IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


කමකුරා බලන්න kotoku-in පන්සලට යමු

2016-10-17-ent-43

 සඳුන් එක්ක ලෝකෙ වටේ

 

Travel-with-Sandun1952 දී විතර ලෝක සාම සමුළුව ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සින්කෝ නුවරදී පැවැත්වුණා. දෙවැනි ලෝක යුද්ධය නිසා ඇති වෙච්ච විරසක වීම් මත මේ වනවිට ඇමෙරිකාව ජපානය එක්ක බද්ධ වෛරයකින් හිටියෙ. මතකනෙ හිරොෂිමාවට බෝම්බ පවා හෙළූ විදිහ. එය සදාකාලික ශෝකයක් උරුමකළ ඛේදාන්තයක්. අදටත් පරමාණු බෝම්බයේ අනිසිඵල හිරොෂිමාව අවට ජනයා අතිවිඳින බව කියන්න පුළුවන්. නමුත් ඒ ඔක්කොම අතීත සිදුවීම් අමතක කර දමා ජපානය පසු කලෙක ඇමෙරිකානුවන් සමග මිත්‍රත්වයක් ඇති කරගත් බව සැබෑය.

එහෙත් එදා 1952 සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී පැවැත්වූ සාම සමුළුවේදී ජපානයට එරෙහිව බද්දක් පැනවීම සඳහා ඇමෙරිකාව යෝජනා කරද්දී, ඊට මිත්‍ර පාර්ශ්වයේ සමහර රටවල් ඇමෙරිකාව සමග එක්වෙද්දී, අපේ හිටපු ජනපතිවරයෙකු වන ජේ.ආර්. ජයවර්ධන මහතා එදා ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙස එම සමුළුවට සහභාගීවී සිටියා. එතුමා බෞද්ධ දර්ශනයේ හරය කියා දෙමින් ‘නහී වේරේන වේරානි’ හෙවත් අප කවුරුත් දන්නා පරිදි ‘වෛරයෙන් වෛරය නොසන්සිඳේ, අවෛරයෙන්ම වෛරය සන්සිඳේ’ යන්න, එතුමාගේ චතුර ඉංග්‍රීසි කථනයෙන් ප්‍රකාශ කර සිටියා.

ඒ දර්ශනය කෙතරම් දුරට සමුළුවේ අය සාක්ෂාත් කර ගත්තාද යත්, ජපානයට බදු පැනවීම කෙසේ වෙතත් ඒ යෝජනාවත් අහක් කෙරුණා. මේ සිදුවීමට පෙර සිටම ජපානය ශ්‍රී ලංකාව සමග නාවුක කටයුතු වැනි දේ සමග සබඳතා පවත්වා තිබුණද, ලොකු මිත්‍රත්වයක් නම් හටගෙන තිබෙන්නේ ජේ.ආර්. ජයවර්ධන මැතිඳුන් එදා ජපානය වෙනුවෙන් පෙනී සිටි නිසා යැයි, අප කවුරුත් දන්නා කරුණක්. ජපානය ජේ.ආර්. ජයවර්ධන මහතාට කෙතරම් ගරු කළේද යත්, කමකුරා පන්සල් භූමියේදී සමරු ඵලකයක් පවා තැනුවා. තනලා එතුමාගේ රුව සහිතව ‘නහී වේරේන වේරානි’ වැකියද සමග වූ විස්තරයක් එහි සඳහන් කර තිබෙනවා. වතාවක මේ කලාපය සුනාමියකට හසුවීම නිසා මේ ඵලකයට හානි සිද්ධ වුණා. ඒත් නැවතත් සමරු ඵලකය පිළිසකර කර ප්‍රදර්ශනයට සැලැස්වීමට ජපාන බලධාරීන් කටයුතු කළා. ලෝකය වටේ යන අතරේ ජපානයේ සංචාර අලළා ‘සාරවිට’ ගෙනෙන ලිපි මාලාවේ අද මා කතා කරන්නේ මේ සමරු ඵලකය දැකගත හැකි කමකුරා පන්සල සහ ඒ අවට භූමිය ගැනයි.

2016-10-17-ent-28මේ කමකුරා නගරය පිහිටා ඇත්තේ ජපානයේ ටෝකියෝවේ දකුණු පෙදෙස වන්නට මුහුදු සීමාවට නුදුරින් පිහිටා තිබෙනවා. ටෝකියෝවේ සිට කවසාකි සහ යොකෝහාමා මග ඔස්සේ ප්‍රවේශය ලබාගැනීම වඩාත් පහසුය. ඒ මග ඔස්සේ ගිය විට ගතවන්නේ පැයකුත් විනාඩි දහයක වැනි කාලයක් ගත වන අතර, ටෝකියෝවේ නැත්නම් තෝකියෝවේ සිට කමකුරා සඳහා ඇති දුර (ඒ මග ඔස්සේ) කිලෝමීටර් 62ක්.

