අනාවැකි පළ වුණු අයුරින්ම, බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන්, විපක්ෂය වන කම්කරු පක්ෂයට බලය හිමිවනු ඇතැයි පැවැසෙයි. ඒ අනුව කම්කරු පක්ෂයේ නායක කීර් ස්ටාර්මර් බි්‍රතාන්‍යයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා වනු ඇත.
කීර් ස්ටාර්මර් උපන්නේ, 1962 සැප්තැම්බර් 2 වැනිදා සරේ ප්‍රාන්තයේ ඔක්ස්ෆර්ඩ්හිදීය. ස්ටාර්මර්ගේ මව හෙදියකි. පියා යන්ත්‍රෝපකරණ නිර්මාණකරුවෙකි.
ස්ටාර්මර් ‘රෙයිග්‍රෙට් ග්‍රැමර්’ පාසලෙන් අධ්‍යාපනය ලැබුවේය. ඔහු නීතිය හැදෑරුවේ, ‘ලීඩ්ස්’ විශ්ව විද්‍යාලයෙනි. දේශපාලනයට පිවිසීමට පෙර, ස්ටාර්මර් සමාජ අසාධාරණය වෙනුවෙන් නැගී සිටි සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයෙක් විය.
නීතීඥවරයෙකු ලෙස ස්ටාර්මර් රාජකාරි ආරම්භ කළේ 1987 දීය.
අග්‍රමාත්‍ය ටෝනි බ්ලෙයාර්, ඇමෙරිකාවට සහාය පළ කරමින්, ඉරාකය ආක්‍රමණය කිරීමට ඇමෙරිකාව සමඟ එක් වෙද්දී, නීති විරෝධී බව පෙන්වා දෙමින් එය වැළැක්වීමට උත්සාහ ගත් නීතීඥවරයකු වන්නේ ද ස්ටාර්මර්ය.
1998 දී ස්ටාර්මර්ට වික්ටෝරියා හමුවිය. ඇය හෙදියකි. දෙදෙනා විවාහ වූයේ 2007 වසරේදීය. යුවළට දරුවෝ දෙදෙනෙක් වෙති. 2008 දී ස්ටාර්මර්, රාජ්‍ය නඩු පැවැරීමේ අධ්‍යක්ෂවරයා ලෙස පත් විය.
ඉහළ පෙළේ නඩු විභාග කීපයක් මෙහෙයවීය. 2014 වසරේ දී බකිංහැම් මාලිගයේදී දෙවැනි එලිසබත් රැජින, ස්ටාර්මර්ට නයිට් පදවියක් ද පිරිනැමුවාය.
ස්ටාර්මර් දේශපාලනයට පිවිසියේ 2015 වසරේදීය. ඒ, හොල්බෝර්න් සහ ශාන්ත පැන්ක්‍රාස් සඳහා මන්ත්‍රීවරයකු ලෙසිනි. කම්කරු පක්ෂයේ ප්‍රධාන තනතුරු කීපයක් හෙබවීමට සමත් විය.
කම්කරු පක්ෂයේ නායකත්වය දැරූ ජෙරමි කෝර්බින් ඉවත් වීමත් සමඟ, පක්ෂ අභ්‍යන්තර ඡන්දයෙන් කීර් ස්ටාර්මර් පක්ෂ නායකත්වයට පත් විය. ‘පක්ෂයට පෙර රට’ යන සංකල්පය මුල්කර ගනිමින්, ස්ටාර්මර් සැමවිටම කටයුතු කරයි.
යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් වීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර ඇතත්, බ්‍රිතාන්‍යය යළි යුරෝපා සංගමයට එක් නොකරන බව ස්ටාර්මර් පැහැදිලි කර තිබේ. තමන් අග්‍රාමාත්‍ය ධුරයට පත්වුවහොත් මහා බ්‍රිතාන්‍යයේ ස්ථාවර වෙනස්කම් සිදු කිරීමට අපේක්ෂා කරන බව ද පවසා ඇත.
(බීබීසී)
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ
කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කිය
මාත්රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කම්කරු පක්ෂය ඉදිරියෙන්
Achini Friday, 05 July 2024 11:03 AM
ලංකාවේ ජනාධිපති අගමැති ඇමැති වෙන්නේ හොරුන්