       0

**** ROHAN ***** Thursday, 07 September 2017 06:25 AM

ජනතාව අවදියෙන්. මැතිවරණයකදී බලමු ...!!!

:       0       0

jaya Thursday, 07 September 2017 12:12 PM

ප්රා දේශීය සභා මැතිවරණයට මේ අයට බලපෑමක් කරන්න පුළුවන් නිසා තහනම් කරන්න ඕන

:       0       0

CHOOTYMALLI Friday, 08 September 2017 08:54 AM

ඒ කාලේ සද්ද නැතිව හිටපු අය දැන් චන්ඩි වෙලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අනතුරින් අඹු සැමි යුවළ මරුට:දරුවා රෝහලට
2025 අප්‍රේල් මස 21 14 0

ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් බල්ලකුගේ හැපී කාණුවකට පෙරැළී අද(21) සිදු වූ අනතුරකින්අඹුසැමි යුවළක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුව


විශ්ව විද්‍යාල කොමිසමටත් ඇමැති බංගලාවක්
2025 අප්‍රේල් මස 21 212 0

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන


කාදිනල්තුමාගෙන් ජනපතිට ඉල්ලීම් ගොන්නක්
2025 අප්‍රේල් මස 21 652 1

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන


සිරි දළදා වන්දනාවේ කාලය වෙනස් කරයි
2025 අප්‍රේල් මස 21 788 1

මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ


පුංචි ඡන්දයේ පැමිණිළි 1,874 ක් දක්වා නගී
2025 අප්‍රේල් මස 21 39 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.


අවුරුද්දට අධිවේගි මාර්ගවලින් කෝටි හතරහමාරක ආදායමක්
2025 අප්‍රේල් මස 21 140 3

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 425 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 270 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 425 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site