IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


කබාලි චිත‍්‍රපටියේ කුමුදාවල්ලි රාධිකා අප්තේ

2016-08-18-ent-27

තෙළිඟු, මලයාලම්, බෙංගාලි, මරාති ආදී හැම චිත‍්‍රපටියකම රඟ පා ඒ හැමෙකකින්ම එක සේ ජනපි‍්‍රයත්වය ලබන්නට නිළියකට හැකි නම් ඇගේ දක්‍ෂතාව පිළිබඳ අටුවා, ටීකා වුවමනා නැත. එපමණක් නොව ඇය වේදිකා නාට්‍ය ක්‍ෂේත‍්‍රයෙත් නම රැඳුනු ශිල්පිනියකි. ඇය රාධිකා ආප්තේය. මේ දිනවල බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළමින් ප‍්‍රදර්ශනය වන කබාලි දෙමළ චිත‍්‍රපටියේ රජිනි කාන්ත්ගේ බිරිඳ කුමුදාවල්ලි ගේ චරිතය රඟ පාන්නේ රාධිකාය.

2016-08-18-ent-25මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේදී 1985 සැප්තැම්බර් 07 දා උපත ලද රාධිකා ගේ පියා ප‍්‍රසිද්ධ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකි. පූනේහි සහ්යාද්රි රෝහලේ සභාපතිවරයා ද ඔහුය.

රාධිකා ගේ මව්පියන් අධ්‍යාපනයේ අගය හොඳින් හඳුනන බැවින් වේදිකා නාට්‍යවල රඟපාන අතරම විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන්නටත් ඇය පොළඹවාලූහ. එම නිසාම දැන් ඇය ගණිතය හා ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියකි.

රාධිකා බොලිවුඞ් තිරයට පා තැබුවේ ‘වා ලයිෆ් හෝ තෝ අධිසි’ චිත‍්‍රපටියේ රඟ පාමිනි. එහි ඇයට ලැබුණේ සුළු චරිතයක් වුවත් ඇගේ රංගන හැකියාවන් හැඳින ගන්නට එය ප‍්‍රමාණවත් වූයේය. ‘ගෝ මාලා අස්ලා හවා’ නම් මරාති චිත‍්‍රපටියේ ප‍්‍රධාන චරිතය ඇයට ලැබුණේ ඒ අනුවය. ඉන් ලද පේ‍්‍රක්‍ෂක ආකර්ෂණය විසින් ඇගේ රංගන ජීවිතයේ අනාගතය තීරණය කරනු ලැබිණි. ඉනික්බිතිව ඇය ඉතාම ජනපි‍්‍රය වූ මරාති චිත‍්‍රපටි ගණනාවකම රඟ පෑවාය.

රූප්කොනා නොයි ඇය රඟපාන ප‍්‍රථම බෙංගාලි චිත‍්‍රපටියයි. වෙටි‍්‍ර සෙල්වන්, පෙන්ස්ට්කාර්ඞ්, පෙන්ඩියුලට්, ලෙජන්ඞ් ආදී දෙමළ, මරාති, තෙලිඟු, බෙන්ගාලි චිත‍්‍රපටි ඇගේ වෘත්තීය ජීවිතය අපූරුවට හැඩ කළේය. ඇය සාර්ථකත්වයට රැුනෙ ගිය හින්දි චිත‍්‍රපටි වූයේ මන්ජ්හි, ද මවුන්ටන් මගන් හන්ටර් සහ බද්ලා පූර්ය.

ගෝර් ඉන්ද සිටි චිත‍්‍රපටියේ රාධිකා රඟ පෑවේ තුෂාර් කපූර් සමඟය. ඔවුන් දෙදෙනා අතර සම්බන්ධයක් ඇතැයි ක්‍ෂේත‍්‍රය පුරාම පැතිරී ගියේය. ඔහු මාධ්‍ය සාකච්ඡුාවලදී පැවසුවේ තමා රහමන් මෙන්ම බුද්ධිමත් යුවතියක ජීවන සහකාරිය වශයෙන් තෝරා ගත් බවය. එමෙන්ම එක් රූපවාහිනී සාකච්ඡාවකදී රාධිකා සහ තමා අතර මිත‍්‍රත්වයට එහා ගිය සම්බන්ධතාවක්

ඇතැයි ඔහු අනාවරණය කළේය. ඉන් පසුව තුෂාර් සහ ඇගේ අනාගතය ගැන ඕපා දූප දුසිම් ගණනින් පැතිරෙන්නට පටන් ගත්තේය. ‘‘තුෂාර් එක්ක මගේ ඒ විදියෙ සම්බන්ධයක් නැහැ...’’

