IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


'කබාලි' උන්මාදය ලොවට ගෙනා 'රජිනි කාන්ත්'

2016-07-29-ent-04

දමිළ සිනමාවේ සුපිරි තරුව රජිනි කාන්ත් ප්‍රධාන චරිතය නිරූපණය කරන "කබාලි" සිනමා නිර්මාණය එළිදැක්වීම මෙම වසරේ ඉන්දියානු සිනමාවේ උත්කර්ෂවත් මොහොත බව සඳහන් වෙයි. රජිනි කාන්ත් විසින් ගෙන එනු ලැබූ රසික උන්මාදය මෙතෙක් බිහි වූ කිසිදු දමිළ සිනමා තරුවකට අභිභවා යාමට නොහැකි වී ඇත. පසුගියදා ඉන්දියාවේ සහ ලොව පුරා රටවල් කිහිපයකම එකවර එළිදැක්වුණු "කබාලි" චිත්‍රපටය තිරගත වූ පළමු දවස තුළම ආදායම් වාර්තා බිඳහෙළීමට සමත් විය.

 

කාර්යාල නිවාඩු දිනයක් වීම

2016-07-29-ent-11මෙම චිත්‍රපටය හේතුවෙන් පසුගිය 22 වැනිදා (සිකුරාදා) දිනය තමිල්නාඩුවේ ඇතැම් ව්‍යාපාරික ස්ථාන මෙන්ම පෞද්ගලික සේවා ස්ථානයන්ද නිවාඩු දිනයක් ලෙස නම් කර තිබුණි. එයට හේතුව වූයේ චිත්‍රපටය නැරඹීම සඳහා ලෙඩ නිවාඩු ගැනීම, සිය ජංගම දුරකථන ක්‍රියා විරහිතකොට තැබීම සහ සේවයට වාර්තා නොකර සිටීම වැනි අපහසුතා වළක්වා ගැනීමටයි. ඊට අමතරව එම ඇතැම් පෞද්ගලික ආයතනවලින් මෙම චිත්‍රපටය නැරඹීම සඳහා ප්‍රවේශපත්ද නොමිලේ ලබාදී තිබුණි.

"ට්විටර් ඉන්දියා" වෙබ් අඩවිය අඩපණ වීම මෙම කබාලි චිත්‍රපටය සම්බන්ධයෙන් විවිධ පුවත් මෙන්ම පණිවුඩ පළ වීමෙන් "ට්විටර් ඉන්දියා" නම් වෙබ් අඩවියට පිවිසීමට නොහැකි වූ බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි.

 

අනුග්‍රාහක භවතුන්

මෙම චිත්‍රපටයේ Official Airline Partner ලෙස එයාර් ඒෂියා සමාගම කටයුතු කරන ලදී. ඊට අමතරව එයාර් ඒෂියා ගුවන් සේවය විසින් බැංගලෝර් නගරයේ සිට චෙන්නායි නුවර දක්වා "කබාලි" නමින් විශේෂ ගුවන් ගමනක් යෙදවූ අතර, ගුවන් ගමන අතරතුර රජිනි කාන්ත් විසින් අනුභව කරනු ලබන ප්‍රියතම ආහාර පිළිගන්වනු ලැබූ බවද සඳහන් වෙයි. ඊට අමතරව සිය මෝටර් රථ %කබාලි^ නමින් පින්තාරු කිරීමට සහ සිය සිරුරේ රජිනි කාන්ත්ගේ රුව පින්තාරු කිරීමට ඔහුගේ රසිකයන් ක්‍රියාකර තිබුණු බවද සඳහන් වෙයි.

