(අංජුල මහික වීරරත්න)
කැබිනට් මණ්ඩලය රැස් නොවීම නිසා ඉන්ධන ඇතුළු හදිසි මිලදී ගැනීම් කිසිවක් වෙනුවෙන් මුදල් වෙන් කිරීමට නොහැකිව ආර්ථික කටයුතු ඇණහිට ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. ජනාධිපතිවරයා සහභාගී නොවීම නිසා සඳුදා(11) දින පැවැත්වීමට නියමිතව තිබූ අමාත්‍ය මණ්ඩල රැස්වීම දින නියමයක් නැතිව කල් යාමෙන් මෙම අර්බුදය උද්ගත වී තිබේ.
මෙම තත්වය යටතේ පක්ෂ නායක රැස්වීම හරහා ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය මිලදී ගැනීම් සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට බලය පැවරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව ද ප්‍රතික්ෂේප වීම නිසා අත්‍යවශ්‍ය සේවා සියල්ල දින නියමයක් නැතිව ඇණ හිටීමෙන් ජනතාව ඉදිරියේදී අර්බුද රැසකට මුහුණ දීමෙි අවදානමක් ඇතැයි රජයේ ප්‍රකාශකයෙක් කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම් සහ එම්.ඒ.සුමන්තිරන් මහත්වරුන් අග්‍රාමාත්‍යවරයා කළ යෝජනාවට විරෝධය පළ කර ඇති බවත් කැබිනට් අනුමැතියකින් තොරව කිසිදු සහතිකයක් ලබාදිය නොහැකි බව ඔවුන් සඳහන් කර තිබෙන බවත් රජයේ ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර දේශීය බැංකු විසින් ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 128ක් ලබා ගැනීමට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.
ජූලි මස 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා කාලයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ඔටෝ ඩීසල්, ඉන්ධන තෙල් සහ බොරතෙල් තොග තුනක් සඳහා මෙම ගෙවීම් වෙන්කර තිබු බව රජයේ ප්‍රකාශකයෙක් කීය.
එම නෞකා තුන සඳහා ජූලි මස 12 දින ඩොලර් මිලියන 61.72ක් (රුපියල් බිලියන 22,650ක්) එදින ම තවත් ඩොලර් මිලියන 28.26ක් (රුපියල් බිලියන 10,371ක්) සහ ජූලි මස 17 දින ඩොලර් මිලයන 89.04ක් (රුපියල් බිලියන 32,678ක්) ගෙවීමට තිබිණි.
මෙම ගෙවීම් කිරීමට නොහැකි වුවහොත් තෙල් නැව් සඳහා ඉදිරිපත් කළ ඇණවුම් අවලංගු වන අතර තෙල් සැපයුම තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි ද මීට අමතරව නොරොච්චෝලේ බලාගාරය සඳහා ගල් අඟුරු ලබා ගැනීමට කැබිනට් අනුමැතිය අවශ්‍යව තිබෙන බවද රජයේ ප්‍රකාශකයා සඳහන් කළේය.
එමෙන්ම දැනටමත් පවත්නා පැය තුනක විදුලිය කපා හැරීම දිර්ඝ කිරීමකින් තොරව එලෙසම පවත්වා ගැනීම සඳහා මෙම තෙල් තොගය ලබා ගැනීම අවශ්‍ය වී ඇතැයි ද රජයේ ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කැබිනට් රැස්වීම් නැතිව ආර්ථිකය ඇණ හිටින ලකුණු
Rasika Tuesday, 12 July 2022 02:34 PM
සජිත් වැනි ගොඩම බදාගන්න යන අය අරගලයටම මිසක් රටට වැඩක් නැහැ. අරගලය කියන්නෙත් බලාගෙන ගියාම වෙනමම දෙයක්
කිරි පුතා Tuesday, 12 July 2022 02:40 PM
නැවතත් සුමන්දිරන් ලා හකීම් ලා බලයට ඇවිත්. අරගොල්ලන්ට ජය වේවා !
vim Tuesday, 12 July 2022 02:50 PM
වෙන්න බෑ . කරුණාකරල මේ අංක චෙක්කරන්න
චන්දන Tuesday, 12 July 2022 06:21 PM
වර්තමාන තත්ත්වය අනුව අපි ප්‍රංශය, රුසියාව නෙවෙයි සිම්බාබ්වේටත් වඩා පහළට වැටෙන එක ෂුවර්... රට විනාශයි.