කමකුරා නගරය අයත් වන්නේ කනගාවා දිස්ත්‍රික්කයටයි. නගරයක් ලෙස නිර්මාණය වී ඇත්තේ 1939 දී විතර. පසු කලෙක නවීනත්වයට තරමක් නතු වූ කමකුරා යනු ජපානයේ දිගු ඉතිහාසයකට උරුමකම් කියන නගරයක්. එය හැඳින්වෙන්නේ කමකුරා සමය ලෙසිනි.

මේ කමකුරා ශ්‍රී ලාංකිකයන් මෙන්ම කමකුරා වෙත පැමිණෙන ලෝ පුරා වෙසෙන බෞද්ධ ජනයා අතර වඩා ප්‍රකටව ඇත්තේ කමකුරා - බුද්ධ ප්‍රතිමාව නිසාය. එනම් ඉහත සඳහන් කළ ජේ.ආර්. මහතා වෙනුවෙන් සෑදූ සමරු ඵලකය ඇති පන්සල් භූමියේය. 4 Chome z – 28, Hase, Kamakara, Kanagawa Prefecture 2480016 යනු ඊට අයත් ලිපිනයයි. අමිතාභ බුද්ධ ලෙස හැඳින්වෙන මෙම කමකුරාහි තනා ඇති අති විශාල බුද්ධ ප්‍රතිමාව තනා ඇත්තේ තනිකරම තඹ ලෝහ යොදා ගෙනයි. ‘Kotoku-in’ යනුවෙන් පන්සල් භූමිය නම් කර තිබෙනවා. මෙම බුද්ධ ප්‍රතිමාව වැඳ පුදාගැනීමට යාමට පෙර, ඇතුළුවන පරිශ්‍රයේ ඇති ජල තටාකයෙන් අත් දෝවනය කර ගෙන යාමට බැතිමතුන් අමතක නොකරයි.

අතීතරයේ සිට අවස්ථා කීපයකදීම භූ කම්පන හා සුනාමි තත්ත්වයන් නිසා පිළිමයට සුළු සුළු හානි සිදු වූ අතර පසුව ඒ සියල්ලට ඔරොත්තු දෙන පරිදි නිම කිරීමට බලධාරීන් සමත් වී තිබෙනවා. දත්තයන්ට අනුව මෙම පිළිමයෙහි බර ටොන් 121කි. උස අඩි 43.8ක් පමණ වේ. පිළිමය පිටුපස පෙදෙසින් ඇතුළත ගර්භයට ප්‍රවේශ විය හැකි පරිදි තනා තිබේ. බැතිමතුන් ඇතුළත ගර්භයට යාමට අමතක නොකරයි. මේ katoku-in පන්සල් භූමිය අවට නිස්කලංකව ගත කිරීමට බොහෝ සංචාරකයන් මනාපයක් දක්වනවා. සංචාරකයන් අතර කමකුරාහි බුද්ධ ප්‍රතිමාව ලෙස වඩා ජනප්‍රියව ඇති අතර, එය ජපානයේ ඇති විශේෂිත සලකුණක්ද වනවා. ජපානයෙහි මොන තරම් දේ නැරඹිමට ගියද බෞද්ධ බැතිමතුන් මේ කමකුරා වෙත යාමට නම් අමතරක කරන්නේම නැහැ. කමකුරා ඇතුළු ජපානයේ සංචාරයක නිරත වීමට ඔබ අදහස් කරන්නේ නම් 011-2869986 රාජගිරියේ Ni-cey international අමතන්න.

 

සටහන හා ඡායාරූප - සඳුන් ගමගේ

 

2016-10-17-ent-29
2016-10-17-ent-45
2016-10-17-ent-44
2016-10-17-ent-42
2016-10-17-ent-41
2016-10-17-ent-40
2016-10-17-ent-39
2016-10-17-ent-38
2016-10-17-ent-37
2016-10-17-ent-36
2016-10-17-ent-35
2016-10-17-ent-34
2016-10-17-ent-33
2016-10-17-ent-32
2016-10-17-ent-31
2016-10-17-ent-30

 
 



අදහස් (0)

කමකුරා බලන්න kotoku-in පන්සලට යමු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 1 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 61 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1684 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 478 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 431 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39700 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1229 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site