 

එයාර් ඒෂියා ගිය මගීන්ට වූ අකරතැබ්බය

බැංගලෝර් සිට චෙන්නායි බලා ගමන් කළ මෙම ගුවන් යානයේ එක් අසුනක් සඳහා ඉන්දීය රුපියල් 7800ක මිලක් නියම වී තිබුණ අතර, එහි ගමන් ගත් මගීන් 160 දෙනෙකු චිත්‍රපටය නැරඹීම සඳහා සතත්‍යම් සිනමා ශාලාවට රැගෙන යාමට එයාර් ඒෂියා ගුවන් සමාගම මුල්ම වශයෙන් සැලසුම් සකස්කර තිබුණු බව සඳහන් වෙයි. කෙසේවෙතත් පසුව එම ස්ථානය වෙනස් කරමින් ඔවුන්ව "ප්‍රසාද්" නම් වූ සිනමා ශාලාවට රැගෙන යාමට ගුවන් යානා කාර්ය මණ්ඩලය කටයුතු කිරීමත් සමග මගීන් සිය නොසතුට ප්‍රකාශ කළේය. ඇතැම්හු තමාට සත්‍යම් සිනමා ශාලාවේ රැඳී සිටීමට අවශ්‍ය බව පවසා ඇත. කෙසේවෙතත් ස්ථානය වෙනස් කිරීම පිළිබඳව මුලින්ම මගීන්ට දැනුම් දීමට නොහැකි වීම කාර්යය මණ්ඩලයේ වරදක් බැවින්, ඒ සඳහා ඔවුන් ගුවන් මගීන්ගෙන් සමාව ඉල්ලා තිබේ.

එයින් සෑහීමකට පත්නොවුණ මගීන් වෙනුවෙන් සත්‍යම් සිනමා ශාලාවේම කබාලි චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව හිමිකර දීමට ගුවන් යානා කාර්ය මණ්ඩලය කටයුතු කළේ වෙනත් වේලාවක් ඒ සඳහා වෙන් කරමිනි.

 

"කබාලි" ආදායම් සහ වාර්තා

චිත්‍රපටය එළිදැක්වීමට ප්‍රථම අලෙවි කරන ලද ටිකට්පත් වලින් පමණක් මේ වන විට "කබාලි" උපයා ඇති ආදායම ඉන්දියානු රුපියල් කෝටි 250කි. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙම චිත්‍රපටය ලොව පුරා සිනමාහල් 800-10,000ත් අතර ප්‍රමාණයක ප්‍රදර්ශනය වීමයි. මීට අමතරව තිරගත වූ පළමු දිනයේදීම "කබාලි" ජාත්‍යන්තර වාර්තා 04ක් සඳහා උරුමකම් කියනු ලබයි. ඒ ඇමෙරිකාව, මැලේසියාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය වැනි රටවල බොක්ස් ඔෆිස් වාර්තාව අලුතෙන් ලිවීමට සමත් වූ චිත්‍රපටයක් ලෙසයි. මීට ප්‍රථම ඇමෙරිකාවේදී පළමු දිනයේදී වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය ලෙස හඳුන්වනු ලැබුවේ "බහුබාලි" චිත්‍රපටයයි. එහි ආදායම වූයේ ඇමෙරිකානු ඩොලර් 1.39කි. ඉන්පසු ඇමෙරිකාවේ වැඩිම ආදායමක් ලැබූ ඉන්දියානු චිත්‍රපටය වන්නේ %කබාලි^ චිත්‍රපටයයි. එහි ආදායම වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2කි. බ්‍රිතාන්‍ය තුළදී වැඩිම ආදායමක් ලැබූ ඉන්දියානු චිත්‍රපටය ලෙසද මෙය හඳුන්වයි. එහි ආදායම ලෙස සඳහන් වන්නේ පවුම් 93,835කි. ඊට අමතරව ප්‍රංශයේදී යුරෝ මිලියන 41,280ක්ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළමු දිනයේදී ඇමෙරිකානු ඩොලර් මිලියනයක්ද උපයා ගැනීමට මෙම චිත්‍රපටයට හැකිවී තිබේ.

"කබාලි" චිත්‍රපටය භාෂා 7කින් හඬකවා තිබීමද වාර්තාවක් සේ සැලකෙයි. එය දමිළ, හින්දි, තොලිඟු, මලයාලම්, කන්නඩි, ඉංග්‍රීසි, ජපන් හා චීන භාෂාවලින් හඬකවා ඇත.