අවසානයේදී සෘජුවම එසේ කියන්නට රාධිකාට සිදුවූවාය. තුෂාර්ට මින් ඇති වූ සිත් බිඳීම බොහෝ කලක් යන තුරු සුවපත් වූයේ නැත. ඔහු හෑල්ලූ කිරීම සම්බන්ධයෙන් සමහරු ඇයට දොස් කීහ.

2011 දී රාධිකා ලන්ඩනයට ගියේ බි‍්‍රතාන්‍ය රංගන පාසැලකින් නර්තනය ඉගෙන ගැනීම පිණිසය. සංගීතඥයෙකු වන බෙනඩිකිට් ටේලර් ඇයට හමු වූයේ එහිදීය. ඔවුන් දෙදෙනා අතර තිබූ පොදු ලක්‍ෂණ නිසාම වැඩිකල් නොයාම ඔවුහු ආදරයෙන් බැඳුණහ. එය කොපමණ වීදයත් විවාහ නොවී එක නිවසේ ජීවත් වෙන්නට ඔවුහු පෙළඹුණහ. බටහිර සමාජයට එය සාමාන්‍ය දෙයක් පමණක් වුවත් ඉන්දියාව වැනි රටකට එය පුවත්පත්වල සිරස්තල පල කරන්නට තරම් ප‍්‍රධාන පුවතක් වූයේය. එම නිසාම ඔවුහු 2013 දී චෙන්නායිහිදී නීත්‍යානුකුලව විවාහ වූහ. එහිදී අනුගමනය කරනු ලැබුවේ ඉන්දියානු මංගල චාරිත‍්‍රය. මෙම විවාහ මංගල්‍යය අප‍්‍රසිද්ධියේ පවත්වනු ලැබූ අතර එයට ඇරයුම් ලබා තිබුණේ සමීප ඥාතීන්, හිතවතුන් පමණකි. මංගල ඡුායාරූප මාධ්‍යවලටවත් නිකුත් කර තිබුණේ නැත.

විවාහයට පෙර ප‍්‍රසිද්ධියේ පෙම්වතා සමග එක නිවසක විසීම සංස්කෘතියට පටහැනි යයි කියූ අයට රාධිකා දුන්නේ කදිම පිළිතුරකි.

‘‘මම නම් ඒක කළේ ප‍්‍රසිද්ධියෙ..... අනිත් එක ආදරයේ බැම්ම නීතියේ බැම්මට වැඩිය හුඟාක් ශක්තිමත්. ඒ හින්දා දෙන්නෙකුට එකට ඉන්න නීතියේ බැම්ම වුවමනා නෑ... ඒත් මංදන්න මගේ යාළුවෝ හැම දෙනාම විවාහයට ඉස්සර වෙලා අඹු සැමි සම්බන්ධකම් පවත්වපු අය කියල මම හොඳටම දන්නවා. එතකොට අප‍්‍රසිද්ධියේ එහෙම ජීවත් වෙන එක හොඳද..........?’’

ඇගේ එම අභියෝගාත්මක පැනයට දිය හැකි සෘජු පිළිතුරක් කාටවත් තිබුණේ නැත.

 

සටහන - චන්දි කොඩිකාර

 

2016-08-18-ent-26



අදහස් (0)

කබාලි චිත‍්‍රපටියේ කුමුදාවල්ලි රාධිකා අප්තේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂය තනිව මහ මැතිවරණයට
2024 ඔක්තෝබර් මස 07 2 0

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම


ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 79 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 07 278 0

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන


කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 571 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 427 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 3625 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39243 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25618 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1102 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site