 

රජිනි කාන්ත් හට පුද පූජා

රජිනි කාන්ත් ප්‍රධාන චරිතය නිරූපණය කරන චිත්‍රපටයක් තිරගත වීමට පැය කිහිපයකට පෙර සිනමාහල වෙත පැමිණෙන සිනමාලෝලීන් ඇතැම් විට ඔහුගේ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමින් දේව මෙහෙයන්ද පවත්වන බව සඳහන් වෙයි. අනෙකු දමිළ සිනමා නිර්මාණවලට එහා ගිය ස්වරූපයක්ද රජිනි කාන්ත්ගේ චිත්‍රපට වලින් දැකගැනීමට හැකියාව ඇති බව ඔහුගේ රසිකයන් සඳහන් කරයි. මෙම චිත්‍රපට නැරඹීමට පැමිණෙන සිනමාලෝලීහු ඔහු තිරයේ දිස්වන සෑම අවස්ථාවකම අත්පුඩි ගසමින් ප්‍රීති ඝෝෂා නගන අතර, සිය දෙපා බිම ගසමින් සිය තරුව දිරිමත් කිරීමට උත්සාහ ගනිති.

 

රජිනිකාන්ත් වෙනුවෙන් දිවි නසා ගැනීම්

මෙම චිත්‍රපටය පළමු දිනයේදීම නැරඹීමට ප්‍රවේශපත් මිලදී ගැනීමට ගිය මැලේසියානු දමිළ තරුණයෙකු ප්‍රවේශපත් මිලදී ගන්නා ස්ථානයෙන් පහළට පැන සිය දිවි හානි කරගෙන තිබේ. සිනමාවෙන් පිටතදීද ඉන්දීය ජනතාවගේ ඉමහත් ගෞරවයට සහ ආදරයට පාත්‍ර වී සිටින රජිනි කාන්ත් වරක් රෝගාතුරව සිටින බව නිවේදනය වීමත් සමග ඔහුගේ රසිකයෙකු සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කළ අතර, ඔහු විසින් ලියූ ලිපියකින් දන්වා ඇත්තේ තමා මියගිය පසු සිය වකුගඩු සහ ශරීර කොටස් රජිනි කාන්ත් වෙත ප්‍රදානය කරන ලෙසයි.

 

"කබාලි" නිසා වැසිකිළි

ඉන්දියාවේ වැසිකිළි ප්‍රශ්නය 2020 වන විට තුරන් කිරීමට රජය මැදිහත් වී තිබේ. කෙසේවෙතත් කබාලි චිත්‍රපටය හේතුවෙන් ඉන්දියාවේ පුදුච්චේරී ප්‍රාන්තය විසින් අලුත් වැඩපිළිවෙළක් අනුගමනය කළේය. ඒ තමන්ගේ නිවසේ වැසිකිළියක් සාදා ගතහොත් එම නිවසට කබාලි නැරඹීමට ප්‍රවේශපත්‍ර 4ක් නොමිලේ ලබාදීමයි. මෙම නිවේදනයත් සමග ඉන්දියාවේ එම ප්‍රාන්තය තුළ වැසිකිළි සාදා ගැනීමට බොහෝදෙනා උනන්දු වූ බවයි සඳහන් වන්නේ.

 

"කබාලි" අන්තර්ගතය

පාතාල ලෝක නායකයෙකු සහ පළිගැනීමක් වටා ගෙතුණු %කබාලි^ සිනමා නිර්මාණයේ ප්‍රචාරක වීඩියෝව ආසියාවේ මෙතෙක් වැඩිම පිරිසක් නැරඹූ ප්‍රචාරක වීඩියෝව ලෙස වාර්තාවක් තබා තිබේ. ඉන්දියාවට අමතරව මැලේසියාව, ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, ඇමරිකාව, ප්‍රංශය සහ ජපානයේ 'කබාලි' තිරගත කිරීම මේ වන විට ආරම්භකොට තිබේ.

 

2016-07-29-ent-01
2016-07-29-ent-02
2016-07-29-ent-03
2016-07-29-ent-05
2016-07-29-ent-06
2016-07-29-ent-07
2016-07-29-ent-08
2016-07-29-ent-09

 



අදහස් (1)

'කබාලි' උන්මාදය ලොවට ගෙනා 'රජිනි කාන්ත්'

Mohammed Shiraj Friday, 13 September 2024 09:35 PM

චිත්‍රටිය හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 857 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1942 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 633 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 352 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 914 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1516 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39104 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25576 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 322 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1083 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site